Watch Trailer

May the Devil Take You (2018) AKA Sebelum Iblis Menjemput Sinhala Subtitles | යක්ෂයාගේ ගිවිසුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. බස්නාහිර පළාතට බල පැවෙත්වෙන ඇඳීරි නීතීය නිසා ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් දවසක් ඇතුලත උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනා. ඒ වගේම අපේ රටේ තවමත් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන නිසා හැමෝම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න කිය…

බයිස්කෝප් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. බස්නාහිර පළාතට බල පැවෙත්වෙන ඇඳීරි නීතීය නිසා ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් දවසක් ඇතුලත උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනා. ඒ වගේම අපේ රටේ තවමත් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන නිසා හැමෝම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ  පාර මම අරන් ආවේ 2018 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානු සලරුවක්. 6.0 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙන මෙය Horror\Mystery\Thriller යන කාණ්ඩ වලට වර්ගකරණයට ලක්වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Timo Tjahjanto නම් අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම Chelsea Islan, Pevita Pearce, Ray Sahetapy, Samo Rafael යන රංගන ශිලිපීන් මෙහි රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටයේ තවත් කොටසක් මේ වසරේ පෙබරවාරි මස 7 වෙනිදා  නිකුත් උනා, ඔයාලගේ ප්‍රතිචාර අනුව ඒකටත් උපසිරැසි දෙන්නම්.

ලෙස්මනා විජය, සාමාන්‍ය පවුලක ඉඳන් කෙටි කලකින් ව්‍යාපාරික ලෝකයේ බලවතෙක් උන කෙනෙක්. පොහොසතෙක් උනාට පස්සේ ඔහු තම පළමු විවාහයේ බිරිය සහ දරුවා අත ඇරලා දාලා හිටපු නිළියක්ව විවාහ කරගන්නවා. අවුරුදු ගාණකට පස්සේ ව්‍යාපාරික ලෝකයේ බලවතෙක් උන ලෙස්මනා බංකොලොත් වෙන්න පටන් ගන්නවා ඒත් එක්කම ඔහු අසනීප වෙලා මරණාසන්න තත්වයට පත් වෙනවා. වෛද්‍යවරුන්ටත් ඔහුගේ රෝගය ගැන නිශ්චිත පැහැදිලි කිරීමකට එන්න බැරි වෙනවා. ලෙස්මනා මරණාසන්න නිසා ඔහුගේ මුල් විවාහයේ දියණිය වන ඇල්ෆී සහ දෙවන විවාහයේ බිරිඳ සහ දරුවන් තිදෙනා ඔහුගේ දේපල ගැන තොරතුරු හොයනවා. අසනීප වෙන්න කලින් ලෙස්මනා වාසය කරපු ගෙදර අයිතිය ලැබිලා තියෙන්නේ ඇල්ෆීටයි. ඒ නිසා ඇය මේ ගෙදරට ඇවිත් බලන්න තීරණය කරනවා, ඒ එක්කම ලෙස්මනාගේ දෙවන විවාහයේ බිරියටත් මේ නිවස බලන්න ඕන වෙලා එහෙට එනවා. ඉතිං මේ හැමෝම නිවස විපරම් කරද්දි  බිම් තට්ටුවට යන දොර ඇණ ගහලා වහලා දාලා කියලා දකින්න ලැබෙනවා. ඒක ඇතුලේ මොනවා හරි වස්තුවක් ඇති කියලා මේ කට්ටිය අමාරුවෙන් මේ දොර ඇරලා බලනවා. නොදැන කරන මේ වැඩෙන් තමයි කතාව පටන් ගන්නේ. මේ දොර පිටිපස්සේ මොනවද තියෙන්නේ ? ලෙස්මනා මෙයාලගෙන් හංගන්න උත්සහ කරේ මොකක්ද ? මෙයාලට යහතින් මේ නිවසෙන් යන්න පුළුවන් වෙයිද ? මේ ඔක්කොටම පිළිතුරු චිත්‍රපටය අවසාන වෙද්දි ඔයාලට දැනගන්න පූළුවන්.

ඉතිං වෙනදා වගේම කියන්න තියෙන්නේ ඔයාලගේ යහපත්/අයහපත් ප්‍රතිචාර සහ ඉල්ලීම් පහළ කොමෙන්ට් බොක්ස් එකේ අකුරු කරගෙන යන්න කියලා තමයි. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන සිසිල ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔයාලත් රටේ නීතීයට ගරු කරලා පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. අපේ වෙබ් අඩවියේ ඔයාලට බලන්න ඕන තරම් චිත්‍රපට\ රූපවාහීනී කතා මාලා තියෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්නකෝ ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා…

තෙරුවන් සරණයි !

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WebRip පිටපත් සඳහා අදාළ වේ.

3,619 downloadsDownload May-the-Devil-Take-You-2018.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,619 downloadsDownload Subtitles21 KB

15 comments

  1. Shamal manojan

    උපසිරැසියට ස්තූතියි.

    Request ...

    The Crow: wicked prayer - 2005
    The Tag Along 2 - 2017
    The Tag Along 3 - 2018

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Antebellum (2020)
    His House (2020)
    Holidate (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

  4. Anonymous

    Thank you machan, mekatath sub eka dennako...."The SpongeBob Movie: Sponge on the Run"

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. lakshan

    thanks .......................

  7. Anonymous

    Meke 2 sub one

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sohan Jayasooriya

    මේ දවස් ටිකේ හොරර් ෆිල්ම් හොය හොය ඉන්නේ.. මේකත් දාගත්තා අයියෙ ඒනම් ලිස්ට් එකට... ස්තූතියි හොදේ සබ් එකට..

  10. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. chathu wijayarathna

    thank u sub ekata

  13. Nimesh

    May the davil take you 2 sub dennako
    dennako

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. Ishan Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට