Watch Trailer

Bermuda Tentacles (2014) | බර්මියුඩා ත්‍රිකෝණයේ අමුතු සතෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් ආවා. මම මුලින්ම ඔයාලාට ගෙනාපු The Rite චිත්‍රපටිය ඔයාලා බලන්නැති කියලා මම හිතනවා. ඒ වගේම comments වලින් මට සහය දක්වපු හැම යාලුවෙක්ටම ගොඩාක් ස්තූතියි. හැබැයි මේ පාර මම ඔයාලාට ගෙනාවේ ටිකක් අමුතු චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නේ මේ…

Bermuda Tentacles (2014)

ඔන්න යාළුවනේ මම මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙන ඔයාලාව බලන්න ආයෙත් ආවා. මම මුලින්ම ඔයාලාට ගෙනාපු The Rite චිත්‍රපටිය ඔයාලා බලන්නැති කියලා මම හිතනවා. ඒ වගේම comments වලින් මට සහය දක්වපු හැම යාලුවෙක්ටම ගොඩාක් ස්තූතියි. හැබැයි මේ පාර මම ඔයාලාට ගෙනාවේ ටිකක් අමුතු චිත්‍රපටියක්. මේක නිකුත් වෙලා තියෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේදී. විනාඩි 89ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ටිකක් වෙනස් විදියේ කතා යන Syfy නාලිකාවේ විකාශනය වූවක්. මෙහි ප්‍රධානචරිත ලෙස Linda Hamilton, trevor Donovan, Mya Harrison රංගනයෙන් සහය වෙනවා.

කතාව ගැන ගත්තොත් එහෙම, බර්මියුඩා ත්‍රිකෝණය ඉහළින් ගමන් කරමින් තිබුණු එක්සත් ජනපදයේ ජනාධිපති රැගත් ගුවන් යානය අනතුරට භාජනය වෙනවා. ඊට පස්සේ ඔහුව ආරක්ෂක කැප්සියුලයක දමා පිටත් කරනවා. ඒක මුහුදුබත් වෙනවා. ඉන්පසු නාවික හමුදාව ඔහුව සෙවීමේ මෙහෙයුමක් දියත් කරනවා. ඒ මෙහෙයුම අතරතුර ඔවුන්ට අමුතු පිටසක්වල සත්වයෙක් පහරදෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ජනාධිපතිතුමාවත් බේරගෙන මේ සතාවත් මෙල්ල කරගන්න හැටි ඔයාලට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා. තවත් හොඳ චිත්‍රපටයක් සමඟ ඔයාලාව බලන්න එන්නම්. ඔබට ජය.

Bermuda Tentacles (2014) on IMDb

 

 

701 MB (HARDSUB) කොපිය මෙතනින් බාගන්න

6aa7c3f8a35e05fce6c89384a4abd0e48e897b07

937 MB කොපිය මෙතනින් බාගන්න

a7e067a56a17b7cb10c6754ef3fed6f174e23772 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,831 downloadsDownload bermuda.tentacles.2014.baiscopelk.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,831 downloadsDownload Subtitles75 KB

48 comments

  1. siri

    thanks. but film ekanam cha..

  2. නලින්

    ස්තුතියි මෙන්න එහෙනම් දෙවැන්නත් අරන් ඇවිත්..

    ජය වේවා!

  3. bharatha

    mamath bawoooooooooooooooooooooooooooo

  4. kalana

    මෙ පුලුවන්නම් කාට හරි මෙ macgyver tv series මෙකට sinhala subtitle හදලා දෙන්න පුලුවන් නම්

    1. Tharindu

      ඔව් Macgyver tv series එකට සිංහල සබ්ටයිටල් කාටහරි පුලුවන්නම් හදල දෙන්නකො.එක ගොඩක් වටිනවා.

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දෙවැනි එකත් සුපිරි එක්ක ජයවේවා ඉදිරියටම යමු.

  6. czRGsl

    Thankssssssssss :) :)

  7. Mihiraj

    Thanks, නියමයි නියමයි

  8. Jack

    ස්තුතියි මචෝ.
    පට්ට කතාවක්.

  9. yashan

    නියමයි මචෝ 2වෙනි එකත් දුන්න එලටම අලුත්ම එකක්...දිගටම වැඩේ කරමු..! :D

  10. Sohan

    Elaz..z..z..meka nam blannama one...thwath sub walin site eka purawanna saho..

  11. Bobby

    Thanks machn

  12. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  13. Gayan V.&.M.C

    thank you. (specially to admin)

  14. වරුණ රංගජිත් (වරූ)

    වාව්... මම කැමතිම් මාතෘකාවක් තමා බරිමියුඩා ත්‍රිකෝණය කියන්නේ..
    මේ වල පරිවර්තන කතාත් මම බලලා තියේ..
    මාරම ආසයි..ම්වගේ අබිරහස් ඒවට..
    අනේ සහෝ මේකේ බ්ලූ ‍රේ කොපියක් නැද්ද..
    එහෙනම් ඉතින් ආවම තමා ගන්න වෙන්නේ...
    හාඩ් සබ් එකනම් බලන්න බෑ..
    බලමු.. බී ආර් එකක් ආපු ගමන් අනිවා බානවා මේක
    ජයම වේවා...
    මේවගේ අභිරහස් ඒවට තව සබ් කරමු..
    ජය...

  15. Kulanjana Maduranga

    niyamai.....subata thanks NUWANTHA saho.digatama sub demu.jaya wewa...............

