Mean Girls (2004) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවනේ. හා හා පුරා කියලා මේක මගේ පලවෙනිම සබ් එක. මේ ෆිලුම මට ඇසගැටුනේ අහම්බෙන් වගේ. බයිස්කෝප් අඩවියේ සැරිසරන අතරතුර “මේවාත් බැලුවද?” කියන තීරුවේ තමයි මේක තියනවා මම දැක්කේ. මේකට සබ් එක කරලා තිබුනේ නෑ. ඉතින් සබක් කොටන්න දැඩි උණකින් හිටිය නිස…

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාලුවනේ. හා හා පුරා කියලා මේක මගේ පලවෙනිම සබ් එක. මේ ෆිලුම මට ඇසගැටුනේ අහම්බෙන් වගේ. බයිස්කෝප් අඩවියේ සැරිසරන අතරතුර “මේවාත් බැලුවද?” කියන තීරුවේ තමයි මේක තියනවා මම දැක්කේ. මේකට සබ් එක කරලා තිබුනේ නෑ. ඉතින් සබක් කොටන්න දැඩි උණකින් හිටිය නිසා මේක කරන්න ආසා හිතුනා. හප්පේ කරන් යද්දි තමයි රඟේ තේරුනේ. Mean Girls (2004) Sinhala Subtitles
ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්. Mean Girls (2004) Sinhala Subtitles
මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.
IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66% ක Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ. Mean Girls (2004) Sinhala Subtitles
ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ. Mean Girls (2004) Sinhala Subtitles
ඉතින් මට මේක පරිවර්තනය කරගන්න බැරුව ඇනිලා ඇඬිලා ඉද්දි, මට මේක කරගන්න උදව් කලේ මගෙ අයියා අනුරුද්ධ. ඉතින් එයාටත් ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. තෑන්ක්ස් Brother.
මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.
එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. මගෙ පලවෙනි සබ නිසා අඩුපාඩු නම් ඇති. හෑල්ල ටිකක් දිග වැඩි උනාද මන්දා. නෑ නේද… එහෙනම් හොඳ නරක කියලා කමෙන්ටුවකුත් පුලුවන් නම් දාගෙන යන්න යාලුවනේ. බයිස්කෝප්වාසී සියල්ලන්ට ජය…!!!
…It’s So Fetch… Mean Girls (2004) Sinhala Subtitles
2010 ජනවාරි 21 උදාන විජේසූරිය සොහොයුරා විසින් පල කළ ලිපිය
“තරුණ කෙල්ලො වසයි” කියනවනෙ. මෙන්න ඒකට හොඳම උදාහරණය… Mean Girls. අපි හැමෝම ඉතා හොඳින් අඳුනන සුරූපී නිලි Lindsay Lohan තමයි මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. මෙම චිත්‍රපටය වඩාත් නැරඹිය යුත්තේ ගැහණු ලමයි වුනත්, කොල්ලොත් මේක නැරඹුවොත් තමා හොඳ. ඒ මොකද කියනවනම් කොල්ලො නැති තැන කෙල්ලො කොච්චර ගහමරා ගන්නවද කියල බලාගන්න පුලුවන්.
මෙම කතාව ඇරඹෙන්නෙ Cady Heron (Lindsay Lohan) අලුත් පාසලකට ඇතුලුවෙන මොහොතකිනුයි. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල හැමෝටම හිතාගන්න පුලුවන්නේද ? ඔව් ඔව් Cadyට හොඳම හොඳ යහලුවන් වගේම ඉතා නරක ලමයිනුත් ආශ්‍රය කරන්න හම්බවෙනවා. Cady ඉස්සරහපිටදි හොඳ මූණ පෙන්නලා, නැතිතැන බෙල්ල කපන්න වුනත් ලැහැස්ති කෙල්ලො ගොඩක් එක්ක තමයි Cadyට ඉගෙනගන්න වෙන්නෙ. කරුණු කාරණා ඔහොම තියෙද්දි තමයි මෙන්න මේ කථාව මැද්දට Aaron Samuels කියන තරුණ කොල්ලා ඇතුළුවෙන්නෙ. මෙයා එසේ මෙසේ කොල්ලෙක් නෙමේ, පාසලෙ සෑම කෙල්ලෙක්ම වගේ ඇහැගහන් ඉන්න කොල්ලෙක්. කථාවෙ ඉතුරු ටික මම කිව්වොත් වැඩක් නැති වෙනවනෙ. ඒ හින්ද ඊට පස්සෙ මොකද වුනේ කියල ඔය ගොල්ලොම බලන්න. Cadyට Aaron Samuelsව ලබාගන්න පුළුවන් වෙයිද ? අනෙක් කෙල්ලො මොනා හිතයිද ? මොනා කරයිද ? මොන මොන කරදරවලට මූණදෙන්න වෙයිද ? බලන්න… රස විඳින්න.
ගෑණු ලමයි මාත් එක්ක තරහවෙන්න එපා හොඳේ. ඔයගොල්ලො මේ චිත්‍රපටය නරඹලා, ඒකෙන් ජීවිතයට යමක් ඉගෙනගත්තොත්, ඒ මට ලොකු දෙයක් වේවි.
ලිපිය – උදාන විජේසූරිය
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස BluRay පිටපත් සඳහා ආදාළ වේ.
