Watch Trailer

Rings (2017) with Sinhala Subtitles | ඔබේ මරණයට තව දින හතයි. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ ඉවර උන…

එහෙනම් ඔන්න මං හරිම ආසාවෙන් එනකල් බලන් හිටපු Drama වගේම Thriller ගණයට වැටෙන කතාවක් ඔයාලට මගේ විසිවන උපසිරැසි විදිහට අරං එනවා. හැබැයි මේක ගොඩ දෙනෙක්ට පේන්නේ හොල්මන් කතාවක් වගෙයි. මේක පරිවර්තනය කරන්න පටන් ගත්තේ අද උදේ. ඉතිං පැය 12ක් විතර ගියා ඉවර කරන්න. දැන් නම් ඇත්තටම මහන්සියි. ඒත් ඉතිං වැඩේ ඉවර උන නිසා ගොඩක් සතුටුයි. Rings (2017) කියන්නේ The Ring (2002) සහ The Ring Two (2005) කියන චිත්‍රපට දෙකේ තුන්වන දිගහැරුමයි. මං හිතනවා ඔයාල කලින් ආපු චිත්‍රපට දෙක බලන්න ඇති කියලා. එහෙම බලලා නැත්නම් ගොඩක් හොඳයි ඒ දෙකත් බලලම මේක බලනවා නම්.. පළවෙනි කොටස් දෙක ගැන කියනකොට මට මතක් වෙන්නේ මගේ ඉස්කෝලේ (කොළඹ නාලන්දාව) යාළුවෙක්. මිනිහා මට ඉස්සර ඔය කතා දෙකේ DVD දුන්නා ගෙදර ගිහින් බලලා ගෙනත් දෙන්න කියලා. ඉතිං මාත් ආසාවෙන් බලපු කතා දෙකක් තමයි ඒ. දැන් මං ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 10ක් වෙනවා. ඒ කාලේ DVD බෑග් එකේ දාගෙන එන්නේ හොරෙන් පොත් අස්සේ හංගලා..

හරි.. කතාවේ ඉතිහාසය ගැන කෙටියෙන් කියන්නම්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සමාරා (Bonnie Morgan) කියලා ගෑණු ළමයෙක්. මේ ගෑණු ළමයාව බෑග් එකකින් මූණ වහලා හුස්ම හිර කරලා පාළු ළිඳකට අත ඇරලා මරණවා. ඒත් එයා ළිඳ ඇතුලේ මැරෙන්නේ දවස් හතක් ජීවත් වෙලයි.මේ සිද්ධිය වගේම තව අමුතු සිදුවීම් තියන ඩෙක් පීස් එකක් (අද කාලේ අය නම් දැකලත් නැතුව ඇති) මිනිසුන් අතරට යනවා. ඒක බලන අයට කෝල් එකක් එනවා මැරුණු සමාරාගෙන්. ඉතිං ඒ කෝල් එක ඉස්සුවාම සමාරාගේ ආත්මය “දවස් හතයි” කියලා කියනවා. ඒ මොහොතේ ඉඳලා හරියටම දවස් හතකින් අර වීඩියෝ එක බලපු කෙනා සමාරා අතින් මැරෙනවා. සමාරා ඒ අයව මරන්න එළියට එන්නේ අර පාළු ළිඳ ඇතුලේ ඉඳලයි. මරණයෙන් බේරෙන්න ඕන නම් ඒ වීඩියෝ එකේ කොපියක් දවස් 7 ඉවර වෙන්න කලින් වෙන කාට හරි පෙන්නන්න ඕන. ඉතිං මේ අලුත්ම කතාවෙන් සමාරාගේ මරණය ගැන හෝල්ට් (Alex Roe) සහ එයා යාලු වෙලා ඉන්න ජුලියා (Matilda Anna Ingrid Lutz) විස්තර හොයාගෙන යන හැටි කියවෙනවා. ඒ වෙනුවෙන් එයාලට ගේබ්‍රියල් (Johnny Galecki) කියලා කෙනෙකුත් උදව් කරනවා. ජුලියා, සමාරාව මේ නපුරු ආත්මයෙන් මුදවා ගන්න දරන උත්සහයක් තමයි කතාව පුරාවට පෙන්නුම් කරන්නේ. එයාට ඒ දේ කරන්න පුළුවන් වෙයි ද කියලා බලන්නකෝ. Paramount Pictures සමාගම නිෂ්පාදනය කරපු මේ කතාව අධ්‍යක්ෂණය කලේ Javier Gutiérrez කියලා කෙනෙක්. කතාවේ IMDb අගය 4.5ක් වෙනවා. ඒත් මං විශ්වාස කරනවා මේ අගයට වඩා වැඩි රසවින්දනයක්ඔ යාලට මේ කතාවෙන් ලැබෙයි කියලා.

