මම තමයි ලක්ශ්මන්. ලක්ශ්මන් සිං බිශ්ත්. ඒත් හැමෝම මට කියන්නෙ ටියුබ් ලයිට් කියල. ඒ ඇයි දන්නවද? මං පොඩි කාලෙ ඕං ඔය කොහෙදෝ මන්දා තියෙනවයි කියන ලන්ඩන් කියන නගරෙන් හෙනම දිග බල්බ් එකක් ගෙනාවා අපේ ඉස්කෝලෙට. හැම උදේම ඒක පත්තු වෙන්න හෙනම වෙලාවක් ගියා. මේ ටියුබ් ලයිට් එක එක පාරින් පත්තු උනෙත් නෑ. මගෙන් ප්‍රශ්…

මම තමයි ලක්ශ්මන්. ලක්ශ්මන් සිං බිශ්ත්. ඒත් හැමෝම මට කියන්නෙ ටියුබ් ලයිට් කියල. ඒ ඇයි දන්නවද? මං පොඩි කාලෙ ඕං ඔය කොහෙදෝ මන්දා තියෙනවයි කියන ලන්ඩන් කියන නගරෙන් හෙනම දිග බල්බ් එකක් ගෙනාවා අපේ ඉස්කෝලෙට. හැම උදේම ඒක පත්තු වෙන්න හෙනම වෙලාවක් ගියා. මේ ටියුබ් ලයිට් එක එක පාරින් පත්තු උනෙත් නෑ. මගෙන් ප්‍රශ්නයක් ඇහුවම එක පාර උත්තරේ ඔලුවට ආවෙත් නෑ. මගෙ අම්ම නම් කිව්වෙ ඉංග්‍රීසි ටියුබ් ලයිට් එක වගේම මගෙ මොලෙත් හෙන පරක්කුයි කියල. හෙමින් හෙමින් පත්තු වෙන්නෙ.හැබැයි අනිවාර්යෙන් පත්තු වෙනවා.
රාම් ලීලාවෙ දවසෙ මම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවා. වැඩේ කියන්නෙ දෙවියො මන් කියපු දේ ඇහුවනෙ. ඊටත් මාස නවයකට පස්සෙ මගෙ ඇත්ත කතාව පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි මගෙ ළඟට ආවෙ මේ පුංචි මල්ලි. භරත්. මට එකම යාලුවයි හිටියෙ. මගෙ සහෝදරයා. එයා මන් කියන හැම දෙයක්ම ඇහුවා. හැමෝටම මම ටියුබ්ලයිට් එකක් උනා. ඒත් මගෙ මල්ලිට මම එයාගෙ කපිතාන් උනා.
එක දවසක් බොහොම ලොකු මනුස්සයෙක් අපේ ඉස්කෝලෙට ආවා. එයා තමයි මට කිව්වෙ මට විශ්වාසය තියෙනව නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියල. එදා ඉඳන්ම ඒ කියමන අපේ ආදර්ශ පාඨය වුනා. ඊට පස්සෙ ලෝකෙ කොච්චර නම් වෙනස් උනාද ඒත් අපි, සහෝදරයො දෙන්නා හැමදාම එකටම හිටියා. මේ අස්සෙ ඉන්දියාව චීනෙත් එක්ක යුද්දෙ පටන් ගත්තා. හැම ගමකම ඉන්න තරුණ අය හමුදාවට බඳව ගත්තා. මගෙ මල්ලිත් යුද්දෙට ගියා. මම ගමට වෙලා ගම ආරක්ශා කලා. මොකද චීන්නු දේශ සීමාවෙන් පැනල ඇවිත් අපේ ගමට ආවොත් එහෙම.
හැමෝම කිව්වා මගෙ මල්ලි ආපහු එන එකක් නෑ කියල. ඒත් මං මගෙ මල්ලිව ආපහු ගෙන්න ගන්න පුලුවන් හැම දෙයක්ම කලා. චීන්නුත් එක්ක යාලු වුනා. ගල් පාරවල් කෑවා. ඉස්සර කරපු නරක වැඩ වලට සමාව ගත්තා. කඳු හෙල්ලුවා. ඉතින් මම මගෙ විශ්වාසයෙන් මල්ලිව ආපහු ගෙන්න ගත්තු කතාව තමයි ඕගොල්ලො මේ බලන්න යන්නෙ.