5,352 downloadsDownload Mean.Girls_.2004.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mean Girls (2004) Sinhala Subtitles
Subtitles by
සුදර්ශන (King Suu)
Subtitles
63 comments
Manula Nayanatharu
buddhika
balamu
ඉන්දික
මේවට මම ටිකක් කැමතියි බලන්න හොද චිත්තරපටියක් හම්බඅනෙත් නැති එකේ බාලම බලමුකෝ
Gayantha
බෑවෙන්න දැම්මා.. බාලම බලමු.. :)
Yaj
test
රන්දික පෙරේරා
ගෙදර ආ ගමන් බයිස්කෝප් ආවා...
අපේ බයිස්කෝප් දැන් අලුත් වෙලා, ගුරු,ගෝල,රොයිලි හා අනෙකුත් බයිස්කෝප් සෙට් එක දැන් පරණ බයිස්කෝප් ඇඳුමට ආයිබෝවන් කියලා මෙන්න අලුත්ම තාලේ ඇදුමක් අන්දලා... ම් ම් ම්
නියමයි...@උදාන විජේසූරිය තෑන්ක්ස් ;)
ජය වේවා...!!!
Dinushka Udara | රොකියා
අලුත් ඇඳුමනම් හොඳයි. නමුත් කට්ටියට සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවනම් ටිකක් වැඩියි. මමනම් හිතනනෙ තිබුන එක හොඳයි. ඒක වඩා වේගවත්. මේකෙ ලෝඩ් වෙන්න කැලි බැලි වැඩි නිසා අවුල වගේ. අනිත් එක මේ සයිට් එක මොබයිල් වලින් බලන අයටත් මේක කනේ පාරක් වහේ.
zoniczz
පිස්සු හැදෙනවානෙ..එල එල..දැන්නම් නියම look එකක් තියෙන්නෙ..හැබැයි පොඩ්ඩක් හුරු නෑ නෑ වගේ...ට්ක දවක් යද්දි set වෙයි :D
රොයිලි
@ Dinushka Udara | රොකියා,
පුලුවම් තරම් කෑලි බෑලි අඩු කරලා තමයි මචෝ ඇන්ඳුවේ. :)
අපේ පොතේ ගුරා සහෝදරයත් මොබයිල් එකෙන් තමයි බන් දැන් වැඩිපුර එන්නේ. පොර එන එක නවතිනවනම් ඒකත් එලට තියෙයි නොවැ. :P. පොරම තමා මචෝ ඇඳුම තේරුවේ.@ zoniczz,
ටික දවසක් යද්දි හුරු වෙයි මචෝ. :)anthr6x
ආහ්... බයිස්කෝප් මස්සිනා... තීම් එකත් අලුත් වෙලා, වැඩ කෑලිත් වැඩි වෙලා, එක කෙලියක් වෙලා.. මල් හතයි ආ...
සරදියල්
නියම ෆිල්ම් එකක් වගේ උදාන සහෝට ස්තූතියි....
අහ්හා මේ මැක්සා ඇදුමකුත් අන්දෝලා තියෙන්නේ..
මේ ඉන්නෙ දැන් Sexy කෑල්ල වගේ :Dmaneesh
අලුත් look එක නම් මරු....උපරිමයි........
ගෝලයා
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් !!! වැඩේ නම් එළකිරි !!
පසුව ලියමි : අනේ මට මේ දවස් වල අම්බ බිසී. හරි හමන් කොමෙන්ටුවක් පස්සෙ දාන්නම්.Chathu
Shaaah....aluth idea eka nam niyamai.....
නුමේෂ් ඩිලූෂ
hmmm hoda hoda mamath baaaami tnx hodeeee
Supun Bandara
math baawenna damma.
danushan
බ්යිස්කෝප් එකේ ලස්සන දැන්.
මල්$han
මල් 777i ne....
anthr6x
හොද චිත්තරපටිය. ඊයෙ රෑ බැලුව. තැංකූ..
Uraj Deemantha
මට නොව අරයා වෙනුවෙන් බාමි.....!! :P
Dar[K]
ela ela
MK
ahalanam tiyenawa balalanam ne tama
vidura
බාලා බලමු
Dilshan
Mean girls 2 ada dunna nisa 1st 1th adama download karanawa hode.....
Shashi Fernando
kammaliiiiiiiiiii
Nishan Dhanushka Samaranayaka
Mean Girls 2004 eke Subtitle dannako..... Oyalage wade nam niyamai... Gd luck...!!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Darshaka
Sub Eka Deepan Ban. Nethuwa Mewa Kohoma Balannada
asanka
mean girl movie 1 sinhala subtitle nadda?
thilanga
ko nane
Malshan12
කෝ ඕයි subtitles ?
amrsba
ko nane
kasun senevirathne
Koo yako sub...????
Lakshan999
Ko sub aka
himasi_perera
Meke subtitle dennako
rasika213
meeke sub koheda
Buddhika chamara
✌️
fuckzz
ko sub aka
dilshup
ko mewage sub na ne.. kalin movies wagayakuth search kala ewageth sub nane...
dilshup
sub na ne ?
dulaj143
ko bn sub
dulaj143
ko bn sub ,link eka nane
Supunshalika
Sub ek ne
Sithija tharuka
Sub ko oi?
Lakshansilva18
Sub plz
Anonymous
sub eka nedda
Sithum
Subtitles nane download karaganne kohonada
Nikiya
Sub ඕනේ ❤️
Nikiya
Sub ඕනේ ❤️
Anonymous
Sub eka nane
Lakshansilva18
sub dennako
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ ෆිල්ම් එකේ දෙවන කොටසටත් සබ් දෙන්න පුළුවන්ද?
Mean Girls 2 - 2011
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Udema awa.... GOOD MORNING to all.... Ela film 1kak wage.... Balam balamu.....