Watch Trailer

Master (2016) AKA Ma-seu-teo with Sinhala Subtitles | සක්විති මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! හොඳයි ඉතින් අදත් සුපුරුදු පරිදි නුපුරුදු කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසියක් තමයි මම අරගෙන ආවේ.මේක ඇවිල්ලා 2016 දෙසැම්බර් 21 තිරගත කරලා ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවූ බොක්ස් ඔෆිස් වාර්තාගත, අපරාද සහ ක්‍රියාදාම ගණයට අයත් වෙන imdb 6.6 ක අගයක් ගත්තු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියෙ අන්තරගත වෙ…

ආයුබෝවන්!

හොඳයි ඉතින් අදත් සුපුරුදු පරිදි නුපුරුදු කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසියක් තමයි මම අරගෙන ආවේ.මේක ඇවිල්ලා 2016 දෙසැම්බර් 21 තිරගත කරලා ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවූ බොක්ස් ඔෆිස් වාර්තාගත, අපරාද සහ ක්‍රියාදාම ගණයට අයත් වෙන imdb 6.6 ක අගයක් ගත්තු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියෙ අන්තරගත වෙන්නෙ මහපරිමාණ විදියට මිනිස්සුන්ගෙ සල්ලි වලට විදින ආයතනයක ප්‍රධාන මොළකරු අල්ලගන්න තැත් කරන මෙහෙයුමක් ගැන.ලංකාවෙ වුණ සක්විති සිද්දිය හැමෝටම මතක ඇතිනෙ.වැඩි පොළියක් ගන්න සල්ලි වැඩි වැඩියෙන් ආයෝජනය කරපු මිනිස්සුන්ගෙ සල්ලි වලට විදලා පැනලා ගියා.මේකෙ වෙන්නෙත් හරියටම ඔය සිද්දිය තමයි.

ඔක්කොටම කලින් ”පිරමීඩ ව්‍යාපාර සහ අලෙවිකරණය” කියන්නෙ මොකක්ද කියලා සරලවම හදුන්වලා ඉන්නම්.එතකොට කතාව බලද්දි තේරුම් ගන්න ලේසි වේවි.. හොඳයි.. මූල්‍යම ආයතනයක් තියෙනවා..මම ඕකට වැඩි පොළියක් බලාගෙන යම්කිසි මුදලක් ආයෝජනය කරනවා.ඒ වගේම මම මගෙ යාළුවාවත් මේකට ගෙන්න ගන්නවා.එතකොට මට ඒ වෙනුවෙනුත් කොමිස් මුදලක් ලැබෙනවා.ඒ යාළුවත් තව කට්ටියව මේ ආයතනයට අරගෙන ආවොත් ඒ අයගෙන් පවා මට කොමිස් මුදල් හම්බෙනවා.මෙන්න මේ විදියට එකිනෙකාට සම්බන්ධ වුණු ජාලයක් තමයි පිරමීඩ ව්‍යාපාර කියන්නෙ.මේ වගේ ආයතන හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා.ඉතින් මේ පිරමීඩෙ යටම ඉන්න අයට තමයි වැඩි වාසි තියෙන්නෙ.. වැඩි ලාභ ලැබෙන්නෙ.

ජින් හ්යොන් පිල් (Lee Byung-hun)–> one network හි අධ්‍යක්ෂක.
පාක් ජන්ග් ගුන් (kim woo bin)–> one netowrk හි තාක්ෂණික අංශ ප්‍රධානී.
කිම් අම්මා (Jin Kyung)–> one network හි අලෙවිකරණ අධ්‍යක්ෂක.
කිම් ජේ ම්යොන්ග් (Kang Dong-won) විශේෂ අපරාද විමර්ශන ඒකක කණ්ඩායම් නායක.

මේ තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත සහ චරිත වලට පණපොවන නළු නිලියෝ.කොරියානු චිත්‍රපටි වලට හුරු කෙනෙක්ට නම් මේ අය හොදට දැකල පුරුදු ඇති. ඉතින් මේ විදියට ජාල ගත වුණු මූල්‍ය ආයතනයක් තමයි ”one network” කියන්නෙ.මේකෙ මිලියන ගානක සාමාජිකයො ඉන්නවා.. තමන්ගෙ හීන සහ බලාපොරොත්තු හැබෑ කරල දෙයි කියල තමයි මේ සාමාජිකයො හිතන්නෙ.ඉතින් දුප්පත් පෝසත් හැමෝම මේකට ආයෝජනය කරනවා.මේ ගැන දන්න පොලිස් විමර්ශන ඒකකේ කිම් ජේ ම්යොන්ග්.. one network ආයතනේ ප්‍රධානියවයි එයාට උදව් කරන, පගාව ගන්න රජයෙ නිලදාරින්වයි අල්ලගන්න තමයි ප්ලෑන් කරන්නෙ.මේ අයගෙ නම් තියෙන, ගනුදෙනු තියෙන ගිණුම් පොතක් ජින් හ්යොන් පිල් ලග තියෙනවා.ඒ වගේම තමයි මේ හැම දෙයක්ම පාලනය කරන රහස් පරිඝණක කුටියකුත් තියෙනවා.මේ දෙක හොයාගන්න ඕනෙවට පොලිසිය විසින් one network ආයතනෙ පාක් ජන්ග් ගුන්ව අල්ලගෙන තර්ජනය කරලා, අදාල අයව හිරේට ගත්තම දඬුවමෙන් ලිහිල් කරන්න පොරොන්දු වෙලා ඔත්තු බලන්න යවනවා.ඉතින් පාක් ජන්ග් ගුන්ගෙ උදව්වෙන් ජින් හ්යොන් පිල්ව අල්ලගන්න සේරම ලෑස්ති වෙලා තියෙද්දි ජින් හ්යොන් පිල් සේරම සල්ලිත් අරගෙන පැනල යනවා.මිලියන ගානක අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එහෙම් පිටින්ම නැති වෙනවා.මෙයා පැනල ගිහින් මාස කීපයකින් මෙයයි කිම් අම්මයි මැරුණා කියලා ආරංචියක් එනවා.. මිනිස්සුන්ගෙ සල්ලි සහ බලාපොරොත්තු නැත්තටම නැති වෙනවා.

