Watch Trailer

Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | මන්දාකිණියේ රැකවළුන්ගේ අවසානය? [සිංහල උපසිරැසි]

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. 🙂 ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි මාවල් සිනමා විශ්වයේ 32වැනි සිනමාපටය. ඒ වගේම Jon Watts විසින් අධ්‍යක්ෂණය කල ස්පයිඩර් මෑන් සිනමාපට ත්‍රිත්වයත් Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල ඈන්ට් මෑන් සිනමාපට ත්‍රි…

හැම කෙනෙක්ටම සුබ දවසක්! හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. 🙂

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි මාවල් සිනමා විශ්වයේ 32වැනි සිනමාපටය. ඒ වගේම Jon Watts විසින් අධ්‍යක්ෂණය කල ස්පයිඩර් මෑන් සිනමාපට ත්‍රිත්වයත් Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල ඈන්ට් මෑන් සිනමාපට ත්‍රිත්වයත් හැර එකම අධ්‍යක්ෂකවරයෙකු විසින් මාවල් සිනමා විශ්වයේ සිනමාපට ත්‍රිත්වයක් (Trilogy) අධ්‍යක්‍ෂණය කල තෙවැනි අවස්ථාව තමයි මේ ජේම්ස් ගන් විසින් ගාඩියන්ස් සිනමාපට ත්‍රිත්වය අධ්‍යක්ෂණය කිරීම.

ගොඩක් වෙලාවට ආපහු මෙහෙම වෙන එකකුත් නැතිවෙයි මයේ හිතේ. මේකත් ජේම්ස් ගන්ගෙන් ගැලවිලා ආපහු ලැබුණු සිද්ධිය මතක ඇතිනේ. ඒ වගේම මම පුදුම වුණ කාරණේ තමා පලවෙනි වතාවට මාවල් සිනමා පටයක F වචනය අඩංගු වීම. යකො සිරාවටම මේ වචනේ මේකට දැම්මද කියල හිතුනා. හැබැයි ඒ වචනේ එතනට නොදාත් බැහැ  😛

මේ තමා මෑත කාලීනව මාවල් සිනමා විශ්වයට අදාලව නිකුත් කරපු ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් එක. ආයේ දෙකක් නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේක. කට්ටියටම මාවල් සිනමාවේ ඉස්සර තිබුණු ගතිය නැතිවෙලා කියල හිතෙනවා නම් ඔන්න ඒ අඩුව පුරවගන්න මේක තමා සුපිරිම භාණ්ඩේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ සිනමාපටය සඳහා 8.2ක imdb අගයක් ලැබිල තියෙනව. ඒ අගය අනුව මේ සිනමාපටය IMDB Top 250 ලයිස්තුවේ 167වෙනි ස්ථානය දිනාගෙන තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ 82%ක විචාරක අගයකුත්, 95%ක ඕඩියන්ස් අගයකුත් ලබාගන්න මේ සිනමාපටය සමත් වෙලා තියෙනව. ඒ වගේම ඉතාම යහපත් අන්දමින් ලොව වටා තවමත් මෙම සිනමාපටය තිරගත වෙමින් පවතිනවා.

ඉතින් මේකේ කතාව 1000%ක් තේරුම් ගන්න නම් මාවල් විශ්වයට අදාළ සිනමාපට පෙළ සහ අඩුම තරමින් 100%ක් තේරුම් ගන්න නම් මෙම සිනමාපටයට අදාළ මුල් සිනමාපට ද්විත්වය වන, Guardians of the Galaxy Vol. 1 (2014) සහ Guardians of the Galaxy Vol. 2 (2017) නරඹල තියෙන්න ඕනා. හැබැයි මෙහෙමයි, ඔය මොකුත් නොබැලුවා කියල අවුලක් නැහැ අපේ තිසර සහෝදරයා පහලින් ලබා දීල තියෙන කොමික් ආශ්‍රිත විස්තරය බැලුවට පස්සේ නම් සියල්ල සක්සුදක් සේ පැහැදිලි කරගන්නත් පුළුවන්. 🙂

එහෙනම් ඉතිං මේකේ වැඩි විස්තර කියවන්න සහ දැනගන්න ආස අය තව පොඩ්ඩක් පහලට ගිහින් තිසර සහෝගේ ලිපිය කියවල තව විස්තර දැනගන්න. කතාවට එකතු වෙන අලුත් චරිත, පහුගිය දේවල් මේකට සම්බන්ධ වෙන හැටි ආදී සියල්ලම පාහේ ඒ ලිපියෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතිං උපසිරසත් එක්ක ෆිල්ම් එක බලන්න ඔයාලට පුළුවන් ඔන්න. විශේෂයෙන්ම මේකේ ක්‍රෙඩිට් සීන් දෙකක් තියෙනව. මේ කැමරා කොපියේ ඒ ක්‍රෙඩිට් සීන් දෙකත් ඇතුලත් වෙලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒ දෙකත් බලන්න.

තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

මේ අරන් ආවේ Guardians of the Galaxy ටීම් එකේ කොමික් පැත්ත ගැන පොඩි විස්තරයක්. ඉතින් වැඩි කතා නැතුව ඒ ගැන බලමු අපි.

Guardians of the Galaxy කියන්නේ Marvel Comics විසින් ප්‍රකාශයට පත් කරපු සුපිරි වීර කණ්ඩායමක්. Guardiansලා මුලින්ම පෙනී හිටියෙ Marvel Super-Heroes #18 (1969 ජනවාරි) කොමික් එකෙන්. ආරම්භක ටීම් එකේ හිටියේ Vance Astro, Martinex T’Naga, Captain Charlie-27, සහ Yondu Udonta. පස්සෙ ස්ටාකර් ඔගෝර්ඩ්, ඇලෙටා ඔගෝර්ඩ් සහ නිකීද මේ ටීම් එකට ඇතුළත් උනා. හැබැයි මෙයාලා අයිතී උ⁣නේ Earth 691වල 31වෙනි සියවසට. (ප්‍රධාන යුනිවර්ස් එක Earth 616 කියල දන්නවනෙ ඔයාලා)

Dan Abnett සහ Andy Lanning ලියපු cosmic Annihilation එකෙන් තමයි කොස්මික් සුපර්හීරෝ ටීම් එක earth 616 වලට අරන් ආවේ. ඒ 2008 අප්‍රේල් ආපු Annihilation: Conquest #6 කලාපයෙන්. 2008 ජූලි ආව Guardians of the Galaxy vol 2 #1 කලාපයෙන් මෙයාල නිල වශයෙනම ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කියල නම් කෙරුනා.

Earth 616 වල ටීම් එක නිර්මාණය කරලා තියෙන්නේ Annihilation Conquest හි සිදුවීම් වලින් පස්සේ. පලවෙනි ටීම් එක තමයි Adam Warlock, Drax the Destroyer, Quasar (Phyla), Gamora, Starlord, Mantis, Groot සහ Rocket Raccoon ය. Annihilation Wave, Ultron සහ Phalanx ගේ ක්‍රී අධිරාජ්‍යයේ ආක්‍රමණයෙන් පස්සෙ විශ්වයේ සාමය බලාගන්න තමයි පීටර් කුයිල් මේ ටීම් එක හදාගන්නෙ.

Knowhere කියන තැන මූලස්තානය කරන් තමයි පීටර් මේ ටීම් එක හදාගන්නේ. පීටර් එයාගේ සහයකයා උන Nova (aka හියුමන් රොකට්) ගේ උපදෙස් අනුව තමයි නෝවෙයා වලට ආවේ. ඔහුගේ කණ්ඩායම සඳහා පීටර් ෆැලන්ක්ස් ආක්‍රමණය අතරතුර ක්‍රී අධිරාජ්‍යය සඳහා විශේෂ මෙහෙයුම් වල සේවය කළ හිටපු කණ්ඩායම් සගයන් සහ පෙර වරදකරුවන් උන අපරාධකරුවන් බඳවා ගත්තා.

ආයුධ විශේෂඥ සහ උපායශීලී දක්ෂ Rocket සහ සයිකික් පවර්ස් තියෙන Mantis එකතු කරගත්තා. ඒ වගේම පීටර් ඔහු කලින් සිද්දි වලදි වෙන් කරල තිබ්බ ක්වාසර් නම් විශ්වයේ ආරක්ෂකයා සහ ක්වොන්ටම් බෑන්ඩ්ස් හිමිකරු වෙච්ච phyla-vell එකතු කරගත්තා. ඒ වගේම නැවත ඉපදුන Adam Warlock, මන්දාකිනියේ භයානකම කාන්තාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාරාන්තික ඇසසින් කෙනෙක් වෙච්ච Gamora සහ Drax the Destroyer එකතු කරගත්තා.

පස්සෙ කාලෙක හෙලි වෙනව පීටර් විසින් මැන්ටිස්ගේ සයිකික් පවර් යූස් කරල ටීම් එකට කට්ටිය එකතු කරගන්නවා කියල. මෙික මුල් ටීම් එක වෙන් වීමට හේතුවක් වෙනව. ඔහොම ඔහොම ටීම් එකේ කතාව දිගින් දිගට යනවා. ඒවා කියලා ඔයාලව කම්මැලි කරන්න ඕනි නෑනෙ. සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්නයි තියෙන්නේ දැන්.

