Watch Trailer

Mask of Zorro (1998) with Sinhala Subtitles | වෙස් බැඳී අසරුවා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් චිත්‍රපටියක් අරන් ආව බයිස්කෝප් කට්ටියට දීල යන්න කියලා. මං ඉතින් අද වෙනකම් දුන්නේ ටිකක් පරණ චිත්‍රපටිනේ. එහෙම කිවුවට මම අදත් අරගෙන ආවේ පරණ චිත්‍රපටියක් තමයි. :D… මේක තමයි මම මෙතෙක් දීපු පරණම චිත්‍රපටිය. The Mask of Zorro. ඔන්න ඕක තමයි චිත්‍රපටිය. මුලින්ම කියන්න ඕනා විකියා සහෝ මට වෙන චිත්‍ර…

Mask of Zorro (1998) ඔන්න අදත් චිත්‍රපටියක් අරන් ආව බයිස්කෝප් කට්ටියට දීල යන්න කියලා. මං ඉතින් අද වෙනකම් දුන්නේ ටිකක් පරණ චිත්‍රපටිනේ. එහෙම කිවුවට මම අදත් අරගෙන ආවේ පරණ චිත්‍රපටියක් තමයි. :D… මේක තමයි මම මෙතෙක් දීපු පරණම චිත්‍රපටිය. The Mask of Zorro. ඔන්න ඕක තමයි චිත්‍රපටිය. මුලින්ම කියන්න ඕනා විකියා සහෝ මට වෙන චිත්‍රපටි වගයක් කරන්න කියල බල කරද්දිම තමයි මං සෝරෝ එක කරන්නම් කියලා බාරගත්තේ. ඒ ගැන විකියා සහෝ තරහක් නැතිව ඇති කියලා හිතනවා. මොකද අද මේ වෙනකම් මම කලේ එයා කරන්න කියපු චිත්‍රපටි නෙවෙයි. 😀 :D… නෑ, නෑ, සහෝ තරහක් නැතුව ඇති… හරි එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. නම කිවුවාම හිතාගන්න පුලුවන්නේ මේ චිත්‍රපටිය මොකක් ගැනද කියලා. ටයිටස් තොටවත්තයන්ට පින්සිද්ද වෙන්න පොඩිකාලෙ සිංහලෙන් හඩකවල අපි බලපු සෝරෝ කාටූන් චරිතයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් තමයි මේ.මේක නිකුත් කලේ 1998 අවුරුද්දේ. ඒ වුනාට චිත්‍රපටිය පට්ටෙට හදලා තියෙනවා. ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Martin Campbell කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. රඟපාන නළු නිළියන් මෙහෙමයි. Desperado, Spy Kids 1, 2, 3, 4, Once upon A Time in Mexico, Shrek, Puss in Boots කියන චිත්‍රපටිවල රඟපාපු සහ ලබන වසරේ එන්න තියෙන Expendables 3 චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන Antonio Banderas තමයි අලෙහැන්ද්‍රෝගේ චරිතය, එහෙමත් නැත්නම් දෙවන සෝරෝගේ චරිතය රඟපාන්නේ. එලේනාගේ චරිතය රඟපාන්නේ Sinbad: Legend of The Seven Seas, Rock of Ages, Broken City, Side Effects සහ මේ ඊයෙ පෙරේදා නිකුත්වෙච්ච Red 2 චිත්‍රපටියටත් රංගනයෙන් දායක වෙච්ච Catharine Zeta-Jones. දියේගෝ විදිහට, නැතිනම් මුල්ම සෝරෝ විදිහට The Wolfman චිත්‍රපටියෙන් එහෙම ඔයාල දැක්ක Anthony Hopkins තමයි රඟපාන්නේ. කපිතාන් ලව් විදිහට Matt Letscher සහ රෆායල් විදිහට Stuart Wilson රඟපෑමෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය IMDb එකේ 6.7 ක අගයක් අරන් තියෙනවා. හරි එහෙනම්… පොඩ්ඩක් කතාවත් කියන්නම්….

කතාව මෙහෙමයි. මෙක්සිකෝවේ තිබුන පාලනයට විරුද්ධව තිබුන මිනිස්සු අරගල කරන කාලයක මිනිස්සුන්ගේ උදව්වට වෙස්වලා ගත්ත මිනිහෙක් ඉන්නවා උදව්වට සෝරෝ කියලා. ඉතින් කොහොම හරි වංශාධිපති රෆායල්ට ඕන වෙනවා මේ සෝරෝව අල්ලගන්න. ඉතින් කොහොම හරි රෆායල් එයාගේ අරමුන ඉෂ්ඨකරගනිමින් සෝරෝව අල්ලගන්නවා. එතනදි මේ සෝරෝගේ බිරිඳව එතනදි මැරෙනවා. ඊට පස්සේ සෝරෝව, එහෙමත් නැත්නම් දියේගෝව හිරකරලා එයාගේ පුංචි දුවව, එලේනාව රෆායල් හදාගන්න අරන් යනවා. ඉතින් කාලය ගෙවිලා යනවා. ඉතින් තවත් අලුත් සෝරො කෙනෙක්ගෙ අවශ්‍යතාවය මතුවෙනවා. ඒව මොනවද කියලා කියන්න මම යන්නේ නෑ. ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි යනවා. Baiscopelk එන හැමෝටම… බුදු සරණයි……… !!! ‍යන ගමන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. 😉

The Mask of Zorro (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Mask.of.Zorro[1998]DvDrip-Zeus_Dias

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,580 downloadsDownload Mask-of-Zorro-1998.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

1,580 downloadsDownload Subtitles39 KB

49 comments

  1. isuru

    asama kathwak ne macho meyke thwa akaka thiyenawa neyda akatath demu

  2. nihal

    thanks saman

  3. kalinga

    පට්ට නේ මචං කාටුන් බැලුවට දන්නේ අයි ෆිල්ම් තියේ කියලා

  4. hh

    elane balanna one meyke 2 kath demu legend zoro aka

  5. geeth

    balanna one jaya wewa!!!

