Watch Trailer

Max Manus: Man of War (2008) Sinhala Subtitles | නොමියෙන විරුවන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Tanna (2015) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Tanna (2015) ආදරනීය ආදරයේ නාමයෙන්…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ නෝර්වේජියානු ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.3ක් rotten Tomatoes වර්ගීකරනයේ 79% එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 12ක් සහ නිර්දේශවීම් 8ක් ලබාගත්තු දෙවෙනි ලෝක යුධ සමය අලලා නිර්මාණය උන සුපිරිම නෝර්වේජියානු ෆිල්ම් එකක්. තව දෙයක් මේක තමයි අදටත් නෝර්වේජියානු සිනමා ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂකයයින් පිරිසක් නරඹපු සිනමා පටය විදියට වාර්තා තියලා තියෙන්නෙ. ඊට අමතරව 2010 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානය වෙනුවෙන් නෝර්වේජියාව වෙනුවෙන් ඉදිරිපත් කලෙත් මේ ෆිල්ම් එකම තමයි. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 118ක් යනකල් දෙවෙනි ලෝක යුද්ධ කාලෙට පාවෙලා යන්න පුලුවන් ෆිල්ම් එකක් ලගදි බැලුවෙ නැත්තන්, අනිවා මෙන්න ඔයාල හොයපු ෆිල්ම් එක. ඒ වගේම දෙවෙනි ලෝක යුද්ද කාලෙ ගැන ෆිල්ම් බලන්න කැමති අය නං මේ ෆිල්ම් එක දැනටමත් බලලා ඇති.

මැක්ස් මානුස් එහෙමත් නැත්තං “Maximo Guillermo Manus” කියන්නේ දෙවෙනි ලෝක යුද්ද කාලෙදි නෝර්වේජියාව යටත් කර ගත්තු ජර්මානු හමුදාවන්ට සහ ගෙස්ටාපෝ රහස් පොලීසියට වඩාත්ම අත්‍යවශ්‍යම උන පුද්ගලයා. හැබැයි 1941 අවුරුද්දේ සීතල හිම වැටෙන රෑක ගෙස්ටාපෝ පොලීසියෙ අතටම අහු උන මැක්ස් ජර්මානුන්ගෙ නාහෙ යටින්ම පැනලා ගියා. එදා ඉදලා ජර්මානුන්ගෙ “දුටු තැන අල්ලනු” ලැයිස්තුවේ ඉහලින්ම හිටියේ ඒ කරදරකාර කොලු ගැටයම තමයි. සමහර විට එදා එහෙම මැක්ස්ට පැනලා යන්න බැරි උනා නං නෝර්වේ රටේ අනාගතේ වෙනස්ම විදියකට ලියැවෙන්නත් ඉඩ තිබුනා. වැල්ලේ කැරකුන වාසනාව හරි අවාසනාව හරි නිසා කීප සැරයක්ම ජර්මානුන්ගෙ අතට අහු නොවී බේරුන මැක්ස් තවත් ඒ වගේම මැරෙන්න බය නැති කොල්ලො ටිකක් එකතු කරගෙන නෝර්වේ වල හිටපු ලක්ෂ ගානක ජර්මානු හමුදාවට එරෙහිව හුදෙකලා සටනක යෙදුනා. අවසානය කෙසේ විසදේවිද….? සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය උන මේ සිනමා සිත්තමේ කතාව මීට වඩා මම නොකියන්නේ ඒක බලලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් නිර්මාණයක් නොවෙන නිසාවෙන්මයි.

කොහොම උනත් මැක්ස් මානුස්ට කරන ගරු කිරීමක් විදියට මම එයාගෙ ඇත්තම ෆොටෝ එකක් දාන්නම්. මොකද නෝර්වේජියානුවන්ට අනුව නං මැක්ස් මානුස් කියන්නේ එයාලගේ රට බේර ගත්තු ජාතික වීරයෙක්. ඒ වගේම මැක්ස් මානුස් පුංචි බෝට්ටුවකින් ගිහිල්ලා ජර්මානුන්ගෙ ඩොනවූ නැව පුපුරුවලා දාපු එක අදටත් සැලකෙන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ මුහුදේ සිදුකල විශිෂ්ටතම මෙහෙයුමක් හැටියටයි.

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ අදක්ශතාව හින්දා ඔයාලට පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි.
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!

වීරයින් මිය ගියද ඔවුන්ගේ නාමයන් සදා අමරණීය වනු ඇත……

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,990 downloadsDownload Max-Manus-Man-Of-War-2008.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,990 downloadsDownload Subtitles50 KB

32 comments

  1. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata...
    Jaya wewa!

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  3. Kanchana

    Thanx sahi

  4. Pradeepkumara

    Thnx sahoo

  5. siyath dasanayaka

    Elz, Thankz bro..

  6. Amila418

    බොහොම ස්තුතියි.. ජය

  7. keerthirathna

    ko link eka dala ne

  8. jagath55

    Thanks

  9. palithadesilva

    thankyou..

  10. Sandaru

    Thanks for sub.good luck bro

  11. Kulanjana Maduranga

    subata thanks

  12. AMP BANDARA

    Thank U Brother

  13. thusithaltr

    හසිත, බෙහෙවින් තුති මෙවන් අපූරු නිර්මාණ සඳහා උපසිරැසි නිර්මාණය කරනවාට.

  14. Madusara

    aniwa balanawa...jayawewaa...
    bohoma sthuthii...!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. bLack_sNow

    Thanks saho sub ekata

  19. kuma.lk

    Thank you .....

  20. sampath n perera

    thanks

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    සුපිරිම ලිපියක් නෙව දීලා තියෙන්නේ.
    ජයෙන් ජයම වේවා!

  22. Lakshansilva18

    මාත් කැමතිම ww2 movies වලට මේකනම් අනිවා බලනව බොහොම ස්තුති උපසිරසියට

    1. හසිත මධුෂාන්

      අනිවා සහෝ මාත් පට්ටම කැමතියි ww2 ෆිල්ම් වලට....
      සහෝ සබ් කරන්න කියලා දාල තිබුන කමෙන්ට් දෙකම දැක්කේ අදයි...
      ඒ ගැන සමාවෙන්න...
      ඒ ෆිල්ම් දෙකටම පුලුවන් තරම් ඉක්මනින් සබ් එක දෙන්නම්.....
      බොහොම ස්තූතියි සහෝ පට්ටම ෆිල්ම් දෙකක් ගැන දුන්න ඔත්තුවට....

  23. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී සබ් එක හදන්න උන මහන්සිය වෙනුවෙන් එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි....!

  24. AsithaDilruwan

    ela saho thanks

  25. Nidi

    ස්තුතියි හසිත! ගොඩක්ම ස්තුතියි!!
    මට නං ෆිලුම මිස් නොවුනේ වාසනාවට.
    මෙහෙම මිනිසුනුත් ඉන්න නිසා තමයි
    මේ ලෝකයේ නාඩි වැටෙන්නේ!

  26. Waruna Kamalawansha

    දෙවන ලෝක යුද්ධ චිත්‍රපටි මගේ ප්‍රියතම ඒවාය...... බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනාවාට..

  27. avishka360

    Thanks

  28. raspathi

    patta thanks bro

  29. Kasunabayasekara

    Thanks bro

  30. Anonymous

    පට්ට සුපිරිනෙ
    ස්තූතියි
    ජයවේවා.....

  31. Akila Dilhara

    Thanks Brother...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.