Director: James Gunn

Writers: James Gunn

IMDB Ratings : 8.3

Release Date: 05 May 2023

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/ Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

53,049 downloadsDownload Guardians-of-the-Galaxy-Vol.-3-2023-Blu-Ray.zip163 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

53,049 downloadsDownload Subtitles163 KB

49 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. මන්දාකිණියේ මයුරගේ අවසානය?

    සුපිරී ඈ එනකල් ඇගිලි ගැන ගැන හිටපු ෆිල්ම් මේ. කැම් එකම බලනව මං නම් ඉවවිල්ලක් නෑ. සබ් එකට තෑන්ක්ස් විමා. ජය බෝලේ නාත්!

  4. Anonymous

    Thanks

  5. ජනිත්

    ගොඩක් ලොකු හොද කටයුත්තක්

  6. Bimsara

    thanks mcn..

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. එල්. සී. ‎දමැල්

    සබ් එකට ස්තුතියි අයියෙ

  10. Nalin Priyankara Pemarathana

    බොහොම ස්තුතිය බ්‍රදර්...❤

  11. Kalana S Ratnayake

    මොකක්ක බන් මේ site ඒකට කරලා තිායෙන වින්සේ

    1. ulindu

      ow bn

  12. Anonymous

    thaama update ekak nadda? hari amaruwen iwasagena inne, ma cam copy eka awlk nadda?

    1. විමා

      ජුලි 7 එන්නේ.
      මේක හොඳ කොපියක් මචෝ.

    2. Anonymous

      Thanks machan

  13. Anonymous

    hoda copyak iye ra awit puluwan nam sub eka update krla dennako plsssssssssssssss

  14. Sujith

    තැනක්යූ විමා සහෝ.!!

  15. PCVENOM

    Thanks for the sub keep up the good work

  16. podda

    elama

  17. Nuwan Chaminda

    Sub ekata thanks

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata

    1. Shaggy

      සබට තුති සහෝ

    2. Anonymous

      , l❤

  19. Chamath

    The round up no way out sinahal sub ekath one

  20. Anonymous

    ado thanks wewaa!!!! ma dawas tikema balan hitiya update wenakan

  21. Sashen

    Supiri

  22. ලහිරු priyankara

    thank broo

  23. Asanga kb

    Thank you so much.,.

  24. Nipuna Nuwan

    ස්තුතියි ❤️❤️❤️❤️

  25. Roshan

    Thnx bro...Great job...Good luck...

  26. Ravindra

    Thanks

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  28. sandun

    විමා අත ගැහුවොත් සුපිරියක් තමා.. ජය වේවා බයිස්කෝප් ටීම් එක

  29. baiscopelk ishu

    Thx Vima sub ekata..

  30. lakiya

    කෞරු හරි දන්න කෙනෙක් කියනවද සබ් එක වීඩියො එකට ඇඩ් කරගන්නෙ කොහොමද කියල.ලොකු ඉදව්වක්

    1. විමා

      මිඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් ප්ලේ කරලා
      සබ් එක ඇදල දාන්න සහෝ.

    2. Manoj Sanjeewa

      km player ekata film eka yana gaman edala daanna

  31. Tharuka

    Very good sub bro.. Thanks for ur time and effort.. Keep it up

  32. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  33. Thisara

    Thanks broh

    1. Pushpa Keerthi

      Thanks Vima sub 1kta. Jaya wewa..!!!

  34. Danushka Fernando

    Thank You Brother

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  36. Dewadithya

    Thanks for Sub!

  37. Chinthaka

    Thank you, ඔයාලගේ web site එකේ තමා film ආපු ගමන් ඉක්මනටම upadate වෙන්නේ, TV එකේ බලන්න පුලුවන් විදියටත් දෙන්නකෝ films වල idx subtitles, ගොඩක් කියන විධි වලට කරලා බැලුවා, එවයින් වැඩ නෑ හරියට.

    1. විමා

      දැන් එන ගොඩක් ටීවී වල නිකම්ම ප්ලේ වෙනවා සහෝ.
      සබ් එකයි වීඩියෝ එකයි එකම නමකින් එකම ෆෝල්ඩර් එකක තියෙන්න විතරයි ඕනා.
      එහෙම නැත්නම් ලැප් එකකින් ප්ලේ කරලා HDMI කේබල් එකකින් ටීවී එකට කනෙක්ට් කරන්න.

  38. Anonymous

    Thanks Brother

  39. Anonymous

    Thanks bro

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P