Watch Trailer

Overlord (2018) Sinhala Subtitles | යුධ ගිනි දැල් මතින් උපන් කුරිරු ජර්මානු යක්ෂයින්…!! [සිංහල උපසිරසි සමඟ]

දෙපාර්ශ්වයක් අතරේ පැවති ගැටළුකාරී හා මතභේදාත්මක සිදුවීම් සමූහයක උච්ඡතම අවස්ථාව යුද්ධයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අනෙකෙක් පරයා තමන්ගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණුන් බොහෝ දෙනා යුධ පිටියක එකිනෙකා සමඟ සටනේ යෙදුනත්, යුද්ධයක් අවසානයේදී සිදුවී ඇති විනාශය දෙස ආපසු හැරී බැලුවොත්, සටනේ ජය කුමන…

දෙපාර්ශ්වයක් අතරේ පැවති ගැටළුකාරී හා මතභේදාත්මක සිදුවීම් සමූහයක උච්ඡතම අවස්ථාව යුද්ධයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අනෙකෙක් පරයා තමන්ගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණුන් බොහෝ දෙනා යුධ පිටියක එකිනෙකා සමඟ සටනේ යෙදුනත්, යුද්ධයක් අවසානයේදී සිදුවී ඇති විනාශය දෙස ආපසු හැරී බැලුවොත්, සටනේ ජය කුමන පාර්ශ්වයකට හිමිවී තිබුණද එය හුදෙක් වචනයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් විදිහටයි මම නම් දකින්නෙ. අතීතයේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුද්ධ විදිහට පෙන්වා දෙන්න පුළුවන් සංග්‍රාම දෙකක් සිද්දවුණා. ඒ තමයි පළමු හා දෙවැනි ලෝක සංග්‍රාම. 1914 වසරේ සිට 1918 වසර දක්වා පළමු ලෝක සංග්‍රාමය පැවතුණු අතර 1939 වසරේ සිට 1945 වසර දක්වා කාලයේ දෙවැනි ලෝක සංග්‍රාමය සිද්දවුණා. මීට කලින් උපසිරසි ගන්වපු චිත්‍රපට දෙකකදි මම ලෝක සංග්‍රාම දෙක ගැනම මූලික පැහැදිලි කිරීමක් කරපු නිසාවෙන් අද ඒ ගැන තවත් කියවන්න යන්නෙ නැහැ. මොකද එහෙම ලිව්වා කියලත් ඕවා කියවන උදවිය ඉන්නෙ බොහොම අඩුවෙන් නොවැ. කොහොම නමුත් අද කියන්න යන්නෙ නම් දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාල වකවානුවේ සිද්දවුණු ඉතිහාසගත සිදුවීමක් ගැනයි. ඉතින් ඔය සිදුවීම ගැන කියන්න කලියෙන් මතක් කරන්න ඕනි වචන කීපයක් තියෙනවා. ඒ තමයි D-Day, Normandy Landing, Normandy Invasion සහ Operation Overlord කියන වචන තුන. අපිට ඕවා නිකන්ම නිකන් වචන තුනක් විතරක් වුණාට ඔය වචන තුනෙන් නූතන වර්තමානය පවා බොහෝ සෙයින් බලපෑම් ඇති කළ ඉතිහාසයේ සිද්දවුණු ලොකු පෙරළියක් ගැන කියවෙනවා.f