එහෙනම් මේ කතාවත් එක්ක අප්‍රේල් මාසයේ මං උපසිරැසි 3ක් ඔයාලට අරං ආවා. ඊළඟට දෙන්න ඉන්නේ Personal Shopper (2016) කතාවයි. ඒකත් අරං සතියකින් විතර ආපහු එන්නම්..

ජය වීවා මා පුතී.!!!

 

Shut In (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR  පිටපත් සඳහා අදාළ වේ.

3,912 downloadsDownload Rings.2017.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,912 downloadsDownload Subtitles53 KB

51 comments

  1. damith

    Thanks you very much..
    good work..
    keep it up!

  2. g@neo

    එල එල.සබ් එකට ස්තුතියි සහෝ.

  3. praneeth madu

    බොහොම ස්තුතියි සහෝ ගතියක් තියේ වගේ

  4. Viraj

    Saho boyka eke sub ekane enne

    1. Chamikara

      Dan ganna. Hadala thiyenne. Sorry

  5. chamu

    Thanks machn

  6. mithun

    ෆට්ටම සතුටුයි ආ බොහොම ස්තුතියි චාමිකර සහෝ
    කලින්ම අරගත්ත ෆිල්ම් එක මාත් ගොඩක් අසාවෙන් බලපු හොර් මුවි සෙට් එකක් නෙව් එක දැක්ක විතරයි අරගත්ත
    සුපිරි වැඩක් ස්තුතියි ජ්ය වේවා සහෝ "!

    හොර් මුවී නම් එකෙන්ම ඉතින් ඔන්න..

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  8. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

  9. Kaviya

    Tq bro ✌✌✌

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. Nalin perera

    එළමකිරි චාමිකර සහෝ!

    මේක දෙනකල් මග බලන් උන්නේ, ඔන්න ගන්නවා, අපි වෙනුවෙන් වෙන් මහන්සියට පිං මචං!

    ජය වෙව්!

  12. Gathsara Umesh Kumara

    Wedi wagr sub kotanawanee....
    Ilga sub eke namath kiyanwa...
    Niyamayi ayyeee.....
    Ehenm ikmanim ikaga upasiresiyen hamu wemmoo

  13. SHENAL

    Thanks bro......

  14. Ravindu Rukshan

    thx

  15. sachesc

    එලකිරි මචො ... ගොඩක් පිං :D

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  18. අසිත

    elama saho thanks

  19. Lasitha gayan

    Patta kathawak wage

  20. ආසිරි ප්‍රියන්ත

    රේටින් අඩු උනාට මොකෝ,
    බය හිතෙනවා නම් එච්චරයි. මමනම් ඉතින් මෙව්වට බය වෙන හාදයෙක් නෙවි,
    කිසිම ගානක් නැතිව මහා දවාලක යාළුවො දෙතුන් දෙනෙක් එක්ක උනත් මමනම් කිසි ගානක් නැතිව බලනවා.
    එහෙනම්, මේකත් එහෙමම බලන්නයි හිතන් ඉන්නේ. බලමුකෝ බය වේවිද කියල..
    සබට තැන්ක්ස් හොදේ.

