Watch Trailer

Masters of the Universe (2026) Sinhala Subtitles | ග්‍රේස්කල් බලයේ ආනුභාවයෙන්, මා සතුව බලය පවතී [සිංහල උපසිරසි] [100*] [Original Web Update]

Masters of the Universe (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් වාසී සියලුම දෙනාට!! කොහොමද ඉතිං ඔයාලා හැමෝටම? ඔන්න අද අරන් තියෙන්නෙ විශේෂ උපසිරසියක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවා. ඒ බයිස්කෝප් වෙත පිදෙන මගේ 100 වන කඩයිම් උපසිරසි නිපැයුම නිසා. 80 ගණන්වල මෙහි මූලාරම්භය පටන් ගත්තත්, බහුතරයකගේ ළමා කා…

Masters of the Universe (2026) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් වාසී සියලුම දෙනාට!! කොහොමද ඉතිං ඔයාලා හැමෝටම? ඔන්න අද අරන් තියෙන්නෙ විශේෂ උපසිරසියක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවා. ඒ බයිස්කෝප් වෙත පිදෙන මගේ 100 වන කඩයිම් උපසිරසි නිපැයුම නිසා. 80 ගණන්වල මෙහි මූලාරම්භය පටන් ගත්තත්, බහුතරයකගේ ළමා කාලය පාට කරපු He-Man and the Masters of the Universe කාටූන් එක මතකද? “By the power of Grayskull… I have the power!” එහෙමත් නැත්තම් ” ග්‍රහ මන්දිරේ ආනුභාවයෙන්… මා හට බලය ලබාදෙනු මැනවී ” කියන දෙබස ඇහෙද්දීම අදටත් ඇඟ කිලිපොලා යනවා. මං හිතන්නෙ ඉංග්‍රීසි දෙබස නැතත් සිංහල දෙබස නං අනිවාරෙන්ම අහම්බෙන් හරි ඕනම කෙනෙක්ගෙ කන වැගිලා තියෙන්නෙම ඕනෙ දෙබසක්. ඉතිං ඔන්න ඔය නොස්ටැල්ජියාව ආයෙමත් සිනමා තිරයට ගෙනාපු, හැමෝම බලාගෙන හිටපු ලයිව් ඇක්ෂන් “Masters of the Universe” චිත්‍රපටිය තමයි අද මං මෙහෙම ඔයාලට අරගෙන එන්නෙ. මේකත් මං එනකල්ම මඟ බලන් හිටපු ලයිව් ඇක්ෂන් මූවි එකක්.

Masters of the Universe (2026) Sinhala Subtitles

🎬 මුලින්ම අපි බලලා ඉමු මේ චිත්‍රපටියේ, නළු නිළි කැල සහ බජට් එක වගේ දේවල් කොහොමද කියලා.

Amazon MGM Studios සහ Mattel Films එකතු වෙලා තමයි මේ දැවැන්ත සිනමා පටය නිෂ්පාදනය කරන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ Bumblebee සහ Kubo and the Two Strings වගේ සුපිරි ෆිල්ම් කරපු Travis Knight විසින්. චිත්‍රපටයේ ඉන්න නළු නිළි කැල කවුද කියලා බැලුවොත්,

* Prince Adam / He-Man: ප්‍රධාන චරිතයට පණ පොවන්නේ The Idea of You සහ Red, White & Royal Blue එකෙන් ප්‍රසිද්ධ වුණු තරුණ නළු Nicholas Galitzine විසින්. මේ රෝල් එක වෙනුවෙන් පොර මාර කට්ටක් කාලා ඇඟ හදාගෙන තියෙනවා. ඒක අපිට නිකුත් වුණු trailers සහ රූගත කිරීම් අවස්ථාවල leaked images වලින් බලාගන්න ලැබුණා.