D-Day කියන හමුදා යෙදුම පොදුවේ පාවිච්චි කරන්නෙ කිසියම් යුධමය ප්‍රහාරයක් හෝ මෙහෙයුමක් දියත් කිරීමට නියමිත දිනය හෝ මෙහෙයුමක තීරණාත්මක සුවිශේෂී වෙනසක් සිදුකරන දිනය හැඳිවීමට වුවද D-Day යන්න ලෝව පුරා ප්‍රකට වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසන් කාල වකවානුවේදී මිත්‍ර පාර්ශික හමුදාවන් විසින් ප්‍රංශයේ නෝමන්ඩි වෙරළ තීරයට ප්‍රහාර එල්ල කරමින් නෝමන්ඩි ආක්‍රමණය (Normandy Invasion) ආරම්භ කළ දිනය ලෙසටයි. ඉතින් මේ කියන නෝමන්ඩි ආක්‍රමණය සිදු කිරීමට මිත්‍ර පාර්ශික රටවල් ප්‍රමුඛ හමුදා බළඇණි තීරණය කරන්නෙ නාසි ජර්මානු පාලනයට නතුවෙලා තිබුණු ප්‍රංශය ඇතුළු සමස්ථ යුරෝපය ජර්මානු පාලනයෙන් මුදවාගැනීමේ අරමුණ ඇතුවයි. මේ කියන නෝමන්ඩි ආක්‍රමණයට හේතු කාරණා පෙළගැහුණෙ මේ විදිහටයි, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසුව 1940 වසරේ මුල් කාල වකවානුවේදී ජර්මානු හමුදාවන් විසින් වයඹදිග ප්‍රංශය ආක්‍රමණය කරමින් එය ඔවුන්ගේ පාලනයට නතු කරගත්තා. නාසි පාලනයට නතු වූ ප්‍රංශය ඔවුන්ගේ පාලනයෙන් මුදවාගැනීම කෙරෙහි අවධානය යොමු කළ බ්‍රිතාන්‍යය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ මතය වූයේ ප්‍රංශය යටත්කරගෙන පාලනය කරමින් සිටි ජර්මානුවන් පරාජය කර නාසි පාලනයෙන් ප්‍රංශය මුදවාගැනීමට නම් ජර්මානුවන් සමඟ ප්‍රංශ භූමියේදීම සටන් කළ යුතු බවයි. මේ අරමුණින් ඔහු Combined Operations (ඒකාබද්ධ මෙහෙයුම්) නමින් හමුදා සංවිධානයක්ද නිර්මාණය කරනවා. මේ සංවිධානයේ මෙහෙයුම් මඟින් සිදු කෙරුණේ යුධෝපාය වශයෙන් ජර්මානුවන් හට වැදගත් ස්ථාන වල කුඩා ප්‍රමාණයේ වැටළීම් සිදු කිරීමයි.

1940 වසරේදී යුරෝපය

නෝමන්ඩි ආක්‍රමණයට වසර හතරකට උඩදි  ඒ කියන්නෙ 1940 වසරේදී සිද්දවෙන ප්‍රංශ යුද්ධයට පාර කැපෙන්නෙ වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා විසින් ජර්මානුවන් පරාජය කිරීමට අරගත්තු ඒ තීරණය නිසාවෙනුයි. ප්‍රංශ යුද්ධය කියන්නෙ බටහිර පෙරමුණේ සටන් වැදුණු මිත්‍ර පාර්ශික හමුදාවන්ට නම් කටුක හා අමිරිහි අත්දැකීමක්. අනපේක්ෂිත ජර්මානු ප්‍රහාර හමුවේ ප්‍රංශ යුද්ධයේ සටන් වැදුණු මිත්‍ර පාර්ශික හමුදාවන්ට අයත් සෙබළුන් 400,000ක් පමණ ඩන්කර්ක් වෙරළ තීරයේ හා ඩන්කර්ක් වරායේ කොටුවෙනවා. ඩන්කර්ක් වල කොටුවෙලා ඉන්න බ්‍රිතාන්‍යය සහ අනෙකුත් මිත්‍ර පාර්ශික රටවල් වල හමුදා සෙබළු මුදවාගැනීමේ අරමුණින් 1940 වසරේ මැයි මස 26 වැනිදා සිට ජූනි මස 4 වැනිදා දක්වා දින නවයක් පුරා ඩන්කර්ක් සටන සිදුවෙනවා. මේ ඩන්කර්ක් සටන ගැන නම් Dunkirk (2017) චිත්‍රපටය බැලුව කට්ටිය බොහොම හොඳට දන්නවා ඇති.ජර්මානුවන් අතින් පරාජයට පත්වීමෙන් පසුව ඩන්කර්ක් වල කොටුවී සිටි දහස් ගණනක් වූ මිත්‍ර පාර්ශික හමුදාවන් මුදවාගැනීමට බ්‍රිතාන්‍යය හමුදාවන්ට ඇමෙරිකානු හමුදාවේ සහයත් ලැබෙනවා. මේ සිදුවීමෙන් පසුව 1941 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවත් දෙවැනි ලෝක යුද්ධයට මිත්‍ර පාර්ශික රටක් වශයෙන් සහභාගී වෙනවා. මේ කාල වකවානුව වෙද්දි ප්‍රංශය ඇතුළු සමස්ථ යුරෝපයෙන් වැඩි ප්‍රමාණයක් නාසි ජර්මානු පාලනයට නතු වී අවසන්. මේ අතර වාරයේ බ්‍රිතාන්‍යය හා ඇමරිකාව එක්ව 1942 වසරේදී ඉංග්‍රීසි ඇළ හරහා ජර්මානුවන්ට එරෙහිව යුරෝපයේ දැවැන්ත මිත්‍ර පාර්ශික ආක්‍රමණයක් දියත් කිරීමට හැකියාවක් ඇත්දැයි යන්න ගැන විපරම් කර බලනවා. මේ ආකාරයෙන් දැවැන්ත ආක්‍රමණයක් සිදුකිරීම ගැන සලකා බලන්න ප්‍රධානම හේතුව වුණේ ප්‍රංශය හා බටහිර යුරෝපයේ බොහෝ ප්‍රදේශ නාසි පාලනයට නතු වී තිබුණු බැවින් ජර්මානුවන්ට පහර දීමට මිත්‍ර පාර්ශික හමුදාවන්ට යුරෝපයට ඇතුළුවීම බොහෝ සෙයින් අපහසු කාරණයක් වූ නිසාවෙනුයි.

