Jawan (2023) Sinhala Subtitles ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට 2023 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය ඔබ වෙත අරගෙන එන්නයි මේ සූදානම. ටිකක් පරක්කු උනා තමයි… පමාවට සමාව ඉල්ලන ගමන් වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට යමු..! බොලිවුඩයේ කිං කාන් ශාරුක් කාන්ගේ මේ වසරේ නිකුත් වන දෙවන චිත්‍රපටය ලෙසින් ජවාන් ච…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාට 2023 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය ඔබ වෙත අරගෙන එන්නයි මේ සූදානම. ටිකක් පරක්කු උනා තමයි… පමාවට සමාව ඉල්ලන ගමන් වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට යමු..!
බොලිවුඩයේ කිං කාන් ශාරුක් කාන්ගේ මේ වසරේ නිකුත් වන දෙවන චිත්‍රපටය ලෙසින් ජවාන් චිත්‍රපටය පසුගිය සැප්තැම්බර් 7 වනදා සිට තිරගතවීම ආරම්භ කරන ලද අතර මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා දිවියේ බොක්ස් ඔෆිස් ආදායම අතින් සාර්ථකම චිත්‍රපටය බවට පත් වන්නට අද දිනය වනවිට සමත් වෙලා තිබෙනවා. චිත්‍රපටයේ ආරම්භයට ගියොත්, නිෂ්පාදන කටයුතු ආරම්භ වන්නේ 2021 අවුරුද්දේ ඉඳන්, ඊටත් පෙර සිටම සිනමාලෝලීන් අතර කතාබහ මේ පිලිබඳ ඇති වූයේ ජනප්‍රිය දමිල චිත්‍රපට අධ්‍යක්ෂක ඇට්ලී කුමාර් ශාරුක් කාන් හමුවීමට අයි.පී.එල්. තරඟයකට පැමිණි අවස්ථාවේ දී එය මාධ්‍ය කැමරා කාචයට හසුවීමත් සමගයි. එතැන් පටන් ශාරුක් ඔහු සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන රාවය බව සිනමාලෝලීන් අතර කුතුහලයක් ඇති කරන්නට වූවා.
කෙසේ වෙතත් පසුව ඇට්ලි අධ්‍යක්ෂණය කල දමිල නළු විජේගේ බිගිල් චිත්‍රපටය ප්‍රචාරණය සඳහා සැරිසරන අතරතුර ඇට්ලි විසින් තමන් ශාරුක් සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව තහවරු කර සිටියා. ඒ වනවිටත් එහි පිටපතේ සහ පෙර නිෂ්පාදන කටයුතු නිහඬවම ආරාම්භ කර තිබුණු අතර, කොරෝනා සමයෙන් පසුව රූගත කිරීම් 2021 වසරේ පූනේ ශාන්ත තූකාරාම් මෙට්‍රෝ ස්ටේෂන් හි (Sant Tukaram Nagar metro station) සිට ඇරඹෙනවා. ශාරුක් සහ ඔහුගේ බිරිඳට අයත් Red Chillis Entertainment ආයතනය යටතේ එහි නිෂ්පාදන කටයුතු මෙහෙයවීමෙන්, ඉන්දියානු රුපියල් කෝටි 300ක පිරිවැයක් යට කරමින් ජවාන් චිත්‍රපටය නිෂ්පාදනය වනවා. චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු පූනේ මෙට්‍රෝ, මුම්බායි, හයිදරාබාද්, චෙන්නායි, රාජස්ථාන්, මුම්බායි හි Bandra–Worli Sea Link, සහ යාෂ් රාජ් ස්ටුඩියෝ ඇතුළු ස්ථාන රැසකදී සිදු කොට තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ශාරුක් කාන් සමගින් දමිල සිනමාවේ සුපිරි තරුව, සුරූපී නිලි නයන්තාරා එක්වන අතර ඇයත් සමගින් සහය චරිත සඳහා ශාරුක් සමග චෙන්නායි එක්ස්ප්‍රස්හි 1,2,3,4, ගීතය සදහා ආරාධිත රංගනයෙන් එක්වූ ප්‍රියාමනි එක්වන අතර චිත්‍රපටයේ කැපී පෙනෙන සහය රංගනයෙන් එක්වූ තරුණියන්ගේ කණ්ඩායමට සාන්‍යා මල්හෝත්‍රා, සංජීතා භාට්ටචාරියා, ගිරීජා ඕආක්, ලෙහෙර් කාන් සහ ආලියා කුරේෂි පණ පොවනවා. ඊට අමතරව සුනිල් ග්‍රෝවර්, එජාස් කාන්, රිද්ධි දොගාරා, ඇතුළු නළු නිලියන් රැසක් මේ සඳහා සහය රංගනයෙන් එක්වනවා.

චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතය සඳහා විජේ සේතුපති රංගනයෙන් එක්වන අතර මෙය ඔහුගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වනවා. ශාරුක් කාන් සමග කරට කර රංගනයක සහ ප්‍රතිවීර චරිතයක් වශයෙන් එයට උපරිම සාධාරණය ඉටු කරන්නට විජේ සේතුපති සමත් වන අතර ඔහුගේ රංගනය විචාරක පැසසුමටද ලක්වූවා. එමෙන්ම ආරාධිත රංගනයෙන් දීපිකා පදුකෝන් සහ සන්ජේ දත් එක්වන අතර දීපිකා පදුකෝන් රංගනයෙන් එක්වූ කොටස ඉතාමත් හැඟීම්බර මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වූ කොටසක් බවට පත් වූවා. එමෙන්ම විචාරක පැසසුම්ද ඒ වෙනුවෙන් බොහෝ ලෙස හිමිවී තිබුණු අතර ඇය රංගනයෙන් එක් වන සුළු කාලය චිත්‍රපටය වෙනමම තැනකට ඔසවා තබන්නට සමත් වනවා.

මේ හැමදේම එක්කලා චිත්‍රපටයට සංගීතය එක් කරන්නට දකුණු ඉන්දියානු සිනමාවේ රොක්ස්ටාර් අනිරුද් සමත් වන අතර අනිරූද්ගේ සංගීතය දමිලම නොවන, හින්දි රසයත් එක්කරමින් අලුත් වෙනසක් එක්ක ලබාදී තිබෙන බව දැනෙනවා. තලපති විජේට, රජ්නිකාන්ත්ට මෙන්ම ශාරුක් කාන්ටත් සංගීතය සැපයීමට මෙත් සමගම සමත් වූ ඔහු ඉන්දියානු සිනමාවේ අංක එකේ නළුවන් තිදෙනාටම 2023 අවුරුද්දේ හිට්ම සංගීත ඇල්බමය ඒ ඒ සිනමා කර්මාන්ත සඳහා ඔහු අතින් නිර්මාණය කරන්නට සමත් වනවා. තලපති විජේගේ ‘Leo’, ශාරුක්ගේ ‘ජවාන්’ සහ රජ්නිගේ ‘Jailer’, චිත්‍රපට තුනේම සංගීත අධ්‍යක්ෂක වරයා වන අනිරූද්, සිනමා සංගීතය අතින් සාර්ථකත්වයේ උපරිමය මේ වසරේ ලඟා කරගෙන තිබෙන බව පැහැදිලියි.

එලෙස නිපදවුණු ජවාන් චිත්‍රපටය ලොවපුරා භාෂා හතරකින් IMAX, 4DX තාක්ෂණයන්ගෙන් ද ඇතුළුව, ලොවපුරා රිදීතීරයන් දසදහසකටත් වැඩි සංඛ්‍යාවකින් සැප්තැම්බර් 7 දා තිරගත කිරීම ආරාම්භ කල අතර, නිකුත් වී පළමු දින ඉන්දියාවෙන් පමණක් රුපියල් කෝටි 65ක වාර්තාගත ආදායමක් සමගින් ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 129ක මුදලක් උපයාගනිම්ට සමත් වූවා. නිකුත් වී දින 17ක් ඇතුලත ඉන්දියාව තුල වැඩිම ආදායමක් ඉපයූ හින්දි චිත්‍රපටය බවට පත් වූ අතර එය ඉන්දියානු රුපියල් කෝටි 1000 සීමාව පසු කල හය වන චිත්‍රපටය බවට පත් වනවා. එමෙන්ම වසරක් ඇතුලත ශාරුක් කාන්ගේම චිත්‍රපට දෙකක් කෝටි 1000 සීමාව පසු කර යාම තවත් විශේෂත්වයක්. නිකුත් වී මාස දෙකකට ආසන්න කාලයක් වන මේ මොහොත වනවිටත් ජවාන් චිත්‍රපටය තවමත් අති සාර්ථකව සිනමා ශාලාවන් හි ප්‍රදර්ශනය වන අතර මේ වනවිට එය ඉන්දියානු රුපියල් කෝටි 1150 සීමාව පසු කර කෝටි 1200 සීමාවට ආසන්නව සිටිනවා.