* Skeletor: ප්‍රධාන දුෂ්ටයාගේ චරිතය කරන්නේ ඔස්කාර් සම්මානලාභී Jared Leto විසින්.
* Teela: Riverdale එකෙන් ජනප්‍රිය වුණු Camila Mendes විසින්.
* Duncan / Man-At-Arms: ප්‍රසිද්ධ නළු Idris Elba විසින්.
* Evil-Lyn: ඇලිසන් බ්‍රී විසින්.
* Sorceress: Morena Baccarin විසින්.
* Roboto (Voice): Kristen Wiig විසින්.

Masters of the Universe (2026) Sinhala Subtitles

ප්‍රධානම අය විදිහට අපිට ඒ කැරැක්ටස් ටික තමයි බලාගන්න ලැබෙන්නෙ. ඉතිං මේ ෆිල්ම් එක වෙනුවෙන් ඇමසන් සමාගම ඩොලර් මිලියන 170 ත් 200 ත් අතර දැවැන්ත බජට් එකක් වෙන් කරලා තියෙනවා. VFX, සටන් ජවනිකා සහ සෙට්ස් අතිශය ඉහළ මට්ටමක අපිට චිත්‍රපටය තුළ අපිට බලාගන්න පුළුවන් වෙනවා.

Masters of the Universe (2026) Sinhala Subtitles

ප්‍රධාන චරිත, ඔවුන්ගේ බලයන් සහ පරණ කාටූන් එක සමඟ සැසඳීම කොයි වගේද කියලා පහලින් බලාගන්න පුළුවන්. මං එක එක කැරැක්ටස් පින්තූරත් එක්කම දාන්නම් ඔයාලට බලාගන්නත් එක්ක.

මේ 2026 ෆිල්ම් එකේ කතාව පැරණි කාටූන් එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනස් විදිහකටයි ගලාගෙන යන්නේ. කතාව පටන් ගන්නේ අවුරුදු 10 දී පෘථිවියට කඩා වැටිලා තමන්ගේ මායා කඩුව (Sword of Power) අහිමි කරගන්න Prince Adam ගෙන්. පස්සේ අවුරුදු 15 කට විතර පස්සේ කඩුව හම්බවෙලා එයා ආයෙත් තමන්ගේ උපන් ග්‍රහලෝකය වෙන “Eternia” වලට යද්දී ඒක ස්කෙලටෝර් අල්ලගෙන විනාශ කරලයි තියෙන්නේ.

Masters of the Universe (2026) Sinhala Subtitles

🗡️ He-Man (Prince Adam / Adam Glenn)

ඇඩම් කුමාරයා කියන්නෙ Eternia රාජධානියේ රජතුමා සහ රැජින වෙන Randor සහ Marlena ගේ පුතා. මොහුට තියෙන බලයන් මොනවද කියලා බැලුවොත්, “Sword of Power” (මායා කඩුව) අතට අරන් Grayskull බලකොටුවේ බලයෙන් පරිවර්තනය වුණාම විශ්වයේ ඉන්න බලවත්ම මිනිසා බවට පත්වෙනවා. Superhuman strength එක, වේගය සහ නොබිඳෙන සුලු දරාගැනීමේ හැකියාව මොහුට ලැබෙනවා. නමුත් පරණ කාටූන් එකේ ඇඩම් හැම තිස්සෙම Eternia වල මාලිගාවේ ඉඳන් හොරෙන් හීමෑන් බවට පත් වුණාට, මේ ෆිල්ම් එකේ එයා පෘථිවියේ ඉඳන් තමන්ගේ අතීතය හොයාගෙන යන “Outsider” කෙනෙක් විදිහටයි බලාගන්න ලැබෙන්නෙ.