මුදවාගැනීමක් බලාපොරොත්තුවෙන් ඩන්කර්ක් වෙරළ තීරයේ රැඳී සිටින සෙබළුන්

මුදවාගැනීමක් බලාපොරොත්තුවෙන් ඩන්කර්ක් වරායේ රැඳී සිටින සෙබළුන්

ඩන්කර්ක්හි කොටුවී සිටි සෙබළුන් මිත්‍ර පාර්ශික නැව් මඟින් මුදවාගැනීම සිදුකරමින්

1943 වසර වන විට මිත්‍ර පාර්ශික හමුදාවන් ඉංග්‍රීසි ඇළ හරහා සිදුකෙරෙන දැවැන්ත ආක්‍රමණයක් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරන්න පටන්ගත්තා. මේ අතරවාරයේදී ප්‍රංශ උතුරු වෙරළ තීරය ඔස්සේ මිත්‍ර පාර්ශික හමුදාවන්ගෙන් එල්ලවිය හැකි ආක්‍රමණයක් පිළිබඳව සැක පහළ වූ ඇඩොල්ෆ් හිට්ලර්, නාසි ජෙනරාල්වරයෙකු වූ අර්වින් රොමෙල් කලාපයේ මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් පත්කරනවා. මිත්‍ර පාර්ශික හමුදා ආක්‍රමණයක් එල්ලවිය හැක්කේ කුමන ප්‍රදේශයකටද යන්න පිළිබඳව තහවුරු කිරීමක් නොතිබුණද රොමෙල්ගේ රාජකාරිය වූයේ වෙරළ තීරය දිගේ සැතපුම් 2,400ක් පමණ දිගින් යුතු අත්ලාන්තික් පවුර(Atlantic Wall) ලෙසින් හඳුන්වනු ලැබූ හමුදා බංකර්, බිම්බෝම්බ හා බාධක වලින් සමන්විත ආරක්ෂක පවුර සාදා නිම කිරීමයි.ජර්මානුවන් ආක්‍රමණයක් පිළිබඳ සැක පහළ කරමින් ඒ අයුරින් පූර්වාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන අතරවාරයේ 1944 වසරේ, එනම් මිත්‍ර පාර්ශිකයන්ට ජර්මානුවන් පරදවා දෙවනි ලෝක සංග්‍රාමයෙන් ජය ගැනීමට මං විවර කර දුන් නෝමන්ඩි ආක්‍රමණය සිදුකිරීමට මිත්‍ර පාර්ශික හමුදාවන් තීරණය කරනවා. මෙම නෝමන්ඩි ආක්‍රමණය හැඳින්වූ කේත නාමය වූයේ “ඕවර්ලෝඩ් මෙහෙයුම”(Operation Overlord) යන්නයි. ඕවර්ලෝඩ් මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම බාරවෙන්නෙ ඇමෙරිකානු ජෙනරාල්වරයෙකු වන ඩ්වයිට් අයිසන්හෝවර්ටයි. මිත්‍ර පාර්ශික හමුදාවන් මෙම මෙහෙයුම මාස ගණනක් තිස්සේ සැළසුම් කරමින් ජර්මානු හමුදාවන් නොමඟ යැවීමටද සමත්වෙනවා. ඔවුන් විසින් ආක්‍රමණයේ මූලික ඉලක්කය නෝමන්ඩි නොව බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර මුහුදේ ඇති පටුම ස්ථානය වන Pas-De-Calasis බව ජර්මානුවන්ට ඒත්තු ගැන්වෙන අයුරින් එම කලාපයේ වැඩි වශයෙන් ව්‍යාජ මෙහෙයුම් සිදු කළ අතර නෝර්වේ සහ තවත් ප්‍රදේශද ඉලක්ක විය හැකි බව ජර්මානුවන්ට ඒත්තු ගැන්වුවා.

