ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. අදත් මං ඔයාලව හමුවෙන්න තවත් ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.Vanilla Sky Abre los Ojos (Open Your Eyes) නම් 1997 තිරගත වුන ස්පාඥ්ඥ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි වැනිලා ස්කයි. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ඒම…

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම..
අදත් මං ඔයාලව හමුවෙන්න තවත් ජනප්‍රිය ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.Vanilla Sky Abre los Ojos (Open Your Eyes) නම් 1997 තිරගත වුන ස්පාඥ්ඥ චිත්‍රපටය ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි වැනිලා ස්කයි. මෙහි ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ඒම්ස් ලෙස රංගනයෙන් එක්වෙන්නේ හොලිවුඩයේ සුපිරි, ජනප්‍රිය නළුවෙක් වන Tom Cruise ය. Tom Cruise ක්‍රියාදාම චිත්‍රපට වගේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල චරිත නිරූපනයට බොහෝ කැමැත්තක් දක්වන අයෙක් විදිහට ප්‍රචලිතය. එවැනි චිත්‍රපට බොහොමයකට ඔහු නිෂ්පාදනයෙන්ද දායක වෙලා තියනවා. වැනිලා ස්කයි චිත්‍රපටයත් එවැනිම වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් හරි මං කියන එක හරි නැහැ. මේ චිත්‍රපටයේ තියන රසය, කුතුහලය බලන කෙනාටම දැනෙන්න හරිමු.
මෙම චිත්‍රපටයේ Tom Cruiseට අමතරව තවත් දක්ෂ ජනප්‍රිය රංඟන ශිල්පීන් බොහොමයක් රංඟනයෙන් දායක වෙනවා. ඒ අතර Penélope Cruz, Cameron Diaz, Kurt Russell, Jason Lee සහ Noah Taylor එකතු වෙනවා. චිත්‍රපටයේ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණය Cameron Crowe විසිනි. නිෂ්පාදනයෙන් චිත්‍රපටයේ ප්‍රධාන නළු Tom Cruise, හොලිවුඩයේ බලවත්ම කාන්තාව ලෙස විරුදාවලිය ලත් Paula Wagner සමග Cameron Crowe ය. කැමරාකරණය John Toll සහ සංස්කරණය Joe Hutshing සහ Mark Livolsi විසිනි. සංගීතය Nancy Wilson ය. Paramount Pictures සමාගමේ බෙදාහැරීමක් වන වැනිලා ස්කයි, 2001 දෙසැම්බර් 14 වන දා මුලින්ම තිරගත වී ඇත. විනාඩි 137ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ.ඩොලර් මිලියන 68ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 203.4ක් පමණ වේ.
චිත්‍රපටය සඳහා IMDb අගය 6.9ක් සහ Rotten Tomatoes 42%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,124 downloadsDownload Vanilla-Sky-2001.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
20 comments
නිරෝෂ්
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි නිරෝෂ් සහෝදරයා..
ඉස්සඉස්සෙල්ලම ඔයාගෙන් අහගෙන සබ් හදන්න පටන්ගත්ත පාර තමයි මෙච්චර දුරක් ආවේ..
අමතක නෑ කවදාවත්..
බොහොම ස්තූතියි නිරෝෂ් ගුණසේකර සහෝදරයා..
Sohan Jayasooriya
එදා චැට් එකේ අහද්දිම දැනගත්තා ඔයාගෙන් මේකට සබ් හම්බෙනවා කියලා.. ලිස්ට් එකට දාගත්තා අයියෙ එහෙනම් හොඳේ.. ගොඩක් ස්තූතියි සබ් එකට...
Indika
බොහෝම ස්තූතියි. හුග කාලයක් තිස්සෙ බලන් හිටපු ෆිල්ම් එකක්.
ජය වේවා!Anjana
meekata sub daanakan godak kal balan hitiya.Lot of thanks for sub...
indika75
thanks..
Anonymous
hoda mkakdaa
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි...
Request...
Manhunter - 1986
Hannibal - 2001
Red Dragon - 2002
Hannibal Rising - 2007Pramukmili
Thanx bro...............
ishan
thanx machn sub ekata
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhasura
Machan meka subtitle lap eken ganna ba..
Airtel add kotiyak witara watenawa
Wadihitiyanta wenwuuwak kiyana eke subtitle ganna kiyana eka click karannama ba,airtel add waren awa..ai bn a?
Wadakma ba shitttBuddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chandimal Kariyapperuma
Thanks for the sub. Keep up.
කවිඳු ජයවර්ධන
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.දිගටම පැරණි ඉංග්‍රීසි චිත්‍රපටි වලට සබ් දෙන්න..ඔබට ජය..!!!
D Galahad
Thank U
Rishantha
Thanks Roshan
Manu
Godak Sthuthi..Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vanilla Sky (2001) Sinhala Subtitles | සිහිනයක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/Vanilla-Sky-2001.jpg)
රොෂාන්ගෙ වැඩක්නෙ..හොඳ චිත්‍රපටියක්,සිංහල සබ් එක්ක ආයෙ බලමු.ජයවේවා!