1972 වර්ෂයේදී තිරගත වූ Mere Jeevan Saathi, අසාහය නළු රාජේශ් ඛන්නා රඟන, IMDb සිනමා දර්ශකයේ 6.9 ක අගය කිරීමක් පවතින, 70 දශකයේ තවත් එක් අගනා සිනමා නිර්මාණයක් වන අතර බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මා විසින් පළකරනු ලබන “මගේ ප්‍රථම සිංහල උපසිරැසිය” මෙයයි. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විශිෂ්ට පැරණි භාරතීය සි…

1972 වර්ෂයේදී තිරගත වූ  Mere Jeevan Saathi, අසාහය නළු රාජේශ් ඛන්නා රඟන,  IMDb සිනමා දර්ශකයේ  6.9 ක අගය කිරීමක් පවතින, 70 දශකයේ තවත් එක් අගනා සිනමා නිර්මාණයක් වන අතර බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මා විසින්  පළකරනු ලබන “මගේ ප්‍රථම සිංහල උපසිරැසිය” මෙයයි. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය විශිෂ්ට පැරණි භාරතීය සිනමා කෘතීන් සඳහා සිංහල උපසිරැසි නිර්මාණකරණයෙන්  දායකවන, ඔබ අප හොදින් දන්නා “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොයුරා මට පෞද්ගලිකවම කළ ඇරයුමකට අනුවයි, මේ සිනමාපටය වෙනුවෙන් සිංහල උපසිරැසියක් නිර්මාණය කිරීමට තීරණය කළේ. නව පරපුරේ අයෙකු ලෙස මුලදී මෙවන් පැරණි සිනමා කෘතීන් සම්බන්ධයෙන් මා තුළ එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. නමුත් ප්‍රියන්ත සොයුරාගේ උපසිරැසි සමග මෙම නිර්මාණ නැරඹීමේදී මට මේ පැරණි සිනමා නිර්මාණ පිළිබඳව විශාල ආදරයක් සහ ගෞරවයක් ඇතිවුණා යැයි පැවසීම නිවැරදියි. ඒවායේ තිර පිටපත් ඉතා ශක්තිමත්, රංගනයන් අද්විතීයයි, නළු නිළි කැල අසාහයයි, සංගීතය මන්මත් කරවන සුළුයි, සංවේදී ගුණය,කුතුහලය දැනවීම,මානුෂීය හැඟීම් මේ නිර්මාණ තුළින් මනා ලෙස විදහා දැක්වෙනව.

එවන් වූ අතිවිශිෂ්ට සිනමා පරිචයක මිහිර මා වෙත ගෙන ආ “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති”සොයුරාට නැවත මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටින අතර ඔහුගේ උපදෙස් නොමැති වූයේ නම් මේ නිර්මාණය සිංහල උපසිරැසි සහිතව ඔබ වෙත ලැබීමට විශාල කාලයක් ගත වන්නට ඉඩ තිබුණා. නමුත් මා වෙනුවෙන් බයිස්කෝප් අඩවියේ මෙය ඉක්මනින්ම පලකිරීමට සහයදීමට තරම් ඔහු කාරුණික වුණා. එමෙන්ම මෙයට අදාල ඉංග්‍රීසි උපසිරැසිය ද මා වෙත යොමු කළා. මෙය මාගේ ප්‍රථම සිංහල උපසිරැසිය නිසා බොහෝ අඩුපාඩු තිබීමට පුළුවන්. ඒ ගැන සමාව අයැද සිටිනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි උපසිරැසිය අනුව චිත්‍රපටයේ දෙබස්වල අරුත් වෙනස්වන තැන් තිබුණා. එනිසා සමහර තැන්වල දී අදාළ දෙබස නරඹා ඊට ගැළපෙන ලෙස මා උපසිරැසි යෙදුවා.

මෙය රාජේශ් ඛන්නා සහ තනුජා මුඛර්ජි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි ප්‍රධාන චරිත වන්නේ ප්‍රකාශ්, ජෝති සහ කපිතාන් විනෝද් ය. ප්‍රකාශ් ඉතා ධනවත් පවුලක තරුණයෙක් වුවත් සිතුවම් නිර්මාණකරුවෙක් ලෙස තම ජීවන වෘත්තිය කරගෙන යමින් දුප්පතුන්ටද ආධාර උපකාර සිදු කළේය. මේ අතරතුර ඔහු සහ අක්ෂි වෛද්‍යවරියක් වූ ජෝති නැමති සුන්දර තරුණිය අතර ආදර සම්බන්ධතාවක් ඇතිවේ. දිනක් ප්‍රකාශ් පැදවූ රිය දරුණු අනතුරකට ලක්විය. මෙහිදී ඔහුගේ දෑස් අන්ධ වූ අතර ඔහු ගැන බලාපොරොත්තු තබාගෙන සිටි තරුණියකගේ නිවාස අඩස්සියට පත්විය. එතැන් සිට ඔහු අතුරුදහන් වූවෙක් ලෙස සමාජය තුළ සලකනු ලැබීය. මේ නිසා ඔහුගේ පෙම්වතිය වූ ජෝතිට යෝජනාවක් මත විනෝද් නම් හමුදා නිලධාරියෙක් සමඟ විවාහවීමට සිදුවෙන තත්වයක් උදාවිය.ඉතිං එතැනින් එහා කතාව ඔයාලා නරඹලාම දැනගන්න.

මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති  මෙම https://drive.google.com/file/d/0B3BxOq2-_xCDVTVKS1N4VlQwZTA ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.

එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම ඉදිරියේ දී 1960, 1970 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඉදිරියේ දී හැකියාවක් ලැබෙන අවස්ථාවල දී ඒවා ලබා දෙන්නම්. ඒ වගේම බාගත කරගන්නා ඔයාලා මේ උපසිරසිය වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කරනවා නම් එය මට ලොකු ශක්තියක් වේවි ඉදිරි ගමනට. ස්තූතියි!

නැවත මෙවන් උපසිරසියකින් හමුවෙමු.

Mere Jeevan Saathi (1972) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

 

125 downloadsDownload Mere-Jeevan-Saathi-1972.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/kasun-Harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හර්ෂණ අත්තනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

125 downloadsDownload Subtitles55 KB

26 comments

  1. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. SPD

    මුලින්ම පළමු උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරයා. මමද පැරණි හින්දි සිනමාපට දෙසට විශාල වශයෙන් නැඹුරු වුයේ විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුරා නිසා තමයි. ඔබ ලිපියේ සඳහන් කල ඇති කරුණු මනාව පෙළගස්වා තිබෙනවා කියවන්නාට චිත්‍රපටය නැරඹීමට සිතෙන ආකාරයට. පළමු උත්සාහයට හදවතින්ම සුභ පතන ගමන් බයිස්කෝප් එකත් එක්ක දීර්ග ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඉදිරියටත් මෙවන් නිර්මාණ අප වෙත රැගෙන ඒමට හැකියාව ලැබෙන්න ඕන. ජයවේවා...!

  4. එල්.සී. දමැල්

    බොහොම සතුටුයි... අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝදරයා... දිගටම උපසිරස දෙමු...

    1. එල්.සී. දමැල්

      පරණ චිත්‍රපට කරනවානම් කමෙන්ට්ස්නම් වැඩිය ලැබෙන එකක් නෑ.. හැබැයා වටිනාකමනම් ඉහළයි...

  5. Kasun Harshana

    උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔබ සැමට තුති. විශේෂයෙන්ම ප්‍රියන්ත සොයුරා නිසා තමා මා පැරණි හින්දි සිනමාව දෙසට යොමුවුණේ. මෙම පැරණි භාරතීය සිනමා කෘතීන් සඳහා බයිස්කෝප් අඩවියේ සිටින්නේ උපසිරැසි නිර්මාණකරුවන් අතලොස්සක් පමණයි.අලුත් චිත්‍රපටවලට උපසිරැසි සැපයීමට ඕනෑ තරම් අය ඉන්නව. නමුත් පැරණි චිත්‍රපට සඳහා එසේ නොවේ. එනිසා ආධුනික උපසිරැසිකරුවෙකු ලෙස මා මිත්‍ර ප්‍රියන්ත සොයුරා සමග එක්ව සහයෝගයෙන් තව තවත් මෙසේ පැරණි භාරතීය සිනමා නිර්මාණ සඳහා උපසිරැසි නිර්මාණයේ යෙදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් උපසිරැසිකරුවන්ටද මෙසේ පැරණි විශිෂ්ට සිනමා නිර්මාණ සඳහා උපසිරැසි නිර්මාණයට එක් වෙන ලෙසට විවෘත ආරාධනයක්ද කරනව.

    1. Withanage Priyantha Dayakeerthi

      දැනට වෙනත් කෙනෙක් සබ් කළ අභිමාන් වීඩියෝව මා ළඟ තිබෙනවා. 0779785608, 0718222697 අමතන්න විස්තර කරන්නම්.

  6. nilupul anuruddhaka perera

    thanks bro,sub akata.mamath me film aka illala comment kala.godak sathutui."gora aur kaala"puluwannam eelangata denna.supiri film akak.ok,jaya wewa.

  7. Kasun Harshana

    nilupul සොයුර. Gora Aur Kaala (1972) චිත්‍රපටය මා මිත්‍ර ප්‍රියන්ත දයාකීර්ති සොයුරා භාරගෙන තිබෙන්නෙ. චිත්‍රපට රැසකටම මේ දිනවල ඔහු උපසිරැසි හදමින් සිටින්නේ.ඔබේ ඉල්ලීමත් නොබෝ දිනකින් ඉටු වේවි. අදහස් දැක්වීමට තුති. ඔබලාගේ අදහස් අපට වටිනව.

    1. Withanage Priyantha Dayakeerthi

      සමාවෙන්න, Gora Aur Kaala (1972) සිනමාපටය සඳහා ඉංග්‍රීසි උපසිරසියක් දැනට ඉන්ටර්නෙට් එකේ නැහැ. ඒ නිසා ප්‍රමාද වී තමයි එය දෙන්නට සිදුවෙන්නේ.

  8. Withanage Priyantha Dayakeerthi

    කසුන් හර්ෂණ රත්නායක සොයුර,
    ප්‍රථම සිංහල උපසිරසියට මාගේ සුබපැතුම්! 1990 දශකයේ උපන් ඔයා වගේ තරුණ කෙනෙක් පැරණි අමරණීය හින්දි සිනමාපට සඳහාම මෙම වෙබ් එකට සිංහල උපසිරසි ලබාදීමට ඉදිරිපත්වීම ගැන මා ඉතාමත් සතුටුවෙනවා. එය ඉතාමත් දුර්ලභ ඉදිරිපත්වීමක්.
    ඔබ මට පුද්ගලිකවම කීවා මීළඟට සිංහල උපසිරසි ලබාදෙන්නේ 1956 වර්ෂයේ තිරගත වූ රාජ් කපුර් සින්මාකරුවානන්ගේ
    "Jagte Raho" පැරණි හින්දි සිනමාපටය සඳහා බව. එමෙන්ම Mere Jeevan Saathi සිනමාපටය සඳහා උපසිරසි ඉදිරිපත් කිරීම තුළ මාගේ නාමයද සඳහන් කිරීම පිළිබඳව ද ස්තුතියි! මෙම උපසිරසි කරණය තුළ මා හට බොහෝ වටිනා උපදෙස් ලබාදුන්නේ ඇඩ්මින් එකේ "අසංක ප්‍රදීප් රණතුංග" සොයුරායි. ඒ දැනුම තමයි මා ඔබට ලබා දෙන්නේ. ඔහුටත් මෙම ස්තුතිය අනිවාර්යයෙන් හිමිවිය යුතුයි. ඉතිං ඔබ වෙහෙසවී නිර්මාණය කළ මෙම සිංහල උපසිරැසිය භාවිතාකර මෙම සිනමාපටය මා පළමුවරට නැරඹුවා. මට කියන්නට තිබෙන්නේ ඔබේ පළමු සිංහල උපසිරසියම ඉතාමත් සාර්ථක බවයි. ඉතා පළපුරුදු කෙනෙක් කළා හා සමානයි. ඊළඟ උපසිරසියත් ඉක්මනින්ම ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා. ඔබට ජය!!!

  9. Kasun Harshana

    හිතවත් ප්‍රියන්ත සොයුර,

    ඔබ මට වඩා අත්දැකීම් බහුල කෙනෙක්. පැරණි සිනමාව ගැන ඔබට හසල දැනුමක් සහ බුද්ධියක් තිබෙනව.ඇත්තම කිව්වොත් උපසිරැසිකරුවෙකු ලෙස මා තවමත් සිටින්නේ අංකුර අවධියේ යැයි කීවොත් මා නිවැරදියි.පැරණි භාරතීය සිනමාව ශ්‍රී ලාංකිකයන් අතර වඩා සමීප කරවීමට ඔබ දරන වෑයම කෙසේවත් සුළුකොට තැකිය යුත්තක් නොවේ. හරිනම් ඔබව විශේෂ සම්මානයකට පාත්‍ර විය යුතුයි. ඉදිරියටත් ඔබේ ගමන ඔබ යන්න. ඔබ අප වැනි උපසිරැසිකරුවන් වැඩි දෙනා අතර "කොන්" වන ස්වභාවක් තිබුණත් මේවායේ අගය තේරුම් ගන්නා පිරිසක් සිටිනව. ඉතින් අප ඔවුනට මේ රසය ලබා නොදෙන්නේ නම්, වෙන කවුද එය ලබාදෙන්නේ? ඔබගේ ඇල්ම බැල්ම නොලැබෙන්නට මා අතින් කවදාවත් උපසිරැසියක් නිර්මාණය නොවන්නට තිබුනා. නමුත් මා දැන් ඔබට සහය
    උපසිරැසිකරුවෙකු ලෙස නිර්මාණකරණයේ යෙදීමට කැමතියි.අළුත් චිත්‍රපට සඳහා උපසිරැසි සපයන සොයුරන් මා කිසිසේත් විවේචනය කරන්නේ නැහැ.මොකද මමත් එම චිත්‍රපට නරඹනවා. අපට සෑම චිත්‍රපටයකින්ම යමක් ඉගෙනගත හැකියි. එවිටයි චිත්‍රපට සම්බන්ධයෙන් නියමාකාර විචාරයන් ලබා දිය හැක්කේ. චිත්‍රපට එළිදක්වන කාලය අදාලම නෑ. නමුත් මං අවසාන වශයෙන්
    මා නියෝජනය කරන නව පරපුරෙන් ඉල්ලන්නේ ඔබ චිත්‍රපට පහක් නරඹනවානම් එම චිත්‍රපට පහෙන් එකකට හෝ මෙම පැරණි සිනමා නිර්මාණයක් ඇතුළු කරගෙන නරඹා ඔබේ කලබලකාරී නොසන්සුන් වූ මනස තරමක් සන්සුන් කරගන්නා හැටියටයි. ස්තූතියි!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Isuru