  6. හර්ෂ ලහිරු

    පට්ට පජාත කොර ෆිල්ම් එකක් බස්සලා තියෙන්නෙ
    බොහොම ස්තුතියි සහො ජය :D

  7. shann

    නියමයි සහෝ :) 2 කත් දෙමු

  8. එරංග

    එලස් බාන්න දැම්ම දෙවෙනි එකකුත් තියෙනවා ඒකත් දෙන්න සහෝ

  9. wow

    wow,,,maru :D

  10. සමීර චතුරංග

    නියමයි සහෝ..තව මේ වගේ එව්වා දෙමු.:) :) :)

  11. venura

    super

  12. gihan

    good work machan

  13. vee

    maxxa maxxa machan patta athi

  14. was

    ජය වේවා සහෝට මේක මැක්සා ෆිල්ම් එකක්

  15. herry

    thank you

  16. ශාන් විමුක්ති [ විමා]

    විකියා බොලා එක්ක අමනාපනම් සන්තෝස වෙයන්
    මම බොරු කියනවනම් අහලා බලාපන් ඕනෑම කෙනෙක්ගෙන්
    ඒ තරම් සන්තෝසයක් වෙන කෙනෙක්ට ආත්මෙකට ලැබෙන්නේ නෑ බන්
    (විහිලු කරන්නේ හොදේ විකියා අපි කාගේත් ගජයා නොවැ [ශේප් එකේ තියන් ඉන්න ඕනනේ] ) ;)

    එල බන් සබට බොහොම තුති
    ජය!

  17. “චූටී මල්ලි”

    සොරෝ ගැන කවුද නොදන්නේ සහෝ
    එල එල

    ////////////////
    //
    //
    //
    //
    //
    //
    //////////////////

    සබට තුති
    ඔබට ජය.........

  18. සංජය

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේවගේ පට්ට උපසිරසි දෙනවට...

  19. mino

    maru machooo

  20. sp පියමල්

    නියමයි සහෝ,පොඩි කලේ zoro කාටුන් එක මාර ආසාවෙන් බැලුවේ,මේකත් බලමු,thanks

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම කතාවක් වගේ සහෝ මේක බලන්න ඕනි ඔන්න මම ගත්තා,ජයවේවා.

  22. charitha herath

    මෙයික නම් පස්ට වගේ.....බොහොම පින් සහෝ.......

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. පුදුමයි මේක බයිස්කෝප් එකේ නිකන් පෝස්ට් එකක් විදියටවත් නැති වෙච්ච එක. නියම කතාවක් සහෝ. ජය෴෴ :P :P

  24. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  25. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  26. mudiya / මුදියා

    අසිපත අත ගත් අසරුව සෝරෝ සෝරෝ.
    ඇන්ටෝනියෝ අයියා ඉන්න පට්ට ෆිල්ම් එකක්නෙ මේක.
    අනිව ආයෙත් බලන්න වටිනව.
    නියමයි කළු නයෝ.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  27. NCJD

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. කමෙන්ට් වලිනුත් කතාව අගයල තියෙන නිසා ඔන්න මමත් බා ගන්නවා.

  28. thusitha

    thank you bro. than you very much......

  29. thusitha

    meke deweni ekath(the legend of zorro 2005) sab dala denna.

  30. Lakmal

    Thanks brother

  31. damith

    nice machan

  32. charlie

    thanks

  33. Download Manager

    Maxxxa film 1k

  34. thiwanka

    ela ela..
    patta wedak saho....

  35. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  36. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. නලින්

    එළ එළ මෙකත් දැක්කේ දැන් බෝලේ

    ස්තුතියි සමනා

    ජය වේවා!

  38. චරිත

    මට මතක විදිහට සෝරෝ කාටුන් එක එන්න කලින් සිංහල උපසිරැසි එක්ක ටීවී සිරිස් එකකුත් ගියා.

    1. Saman Prasad (Black Panther)

      මට ඒක අමතක වුණා සහෝ. ඉස්සර පොඩි කාලෙ ගොඩක්ම බැලුවෙ කාටූන් තමා. ඒකයි කාටුන් එක හොඳටම මතක. මතක් කළාට තුති සහෝ. :)

  39. Deex

    Good work bro.

    thank you.

  40. Sasindu

    godak thanx bro...ela wadak

  41. tharindu

    patta pata pata......:D thanku

  42. asitha

    jaya wewa!!!
    thanks.

    1. Anonymous

      film eka downlord karanne kohomada

  43. Pasindu kushan

    Parana unata lassana film 1k. Thank u bro...

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  45. PahasaraDv

    Thankz....

  46. Anonymous

    biscope patta

  47. Charith Jayathissa

    Sub aka brrip akata update karanawada?