Watch Trailer

The Death of Robin Hood (2026) Sinhala Subtitles | රොබින් හුඩ්ගේ අවසානය [සිංහල උපසිරසි] [Original Web Update]

The Death of Robin Hood (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට. ඔන්න ආයෙමත් සැරයක් අලුත් චිත්‍රපටයකට උපසිරසි අරන් එන්න හිතුවා. ඒකත් කොයි කවුරුත් අහලා තියෙන පුරාවෘත්ත ගත වීර චරිතයක් වට ගෙතන චිත්‍රපටයකට. ඒ මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා. The Death of Robin Hood (2026) Si…

The Death of Robin Hood (2026) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට. ඔන්න ආයෙමත් සැරයක් අලුත් චිත්‍රපටයකට උපසිරසි අරන් එන්න හිතුවා. ඒකත් කොයි කවුරුත් අහලා තියෙන පුරාවෘත්ත ගත වීර චරිතයක් වට ගෙතන චිත්‍රපටයකට. ඒ මොකක්ද කියලා ඔයාලා මේ වෙද්දිත් දන්නවා.  The Death of Robin Hood (2026) Sinhala Subtitles ලෝක ප්‍රකට “රොබින් හුඩ්” කියන නම ඇහුණත් අපිට මතක් වෙන්නේ දුනුවායෙක්, දුප්පතුන්ගේ වීරයෙක් සහ වනාන්තරයේ සටන්කාමියෙක්වයි. හැබැයි මේ හැම කතාවකටම වඩා හාත්පසින්ම වෙනස්, අඳුරු (Dark) සහ සැබෑ ස්වරූපයක් අරන් එන දැවැන්ත සිනමාපටයක් තමයි The Death of Robin Hood (2026) කියන්නේ. මේ අවුරුද්දේ ලෝකයේම වැඩිම අවධානයක් දිනාගත්ත, සිනමා ලෝලීන් ඇඟිලි ගැන ගැන බලන් ඉන්න මේ සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරන් ඇවිත් තියෙන්නෙ. විශේෂයෙන්ම මේකෙ cast එක නිසා. ඒ ගැන අපි ඉදිරියට බලමු. The Death of Robin Hood (2026) Sinhala Subtitles අපි හැමදාම දැක්කේ රොබින් හුඩ්ගේ තරුණ කාලේ වීරකම් වුණත්, මේ ෆිල්ම් එකෙන් අපිට බලාගන්න ලැබෙන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය. වයස්ගත වෙච්ච, සටන් වලින් හෙම්බත් වෙච්ච, අතීතයේ කරපු අපරාධ, ලේ වැගිරීම් ගැන පසුතැවෙන රොබින් හුඩ්, තුවාල ලබලා මරණය පෙනි පෙනී ඉන්න මොහොතකයි කතාව දිග හැරෙන්නේ. ඔහුට රැකවරණය දෙන්නේ අද්භූත කාන්තාවක්. හැබැයි ඔහුගේ අතීත සතුරන්ගෙන් තාමත් බේරීමක් නෑ. තමන්ගේ අවසාන මොහොතේදී පවා තමන් කවුද කියලා ඔප්පු කරන්න සහ ජීවිතයේ අවසන් සටන සටන් කරන්න රොබින් හුඩ්ට සිද්ධ වෙනවා. මේක හදවතට තදින්ම දැනෙන, Action වගේම Drama පිරුණු වෙනස්ම කතාවක් කියලා කියන්නත් පුළුවන්. මේ ෆිල්ම් එක මෙච්චරම Highlight වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේකෙ අධ්‍යක්ෂකවරයා. “Pig” සහ “A Quiet Place: Day One” වැනි සිනමාපට හරහා තමන්ගේ දක්ෂතාවය ලෝකයටම ඔප්පු කරපු Michael Sarnoski තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. සාමාන්‍ය Action ෆිල්ම් එකක් විතරක් නොකර, චරිත වල හැඟීම් වලට මුල් තැන දෙන සර්නොස්කිගේ ශෛලිය නිසා මේ රොබින් හුඩ්ගේ කතාව සිනමා ඉතිහාසයේ වෙනස්ම මුහුණු වරක් ගන්නවා මට අනුව. The Death of Robin Hood (2026) Sinhala Subtitles කලින් මං cast එක ගැන පසුවට සඳහන් කරන්නම් කියලා කිව්වනෙ. ෆිල්ම් එකේ රොබින් හුඩ්ගේ චරිතයට පණ පොවන්නේ හොලිවුඩයේ ඉන්න දක්ෂතම නළුවෙක් වන Hugh Jackman. MCU විශ්වයේ Wolverine චරිතයෙන් ලෝකයම හොල්ලපු හියු ජැක්මන්, මේ වයස්ගත සටන්කාමියාගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා දැනටමත් ඔයා ට්‍රේලර් එක බලපු කෙනෙක් නං දන්නවා. ඔහුත් එක්ක ප්‍රධාන නිළිය විදිහට එකතු වෙන්නේ Killing Eve සහ The Last Duel හරහා අතිශය ජනප්‍රිය වුණු, Emmy සම්මානලාභී Jodie Comer. ඇය මෙහි රොබින් හුඩ්ව බලාගන්නා අද්භූත, දිරිය කාන්තාවගේ චරිතයෙන් දායක වෙනවා. The Death of Robin Hood (2026) Sinhala Subtitles මේක හොලිවුඩ් වල ඇමරිකන් ඩොලර් මිලියන 20ක පමණ පිරිවැයකින් නිමවුණ ප්‍රොජෙක්ට් එකක්. සැබෑ මධ්‍යකාලීන යුගයේ පරිසරය ඒ විදිහටම මවන්න නිෂ්පාදකවරුන් කටයුතු කරලා තියෙනවා. CGI වලට වඩා සැබෑ ලොකේෂන් වගේම සැබෑ සටන් practical effects බහුලව භාවිත කරපු නිසා ෆිල්ම් එකේ visuals සහ cinematic look එක උපරිම මට්ටමක තියෙනවා. ඉතිං මේ වයිබ් එකෙ, cinematic looks තියෙන ෆිල්ම් එකකට කැමති නං අනිවාරෙන්ම ඔයා බලන්නම ඕන ෆිල්ම් එකක් මේක. අඩුගානේ කාස්ට් එක ගැනවත් සලකලා හරි බලන්නම වටින ෆිල්ම් එකක්. The Death of Robin Hood (2026) Sinhala Subtitles එහෙනම් මේ ෆිල්ම් එක බලන්න ඔයාලට ඉඩ සසර වෙන් කරලා, තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව අදට ගිහින් එන්නම්. හැමෝටම සුභ දවසක්!! ජයවේවා!! The Death of Robin Hood (2026) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Original WEB Update/iNTERNAL HC HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,385 downloadsDownload The.Death_.of_.Robin_.Hood_.2026.-WEB-Updates.zip47 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Death of Robin Hood Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

3,385 downloadsDownload Subtitles47 KB

6 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සිංහල සබ් දුන්නට

  2. Harshana Atapattu

    සබ් එකට තුති සහෝ.

  3. Nisha

    Can anyone post torrent link for this movie.

  4. Viraj

    Thanks

  5. Nirosha Nirosha

    thank u