ඔන්න හුග කාලෙකට පස්සේ තවත් ලස්සන නිර්මාණයක් මම ඔයාලට අරගෙන ආවා. මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේකත් ළමා කතාවක්. ඒ වගේම මේක හුගක් ආදර්ශවත් කතාවක්. විනෝදයත් නොඅඩුවම තියෙනවා. ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්. මේක මැටිල්ඩා කියල කුඩා ගෑනු ළමයෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ ළමයා උපන් දා ඉදලා දෙමාපියන්ගේ, සහොදරය…

ඔන්න හුග කාලෙකට පස්සේ තවත් ලස්සන නිර්මාණයක් මම ඔයාලට අරගෙන ආවා. මේ මගේ තෙවනි උපසිරැසි නිර්මාණය. මේකත් ළමා කතාවක්. ඒ වගේම මේක හුගක් ආදර්ශවත් කතාවක්. විනෝදයත් නොඅඩුවම තියෙනවා. ඇති තරම් හිනාවෙන්නත් පුළුවන්.
මේක මැටිල්ඩා කියල කුඩා ගෑනු ළමයෙක් වටා ගෙතිච්ච කතාවක්. මේ ළමයා උපන් දා ඉදලා දෙමාපියන්ගේ, සහොදරයාගේ ආදරය නෙලැබී හැදෙන ළමයෙක්. ඒ වගේම මෙයාගේ අම්මයි තාත්තයි බොහෝම නූගත් අය. පාසලක අගය තේරෙන්නෙ නෑ. ළමයට කථා කරන්න අවස්ථාවක් දෙන්නේ නෑ. හැම තිස්සෙම ළමයට බනිනවා. අය්යත් එහෙමයි. මැටිල්ඩා පොඩි කාලෙ ඉදන්ම ගෙදර තනියමයි ඉන්නේ. තාත්තා වංචාවෙන් කාර් විකුණනවා. අම්මා බින්ගෝ සෙල්ලමට යනවා. අය්යා පාසල් යනවා. මෙයා ගෙදර තනියමයි ඉන්නේ. මැටිල්ඩා තනිවමයි තමන්ගේ හැම වැඩක්ම කරගන්න පුරුදු උණේ. මෙයා වයස අවුරුදු හතරෙදි තමා පුස්තකාල යන්න පටන් ගන්නේ ගෙදරට හොරෙන්. මෙයාගේ මොළය සාමාන්‍ය ළමයෙකු ගේ මොළයට වඩා වේගෙන් වර්ධනය වෙනවා. කොහොමහරි මෙයා ලොකු උණාට පස්සේ තාත්තා මැටිල්ඩා පුස්තකාලේ පොත් දැකල පුස්තකාලේ යන බව දැනගෙන පොත ඉරනවා. ඒ වෙලාවේ මෙයාගේ යම් බලයක් අවදි වෙනවා.
ඔහොම යද්දී මැටිල්ඩාගේ ඇවටිල්ල නිසාම එයාගේ තාත්තා එයාව පාසලකට දානවා. ඒ පාසලේ ඉන්න විදුහල්පති තුමිය, තුමා කිව්වත් වැරැද්දක් නෑ, එයා හරිම වසයි. පිරිමියෙක් වගේ. ළමයිව පේන්න බෑ. එයාගේ ඔලිම්පික් ක්‍රීඩා පුහුණු වෙන්න යොදාගන්නේ අහිංසක ළමයිව. එයා ඒ කරමටම දරුණුයයි. නමුත් මැටිල්ඩාගේ පන්ති භාර ගුරුතුමී හරීම කරුණාවන්ත කෙනෙක්. ළමයින්ට හුගක් ආදරෙයි. මැටිල්ඩායි ගුරුතුමීයි හොදට එකතුයි. මොකද ගුරුතුමීත් පොඩිකාලේ මැටිල්ඩා වගේම ඉගෙන ගන්න ආස කරපු කෙනෙක් නිසා. මැටිල්ඩා ඉගෙන ගන්න දක්ෂ උණත් ඒකෙන් හිස උදුම්මගත්තේ නෑ.
විදුහල් පතිනියගේ වතුර ජෝගුවට දියහූනෙක් දාපු අවසුථාවල වගේ අනික් ළමයින්ව වැරැද්දකදී පාව දුන්නේ නැ. ඒ නිසා හැමොම එයාගේ යාළුවෝ උණා. එයාට පොඩි කාලේ කිසිම දේකට දිරි ගැන්වීමක් දෙමව්පියන්ගේන් නොලැබුණත්, පාසලේ සමහර ළමයි පසුබසින අවස්ථාවල එයාලව දිරිගැන්වුවා. ඒකට හොදම උදාහරණය චොක්ලට් කේක් සිද්ධිය. මේ කතාවෙ කියවීමේ අගය ගැනත් කියවෙනවා. පොත් කියවීම ළමයෙකුගේ සාමාන්‍ය බුද්ධියට කොච්චර වැදගත්ද කියන එකත් මේ කථාවෙන් කියවෙනවා. කොහොම නමුත් මේ පාසලේ විදුහල්පතිනිය පිටුපසත් තවත් අභිරහස් කතාවක් තියෙනවා.