💀 Skeletor

මේ ස්කෙලටෝර් කියන්නෙ Eternia රාජධානිය තමන්ගේ යටතට ගත්තු, මුහුණ විකෘති වුණු ඉතාමත් බලගතු මායාකාරයෙක් සහ රණශූරයෙක්ට. ඒවගේම තමයි හීමෑන්ගේ ප්‍රධානතම සතුරා විදිහටත් සලකන්න පුළුවන්. මොහුට තියෙන බලයන් මොනවද කියලා බැලුවොත්, ස්කෙලටෝර් ට අඳුරු මායාවන් එහෙමත් නැත්තම් Black Magic, Energy Blasts කරන්න පුළුවන් වගේම මනසින් මිනිස්සුන්ව පාලනය කිරීමේ වගේ හැකියාවන් තියෙනවා. Grayskull බලකොටුවේ රහස් සහ බලය තමන් සතු කරගන්න තමයි නිතරම මොහු උත්සාහ කරන්නේ. 80 ගණන්වල කාටූන් එකේ ස්කෙලටෝර් වගේම ජැරඩ් ලෙටෝ රඟපාන මේ ලයිව් ඇක්ෂන් ස්කෙලටෝරුත් පොඩ්ඩක් විහිළු සපයන, මුළු ග්‍රහලෝකයක්ම තමන්ගේ යටතට ගත්තු ඉතාමත් කෲර දුෂ්ට මායාකරුවෙක්.

🛡️ Teela

ටීලා කියන්නෙ Eternia මාලිගාවේ ආරක්ෂක අංශයේ කැප්ටන්. තව විදිහකට කියනවා නං මැන්-ඇට්-ආම්ස්ගේ හදාගත්තු දියණිය වගේම ඇයගේ ඇත්ත මව වෙන්නේ Grayskull හි Sorceress. මැය අසමසම සටන්කාමි වරියක් සහ උපක්‍රමශීලී නායිකාවක්. කඩුවලින් සහ විවිධ ආයුධවලින් සටන් කරන්න උපන්හපනි. චිත්‍රපටයේ හැටියට ඇඩම්ගේ ප්‍රධානතම සහකාරිය සහ පෙම්වතිය වෙන්නෙත් ටීලාම තමයි. පරණ කාටූන් එකේ වගේම මෙතනත් ඇය ඇඩම්ව ආරක්ෂා කරන, සටන් බිමේ පෙරමුණ ගන්නා නිර්භීත චරිතයක් විදිහටම අපිට බලාගන්න ලැබෙනවා චිත්‍රපටයෙනුත්.

⚙️ Duncan / Man-At-Arms

Duncan නොහොත් Man-At-Arms කියන්නෙ Randor රජතුමාගේ විශ්වාසවන්තම ජෙනරාල්වරයා වගේම Eternia වල ඉන්න ප්‍රධානතම විද්‍යාඥයා සහ ආයුධ නිපදවන්නා. මොහුට මැජික් බලයන් නැතත්, මොහු හදන අධි-තාක්ෂණික ආයුධ, ආරක්ෂිත සන්නාහ සහ යුද උපක්‍රම නිසා හීමෑන්ගේ කණ්ඩායමේ ඉන්න වටිනාම සාමාජිකයෙක් කියලා ඩන්කන්ව හඳුන්වන්න පුළුවන්. කාටූන් එකේ වගේම මොහු හීමෑන්ට සහ ටීලාට පියෙක් වගේ උපදෙස් දෙන, තාක්ෂණය පැත්තෙන් උදව් කරන බුද්ධිමත් චරිතය විදිහට අපිට බලාගන්න ලැබෙනවා.

🔮 Evil-Lyn

ඊවිල්-ලින් කියන්නෙ ස්කෙලටෝර්ගේ දකුණු අත වගේ ඉන්න බොහොම කපටි මායාකාරියක්. මැය ස්කෙලටෝර්ගෙ පක්ෂපාතීත්වය රඳවාගෙනම එක සේම ස්කෙලටෝර් ට බැණුම් අහගෙනම සේවය කරනවා. කාටූන් එකේ වගේම මැයගේ චරිතය චිත්‍රපටය තුළත් හානියක් නොවෙන්න බොහොම අපූරුවට ගොඩ නගලා තියෙනවා.