2017 ජූනි මාසෙ 23 වෙනිදා ලොව පුරා තිර ගත වීම ආරම්බ කල අයිය මලෝ දෙන්නගෙ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Kabir Khan. Salman Khan,Sohail Khan, Matin Rey Tangu,Zhu Zhu, Isha Talwar,Mohammed Zeeshan Ayyub, Om Puri, Yashpal Sharma වගේම Shah Rukh Khan ත් මේ චිත්‍රපටියෙ රඟපානවා. දැනට 2017 වසරේ තිරගත වූ චිත්‍රපටි අතරින් කෝටි 22ක ආදායමකින් හය වන ස්ථානයේ රැඳී තියෙනවා.
ඉතින් මේකෙ හොඳ කොපියක් ආවත් සබ් එකක් ඇවිල්ල තිබුනෙ නෑ. තරිඳු රුක්ශාන් අයිය තමයි ලයින් ටිකත් හදල දීල බාගයක් ටයිප් කරල දුන්නෙත්. අසා ලිවීමක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ඉතින් එව්වටත් සමාවෙලා කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.
25,055 downloadsDownload Tubelight-2017-HD.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
46 comments
sanj
Kavishka Vikum
ගොඩාක් ස්තුතියි
Sanindu Lakkitha
::උපසිරැසිය වෙනුවෙන් දෙදෙනාටම බොහෝම ස්තුතියි උපසිරැසට::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Sanindu Lakkitha
::උපසිරැසිය වෙනුවෙන් දෙදෙනාටම බොහෝම ස්තුතියි::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::
ගොඩාක් ස්තුතියි
ගොඩාක් ස්තුතියි
KNRX
dvdscr kiyanne hoda copy ekak nm neveyi oon.
dvdrip aawahama update ekak denna.
mahansi wela aran aawata tnxKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.රමේෂ්
DVD SCR කියන්නේ හොද කොපි නෙමෙයි... මේ වගේ චිත්‍රපටියක් හොද පිටපතක් සමඟින් නරඔන්න ඕනි.
shehan
ei ban copy walata sub hadanne nikan mahansiyak wenne orginal aka awama aye hadanna wenawane
Kantha_DLA
TamilRockers - Tubelight (2017) HDRip
Me Tamil film ekatath kawuru hare pinwatek
sub denna......please......Kulanjana Maduranga
niayamai…enakm balan hitapu filumak..eth hoda copyak enakm innwa.thanks DAHARA sis & THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dilan
Supiri saho.enakan balan hitiye..jaya wewa saho.
Rajith
Hoda copy 1k enakan innawa..thanks sub ekata
Vajira gamage
The mummy sub ona
Vr
The mummy sub ona
Dilipasiri5
Thnxxxxx
Ravishanka Edirisinghe
Great Work Guys. :)
Tharindu Lakmal Perera
Copy ekek awa kiyala dakke wele idan balan hitiye sub eka ana kan thanxx bro keep it up
shasith sandaruwan
දෙන්නටම බොහොම ස්තූතියි උපසිරැසිය ඉක්මනටම අරගෙන ආවට...
මෙව්වනම් අම්මපා එච් ඩී කොපියවත් ආපුවම බලන්න ඕන ඒවා :P
එච් ඩී එකක් ආවම බලනවා.
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Chalana
thnx sis...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Dilshan
thanx brooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Lushan Kuruppu
thank you!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Sahan sandeepa
Tubelight nam melo rahak ne gootha film ekak
praneeth mamuhewa
tubelight movie eka download karanna link ekak nadda
AvishkA
Eloo
Maduka
ගොඩාක් ස්තුතියි
Lahiru
hd rip එකට උපසිරස අප්ඩේට් කරලා දාන්නකෝ...
lakshan
now updated.
supun bro
thanxxxx...
sumed
thanks sub ekata.good luck bro
Thisal Lakpura
සබට තුති , ෆිල්ම් එක නම් රේටින්ග් වගේම අජූතයි
AJ
Thanks for the sub. Good Luck…
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....mindika
Thanks !!!!!!!!!!!!
Yumal Kasun
thanklZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
kevin D...
thanks....
samadhy jayanetti
thank u very much
Sachithra 73337
sub ekata thanks...good luck...
Ushan Malindu
thanx
Lasantharathnasirirox
ස්තුතියි දෙන්නටම සහෝලා...ජයවේවා "!
නිමල් දිසානායක
ස්තුතියි දහරා!
නිමල් දිසානායක
තරිඳු ඔයාටත්!
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx dennatama sub akata