    1. Chamikara Vidanage

      එල එල ලොක්කා :)

  21. එස්.එම්

    ටෞකන්ඩ එල බන් , ,the rin,2 නම් එච්චර බය හිතෙන්නැ ඒත් හොදයි

  22. Web-බුවා

    එළ එළ තද තද ලොක්කා. චාමිකර කිව්වොත් ඉතිං දන්නවනේ ඉතිං. දෙන්නේ ලෙසට සැපේ බලන්න පුළුවන් පට්ට එකක්ම තමයි. ඔහොම යන්. ඔහොම යන් තද තද බ්‍රෝ.
    පුළුවන් නම්, මේ රුසියන් film එකට සබ් දෙන්න බලන්න ලොක්කා. Attraction (2017)
    රුසියාව පදිරි නෑ යකෝ අමරිකාවට. :lol: :lol:
    එහෙනම් ලොක්කා,

    ජය! :)

    1. Web-බුවා

      ඕ! සමාව හොඳේ. දැන් දැක්කේ ඒක කලින් අපේ වෙන සහෝලා දෙන්නෙක් දීලා. කාර්ය බහුල කම නිසා දැන් site එකේ ඉස්සර වගේ පැල් බැඳගෙන නෑ. එළ.

      ජය! :)

    2. Chamikara Vidanage

      බොස් කතාව බැලුවද? :) දැන් බිසී මොකෝ ජොබ් එකක් කරනවද?

  23. Udara Cooray

    ස්තූතියි සහෝ

  24. iptX

    obatath jayama wewaa puthiii :D :idea:

  25. janith srimal

    denakan balan hitiye bn sub ekata tnx ohoma yan good luck

  26. Sajith Anthony

    මේකට සබ් දෙනකල් හිටියේ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  27. sajith eranda

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Rings.2017.1080p.BluRay.x264-[YTS.AG]

    මෙ කොපියට සබ් එක ගැලපෙනවද
    දන්න කෙනෙක් කියනවද

    1. Web-බුවා

      ඔව්! ඔව්! බය නැතුව ගන්න මං ගාව තියෙන්නේ yts ලගේ 720p එක. 1080p and 720p run time සමානයි. ඉතිං අනිවා සබ් එක ගැලපෙනවා. :D :P :D

      ජය! :)

    2. movie mania

      SUB එකේ time sync එක ටිකක් එහෙමෙහෙ වුනොත් subtitle resync කරන්න. ඔය වැඩේ කරන්න මහා අමාරුවක් නෑ.KMP වලින් නම් alt+Q වලින් එන වින්ඩෝවෙන් ඕක ලේසියෙන්ම කරගන්න පුළුවන්. tuto එහෙකුත් තියෙනවා මේන්. www.guidingtech.com/9546/sync-subtitles-videos-easily-using-kmplayer/

  28. Ara

    Thanks bro

  29. Tharuka Priyadarshana

    thanks bro

  30. Daredevil

    thankz bro!!!!

  31. silent$

    Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  32. Heshan

    thakz baiscope...
    **kata hari puluwannm "BETTIN ON ZERO" ake sub dennakoo*

  33. දිල්ශාන් සචින්ත

    ඔන්න අපිත් බෑවා. ස්තූතියි සබට

  34. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි.මේකෙ ජපන් Ringu ෆිල්ම් ටිකටත් සබ් දෙන්න බලන්න සහෝ
    ජය වේවා!

  35. dana

    thanks saho. jaya wewaa!!!!

  36. Sam

    mcn grimm kiyana tv series eketa sub denne patan ganin ko..supernatural wage patta tv series ekak.

  37. Sudesh Ekanayaka

    the fate of the furious 2017 sinhala sub eka dapanko mcn

  38. john

    thank s bro

  39. ගයියා..

    එලම එක පට්ට

  40. ruwan

    thankuuuu weewaa

  41. MSA.FERNANDO

    ඔබටත් ජය වේවා....
    ඔන්න මං පෝස්ට් එක කියවලා කොමෙන්ටුවකුත් දැම්මා....
    තැන්කුයි....

  42. sandharu

    Thanks broo

  43. බොබී

    කලින් ඒ්වා බැලුව එකේ ‌මේකත් බලන්න එපායැ. බැලුවට පස්සේ මටත් ‌කෝල් එකක් එයිද දන්නේ නෑ, තව දවස් හතයි කියලා.

  44. Shaggie

    Thnks mchn

  45. Anonymous

    එල එල නියමයි සහෝ . හැබැයි ආයෙ සමාර ඉපදුනා නේද ජූලියාගෙ ඇගෙන්.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.