නෝමන්ඩි වෙරළ තීරයේ ජර්මානුවන් විසින් ඉදිකළ “අත්ලාන්තික් පවුර” නම් වූ ආරක්ෂක වළල්ල

ඕවර්ලෝඩ් මෙහෙයුම බාරව කටයුතු කළ ජෙනරාල් ඩ්වයිට් අයිසන්හෝවර්

මිත්‍ර පාර්ශික හමුදාවන් විසින් මෙම ව්‍යාජ මෙහෙයුම් සඳහා ව්‍යාජ උපකරණ, ඇමෙරිකානු ජෙනරාල්වරයෙකු වූ ජෝර්ජ් පැටන්ගේ නියෝග යටතේ ක්‍රියාත්මක වූ “භූත සේනාව” (Ghost Army) නමින් හැඳින්වූ උපායශීලී මෙහෙයුම් ඒකකය හා වැරදි රේඩියෝ පණිවිඩ යොදාගනු ලැබුවා. නෝමන්ඩි ආක්‍රමණය නොහොත් ඕවර්ලෝඩ් මෙහෙයුම සිදුකරන දිනය 1994 වසරේ ජූනි මස 5 වැනිදා බව අයිසන්හෝවර් විසින් තීරණය කළද අයහපත් කාළගුණික තත්වය නිසා මෙහෙයුමට පැය විසි හතරක පමාවක් සිද්දවුණා. කෙසේ වුවද ජූනි 5 වැනිදා  අයිසන්හෝවර්ගේ කාළගුණ විශේෂඥයින් විසින් පසුදා වන විට අයහපත් කාළගුණය යථාතත්වයට පත්වණු ඇතැයි අනුමාන කිරීමත් සමඟ අයිසන්හෝවර් විසින් ජූනි 5 වැනිදා පස්වරු 9.45ට ඕවර්ලෝඩ් මෙහෙයුම දියත් කිරීමට අවසර ලබාදුන්නා. එදා මෙදා තුර ඉතිහාසයේ ගුවනින්, ගොඩබිමින් හා මුහුදෙන් සිදු කළා වූ දැවැන්තම හමුදා ආක්‍රමණය ලෙසින් අවිවාදයෙන් හඳුන්වනු ලබන, එමෙන්ම ජර්මානු පාලනයෙන් යුරෝපය මුදවාගෙන දෙවැනි ලෝක සංග්‍රාමයේ ජය මිත්‍ර පාර්ශිකයින්ට අත්කර ගැනීමට මං විවර කළ තීරණාත්මක සටන බවට සලකනු ලබන ඕවර්ලෝඩ් මෙහෙයුමේ මූලික පියවර වූ නෝමන්ඩි ගොඩබැසීම (Normandy Landing) 1944 ජූනි මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ආරම්භ වෙනවා. මෙහිදී මූලික අදියර වශයෙන් මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් පැරිශුට් ආධාරයෙන් ජර්මානු සතුරු සීමාවට ආසන්න ප්‍රදේශ කරා ගොඩබසිනවා. ගුවනින් ගොඩබට මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන්ටද තවත් මෙහෙයුමක් පැවරී තිබුණා. “ටොන්ගා මෙහෙයුම”(Operation Tonga) ලෙස හැඳින්වූ එම මෙහෙයුම දියත් කෙරුණේ සතුරු සීමාවේ පැවති වැදගත් ආරක්ෂක සන්ධිස්ථාන මිත්‍ර පාර්ශික හමුදාවන්ගේ යටතට නතු කරගැනීමට හා මිත්‍ර පාර්ශික නාවික යාත්‍රාවන් ගොඩබිමට ළගාවන විට ඔවුන්ට ප්‍රහාර එල්ල කළ හැකි සතුරු මර්මස්ථාන විනාශ කිරීමයි.