ඉතින් කතාව ගැන මුකුත්ම කියන්න යන්නේ නැහැ. වෙලාවත් පරක්කු වෙලා තියෙන්නේ, රාජකාරි අස්සේ බොහොම කාලෙකින් උපසිරසියක් ඔබ වෙත අරගෙන එන්න ලැබීම සහ අවස්ථාව ලැබීම කෘතඥ කොට සලකනවා. ඉතින් මගබලාසිටි 2023 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි Jawan චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. ලිපිය ලියන්නට සිද්ධ වුනේ උපසිරැසිය අවසන් කරන්නට සිදු වූයේ හදිසියේ රාජකාරි මධ්‍යයේ වීම නිසාවෙන් අඩුපාඩු තිබේ නම් සමාව ඉල්ලා සිටිනවා. පැය තුනක ධාවන කාලයක් පුරා ඔබ දකුණු ඉන්දියානු රසය එක් වූ බොලිවුඩ් සිනමා අද්දැකීමක් විඳින්නට මෙතැන් සිට ආරාධනා කර සිටිනවා. එහෙනම් යන්න අවසරයි. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක්ද පලකරගෙන යන්නත් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.
ඔබට ජයෙන් ජය…!!!
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
101,223 downloadsDownload Jawan-2023.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
50 comments
Nuwan Rasika
Bhathiya
Thankss...macho...sub ekata .
Sahan Gayantha
supiri.. thanks a lot Tharaka saho sub ekata..
Nishan S Ariyarathna
ඔයාලා දෙනකම්ම බලං හිටියා ❤️❤️
Hashan
Thanx for the sub........!!!!!!!!!!!!!!!!!!!!!!
Ishara
Good
Chaminda
Thank you bro sub එකට ❤️❤️❤️❤️
Naveen Vidusha
thanks bro oyal denakanmai hitiye netnam iyema balanawa
Niroshani Maduka
Sub ekata thank you ..
oshanda
loku kepaweemak karala sub eka dila thiyenawa. godak sthuthi malli...
Anonymous
Thank you
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සබ් සුපිරියටම කරල තිබ්බා. ජයවේවා!
Lasantharathnasirirox
සුපිරි තාරක සහෝදරයා..ජයවේවා !!
Buddhika Lakmal
ලිපියටත් බොහෝම ස්තූතියි මචං...
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..lakshan
thanks ......................
Chandi
Thank you bro
විමා
හෝල් එකේම බැලුවා
හැබැයි ආයේ බලව, මසාල නිසා චිල් මයිඩ්සෙට් එකකින් බලන්න ඕන ඒවා මේවා.
උපසිරසියට සහ අමාව බේරගත්තට බොහොම ස්තුතියි මචෝ ! :Dkalhan
thanks
viraj
thanks............
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kantha_DLA
ගොඩක්ම ස්තූතියි තාරක සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!sumith
Jawan (tamil version) ekatath sub danna...
විමා
කෝකත් එකයිනේ?
Toma
ස්තූතියි සහෝ,
Roshan Rathnayake
මේ sub එක Webrip වලට update කරලා නෑනේ...
විමා
මේ වෙබ් තමා සහෝ.
Anonymous
ස්තූතියි සහෝ,
indika 75
thanks..
Nishan
Film eka nadda meke. Bioscope eke filma balance kohomada
Anonymous
Film balanne kohomada
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
ශසිත් සඳරුවන්
සබට තුති වේවා කොල්ලෝ....
සාරුක්ගේ එකක් ඉතින් නොබලා අතාරිනවායැ.
අනික සුපිරියක්.
දිගටම සබ් දෙමු ආ...
ජය!syd
sub ekata thanks oppenheimer 2023 sub ekath danna jaya wewa
Udara Damith
Kaalekin
Okinda sadupama
thanks a lot aiyah
Damith
Thanks bro. Jaya wewa...
mindika
Thanks !!!
Anonymous
Weda nene sub ek
Anonymous
මේ sub එක Webrip වලට update කරලා නෑනේ...
Malith samarawickrama
Thanks bro sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..nirsha
Thank you mchn. <3
Asanga kb
Thank you so much sub ekata..
Nilantha Kumara
thias is a good work .I like it
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darkmoon
Thanks
Dewadithya
Thanks for Sub!
Shalini
thank youu....
Shane Nilusha de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Shane Nilusha de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Advertisement
![Jawan (2023) Sinhala Subtitles | සිස්ටම් වෙනසක්…!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/JAWAN-TEST-3.jpg)

Thanx bro sub ..