🐾 Battle Cat!

බැට්ල් කැට්ට චරිත දෙකක් තියෙනවා. එකක් ක්‍රින්ජර් ඇඩම් කුමාරයගේ සුරතලා විදිහට ඉන්නැද්දි සිටින කාටූන් එකේ වගේම ඇඩම්ගේ බයගුලු බළලා “Cringer”, අනිත් කෙනා තමයි කඩුවේ බලයෙන් Battle Cat කියන බියකරු අපූරු සන්නාහයකින් සන්නද්ධ කොටියා. කාටූන් එක බලලා තියෙන කෙනෙක් නං අනිවාරෙන්ම ඒක මතක ඇතිනේ. අන්න ඒ පරිවර්තනය සහ සටන් ජවනිකාත් මේ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකේ අපිට නොඅඩුව බලාගන්න ලැබෙනවා.

Masters of the Universe (2026) Sinhala Subtitles

මීට වඩා චරිතයන් කීපයක්ම චිත්‍රපටය තුළ අන්තර්ගත වෙනවා, නමුත් මං මෙතනදි සඳහන් කරලා තියෙන්නෙ ප්‍රධානම වශයෙන් කියලා අපිට සැලකිය හැකි චරිතය කිහිපයව. ඒ වගේම මතක් කරන්න ඕනෙ චිත්‍රපටයේ අවසානයේ ක්‍රෙඩිට් දර්ශන එහෙම නැත්තම් පසු දර්ශන දෙකක්ම ඇතුලත් වෙනවා. අනිවාරෙන්ම ඒකත් බලන්න මතක් කරනවා. ඉතිං ලිපියෙන් ගෙනාපු විස්තර ටික මේ ෆ්‍රැන්චයිස් එක අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මං කරුණු සඳහන් කළේ. ඉතිං මේ හීමෑන් කාටුන් එක කලින් නොබලපු වුණත් මේ චිත්‍රපටය කිසි ප්‍රශ්නයක් නැතුවම රස විඳින්න පුළුවන්.

Masters of the Universe (2026) Sinhala Subtitles

චිත්‍රපටය නිකුත් වුණ අලුතම වගේ උපසිරසිත් අරගෙන එන්න ඕන කියලා හිතුණා. ඉතිං ඒ විදිහටම සවිස්තරාත්මක ලිපියක් එක්කම උපසිරසි අරගෙන ඇවිත් තියෙනවා ඔයාලට. එහෙනම් චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධානා කරලා මං අදට නවතිනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙනම යන්න.

එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Original WEB/iNTERNAL WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,112 downloadsDownload Masters.of_.the_.Universe.2026-WEB-Update.zip103 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Masters of the Universe Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

6,112 downloadsDownload Subtitles103 KB

33 comments

  1. යුරාන් ධනුක

    100 වෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
    සුපිරි ෆිලුමක්නේ අරන් ඇවිත් තියෙන්නේ
    දිගටම සබ් ගේමු ඒ වගේම තවත් කඩයිම් වලට යන්න හැකියාව ලැබේවා
    ජයවේවා සහෝ!!!

  2. ravi shankha

    1

  3. ඕෂද එරංග (Era Boy)

    ආසාවේ බෑ බොස්.. බලන්නම ඕනේ! 100ට සුබ පැතුම්!

  4. Sanjana Chamod - Admin

    100 වෙනි සිංහල උපසිරසි ගැන්වීම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් අයියේ.
    දිගටම අඩවියට උපසිරසි ලබාදෙන්න හැකියාව ලැබෙන්න සහ පෞද්ගලික ජීවිතයෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න
    කියලත් ප්‍රාර්ථනා කරනවා.