අයිසන්හෝවර් විසින් ඕවර්ලෝර්ඩ් මෙහෙයුම දියත් කිරීමට නියෝග ලබාදෙමින් නිකුත් කළ නිළ නිවේදනය

මෙහෙයුමට පෙර සෙබළුන් අමතන ජෙනරාල් ඩ්වයිට් අයිසන්හෝවර්

මෙහෙයුමේ ආරම්භය ලෙස මිත්‍ර පාර්ශික සෙබළුන් පැරිශුට් ආධාරයෙන් ප්‍රංශයට ගොඩබසින අන්දම

ඕවර්ලෝර්ඩ් මෙහෙයුමේ ගුවන් ප්‍රහාරක සැලස්ම

ඕවර්ලෝර්ඩ් මෙහෙයුමේ ගොඩබිම් ප්‍රහාරක සැලස්ම

මෙහෙයුම අතරතුර ගුවන් ප්‍රහාර එල්ල කරන ගුවන් යානයක්

ජර්මානුවන්ට ප්‍රහාර එල්ල කළ මිත්‍ර පාර්ශික නෞකාවක කාල තුවක්කුවක්

නෙප්චූන් මෙහෙයුම දියත් කරමින් මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් නෝමන්ඩි වෙරළට ළඟා වන ආකාරය

ආක්‍රමණය අතරතුර නෝමන්ඩි වෙරළේ දර්ශනයක්

ආක්‍රමණය පිළිබඳව බ්‍රිතාන්‍යය පුවත්පතක් විසින් වාර්තා කර තිබූ අන්දම

ආක්‍රමණය පිළිබඳව ඇමෙරිකානු පුවත්පතක් විසින් වාර්තා කර තිබූ අන්දම

යුධ පිටියේ අහිමිවීම්

ටොන්ගා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට මිත්‍ර පාර්ශික හමුදාවන් සතුරු සීමාවට ගොඩ බැසීමෙන් අනතුරුව මිත්‍ර පාර්ශික හමුදාවන්ට අයත් ගුවන් යානා වලින් සහ නැව් මඟින් නෝමන්ඩි වෙරළ තීරයට දැවැන්ත ප්‍රහාරයක්ද එල්ල කරනවා. ජූනි 6 වැනිදා අළුයම වන විට “නෙප්චූන් මෙහෙයුම”(Operation Neptune) දියත් කළ අතර එහිදී මිත්‍ර පාර්ශික නැව් වලින් පැමිණි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ග්‍රීසිය, චෙකොස්ලෝවැකියාව, නෝර්වේ හා නවසීලන්තය යන රටවල් වල මිත්‍ර පාර්ශික බට පිරිස් ප්‍රහාරක සැලසුමට අනුව Ultah, Omaha, Gold, Juno සහ Sword ලෙසින් කොටස් පහකට වෙන් කර තිබූ නෝමන්ඩි වෙරළ තීරයට ගොඩ බැස සටනට අවතීර්ණ වනවා. මෙලෙස 1944 වසරේ ජූනි 6 වැනිදා අළුයම ඇරඹුණු නෝමන්ඩි ආක්‍රමණය සඳහා මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් 156,115ක් පැරශූට් ආධාරයෙන්ද, නැව් මඟින් සෙබළුන් 1,527,000ක්ද පළමු දිනයේදී නෝමන්ඩි වෙරළට ළඟා වූ අතර මිත්‍ර පාර්ශික ගුවන් යානා 11,500ක්, නාවික යාත්‍රා 6939ක් හා හමුදා සන්නධ රථ 50000ක් පමණ  ආක්‍රමණයට යොදාගෙන තිබෙනවා. එදින ටොන් 10,395ක මුළු බරකින් යුතු බෝම්බ ප්‍රමාණයක්ද ගුවනින් එල්ල කර තිබෙනවා. මිත්‍ර පාර්ශික හමුදාවන්ගේ ජයග්‍රහණයට නෝමන්ඩි ආක්‍රමණය බොහෝ සෙයින් ඉවහල් වුවද 1944 ජූනි 6 වැනිදා සිට පැවතුණු දරුණු  අගෝස්තු මස 30 වැනිදා  දක්වා පැවති දරුණු සටන මිත්‍ර පාර්ශික හමුදාවන් විසින් නාසි ජර්මානුවන් යටත් කරගැනීමෙන් පසුව අවසන් වූ අතර ඒ වන විට මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් 2,052,229ක් පමණ ආක්‍රමණයට සහභාගී වී තිබූ අතර ජර්මානු හා මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් 425,000කට අධික පිරිසක් ඝාතනයවී හෝ අතුරුදහන්වී තිබුණු අතර සිවිල් වැසියන් 25,000-39,000ක් අතර ප්‍රමාණයක් ආක්‍රමණය අතර තුරදී ඝාතනය වී තිබුණා. තුවාල ලද පිරිස හා විනාශ වූ දේපළ ප්‍රමාණය ගණනින් සීමා කළ නොහැකි වූ අතර ඉතිහාසයේ අලුත් පිටුවක් ලියවීමට මං පෑදූ ඕවර්ලෝඩ් මෙහෙයුම ඉතිහාසයේ සිදුවූ අමතක නොවන සිදුවීම් අතරට එක්වී තිබෙනවා.

