ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියල…

ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක ගැන දැනගන්න ලැබුණේ. විස්තර හොයලා බලනකොට 2017 වසරේ නිකුත් වුන හොඳම මලයාලම් චිත්‍රපට වලින් එකක්.
2017 දෙසැම්බර් 22 තිරගතකිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aashiq Abu විසින්. ඔහුත් සමග එක්ව Santhosh T. Kuruvilla නිෂ්පාදනයට දායකත්වය දක්වා තිබෙනවා. මෑතක නිකුත් වුන Parava චිත්‍රපටය ඇතුලුව චිත්‍රපට ගණනාවකට සංගීතය සපයා ඇති Rex Vijayan විසින් සංගීතය සපයා තිබෙනවා. චිත්‍රපටය පුරාම අපූරු නාද රටාවන් අසන්නට පුලුවන් වේවි. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත සියල්ලම වාගේ අතිශය ජනප්‍රිය වුනා. මෙහි එන ප්‍රධාන චරිත දෙක තමයි මැතිව් සහ අපර්ණා. මැතිව් ලෙස Tovino Thomas සහ අපර්ණා ලෙස Njandukalude Nattil Oridavela සිනමා පටයෙන් සිනමා දිවිය ඇරඹු Aishwarya Lekshmi රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
මැතිව් කියන්නේ කාත් කවුරුත් නැති, ජීවත් වෙන්න පොඩි පොඩි ගේම් දිදී ඉන්න කෙනෙක්. අපර්ණා කියන්නේ නිළියක් වෙන්න හීන දකිමින්, උත්සව මෙහෙයවීම් කරලා සල්ලි හොයාගෙන තමන්ගේ අම්මාවත් මල්ලිවත් බලාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මැතිව් කියන්නේ ඉගෙන ගන්න කාලේ අපර්ණාගේ කොලේජ් එකේ හිටිය සීනියර් කෙනෙක්. ඉතින් මෙයා සීනියර්ගේ දැලට අහුවෙලා කාලයක් යද්දී එයාගේ යාලුවෙක්ව කොලේජ් එකට දාගන්න මැතිව්ට සල්ලි වගයක් දෙනවා. ඒ වුනාට මැතිව්ට වැඩේ කරගන්න බැරි වෙනවා. එතනින් ඇති වෙන හිත් අමණාප කමක් නිසාවෙන් අපර්ණා, මැතිව් එක්ක විරසක වෙනවා. එතනින් පස්සේ සිදුවන දේවල් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ. තමන්ගේ ආදරය යලි දිනා ගන්නට මැතිව් දරණ උත්සාහයත්, ජීවිතේ ගොඩ දාගන්න කරන වෑයමත්, පොඩි ගේමක් දෙන්න ගිහින් සිදුවූ අත්වැරැද්දක් නිසාවෙන් පසු පස හඹා එන පොලිසියෙන් බේරී, ජීවිතේ පිළිවෙලක් කරගන්න මැතිව්ස් දරන උත්සාහය මේකෙන් බලාගන්න පුලුවන්.
65 වන ෆිල්ම් ෆෙයාර් (දකුණු ඉන්දියානු) සම්මාණ උළෙලේදී හොඳම නළුවා (විචාරක) ලෙසින් Tovino Thomas සම්මාණයට පාත්‍ර වුනා. මෙම චිත්‍රපටය වෙනුවෙන් Rex Vijayan හට හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මාණය හිමි වෙද්දී “Mizhiyil” ගීතය වෙනුවෙන් හොඳම පද රචනයට හිමි සම්මාණය දිනා ගන්නට Anwar Ali හට හැකියාව ලැබුණා. ඒ ටිකම මදෑ ෆිලුම බලන්න. 😛 මලයාලම් රසිකයෝ නම් අනිවාර්යයෙන් බලනවා කියලා දන්නවා. අනිත් අයටත් බලන්න කියලා ආරාධනා කරනවා.
මේ චිත්‍රපටයට ඉංග්‍රීසි හාඩ් සබ් තමයි ඇවිත් තිබ්බේ. ඒ නිසා වෙනත් භාෂාවකින් කරලා තිබ්බ සබ් එකක කාළ රාමු අරගෙන ඒකෙත් අඩුපාඩු හදාගෙන තමයි සබ් එක කරේ. සම්මාණ ලබන්නට තරම් සංගීතයක් මේකේ තිබ්බත් හාඩ් සබ් එකේ සින්දු ටිකට ඉංග්‍රීසි සබ් තිබ්බේ නෑ. සින්දු වල ඉංග්‍රීසි පරිවර්ථනයක් හොයාගෙන ඒවට කාළ රාමු අලුතෙන්ම හදලා තමයි සින්දු ටික පරිවර්ථනය කරේ. ඒ නිසා හිතුවට වඩා පොඩි කාලයක් ගත වුනා. තව දෙයක්, පොඩි පොඩි දර්ශන කීපයක් නිසා පවුලේ අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා එක්ක බලන එක එතරම්ම නුවණට හුරු දෙයක් නෙවෙයි. 😛 උපසිරැසිය ගන්න ගමන් අදහසක් පළකරගෙන යන්න කියලත් මතක් කරනවා.
තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB HD පිටපත් සඳහා අදාළ වේ.
17,354 downloadsDownload Mayaanadhi-2017.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
81 comments
කැලුම් ගුණසේකර
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!dinisuru yapa
Parmanu: The Story of Pokhran menna mekatath sub eka dennako
නවින් නිසල්
අම්මෝ තැන්කිව්.. එනකම් බලාගෙන ඉදියේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
thilina86
Thank you so much bro. Nice one keep up the good work.
ThilinaDinelka
Thank You for Sub.....දිගටම මලයාලම් සබ් දෙන්න ....ජය වේවා....!
Naween Lakshan
Sub ekata thanks bro !!!!
ThilinaDinelka
දන් නිවාඩු කාලේ එන නිසා #මලයාලම් ෆිල්ම්ස් වල දිගටම සබ් දෙන්න අයියේ (සදේ).........ජය වේවා...!
ThilinaDinelka
#Rex Vijayan ගේ music නම් ,එලම තමා...
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Thari_lakmal
Thanks for the sub..!
Kovidu
ඉස්සරහටත් මලයාලම් දෙන්න සහෝ, බොහොමත්ම ස්තූතියි පැටලිලි අරවගෙන පිලිවෙලට සබ් එක ගෙනාවට, ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා, එකෙන්ම ජය...!!!!! ස්තූතියි ...........
Sachin135
නියමයි .... තව subtitles දිගටම දෙන්න...
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata hida movie ekak wagee..
chamithmadhushka
tnxx
Sajmadu
The gril with Dragon tattoo 2011 karanna berida
Dadda
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
oshanda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
rangika Kariyawasam
සඳා නියමයි බං.සුපිරිම ෆිලුමක් .නියමෙට සබ කරලා. මලයාලමි රසිකයින් වන අපි අමතක කරන්න එපා.දිගටම සබ දෙන්න .ජය වේවා..
gihan perera
නියමයි සහෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Sajiya99
Thanks macho
Thawa thawath sub denna sakthiya lebewaChathu_OO
\\මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ.//
ඉතින් මම ගියා මොකක්ද මේ “ශසිත් සඳරුවන් (සඳේ)” කරපු එකම මලයාලම් එක බලන්ට කියලා...
බැලින්නම් හැමදාම උපසිරැසි බාගෙන අදහස් දාන්නේ නැතුව යන මමත් ඒකට අදහසක් දාලා...
මේකත් පට්ට වගේ...
ඉක්මණටම බලන්නම්කෝ...rukshan456
තෙළිගු ෆිල්ම් වලට ඇබ්බහි වෙලා හිටිය කෙනෙක් එක පාරම මලයාලම් වලට ආවනම් අනිවාර්යෙන්ම අහසින් පොලවට බැස්ස වගේ හැගීමක් දැනෙනව ඇති සහොදරය. හරියට පොලවෙ පයගහල සමජය දිහා බලාගෙන ඉන්නව වගේ.
ස්තුතියි ගොඩක් ලස්සන සලෙලරුවක් මේකනම්lahirulg
මලයාලම් film එකක් බැලුවේ නෑ සැහෙන දවසකින්... බොහොම ස්තූතියි සබ් එකට
sooriyapatabadige
Sub ekata thanks.......... (ABCD 2013 MALAYALAM ) film ekata sub dennako please.............................................
mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
C lakmal
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
jstar
brilliant work bro thanks a lot more
kasun-kavinda
ela wadak superb
akila19960111
vunnadhi okate zindagi (voz) subtitles eka denna puluwanda mcn??
kumaradasa
sub ekata bohoma stutie.api wanuwan karana kapa wema godak agayanawa
Udaya Saman
බොහෝම ස්තුතියි සහෝ!!
Chami.S
Thanks..
Good Luck..[email protected]
Elaaaa
samindabe
Thanks for the sub shasith !!
Great work.. Jaya !Shehan Pramuditha
thanks bro
Nuwanb91
Thank u
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයViraj
sub ekata thanks saho.. jaya wewa!!
Aruna Amarasinghe
thanks sahodaraya...
pulasthisk
මලයාලම් චිත්‍රපට වලට දිගටම සබ් දෙන්න බොහොම ස්තුතියි.
deshiHapugoda
Thanks niyamaai
mano3989
thankz sub ekata.malayalam nam aniwa balanawa
N_R
Thanks.
Anonymous
09099887
phone no
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Dewadithya
Thanks for sub
chathurangi93
harima lassana film1k. Ath awasanaya nm tikak dukai. Mekata sub1 genawata gdaaaaaak thankz. Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Mayaanadhi (2017) Sinhala Subtitles |මායා නදිය…! [සිංහල උපසිරැසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/mayanadhi.jpg)

බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.