ඉතිරි ටික දැන ගන්න එක ඔයාලට බාරයි. කතාව හරිම ලස්සනයි. සරලයි. විනෝදයි.මම මේක තොරගත්තේ මම වගේම ඔයාලත් මේ කතාවට ආශා කරයි කියලා හිතපු නිසා. මම කැමතියි හොදම දේ බෙදාහදාගන්න. ඒ නිසා තවත් හොදම එකකින් ආපහු හමුවෙමු. ඔක්කෝලාටම බුදු සරණයි!
b2bbdafbcc6b048510b8b7cd316ef67033fffbc2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,754 downloadsDownload Matilda.1996.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
33 comments
විරංග රණසිංහ
Sohan
Niyamai saho..mama meke katha potha kiyawala tiyenawa..film eka nam blanna aasai dan..aniwa banawa meka nam..thanx for sub and congrates for your 3rd attempt..
Kulanjana Maduranga
niyamai ahhhhhh...thanks DEEPTHA saho.digatama sub denn.jaya wewa.........
Sisira Hegoda
Thanks
වරුණ රංගජිත් (වරූ)
නියමයි මචා..
කෝක ගන්නද මන්දා දැන් හිටු කියලා සබ් දෙනවා..
නියමයි නියමයි...
බයිස්කෝප් එකට ජයම වේවා...
මේ කරන කාර්යයට..
ඊළඟ එකත් ඉක්මනටම දෙන්නප්රණීත් චින්තක රණසිංහ ♨PCR〽
නියම කතාවක් කියලා දන්නවා.
රෝල් ඩාල් මහත්තයා ලියපු කතා පොතකින් හදපු කතාවක් නිසාචාලි සහ චොක්ලට් ෆැක්ටරි,
අරුම පුදුම පීච් ගෙඩිය
කුඩා කාලේ කතා (මේකෙත් නම මතක නෑ)
නරි වික්‍රමයක්ද කොහේදෝ පොතක් (මට හරියට නම මතක නෑ)
ඒ වගේ මැටිල්ඩා පොතත් කියෙව්වා.ලස්සන කතාවක්.
අද වෙනකං දැනන හිටියේ නෑ මේකේ ෆිලුමක් තියෙනවා කියලා.පුංචි කාලේ මතක් වෙන්නත් එක්ක බලන්න ඕනේ....
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
ආයු- බෝ- වේවා __/|\__
dilshan
nari wikramaye niyama nama fantastic Mr fox.mata mataka widiyata eketh animation film ekak tiyenawa
prabhath
thanks aniva balanava niyama ilaga ekath demu ehenam
Jamson
Thanks mcn
නලින්
ස්තුතියි දීප්ත සහෝ!
ජය වේවා.!
jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි.. කවදාවත් එපා වෙන්නේ නැති කතාවක්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Punci kaale meka thamai kemathima film 1,,,,,,thanks sub dunnata..........
චන්දිම අමරසිංහ
සුභපැතුම් දිගටම කරගෙන යමු.. හොද නිර්මාණයක් අනිවා බලනවා ඔබට තුති.....
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!wiki
Thanks....
chandana
bohoma sthuthiyi saho oyaata
indika
thnq :)
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ලස්සන එකක් වගේ. බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
sachira
මේක මම බලල තියෙනව.ඒත් ඒකට මොකඩ මේක ඇත්තටම ලස්සන කතාවක්. නොබලපු අය මේක අනිව බලන්න.සබට බොහොම තුති සහෝ. :)
Chamindu
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි දීප්ත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චානක මධුරංග
එළකිරි ඈ. මම බලපු හොඳම ෆිල්ම් එක. දැන් ආපහු සිංහල සබ් එකත් එක්කත් බලන්න ඕන.
Sandun r wimalaweera
Subata thuthi..
Thilina
man meke potha kiyawala thiyenwa. patta kathawa.. tnx mchn film ekata.. jayawewa!!
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................venuka
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
tharindu
Thank you very much saho..!!!
Menu
Thank you!
kavintha
thanks!!!
Anonymous
can't download this..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න මම මුලින්ම බාගත්තා!!!! TNX සහෝ!!!