  5. නිශාන් සමීර

    සබ් 100 ක්…❤️
    ලේසි වැඩක් නෙවෙයි…
    ඉක්මනට ම 150 ගහමු….
    උපසිරැසියට බොහොම ස්තුතියි…

  6. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඒ වගේම 100 වෙනි උපසිරැසියටත් හදවතින්ම සුබ පතනවා
    150 වෙනි කඩයිමටත් හැකි ඉක්මනින් ලගා වෙන්න හැකි වේවායි පතමි
    ජය වේවා

  7. එල්. සී. ‎දමැල්

    100වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් රුකා! 🙂
    ඔයා කොහොමත් වැඩ්ඩෙක් තමයි බ්‍රෝ. කොච්චර කාර්යබහුල වුණත් සබ් ගේන එක නම් ගොඩක් අගය කරනවා.
    බාරගත්තු දෙයක් මග දාල නොයා වැඩක් හරියට කරන සුපිරි කෙනෙක් ඔයා. ඒ ගැනත් එකෙන්ම රෙස්පෙක්ට්.
    150ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  8. fgfgfg67

    kohenda ganne meka. baiscopedownload eke nane film eka.

  9. Buddhika laKMal

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
    කාර්ය්‍යබහුල වුණත් අපිට බලන්න සබ් ගේනවට බොම් ස්තූතියි සහෝ…
    150 ත් ගේමු ඔහොම්මම….
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි……..

  10. රුක්ෂාන් ඛාන් (රුකා)

    කමෙන්ට් එකට බොහෝම ස්තූතියි සහෝ ❤️

  11. රුක්ෂාන් ඛාන් (රුකා)

    Nice ❤️

  12. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි මචං! ❤️

  13. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහෝම ස්තූතියි මචං කමෙන්ට් එකට ❤️

  14. රුක්ෂාන් ඛාන් (රුකා)

    එලකිරි සහෝ! කමෙන්ට් එකටත් බොහොම ස්තූතියි ❤️

  15. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහෝම ස්තූතියි සහෝ ඒ කමෙන්ට් එකට ❤️

  16. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහෝම ස්තූතියි මිත්‍රයා ඒ කමෙන්ට් එකට වගේම අගය කිරීමට!

  17. Yasiru Kapurusinghe

    ජය වේවා!

  18. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ ❤️

  19. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට ❤️

  20. Supun Sanjeewa SS

    සිංහල උපසිරැසියට ස්තූතියි මචං ❤️
    ඒ වගේම 100 වෙනි උපසිරැසියටත් සුබ පැතුම්

  21. Sahan Gayantha

    thanks a lot Rukshan saho sub ekata

  22. Harshana Atapattu

    Thanks for sub brother

  23. Bimsara Yashan (ඔලිව)

    100 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් සහෝ. දැන් තමයි දැක්කෙත් ඔයා 100 ගහල කියලා, කොමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනෙ. කොහොම හරි සයිට් එකේ ඉන්න සුපිරියටම වේගෙන් සබ් කරන කෙනෙක් තමයි ඉතින්. මෙතනින් නවතින්නැතුව ඉදිරි කඩයිම් වලටත් වේගෙන් යමු. ජයවේවා!

  24. uwiniran

    thanks for the sub

  25. Viraj

    Thank you…100 ට සුබ පැතුම්

  26. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහෝම ස්තූතියි මචං කමෙන්ට් එකට ❤️

  27. රුක්ෂාන් ඛාන් (රුකා)

    ස්තූතියි සහෝ කමෙන්ට් එකට ❤️

  28. රුක්ෂාන් ඛාන් (රුකා)

    Sure and thank you for comment brother ❤️

  29. රුක්ෂාන් ඛාන් (රුකා)

    අනිවා මා මිත්‍රයා. ඒ වගේම බොහොම ස්තූතියි ඔයාගෙත් මේ කමෙන්ට් එකට ❤️

  30. රුක්ෂාන් ඛාන් (රුකා)

    Sure and thanks bro for comment ❤️

  31. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි මචෝ කමෙන්ට් එකට ❤️

  32. Jeewana Lakshan

    ස්තූතියි සහෝදරයා.