★ ඒ එක්කම මතක් කරන්න ඕනි තවත් කාරණයක් තියෙනවා. මේ නෝමන්ඩි ආක්‍රමණය සහ ඕවර්ලෝඩ් මෙහෙයුම ගැන කියවෙන පුපිරි ගණයේ රූපවාහිනී කතාමාලාවක් තමයි Band of Brothers කියන්නෙ. බලපු උදවිය නම් ඒක දන්නවත් ඇති. ඉතින් නොබලපු උදවිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න කියල ඉල්ලීමක් කරනවා.

1944 වසරේ සිදු කළ Overlord මෙහෙයුම ඔස්සේ සිනමාවට නැඟි Overlord (2018)

මම කලින් ලිපියකත් කිව්ව විදිහට 2018 වසර කියන්නෙ හොලිවුඩ් සිනමා රසිකයින්ගේ වගෙම සිනමා විචාරකයින්ගේ අවධානය දිනාගත් වර්ෂයක්. ඒකට හේතුව වුණේ හොලිවුඩ් සිනමාවෙන් සුපුරුදු රැල්ලෙන් ඔබ්බට ගිය, වෙනස්ම කතා තේමාවන් රැගත් චිත්‍රපට කීපයක්ම 2018 වසරේදී එළිදැක්වුණු නිසයි. ඉතින් ඒ සිනමා නිර්මාණ කීපය අතරට වැටෙන තවත් එක් සිනමාපටයක් තමයි Overlord (2018) චිත්‍රපටය. 2017 වසර අවසානයේදී රූගත කිරීම් ඇරඹූ මෙම සලරුව ප්‍රේක්ෂකයා  හමුවට පැමිණෙන්නේ 2018 වසරේ අවසන් කාර්තුවේදීයි, එනම් නොවැම්බර් මස 18 වැනිදා සිටයි. Action | Adventure | Horror | Mystery | Sci-Fi | War යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව නිෂ්පාදනය වූ මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Son of a Gun (2014) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ Julius Avery විසිනුයි.

අපිට සුපුරුදු අධ්‍යක්ෂකවරයෙක් නොවුණත් වසර හතරක නිහැඬියාවකින් පසු Julius Avery මේ වතාවේ ප්‍රේක්ෂකයාගේ අවදානය දිනාගත් චිත්‍රපටයකට අධ්‍යක්ෂණයෙන දායකවෙමින් නැවතත් කරළියට පැමිණ තිබෙනවා. චිත්‍රපටයේ තිර පිටපත් නිර්මාණය සිදුකර ඇත්තේ  The Hunger Games (2012), Captain Phillips (2013) යන සිනමාපට වල තිර පිටපත රචනා කළ Billy Ray සහ The Revenant (2015) සිනමාපටයේ තිර පිටපත රචනා කළ Mark L. Smith යන දෙදෙනා විසිනුයි. මිනිත්තු 110ක් පුරාවට ගලා යන කුතුහලයෙන් පිරි අපූරු කතා පුවතක් රැගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක් වූ නිෂ්පාදන පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇති Overlord සිනමාපටය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට බොහොමයක්ම නිෂ්පාදනය කළ Paramount Pictures සහ Bad Robot Productions සමාගම් දෙක දෙකෙහි නිෂ්පාදනයක් වන අතර සිනමා විචාරකයින්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ යහපත් ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ මෙම චිත්‍රපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 41.7ක ආදායමක් වාර්තා කරගෙන තිබෙනවා.

ලෝක සංග්‍රාම හා බැඳි චිත්‍රපට සහ හොරර් චිත්‍රපට නරඹන රසිකයින්ට වෙනස්ම ආකාරයේ සිනමා අත්දැකීමක් ලබාගැනීමට අවකාශය ලබාදෙන Overlord චිත්‍රපටයට Jovan Adepo, Wyatt Russell, Mathilde Ollivier, Bokeem Woodbine, Game of Thrones කතාමාලාවේ Euron Greyjoy ගේ චරිතයට රංගනයෙන් දායක වූ Pilou Asbæk සහ Agents of S.H.I.E.L.D. කතාමාලාවේ Leo Fitz ලෙසින් රංගනයෙන් එක්වන Iain De Caestecker රංගනයෙන් දායක වී තිබෙනවා. ප්‍රේක්ෂක මනාප 23,717ක් ලබාගනිමින් IMDb දර්ශකයේ 7/10ක ඉහළ අගයක් හිමිකර ගැනීමට සමත්ව ඇති මෙම සිනමාපටය Rotten Tomatoes දර්ශකයේ 81%ක ප්‍රේක්ෂක මනාප ප්‍රතිශතයක්ද Google පරිශීලකයින්ගේ 90%ක මනාප ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා.