    මම හොයමින් හිටපු චිත්‍රපටියක් අද තමයි හම්බ වුනේ. සබට බොහෝ තුති. දිගටම උපසිරස දෙමු. ජය....
    ඒ වගේම ඉදිරියේදී Kora Kagaz (1974) චිත්‍රපටියත් උපසිරැසි ලබා දෙන්න කියා ඉල්ලනවා.

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. darshi

    ගොඩාක් හොද වැඩක්. මේ වගේ චිත්‍රපටි වල සබ් වලට වැඩියේ කමෙන්ට්ස් නොලැබුනත් ඔබේ සේවාව දිගටම ලබා දෙන්න. නියමයි....

  14. Soori

    උපසිරැසිය ගත්තා. පැරණි, වටිනා, මේ වගේ චිත්‍රපටත් ඉඩ හසර ලැබෙන පරිදි රස විඳිනවා. ඔබගේ වටිනා කාලය ශ්‍රමය වෙනුවෙන් මාගේ ස්තුතිය කසුන් සහෝ......

  15. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභපතනවා කසුන් සහෝ...
    තව තවත් උපසිරැසි කිරීමට කාලය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  16. දහරා මුතු අමා

    පලවෙනි උපසිරැසියට පැරනි හින්දි චිත්‍රපටියක් දුන්නු එක නම් නියමයි.
    දිගටම පරන ඒවම දෙමු.

  17. Anjana

    thnkz for sub.....Sharukge Anjaam film ekatat sub denna puluwn nam...parana lassana film ekak...

  18. Kasun Harshana

    අදහස් දැක්වූ සැමටම මාගේ ප්‍රණාමය පුද කොට සිටිනවා.දහරා මුතුඅමා සොයුරිය ඉතා දක්ෂ ලෙස උපසිරැසි නිර්මාණය කරනවා. ඔබ Aradhana (1969) චිත්‍රපටය සඳහා විශිෂ්ට ලෙස උපසිරැසි ගන්වා තිබුණා. මාගේ වැඩි මනාපයක් තිබෙන්නේ 50 ,60 සහ 70 දශක වල පැරණි භාරතීය සිනමා නිර්මාණයන් සඳහා. මගේ මීලඟ උපසිරැසිය ලෙස මා ගෙන එන්න නියමිතව තිබෙන්නේත් 50 දශකයේ තිරගත කළ IMDB අගය 8.4ක් සහිත විශිෂ්ට හින්දි චිත්‍රපටයක්. ඉතින් සූදානමින් ඉන්න.

    1. ghostn536

      මේකෙ video එකට හරි යන කොපියක url එකක් දෙන්න පුලුවන්ද ?දීපු url එක ගැලපෙන් නැ .baiscopedownlaod එකේ කොපියත් වැඩ නෑ .

  19. Shaun Maximus Dissanayake

    මෙරේ ජිවන් සාති මා ඉතාමත් ප්‍රිය කරන චිත්‍රපටයක්.. රාජේශ් තනුජාගේ ආකාර්ෂනීය රගපැම්. " ඕ මෙරේදිල්කෙ චේ" "දිවානා ලේකේආයා හේ" හා හා යහු කිතිනා සපුනේ " දිවානා තුජුකේ ශෝරෝන්ගී" නැමති ලස්සන ගීත මෙහි ඇතුලත්. මේක මම 70 දශකය තුල මුලින්ම නැරඹුවේ රාජගිරියේ ඉම්පාලා හෝල් එකේ.

  20. Uvin shakya

    Meke Link ekak ndd.?

  21. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි කසුන් සහෝදරයා මේ කරනා මෙහෙවරට...ඔබට ජය !!"

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.