සුබ දවසක් වේවා හැමෝටම. 2019 නොවැම්බර් 1වෙනිදා කලඑළි බැස්ස, ගොඩක් අය ඉල්ලලා තිබ්බ තවත් පිලුමක් අරන් තමා මේ ආවේ. ඔව් ඔව් ඒ අවුරුද්දට ආපු තුන්වෙනි තට්ට කතාව. Gone Kesh (2019), Bala (2019) එහෙම දැන් කට්ටිය බලලනේ ඇත්තේ. එහෙමයි කියලා Ujda Chaman (2019) ගැන සැකයක් තියාගන්න එපා. බලම්දෝ නොබලම්දෝ කිය කිය හිත…

සුබ දවසක් වේවා හැමෝටම. 2019 නොවැම්බර් 1වෙනිදා කලඑළි බැස්ස, ගොඩක් අය ඉල්ලලා තිබ්බ තවත් පිලුමක් අරන් තමා මේ ආවේ. ඔව් ඔව් ඒ අවුරුද්දට ආපු තුන්වෙනි තට්ට කතාව. Gone Kesh (2019), Bala (2019) එහෙම දැන් කට්ටිය බලලනේ ඇත්තේ. එහෙමයි කියලා Ujda Chaman (2019) ගැන සැකයක් තියාගන්න එපා. බලම්දෝ නොබලම්දෝ කිය කිය හිතන්න ඕන නෑ. සංකල්පය එකක් වුණාට මේ චිත්‍රපටි තුනේ තියෙන්නේ කතා තුනක්. වෙනස්ම රහ තුනක්. ඉතින් ඒ රහ තුනම විඳින්න බයිස්කෝප් එකෙන් මේ වෙද්දී ඉඩ හදල දීලා තියෙනවා. කලින් කිව්වා වගේ සැකයක් නැතුව අරන් බාගන්න.
Ujda Chaman කියන්නේ කන්නඩ පිලුමක ප්‍රති නිර්මාණයක්. බලලා තියෙනවද දන්නේ නෑ ‘බිත්තරයක කතාව’? ඔව් ඒ කිව්වේ Ondu Motteya Kathe (2019) කියන පිලුමේ සිංහල තේරුම. ඔය පල්ලෙහා තියෙන්නේ ඒකේ පෝස්ටරේ.

හරිනේ එහෙනම්. මම ඒක නම් බලලා නෑ. ඒ හින්දා ඔය පිලුම් දෙක සසදන්න දන්නේ නැහැ. කොහොම හරි තව කතාවක් තියෙනවා කියන්න. Ujda Chaman එකේ ට්‍රේලරේ එහෙම එලියට දාලා තිරගත වෙන්න සුදානමින් තියෙද්දී අධ්‍යක්ෂක, නිෂ්පාදක මහත්තුරු දැනගත්තා මීට සමාන තේමාවක් තියෙන කතාවකුත් Ujda Chaman වලට කලින් තිරගත වෙන්න යනවයි කියලා. ඔව්, ඒ තමයි Bala පිලුම. තත්වේ එහෙම වෙද්දී Ujda Chaman යුධ ප්‍රකාශ කරන්න ගත්තා තමන්ගේ සංකල්පය මෙයාලා හොරකම් කරාය බ්ලා බ්ලා කියලා. මොකද කිව්වොත් Balaට තිබ්බ කිසිම වාසියක් Ujda Chamanට තිබ්බේ නෑ. Bala එකේ ආයුෂ්මන් හිටියට Ujda Chaman එකට ලොකු තරු හිටියේ නෑ එච්චරටම හයිලයිට් වෙන්න තරම්. තිබ්බ එකම වාසිය මේ වෙනස් කතා වස්තුව විතරයි. ඒකටත් Bala ඇවිල්ලා වැඩේ දුන්නම ඉතින්? ඉතින් Ujda Chaman සෙට් එක කරේ Balaට විරුද්ධව නඩු පවරපු එකයි.