සමහරවිට මම ලිපියේ සඳහන් කරල තියෙන කරුණු කාරණා කියවපු කෙනෙක්ට හිතෙන්න ඇති “මේ යකා මෙච්චර දිග හෑල්ලක් කියවන්නෙ මක්කටද?” කියල. ඔන්න එහෙනම් ඒ කියවපු හෑල්ල කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැන් කියන්නම්. කලින් කිව්ව වගේ 1944 වසරේ සිදු කරපු Overlord මෙහෙයුමේ මුල් අදියර, එහෙමත් නැත්නම් සතුරු සීමාවට මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන් පැරිශුට් ආධාරයෙන් ගොඩබහින සිදුවීමත් එක්ක තමයි Overlord චිත්‍රපටයේ කතාවත් පටන්ගන්නෙ. එදා 1944 වසරේ සිදු කරපු හැබෑ Overlord මෙහෙයුම දියත් කරන්න ජෙනරාල් අයිසන්හෝවර් විසින් ලබා දුන්නු නිළ නියෝගයේ කොටස් කීපයකුත් චිත්‍රපටය ආරම්භයේදී ඔයාලට දකින්න ලැබෙනවා. ඉතින් මේ විදිහට මිත්‍ර පාර්ශික ගුවන් යානාවකින් ආක්‍රමණයට බොහෝ සෙයින් වැදගත් වන ක්‍රියාන්විතයක් දියත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු සෙබළුන් පිරිසක් ප්‍රංශයේ සිල්බ්ලැන්ක් ගම්මානයට පැරිශුට් ආධාරයෙන් ගොඩබැහීමේ අරමුණින් පියාසර කරන නමුත් දරුණු ජර්මානු ප්‍රහාර හමුවේ මේ පිරිසට නියමිත ගොඩබැහීමේ ස්ථානයට ගොඩබහින්න බැරිවෙනවා. සිල්බ්ලැන්ක් ගම්මානයට සැතපුම් කීපයක් ඈතින් පැරිශුට් වලින් ගොඩබහින සෙබළුන් බොහෝ පිරිසක් ජර්මානුවන්ගේ ප්‍රහාර වලින් වගෙම අනතුරට ලක්වීම නිසා ජීවිතෙන් සමුගන්නවා. කොහොම හරි අවසානයේදී මේ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න ඉතුරුවෙන්නෙ හමුදා සෙබළු පස්දෙනෙක් විතරයි. ඔවුන්ට බාරවෙලා තියෙන මෙහෙයුම වෙන්නෙ ආක්‍රමණයට සහභාගීවීමේ අරමුණින් වෙරළට ළගාවීමට සූදානමින් ඉන්න මිත්‍ර පාර්ශික හමුදා සෙබළුන්ට වගෙම නෞකා වලට අවැසි ගුවන් සහය ලබාදීමට බාධාවක්ව පවතින සිල්බ්ලැන්ක් ගම්මානයේ පිහිටා ඇති පල්ලියක ඉදිකර තිබෙන රේඩියො අවහිර කරන කුළුණක් විනාශ කිරීමයි. කණ්ඩායමේ බොහෝ පිරිසක් අහිමි වුණත් තමන්ට පැවරුණු මෙහෙයුම අසාර්ථක වුණොත් වෙරළට ළඟාවෙන සෙබළුන්ට මුහුණපාන්න සිද්දවෙන අන්තරාය ගැන සලකා බලන මේ සෙබළු පස්දෙනා තමන්ගේ රාජකාරිය ඉටු කිරීමේ පරමාර්ථය ඇතුව සිල්බ්ලැන්ක් ගම්මනය කරා ගමන් ආරම්භ කරනවා. එහෙනම් මම කතාව ගැන තවත් කියවන්න යන්නෙ නැහැ. මෙතනින් එහාට සිදුවන කුතුහලය පිරි සිදුවීම් මාලාව නරඹන ඔබටම බාරයි.