ඒත් අනිවාර්යෙන්ම ඒක බොරු මරණයක්.වෙන නමකින් මෙයා පිලිපීනෙන් මතු වෙනවා.ඊළඟ පාර ලෑස්ති වෙන්නෙ පිලිපීන රජයෙන් බිලියන 3 ක් ගලවගන්න.ඒකට වෙනම කපටි ප්ලෑනක් ගහනවා..ඒත් මේකට එයාගෙ පැත්තෙන් පිලිපීන රජයට බිලියන 3ක් පෙන්නන්න ඕනෙ.. අන්න එතකොට බිලියන 3 ක් අරන් එයා ලගට යන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපරාද විමර්ශන ඒකකේ නායක කිම් ජේ ම්යොන්..

එහෙනම් මං මෙතනින් නවත්තන්නම්.. ඔයාලා අන්තිම වෙනකල් බලන්න.. තවත් සිංහල උපසිරැසියක් අරගෙන ඉක්මණට එන්නම්. බොරුවෙන් සහ වංචාවෙන් කවදාවත් ජීවත් වෙන්න පුළුවන්ද?

බුදු සරණයි!

Master (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Master.2016.720p.HDRip.H264-FILMKU.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,579 downloadsDownload Master-2016.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

6,579 downloadsDownload Subtitles66 KB

31 comments

  1. Madura Sanka

    Wonder.Woman.2017.720p.HC.HDrip.x265.HEVC-GunGravE mekatah sub ekak dapankoooo bn

  2. Madura Sanka

    supiri macan ela elaaaaas

  3. Sajith Thilakarathne

    thanks macho sub ekata

  4. අසිත

    elama saho thanks

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Dilan

    Supiri film ekak saho.jaya wewa saho..

    1. chamalkalum

      එල මචං

  7. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. chamalkalum

      නියමයි

  8. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  9. Mithun

    හම්මෙ චාමල් සහෝ බොහොම ස්තුතියි
    අයේමත් ඔන්න එහෙනම් ආසාවෙන්ම ඩව්න්ලොර්ඩින් දානව එකක්
    ඉයේ බැලුව සුපිරියක් සහෝ okja කොරියන් එකක් ෆට්ටම එකක්
    මමත් හිතුව ඔයා දෙයි කියල .
    වෙන සහෝ කෙනෙක් සබ් දැම්ම..
    මෙකත් ඔන්න ගන්නව .සතුටුයි..
    ඔයාට ජය වේවා අයේමත් දෙන්න හොදම එකක්..

    1. chamalkalum

      අනිවා මිතුන් සහෝ..මාත් බැලුවා..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. chamalkalum

      ජය

  11. hasith

    tnx saho elama ekakne genath tinne

  12. Jack

    නියමයි මචෝ...
    කොරියන් ඒවත් දැන් අනිවා බානවා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

    1. chamalkalum

      ජය බ්‍රෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. chamalkalum

      ස්තූතියි සහෝ

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. chamalkalum

      එල

  15. Udaya Fernando

    බොහොම ස්තූතියි යාලු.

  16. Mihiraj

    gt wk thx for sub

  17. Chamara Diaz

    Thanks Bro...~

  18. oshanda

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Prabhathkasun

    Thans for sub brother

  20. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  21. Anomamis

    මේකේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ක්ලික් කරාම 404 කෝඩ් එක එනවා ‌රොයිලි අයියෙ බලලා හදනවද ලින්ක් එක

    1. විමා

      ෆික්ස් කරන්නම් සහෝ.

    2. sasanka

      Thanks මචං විමා සබ් එක ගත්තා මම හිතුවෙ නෑ මෙච්චර පරණ ෆිල්ම් එකක සබ් එක අප්ඩේට් කරන්න කිව්වම උත්තරයක් හම්බෙයි කියලා වෙන කොහේවත් සබ් එක තිබ්බෙත් නැතිවෙලේ සබ් එක අප්ඩේට් කරාට ‌ගොඩක් ස්තුතියි ආදරෙයි!

    3. විමා

      එලම එලම හරිනේ එහෙනම්. :)