ඔබ සැමට ආයුබෝවන්. මේ මගේ පළමුවෙනි උපසිරැසියයි. ඇත්තෙන්ම මම කවදාවත්ම උපසිරැසියක් කරන්න සිතුව කෙනෙක් නෙවෙයි. ඒක කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒ දැනුවත්වීමට හිමි ප්‍රණාමය හිමිවෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටයි. ඒ වගේම මෙම උපසිරැසිය මාහට බාර දුන් “ ශාන් විමුක්ති ” ටත් මගේ ප්‍රණාමය. විදේ…

ඔබ සැමට ආයුබෝවන්. මේ මගේ පළමුවෙනි උපසිරැසියයි. ඇත්තෙන්ම මම කවදාවත්ම උපසිරැසියක් කරන්න සිතුව කෙනෙක් නෙවෙයි. ඒක කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒ දැනුවත්වීමට හිමි ප්‍රණාමය හිමිවෙන්නේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටයි. ඒ වගේම මෙම උපසිරැසිය මාහට බාර දුන් “ ශාන් විමුක්ති ” ටත් මගේ ප්‍රණාමය. විදේශයක ගතකල වසර 5 ක කාලය තුලදී ඉඩක් ලැබෙන හැම වෙලාවකම බයිස්කෝප් වෙබ් අඩවියෙන් චිත්‍රපටි නැරඹුවා. ඒ වෙනකොට මේ චිත්‍රපටිය ඉංග්‍රීසි දෙබස් එක්ක මම නරඹලයි තිබුනේ. මගේ සිත තදින් ඇදබැඳ ගත් මේ චිත්‍රපටියත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට එකතුවේවි කියලා බලාගෙනයි හිටියේ. ඒත් ඉටු නොවුණු ඒ බලාපොරොත්තුවම මෙම උපසිරැසි ගැන්වීමට අඩිතාලම වුණා. උපසිරැසිය කරන්න නම් සෑහෙන දවසක් ගතවුණා. ජීවිතයේ මුහුණදෙන බොහෝ බාධක මැද සිදුකල මේ උපසිරැසියේ අඩුපාඩු ඇති. අදහස් ලිවීම ඔබට බාරයි. ඉතින් යොමුවෙමු සිතුවම් පටය දෙසට.
ඔබත් මාත් ඇතුළු මේ මුළු මිනිස් සංහතියේම එකිනෙකා කෙරෙහි ඇති බැඳීම වඩවඩාත් ශක්තිමත් වන්නේ “ආදරය නිසා” බව අප හැමෝම දන්නවා. ඒ සුන්දර ආදරය මනාසේ කැටිවූත් ලයාන්විතවූත් සොඳුරු සිනමා සිත්තමක් ලෙස “මෝසම්” ( කාලගුණය ) සිනමා පටය හඳුන්වන්න පුලුවනි. 2011 සැප්තැම්බර් මාසයේ මුලින්ම තිරගතවීම ඇරඹි මෙම චිත්‍රපටය පන්කජ් කපූර්ගේ අධ්‍යක්‍ෂණයක්. ශාහිද් කපූර් ගේ සහ සෝනම් කපූර් ගේ ප්‍රධාන රංගනයෙන් හැඩගැන්වෙන මෙම සිනමා පටයට අනුපම් ඛේර්, සුප්‍රියා පතක්, ශයාන් මුන්ශි, කමල් චොප්රා ආදී රංගන ශිල්පීන්ගේ දායකත්වයද හිමිවෙනවා. ඉන්දියාව තුලදී එකම එක සම්මානයකින් පමණක් පිදුම් ලද ( ඝාන්තා සම්මානය 2012) මෙහි IMDB අගය 4.7 ක් ලෙස සටහන් වෙනවා. සම්භාව්‍ය ගණයේ සිනමා පටයක් නොවුනත් සුපුරුදු කොල්ලා කෙල්ල දුෂ්ටයා වට්ටෝරුවෙන් මිදුණු මෙම සිනමා පටය, ආදරයට කැමති ඔබ සැමගේ සිත් ගනු ඇති කියල මම හිතනවා.
