Watch Trailer

Solace (2015) with Sinhala Subtitles | නිර්දෝෂී මිනීමරුවෙක්? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙවර අරගෙන ආවේ Crime, Drama, Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වෙන චිත්‍රපටියක්. imdb අගය 6.4ක් ලබාගන්න චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගේම විශිෂ්ට නළු නිලි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ අය නම්, ජෝන් ක්ලැන්සි විදියට Anthony Hopkins,නියෝජිත ජෝ මෙරිවෙදර් විදියට Jeffrey Dean Morgan, නියෝජිත කැතරින…

Solace (2015)

මෙවර අරගෙන ආවේ Crime, Drama, Mystery, Thriller කාණ්ඩයන්ට අයත්වෙන චිත්‍රපටියක්. imdb අගය 6.4ක් ලබාගන්න චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒවගේම විශිෂ්ට නළු නිලි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒ අය නම්, ජෝන් ක්ලැන්සි විදියට Anthony Hopkins,නියෝජිත ජෝ මෙරිවෙදර් විදියට Jeffrey Dean Morgan, නියෝජිත කැතරින් කවුල්ස් විදියට Abbie Cornish, සහ චාර්ල්ස් ඇම්බ්‍රෝස් විදියට Colin Farrell. සරලව මේක සීරියල් කිලර් කෙනෙක් ගැන කතාවක් කියලා හදුන්වන්න පුළුවන්. ඒ විදියේ කතාවලට කැමති අයට මේක හොදින්ම ගැලපෙන නිර්මාණයක්.

කතාව මෙහෙමයි, එකම රටාවකට අනූව සිදු වූ මිනීමැරුම් කීපයක් නියෝජිත ජෝ ඇතුළු පිරිසට දැකගන්න ලැබෙනවා. ඒ හැම මිනීමැරුමක්ම කරලා තියෙන්නේ බෙල්ල පිටුපසින් හිස්කබල සිදුරුකිරීමෙන්. ඒවගේම මරණ පරීක්ෂකට අනූව මේ හැම එකක්ම වේදනා රහිත මරණයක්. ඒවගේම මිනීමරුවා ගැන කිසිම සාක්ෂියක්,හෝඩුවාවක්වත් නැත්තන් මේ මිනීමැරුම්වලට කිසිම කාල, භූගෝලීය,‍ ජ්‍යෝතීෂ්‍ය රටාවක් දැකගන්න ලැබෙන්නේ නෑ. ඉතින් මේ දේවල් නිසා ජෝ තීරණය කරනවා එයාගේ පරණ යාළුවෙක් වන ජෝන් ක්ලැන්සිගෙන් මේ වැඩේට උදව්වක් ගන්න. ජෝන් ක්ලැන්සි ගැන සදහන් කලොත්, ඔහුගේ දියණියගේ මරණයෙන් පසු ඔහු බිරිදගෙන් වගේම නගරයෙන් ඈත්වෙලා හුදකලා ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒවගේම ඔහුට හැකියාවක් තියෙනවා පෙර සිදුවූ දේවල් දකින්න වගේම අනාගතයේ සිදුවෙන්න තියෙන දේවල් යම් ආකාරයකින් දකින්න. මේ නිසා තමා ජෝ තීරණය කරන්නේ ජෝන්ගෙන් උදව් ගන්න ඕනේ කියලා. මුලින්ම වැඩේට කැමති වුනේ නැතත් පස්සේ ජෝන් තීරණය කරනවා මේ වැඩේට උදව්කරන්න. මේ සිදුවීම් ගැන පරීක්ෂණ කරගෙන යද්දී ජෝන්ට තේරෙනවා මේ මිනීමරුවා හොද බුද්ධියක් තියන කෙනෙක් වගේම ඔහුට තියෙන හැකියාව මේ මිනීමරුවාටත් තියෙනවා කියලා. ඒවගේම මේ ගොදුරු වූ හැම කෙනෙක්ටම පොදුවේ එක කාරණාවක් තියෙනවා කියලත් ජෝන් දැනගන්නවා. ඉතින් ඒ මොනාද? ගොදුරු වූ අයට පොදුවේ තියෙන කාරණාව මොකක්ද? මිනීමරුවගේ අරමුණ මොකක්ද? කතාවේ ඉදිරියට මොනවා වෙයිද? කියන ඒවා දැනගන්න මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම මේකේ ඉතා හොද අවසානයක් තියෙනවා. ඒවගේම මට නම් හොද මට්ටමේ චිත්‍රපටයක්. එහෙනම් කැමති අය බාගෙන බලන්න. තවත් නිර්මාණයකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Solace (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Solace.2015.720p.BluRay.X264-AMIABLE

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,328 downloadsDownload Solace.2015.Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

3,328 downloadsDownload Subtitles36 KB

20 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. අසිත

    elama saho thanks
    meka denakam hitiye

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම් වේවා…!!

  4. praneeth madu

    keep going mcn

  5. දිනේෂ් අකලංක

    මේ වගේ film වලට කැමතී.. අනිව බානවා.. සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  6. Ravindu Rukshan

    thx sub ekata

  7. Amalka Himeshan

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith B/K

    සිංහල
    උපසිරැසියට
    ස්තූතියි

  10. Dulanga

    Thanks

  11. Rajitha

    Thanks machan......jayawewa.....!

  12. වයන්ත

    නියම ෆිලුමක් වගේ,
    ඔබටත් බයිස්කෝප් අඩවියටත් සදා ජය!
    දිගටම සබ් දෙන්න,

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Sasindu Kodituwakku

    බ‍ොහ‍ොම ස්තූතියි

  15. Hasith

    godak tuti

  16. Amila Mudalige

    Sub ekta Thanks

  17. Supitha

    thanx saho sub 1 ta

  18. AWNCK

    Thanks

  19. ricadodamien

    Thank You Isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........

  20. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති