කොහොමද කට්ටිය!! කලිං චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!! මේ පාර ගෙනාවෙ ඇනිමේෂන් එකක් නෙවෙයි. මේ පාර ගෙනාවා හොල්මන් ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙන් හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් ෆිල්ම් එකක් කිව්වට මේක මේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්න එකක් නෙවෙයි. කොටින්ම මේ ෆිල්ම් එකෙන් Annabelle , The Conjuring 2 (20…

කොහොමද කට්ටිය!! කලිං චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!! මේ පාර ගෙනාවෙ ඇනිමේෂන් එකක් නෙවෙයි. මේ පාර ගෙනාවා හොල්මන් ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙන් හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් ෆිල්ම් එකක් කිව්වට මේක මේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්න එකක් නෙවෙයි. කොටින්ම මේ ෆිල්ම් එකෙන් Annabelle , The Conjuring 2 (2016) වගේ චිත්‍රපටි වලින් ගත්ත ෆීලිං එකක් ගන්න බෑ. හැබැයි ඒක වෙනම පැත්තක්. මේ චිත්‍රපටියෙ තියෙන්නේ තවත් පැත්තක්. අවසාන වෙනකල් කුතුහලයක් එකක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
අපි පොඩ්ඩක් චිත්‍රපටිය ගැන බලමු. Horror ගණයට අයත් මේ ෆිල්ම් එකට 5.7ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම Google පරිශීලක මනාප 74%ක් ලැබිලා තියෙනවා. 2017 අප්‍රේල් 27 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Akiva Goldsman විසින්. Winter’s Tale (2014) චිත්‍රපටිය ඔයාලට හම්බ වෙලා ඇති බයිස්කෝප් එකෙන්. අන්න ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයා තමයි. චිත්‍රපටිය පැය 01 විනාඩි 26ක කාලයක් ධාවනය වෙනවා. තව මේකෙ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ Shree Crooks කියන ළමා නිලිය. ඒ වගේම Captain America: Civil War චිත්‍රපටියෙන් අපිට හම්බ වුන Frank Grillo , වගේම Anna Torv කියන අයත් රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට හැරෙනව නම් ස්ටෙෆනී කියලා පොඩි ළමයෙක් ඉන්නවා. ෆිල්ම් එක පටන් ගන්න තැන මෙයා ඉන්නෙ තනියම. එයාගෙ බෝනික්කා විතරයි එයාට කතා කරන්න ඉන්නේ. මෙයාගෙ දෙමව්පියෝ මෙයාව දාලා කෙහේ හරි ගිහිං තමයි තියෙන්නේ. ඒ අතරෙ ලෝකෙ පුරාම මොකක් හරි දෙයක් සිද්ද වෙනවා. ඒක ටීවි එකේ නිව්ස් වලට විතරයි කියන්නේ. මෙයා මෙහෙමෙ ඉන්නකොට එයාගෙ ගේ ඇතුලෙ එක එක දේවල් සිද්ද වෙනවා. මොකෙක් හරි අමුතු විදියෙ සතෙක් තමයි මේවා කරන්නේ. ඉතිං මෙ පොඩි ගෑනු ළමයා අර ගෙදර සිද්ද වෙන එක එකදේවල් එකක් ඉන්නකොට එයාගෙ අම්මයි තාත්තයි ආපහු එනවා මෙයාව බේර ගන්න.එයාව අර සතාගෙන් බේර ගන්න එක තමයි මේකෙදි සිද්ද වෙන්නේ. අම්මටයි තාත්තටයි එයාලගෙ දුවව බේර ගන්න පුළුවන්ද අර සතා කොයි වගේ සතෙක්ද කියන එක චිත්‍රපටිය බලලම දැන ගන්න කියලා ආරාධනා කරනවා.
වැඩිදුර — මම කියලා තියෙන විස්තරේ පොඩි පොඩි වෙනස්කම් එක්ක තමයි සිද්ද වෙන්නේ. ඒ ටිකත් පැහැදිලි කළොත් මේක බලන ඒකේ තේරුමක් නැතිවෙන නිසා බලලම දැන ගන්න කියලා ඉල්ලනවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.
2,929 downloadsDownload Stephanie-2017.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් මදුසංක (බුගී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් මදුසංක (බුගී)
Subtitles
22 comments
Tharaka
Hashan M. Priyadarshana
තෑන්කස් බ්රෝ සබ් එකට..
ජය වේවා!gihan perera
ගොඩක් ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...මේ දවස් වල උපසිරැසි දානවා අඩුයිනෙ සහෝ...කමක් නෑ නවත්තන් නැතුව දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝදර සහොදරියො ඔක්කොමලා....ජය වෙිවා.........
jayan_madushan
එළ..
Mission impissible : fall out එකේ. සබ් එක ඕනේ..Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nuwan Mihiraj
Thanks for the subtitle.good work.Please keep it up.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
AsithaDilruwan
Ela saho thanks
A.P Dissanayake
බොහොම ස්තූතියි....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!harshani11112
ස්තුති රොෂාන් සහො ......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයදිල්ශාන් සචින්ත
එල අහ්
yashoda rashmika
daphnie kiyala film ekak thiyenawa ekata sub eka dennako.
Udara Damith Dissanayaka
ස්තූකියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Lakshan1327
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!