Watch Trailer

Switched (2020) Sinhala Subtitles | අපූරු පටලැවිල්ල [සිංහල උපසිරැසි සමග]

ඔබ මෙතෙක් කල් ගතකරපු ජීවිත කාලයේදී කොයිතරම් වැරදි කරලා ඇත්ද? මම හිතන හැටියට නම් ගණන් කරන්න මතක නැති තරමට වැරදි කරලා ඇති නේද? ඒ වැරදි නිසා තව කීදෙනෙක්ට රිදෙන්න ඇත්ද? කීදෙනෙක්ට නම් ජීවිත කාලෙටම මකන්න බැරි කැළැල් ඇතිවෙන්න ඇත්ද? හැබැයි ඔයා මෙහෙම දේවල් වෙලා කියලා කිසිම දෙයක් දන්නේ නැහැ . මේ දේවල් කියාගෙ…

ඔබ මෙතෙක් කල් ගතකරපු ජීවිත කාලයේදී කොයිතරම් වැරදි කරලා ඇත්ද? මම හිතන හැටියට නම් ගණන් කරන්න මතක නැති තරමට වැරදි කරලා ඇති නේද? ඒ වැරදි නිසා තව කීදෙනෙක්ට රිදෙන්න ඇත්ද? කීදෙනෙක්ට නම් ජීවිත කාලෙටම මකන්න බැරි කැළැල් ඇතිවෙන්න ඇත්ද? හැබැයි ඔයා මෙහෙම දේවල් වෙලා කියලා කිසිම දෙයක් දන්නේ නැහැ .

මේ දේවල් කියාගෙන යනකොට ඇත්තටම මට මතක් වෙන්නේ 2017 දී තිරගත වුනු විජේ සේදුපති රංගනයෙන් දායක වන Puriyatha puthir නම් සිනමා පටය. හරි හරි ඔන්න කතාව මැද්දේ තවත් ෆිල්ම් පෙන්නනවනේ. හී……එහෙම තමයි අනේ දෙයක් කියන්න ගියාම තවත් දාහක් දේවල් කියවෙනවා අන්තිමට නතරවෙන්නේ වෙනම තැනක. හරියට අපි පේපර් එකක රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න ගියා වගේ මං කියන්න ඕනේ නෑ ඔයාලම දන්නවනේ ඒක මොනවගේද වෙන්නේ කියලා. දන්නේ නැත්තම් කමෙන්ට් එකක් දාන්නකෝ ඊළගේ ලිපියෙදී කියලා දෙන්නම්. හරි හරි අපි ආපහු කතාවට බහිමු. හැබැයි සොබාදහමෙන් නැත්තන් ඔයාට කියන්න පුළුවන් දෙවියන් විසින් කියලා: මේ ඔයා කරලා තියන නරක වැඩවල තරම ඔයාට තේරුම් කරලා දෙනවා. ඒක තේරුම් අරගෙන ඒ වැරදි හදාගන්න ඕනේ තමන්මයි.

හරි ඔන්න එහෙනම් ජීවිතය ජයගන්න වදනකුත් අරගෙන මාස 3 හමාරකට පස්සේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න හිතුවා. මුලින්ම සිසිල ප්‍රසාද් ස්තූති කරන්න ඕනේ මට මේ සිනමාපටය වෙන්කරලා දුන්නට. දෙවනියට සිසිල අයියගෙනුයි, ඇඩ්මින් මණ්ඩලයෙනුත්, අපේ වෙබ්අඩවියට ගොඩවෙන ඔබගෙනුත් සමාව ඉල්ලන්න ඕනේ මාස දෙකකටත් වඩා කාලයක් මේක පරක්කු වුනාට. මම මගේ හදපිරි සමාව ඉල්ලනවා ඒ ගැන. මුලින්ම ආපහු අතීතයට ගිහින් එමු මතකද 2006 දී තිරගත වුනු It’s a boy girl thing සිනමාපටය ඊටපස්සේ 2010 දී තිරගත වුනු The switch සිනමාපටය. 2020/11/02 දා මම ෆිල්ම් එකක් හොයන්න බයිස්කෝප් එකේ සැරිසරනකොට සෑම් සූරියආරච්චි සහෝදරයා විසින් උපසිරසි ගන්වලා තියන The switch සිනමාපටය වෙනුවෙන් සුදාර වික්‍රමනායක සහෝ දාගෙන ගිහින් තිබුනු කමෙන්ටුවක් මගේ ඇස ගැටුනා. ඒකේ තිබුනේ “Switched 2020 ෆිල්ම් එක ඇවිත් මාසයක් වගේ ඉක්මනට සබ් දෙන්නකෝ” කියලා. තවත් මේක ඉල්ලලා තියෙන්න ඇති ඒත් මම දැක්කේ මේක විතරයි. ඇත්තටම මේක පරක්කු වුනේ කොවිඩ්-19 ආපදාව නිසා ඔන්ලයින් ක්‍රමයට අපගේ විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ වීමත් සමඟ කාර්යබහුල වුනා. ඊටපස්සේ පෙරේදා අපේ නිවසම ස්වයං නිරෝධායනට ලක්කිරීමත් එක්ක මට මේක කරන්න නිවාඩුවක් හම්බුනා. ඔන්න ඉතින් බලන් හිටපු හැමෝටම අරගෙන ආවා.