  16. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  17. thilina

    තෑන්ක්ස් සහෝ.

  18. thilina

    එළකිරි වැඩක්,තෑන්ක්ස් සහෝ.

  19. Tharindu Perera

    patta kathavak vagee....
    danma banava meka bnn...
    thanks machan sub ekatahh..

  20. DNA

    පට්ටයි පට්ටයි !
    වැඩේ දිගටම කරන් යමු !

  21. evinosh

    මට නම් කියන්න තියෙන්නේ ASYLUM වලින් ගහන චිත්‍රපටි ඒතරම් හොද නිර්මාන නොමේ. මන්ද යත් එම නිර්මාණ ඉතා අඩු පිරිවැයකින් නිපදවන ඒවා විතරක් නෙමේ දැවැන්ත හොලිවුඩ් නිර්මාණ වලට ආදේශක විදිහට හදන චිත්‍රපටි අනික මේවායේ ඉන්නේ අලුත්ම නලුනිලි පිරිසක්විමත් අධ්‍යක්ෂණය හා අනෙකුත් අයත් අලුත්ම අය විමත් එක් විශෙෂත්වයක් වේ උදාහරණ ලෙස PACIFIC RIM චිත්‍රපටියට ඒගොල්ලෝ හදපු චිත්‍රපටිය තමයි ATLANTIC RIM එවාගේම WORLD WAR Z චිත්‍රපටියට හදපු එක තමයි WORLD WAR X තවත් උදාහරණයක් ලෙස දක්වන්නේ නම් PIRANHACONහ චිත්‍රපටියත් ඒතරම් ඉහල නිර්මාණයක ස්වභාවය පෙන්නුම් නොකරන කොටින්ම අපේ භාෂාවෙන් කියන්නේ නම් මහගොන් චිත්‍රපටියක් වේ. මෛම චිත්‍රපටි වලින් ඒතරම් ‍හොද රසවින්දනයක් ලබාගත නොහැකි බව මාගේ මතය වේ. කෙසේ නමුත් මේක මගේ මතය පමණක් වන අඅතර ඊට සාපේක්ෂව වෙනත් මතවාද ඔනැ තරම් තිබිය හැක මන්ද යත් මතවාදය එකිනෙකාට සාපේක්ෂව පවතින දෙයක් නිසාය.මේ ටික මම කිව්වේ දැනුවත් භාවය පිනිස මික කෙනෙකුගේ හැකියාව විවේචනයට භාජනය කිරිමට නොවේ. මෙම චිත්‍රපටිය සබ් කරපු සොයුරාගේ හැකියාව කිසිලෙසකින් මෙම කරැනු මගින් අවතක්සේරැවට ලක් නොවන අතර එය අගය කල යුතු කරැණකි.කොහොම වුනත් මෙතනදි මට අවශ්‍ය වුයේ ASYLUM චිත්‍රපටි පිලිබදව යම් අවබා්ධයක් ලබාදිම පමණක් වන අතර කෙනෙකුගේ හැකියාව හෝ දක්ෂතාවය විවේචනය කිරිමට නොවන බවට සිහි තබාගත යුතු බව කාරැණාවෙන් දන්වමි.

  22. evinosh

    ලිපියේ 05 පේලියේ චිත්‍රපටියේ නම PIRANHACONDA ලෙස නිවැරදි විය යුතු බව කාරැණාවෙන් දන්වමි

  23. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Sameera

    thanks........

  25. Amil

    ස්තුතියි..
    එළකිරි වැඩක්..
    මේවගේ අභිරහස් ඒවට තව සබ් කරමු..
    ජයවේවා...

  26. dilanka

    thanks.... ... honeymoon 2014 horror movie ekath sub dennako.

  27. indika

    thnq :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Deshan

    මුලින්ම කියන්න ඕන සබ් එකට ස්තූතී කියලා.උබේ මහන්සිය ගොඩක් වටිනවා :-) ඒත් මචං මේ ෆිල්ම් එක පට්ට චා.IMDB රේටින්ග්ස් ගොඩක් අඩුයි.මම බලපු චාටර්ම ෆිල්ම් එකක්. ;) උබේ මහන්සියට ආයෙත් තෑන්ක්ස් කිව්වා ඔන්න :-D ජය වේවා!!!

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නුවන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  32. An American

    Hell yeah ... we Americans could kill anything! keep up bro!

  33. Sami

    Sub walata thanx machn

    1. Anonymous

      Film.eka oya link eken download karanne kohomada

  34. lahiru

    Niyamai

  35. ruwan holmes

    thamks..niyamai

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න මම ආසම ජාතියේ කතාවක්, මට මතකයි අපි පුංචි කාලේ බැලුවා වැලි පොළොංගු ඉන්න කතා සෙට් එකක් මට ඒ ටිකේ නම් මතක නැහැ, හැකිනම් බලල සබ් දෙන්න බලන්න, ජයවේවා.

  37. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  38. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  39. LUCK

    Onna mamath baluwa download karagena

  40. LUCK

    onna mamth download kara

  41. Ranja

    එලකිරි සහෝ මේ වගේ හැම ෆිල්ම් එකක්ම මම බානවා දිගටම මේවා කරගෙන යන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න ඔනේ තන්ක්ස් බ්‍රො....

  42. Thushara thilam

    එල සහෝ...
    Thanx.......

  43. R-TJ

    Thanx…

  44. Nirosha Nirosha

    ela

  45. Supun_no

    Thanks aiyaa

  46. Anonymous

    Subtitles download karaganna baa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.