Your Task Will Not Be An Easy One…   Your Enemy Is Well Trained,   Well Equipped, And Battle-Hardened.   He Will Fight Savagely…

★★Destiny Is All★★
★★සියල්ල දෛවයයි★★

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත්  සඳහා අදාළ වේ.

25,992 downloadsDownload Overlord-2018-br-update.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

25,992 downloadsDownload Subtitles72 KB

156 comments

  1. ranga1984

    Thanks saho . Wena mahansiya uparima agayanawa .

  2. jagath55

    Thanks

  3. sugath priyantha

    sub aka dunnata tanx machan.godak.mahansiwela thiyenawa.api wenuwen me karana deta pin machan.ela bs!

  4. Nimesh sasanka

    thnax saho..suba denakal blan hitiye

  5. ak

    Sub ekata thanks.Lipiyath niyami.Godak vatinawa.Jaya wewa!

  6. palithadesilva

    thankyou verymuch..

  7. dulan5520

    thanksss brooo

  8. Madura Lakshan

    Thanks

  9. chanux_roxx

    sub ekai specially ARTICLE ekatai godak thnkz bro

  10. Subhash13

    පට්ට මචන්

  11. Amila

    Thank You Brother ❤

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ඒ වගේම සුපිරි ලිපියටත්...
    ජයෙන් ජය.

  13. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට සහ විස්තරාත්මක ලිපියට ගොඩක් වටිනව ඒක.

  14. Thilina Chamara

    Thank you.honda lipiyak

  15. Lucifer94

    thanxs sahooo

  16. sumithpriyadarshana

    thanks sahooo

  17. B.N.Edirisinghe

    Niyamai bro oyage wisthara kirimanam..

  18. Sandaru

    Thanks for sub.good luck bro

  19. Mangala

    thanx

  20. anufranky

    thanks for the sub.

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  22. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata

  23. Thilankadissanayake

    me sub eka enakanmai hitiyei.hugak thanks .

  24. tharindu

    මරු බන් ලිපිය නං එල බ්‍රෝ

  25. Thisal

    thanks :)

  26. gihan perera

    නියම කතාවක් තියෙන්නෙ...පට්ට හැඳින්වීම...ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.

  27. akalankagayan

    Thnx .........

  28. Tharindu Katuwawala

    godak watinawa hadinweema sahodaraya.. bohoma sthuthi.. jaya wewa..

  29. asabee

    lipiya nam patta watinawa isuru malli..jayen jayama wewaa

  30. War_Prince

    Thnxs sub ekti artical ekatai dekatama

  31. 100

    Sub eakata thanks

  32. hegoda

    ඔබගේ හැඳින්වීම ඉතා අගනේය. එය දිග නැහැ. සවිස්තරාත්මකයි. වටිනා විස්කර රැසක්ම එහි අඩංගු වී තිබුනා. එම විස්තරයට ස්තූතියි. ඒවගේම උපසිරැසියටත් ස්තූතියි.

    1. Harsha523

      Good job.

  33. chamipriya

    thanks bro

  34. TEP

    Thanks for sub bro.

  35. HARSHANA9211

    Thanks machan....

  36. dinusha86231

    Thanks for the details

  37. trishansumudu

    Thanks mcn....

  38. salvatore

    Thanks for the subtle.....good job!!!!!!

  39. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  40. darshana100

    dirga pahadili kieimat goda k stuti saho jaya wewa

  41. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  42. Nirosh C

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!

  43. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  44. ඔෂද ධනංජය

    සහෝස්තූතියි සහෝ

  45. Kulanjana Maduranga

    supiri lipiyak..thanks...subatath thanks saho....

  46. Pradeepkumara

    Thanx saho

  47. AMP BANDARA

    Thank U Brother. me wenuwen obe kaalaya waya kireema gana hada piri sthuthiya. thawa podi illeemak widiyata puluwani nam "The Admiral 2008" , "Female Agents 2008" , "Panfilovs 28 men 2016" me tika api wenuwen sub ekak dennata puluwani the?

  48. චතුෂ තුෂර කුමාර

    සම්පූර්ණ ලිපියම කියෙව්වා... මම ලෝක යුධ සමයේ චිත්‍රපට බලන්න බොහොම ප්‍රිය කරන හින්දා මේකත් ඔන්න බාන්න දැම්මා... බොහොම ස්තූතියි උපසිරැසියට වගේම විස්තරාත්මක ලිපියට...

  49. gayanmagee

    thanks

  50. Dinesh Buddika

    thanks.............

Load more comments