මේ අරගෙන ආවේ කට්ටිය එනකන් බලාගෙන ඉඳපු Mavka: The Forest Song චිත්‍රපටියේ සිංහල උපසිරසිය. ගොඩක් අයගේ ඉල්ලීම මත විමා අයියා තමා කීවේ උපසිරසිය කරන්න ගන්න කියලා. මුලින්ම සමාව ගන්න ඕනේ ගේන්න පරක්කු වෙච්ච එකට. WEB පිටපතේ කාලරාමුවල ප්‍රශ්නයක් තිබුණ නිසා ඒක හදන්න සෑහෙන්න වෙලා ගියා. 🙏 චිත්‍රපටිය ගැන කියනවා න…

මේ අරගෙන ආවේ කට්ටිය එනකන් බලාගෙන ඉඳපු Mavka: The Forest Song චිත්‍රපටියේ සිංහල උපසිරසිය. ගොඩක් අයගේ ඉල්ලීම මත විමා අයියා තමා කීවේ උපසිරසිය කරන්න ගන්න කියලා. මුලින්ම සමාව ගන්න ඕනේ ගේන්න පරක්කු වෙච්ච එකට. WEB පිටපතේ කාලරාමුවල ප්‍රශ්නයක් තිබුණ නිසා ඒක හදන්න සෑහෙන්න වෙලා ගියා. 🙏
චිත්‍රපටිය ගැන කියනවා නම්, මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 7.2 ක අගයක් අරගෙන තියෙනවා. මේක අයිති වෙන්නේ 3D-Animation ගණයටයි. යුක්‍රේනයේ තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleh Malamuzh සහ Oleksandra Ruban යන අය විසින්. Natalka Denysenko (මව්කා), Artem Pyvovarov (ලූකස්), Olena Kravets (කලීනා), Serhiy Prytula (ෆ්‍රොල්) ආදී අය හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවා. යුක්‍රේනයේ 2023 මාර්තු 02 වෙනිදා තමයි මේක තිරගත කරලා තියෙන්නේ. කොහොම නමුත් එක්සත් ජනපදයට මේක එන්න නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු 5 වෙනිදා.
කතාව පදනම් වෙලා තියෙන්නේ Lesya Ukrainka නම් යුක්‍රේනියානු කිවිඳිය විසින් රචනා කරන ලද The Forest Song කියන නාට්‍යය ආශ්‍රයෙන්. මේක ලියවෙලා තියෙන්නේ 1911 නම් බොහොම ඈත කාලයක දී. මේක යුක්‍රේනියානු සාහිත්‍යයේ වැදගත් නිර්මාණයක්. නාට්‍යය ලියවිලා සියවසකට වැඩි කාලයක් ගිහිල්ලා තිබුණත් ඒක ආශ්‍රයෙන් චිත්‍රපටියක් නිර්මාණය කිරීමෙන්ම ඒක පැහැදිලියි නේ. ඉතින් ඒ නාට්‍යයේ අඩංගු වුණු යුක්‍රේනියානු ජන සාහිත්‍යයේ අංග මේ චිත්‍රපටියේත් දකින්න ලැබෙනවා.
චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ ස්වභාවධර්මය සහ මිනිස්සු අතර තියෙන සම්බන්ධය ගැන අපූරු කතාවක්. අඳුරු කඳුකරය පිටිපස්සේ තියෙන වනාන්තරයේ හදවතේ තියෙනවා මුළු වනාන්තරයටම ජීවය සපයන ‘ජීවන උල්පත’ කියලා මායාවී උල්පතක්. ඒක ආරක්ෂා කරන්න ආරක්ෂකයෙක් යොදවලයි තියෙන්නේ. බොහෝම කාලෙකට ඉස්සර, ගමේ ලී මෝලේ අයිතිකරු එයාගේ අලුත උපන් දූ ගේ ජීවිතය බේරගන්න ඕන බව කියමින් ජීවන උල්පතෙන් වතුර බිංදුවක් ආරක්ෂකයාගෙන් ඉල්ලලා තියෙනවා. එයාව විශ්වාස කරපු ආරක්ෂකයා එයාගේ ඉල්ලීම ඉටු කරනවා. ඒත් ඒ මනුස්සයා ටික කාලෙකින් ආපහු එනවා මනුස්ස හමුදාවක් එක්ක, ආරක්ෂකයාට පහර දීලා ජීවන උල්පත එයාට අයිති කරගන්න. දරුණු සටනකට පස්සේ, ආරක්ෂකයා දිනනවා. එදා ඉඳන් වනාන්තරය කියන්නේ මනුස්සයින්ට තහනම් භූමියක්.
මව්කා කියන්නේ මේ වනාන්තරයේ ආත්මය. එයා තමයි වනාන්තරයේ ඉන්න හැමෝටම උදව් කරන්නේ. එයා හරි අහිංසක, හිත හොඳ කෙනෙක්. මේ අතරේ කලීනා කියලා අර ලී මෝල අයිතිකරුගේ දුව නගරේ ඉඳන් ගමට එනවා ජීවන උල්පත එයාට ගන්න බලාගෙන. ඒකට එයා යොදවා ගන්නවා ලූකස් කියලා කොල්ලෙක්ව. එයා කලීනාගේ වැඩේ කරන්නේ එයාගේ මාමාව හොඳ කරන්න ඕන බෙහෙත ගන්න සල්ලි හොයාගන්න විතරයි. ඉතින් කලීනාගේ වැඩේ කරන්න එයා අඳුරු කඳුකරයේ තියෙන වනාන්තරයට ගියාට පස්සේ එයාට මව්කාව මුණගැහෙනවා… එතන ඉඳන් ඉතුරු ටික ඔයාලා චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ.
එහෙම නම් තවත් සිංහල උපසිරසියකින් ළඟදීම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. පීස් ✌️.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
13,478 downloadsDownload Mavka.The_.Forest.Song_.2023.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #Mavka: The Forest Song (2023) Sinhala Sub
- #Mavka: The Forest Song (2023) Sinhala Subtitles
- #Mavka: The Forest Song Sinhala Sub
- #Mavka: The Forest Song Sinhala Subtitles
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #සනුප රන්මෙත්
- #සබ්
- #සිංහල
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
T k. U. Aksara
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සනුප.
Gayya
Thankzz malli....supiri wedak kiyala hithenawa...den gaththe
Amil
Thank you Very Much for the Sub...
Keep it Bro...Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!The Machine (2023)
Rating: 6/10 · 6,944 voteKaveen
tq
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kavindu Nethmina
Sub ekata thanks bro
Anonymous
Thnk you bro
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Lahiru Lakshan
thanks machn...
Anonymous
downlord karaganna puduma kattak kawe.meka poddak lesiyata hadannako.film eka balana ekath epa una sub eka ganna gihin
විමා - Admin
කිසිම කට්ටක් නැහැ සබ් එක ගන්න.
ෆිල්ම් එකත් අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙත් තියෙනව
ටෙලිග්‍රෑම් චැනල් එකෙත් තියෙනව.
සබ් එක කරන්න තරම නම් කට්ටක් කෑවේ නැතුව ඇති කියල අපි හිතනවා :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank.. දානකම් නිතරම බලන්න ඉදිහේ. ❤️