මෙම චිත්‍රපටයේ කතා පුවත 1992 සිට 2002 දක්වා, පුරා වසර 10 ක් පුරා විහිදුන එකක් වන අතර බබ්රි මස්ජිඩ් පල්ලිය විනාශ කිරීම, මුම්බායි වල කැරලි කෝලාහල, 1993 මුම්බායි බෝම්බ ප්‍රහාර, කාගිල් යුද්ධය, 9/11 ඇමරිකානු ප්‍රහාරය සහ ගෝධ්රා කැරලි කෝලාහලයෙන් පසු ඇතිවූ තත්වයන් පසුබිම් කරගෙන නිර්මාණය වූ හරින්දර් සිං (සහිඩ් කපූර්) සහ අයාත් ගේ (සෝනම් කපූර්) ආදර කතාවය. විනෝදයෙන් කාලය ගෙවන පන්ජාබ් තරුණයෙකු වන හරින්දර් හෙවත් හරී සහ සුන්දර කාශ්මීර යුවතියක් වූ අයාත් 1992 වසරේදී, පන්ජාබයේ මල්ලුකොත් නම් ග්‍රාමයේදී මුලින්ම ආදරයෙන් බැඳුනද, නොසිතූ ලෙසින් ඔවුනට එකිනෙකාගෙන් ඈත්වීමට සිදුවුණි. බලාපොරොත්තු නොවූ ආකාරයකට එක් දිනයක හිමිදිරි උදෑසනකදී, අයාත්ට ඇයගේ නැන්දාත් මාමාත් සමගින් හදිසියේම මුම්බායි නගරය බලා යාමට සිදුවූ අතර, එතැන් පටන් ඔවුනට එහි පදිංචිවෙන්නටද සිදුවුණි. මේ අතර හරින්දර් ඉන්දීය ගුවන් හමුදාවට එක්විණි. කාලයේ ඇවෑමෙන් වසර ගණනාවකට පසුව 1999 දී, ඒ වනවිට බලඝණ නායක තනතුරක් හොබවමින් සිටි හරින්දර් හට අහඹු ලෙස ස්කොට්ලන්තයේදී අයාත්ව මුණගැහුණි. එහිදී යටපත්ව තිබූ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය යලිත් ගොඩනැගුණ අතර ඔවුන්ගේ විවාහයටද කටයුතු සූදානම් කෙරිණි. එහෙත් ඉරණමේ සරදමට මුහුණදී ඔවුන්ට යලිත් වෙන්වන්නට සිදුවූයේ කාශ්මීරයේ කාගිල් යුද්ධය ඇවිලී ගොස් හරින්දර් සිං වහාම ක්‍රියාන්විත රාජකාරියට කැඳවීමෙන් අනතුරුවය. මේ අවාසනාවන්ත දෙපසට වීමෙන් පසු ඔවුනොවුන්ට එකිනෙකා පිලිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට ඉඩකඩක් ලැබුනේම නැත. දරුණු කාගිල් යුද්ධයට මැදිවූ හරින්දර් හට කුමක් වේද ඔහුගේ වියෝවෙන් තනිවූ අයාත්ට කුමක් වේවිද එය දැනගැනීමට මෙම සුන්දර චිත්‍රපටය නරඹන ලෙස මා ඔබ සැමට ආරාධනා කරන්නෙමි. ඔබ සැමට තුති.
Due to copyright issues, we do not provide any torrent links.
Mausam 2011 Hindi 720p DvDRip CharmeLeon SilverRG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,854 downloadsDownload Mausam-2011.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChinthakaDe1-e1476053608512.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක ද සිල්වා
Subtitles
14 comments
Lahiru
Chinthaka De Silva
Thank you Lahiru
Chinthaka De Silva
අදහස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි .
Mayura
නියමයි සහෝ. බලන්න හිතාගෙනම හිටපු පිලුමක්. තවත් එකක් ඉක්මනට ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඕන්..
Kavindu
Athiradi vettai tamil movie eke subtitle denno
Kulanjana Maduranga
G’ luck for the 1st attempt.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
hasitha
machan mata baiscope eke kisima film ekakata download link penwanne nahane ai e
Chinthaka De Silva
torrentz2.eu ............ menna me torrent search eke type karanna .
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......එල්.සී. දමැල්
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා චින්තක සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…වයන්ත
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ!. හා හා පුරා කියල ගෙනල්ල තියෙන්නෙ
සුපිරිම ෆිලුමක් වගේ, අනිත් එක තමයි ඔයාගෙ ලිපියත් ගොඩක් හොඳ ලිපියක්
දිගටම මේ වගේ නිර්මාන වලට සබ් දෙන්න කියලත් ඉල්ලනව, අනිත් එක තමයි
කමන්ට්ස්, ඩවුන්ලෝඩ්ස් අඩු උනා කියල උත්සාහය අතහරින්න එපා.. දිගටම වැඩේ කරන් යමු
ජය වේවා
තෙරුවන් සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka De Silva
ඔබටත් ස්තුතියි
nidi
සුපිරියි චින්තක සහෝ! දිගටම සබ්ස් දෙන්න!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Congratulations For 1st sub!
Thanks lot...