නඩුවෙන් පස්සේ Ujda Chamanට අවස්ථාවක් හම්බුනා Bala රිලීස් වෙන්න සතියකට කලින් තමන්ව රිලීස් කරගන්න. කොහොමහරි මේ ප්‍රශ්න වලින් යම් අවධානයක් දිනාගත්තු නිසා පිලුම මුල් දවස් වල තරමක් වැඩි ආදායමක් උපයාගන්න සමත් වුනත් පහු වෙද්දී ආදායම අඩු වෙලා ගිහින් ගිහින් ෆ්ලොප් එකක් බවට පත් වුණා. ඊට සතියකට පස්සේ රිලීස් වෙච්ච Bala ආදායම් අතින් ජය කෙහෙළි නැංවුයේ කවුරුත් හිතපු විදිහටමයි. ආදායම් තත්වය ඔහොම වෙද්දී ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් නම් Ujda Chaman වලට අඩුවක් වුනේ නෑ. IMDb අගයත් 7.3ක් විදිහට වාර්තා කරලා තියෙනවා. කැත නැතුව පැය 2ක් බලන්න පුළුවන් හොඳ පිලුමක් කියලා මටත් මේක රෙකමන්ඩ් කරතහැකි.
චමන් කියන්නේ කොලේජ් එකේ හින්දි උගන්වන මහාචාර්යවරයෙක්. තාමත් 30වෙනි අවුරුද්ද ගෙව්වට වයසට එහා පෑදුනු තමන්ගේ තට්ටේ දකින වාරයක් පාසා චමන්ට ජීවිතේම එපා වෙනවා. කිසිම කෙල්ලෙක් තමන් දිහා නොබැලුවත් මුළු කොලේජ් එකේම විහිළුවක් වෙන්න තරම් තනිකඩ චමන්ට ලැබුණු අවධානයේ නම් නිමක් නැහැ. මේ හින්දා එයාට රස්සාවත් එපා වෙලා තිබ්බේ. අම්මලා චමන්ට මංගල්‍යයක් කරලා දෙන්න නැහෙන නැහිල්ලක්. ඒත් කිසිම කෙල්ලෙක් චමන්ගේ තට්ට ඔලුව දැක්කම කැමති වෙන්නේ නෑ. ඉතින් චමන්ගේ ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු නේද?
එහෙනම් බලන්න කියලයි ආරාධනා කරන්නේ. Gone Kesh, Ujda Chaman, Bala අතරින් හොඳම එක මොකක්ද ඇහුවොත් උත්තරයක් දෙන්න බැරි වෙයි. ඒ ඉතින් කලින් කිව්වා වගේ කතා තුන දිශා තුනකට යන නිසා. අනිවාර්යෙන් බලන්න කියන ගමන් මතක් කරනවා 2019දී ආපු තවත් තට්ට කතා දෙකක්. Teko කියන බෙංගාලි පිලුමයි Thamaasha කියන මලයාලම් පිලුමයි. පල්ලෙහා තියේ පෝස්ටර් දෙක.


අවස්ථාවක් හම්බුනොත් අනිවා බලන්න. මන් යනවා එහෙනම්. ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,367 downloadsDownload Ujda-Chaman-2019.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
14 comments
Isira janith
indika75
thanks..
sashan
Thanks yalu
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ranga Prasanna
තෑන්ක්ස් මෙයා
Shaggie
Thnks mchn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
බැලිල්ලක් තමා.
දිගටම සබ් දෙමු ආ...
ජය!නිමල් දිසානායක
අපේ උදවියටනේ plots හිඟ.
කොච්චර වෙනස්ද? ලස්සනයිද?
මයුර,
ස්තුතියි නියම film එකකට
අපූරුවට සබ්ස් දීලා අපට තිලින කළාට!mindika
Thanks !!!!!!!!!!!!!
MAALNATH
Thanks ..........good luck ..............
Kavinu
තට්ට සෝමෙගේ ෆිලුම බලන්නයි යන්නේ!
සබට තුතිShane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
DILmin
Sub ekata thanks!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks pluwannam playing with fire sub dennko please thanks 2019 playing with fire