2020 මැයි 20 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වීම් ඇරඹුනු මේ සිනමාපටයේ නිෂ්පාදන පිරිවැයවත්, ආදායමවත් මට හොයාගන්න නම් බැරිවුනා. සැප්තැම්බර් 04 වන දින අන්තර්ජාලයට මුදාහැරෙන මේ සලරුව Comedy,Drama,Family කාණ්ඩ වලට අයත් ඒවගේම IMDb සිනමා දර්ශකයේ 4.4 ක අගයකුත් Google පරිශීලකයන්ගේ 88%ප්‍රසාදයකුත් හම්බෙලා තියනවා. ධාවන කාලය මිනිත්තු 108ක් වන මෙහි අධ්‍යක්ෂණය John K.D. Graham නම් අධ්‍යක්ෂවරයා විසිනුත් තිරරචනය John K.D. Graham, Alexandra Boylan, Andrea M. Polnaszek යන තිදෙනාත් නිෂ්පාදනය Alexandra Boylan, John K.D. Graham, Andrea Polnaszek, John Thomas Schrad, Nicole Weider යන පිරිස විසින් සිදුකර තිබෙනවා.Madeleine byrne (කේටී), Miya horcher (කැසන්ඩ්‍රා) මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා .

මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේටී සහ කැසන්ඩ්‍රා දෙන්නම ඉගෙනගන්නේ එකම හයිස්කූල් එකේ. හැබැයි කේටී ගොඩක් ජනප්‍රිය කෙනෙක් ඒත් කැසන්ඩ්‍රා එහෙම නැහැ එයා පොතපතට වැඩිපුර කැමති කෙනෙක්. දවසක් මේ දෙන්නා අතරේ පොඩි පටලැවිල්ලක් වෙලා කේටී කැසන්ඩ්‍රාගේ ඇගට නරක් වුනු කිරි වගයක් හලලා ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍ය වලට දානවා. මේක දැනගත්තු කේටී හොඳටම තරහා ගිහින් රෑ නිදාගන්න කලින් දෙවියන්ට යාඥා කරලා දෙයක් ඉල්ලනවා. ඒ ඉල්ලන්නේ මොකක්ද? දෙවියෝ ඒකට ඇහුම්කන් දෙයිද? මේ දෙන්නා මේ පටලැවිල්ල විසඳගනීද? නැත්තන් තවත් මේක දුරදිග අරගෙන යයිද? මේවට පිලිතුරු හොයාගන්න නම් මේක බලන්නම වෙනවා.

ඇත්තටම මේක බැලුවායින් පස්සේ ඔයාට ඔයා ගැනත් අන් අය ගැනත් වෙනස්ම විදිහකට බලන්න පුළුවන් වෙයි. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි. ඔන්න එහෙනම් මම මෙච්චර ඔයාලව මේක බලන්න උනන්දු කළා. දැන් ඉතින් මේක බලන එක ඔයාලගේ වැඩක්….. බලලා අඩුපාඩු, අගය කිරීම් ගැන කමෙන්ටුවකුත් දාන්න අමතක කරන්න එපා..

“ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු සැමදෙනාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පිළිපදින්න. හැකිතරම් උණු වතුර පානය කරන ලෙසත් ඉල්ලමින් මම සමුගන්නවා”

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට ජයෙන් ජය…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,308 downloadsDownload Switched-2020.zip57 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

5,308 downloadsDownload Subtitles57 KB

25 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මේ දවස්වල හරිම කම්මැලියි හොඳ ෆිල්ම් නැතුව.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....

    1. Anonymous

      elama bro....

  2. Tharindra

    ස්වයං නිරෝධානයේ ප්‍රථිපල Negative වේවායි කියලා ප්‍රර්ථනා කරනවා මචෝ.....

    1. Anonymous

      Thanks bro...

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Anonymous

      ඔබටත් එසේම වේවා.....

  4. Udaya Fdo

    Thank you

    1. Anonymous

      elama...........

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Anonymous

      elama......

  6. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    1. Anonymous

      elama......

  7. Dreamer

    බොහොම ස්තූතියි

    1. Anonymous

      thanks bro...

  8. Mohomed Irshaad

    ලස්සන කතාවක්
    බොහොම හොඳට උපසිරැසි තිබෙනවා
    බොහොම ස්තූතියි

    1. Anonymous

      thanks brother.........

  9. jagath55

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      thanks royly ayiye.....

  11. subhash

    සබට ස්තූතියි... පරිස්සමින් වැඩ කරන්න....

  12. චතුර

    ස්තුතියි ඔබට කිසිම ගැටලුවක් ඇති නොවේවා සුවපත් වේවා!

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Anonymous

    Thanks bro

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Malith Samarawickrama

    Thanks for a sub