කොහොමද හැමෝටම.. ඔන්න මම තවත් ෆිලුමක් අරන් ආවා. හැබයි මේක ටිකක් විශේෂ එකක් මට. මොකද මේ තමයි මගේ උපසිරසි ජීවිතයේ 150වන උපසිරසිය. හම්මේ ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ ගැන. ඒ සතුට මොනවගේද කියලා දන්නෙත් ඉතින් එවන් කඩයිමක් පහු කරපු උදවියම වෙන්න ඇති. ඉතින් මට මේ කඩයිම පහු කරන්න අවුරුද්දකුත් මාස පහක් වගෙ…

කොහොමද හැමෝටම.. ඔන්න මම තවත් ෆිලුමක් අරන් ආවා. හැබයි මේක ටිකක් විශේෂ එකක් මට. මොකද මේ තමයි මගේ උපසිරසි ජීවිතයේ 150වන උපසිරසිය. හම්මේ ඉතින් නිහතමානී සතුටක් දැනෙනවා ඒ ගැන. ඒ සතුට මොනවගේද කියලා දන්නෙත් ඉතින් එවන් කඩයිමක් පහු කරපු උදවියම වෙන්න ඇති. ඉතින් මට මේ කඩයිම පහු කරන්න අවුරුද්දකුත් මාස පහක් වගෙ දීර්ඝ කාලයක් ගත වුනා මම ප්‍රථමයෙන් උපසිරසියක් ලබාදුන්නේ 2015.04.19 දින.50 උපසිරැසිය 2015.10.23දින. 100වැනි උපසිරැසිය 2016.03.10 ලබාදුන්නා. ඒ අතරේ මම ඔයාලට ගොඩක්ම ලබාදුන්නේ ටීවී කතාමාලාවල උපසිරසි. ඉතින් බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර දිගු ගමනක් පැමිනීමට ලැබීම සැබවින්ම සතුටක්. දැන් දැන් හැබැයි මේක කෙරෙන්නේ අර පුරුද්දට වගේ. අලුත් ෆිලුමක් ටීවී කතාමාලාවක් දැක්කාම නිකන් ඉන්න බැහැ බැහැ වගේ හිතෙනවා. කළාට මොකද ඒවගේ අමාරුව තේරෙන්නේ එකපිට කතාමාලා දෙක තුන එනකොට.
ඉතින් මම හිතනවා බයිස්කෝප් අඩවිය එක්ක මෙච්චර කාලයක් රැදෙන්න එක හේතුවක් වුනේ ඇඩ්මින්වරුන්ගෙ සහ උපසිරසිකරුවන්ගේ සුහදත්වය.. ඔව්. ඔක්කොටම වගේ බාගෙට වගේ පිස්සු උනත් හිතහොද පිරිසක්. ඇඩ්මින්වරුන් වශයෙන් සමීර චතුරංග අයියා, විමා, හසන්ත මාමි, රොයිලි අයියා, ප්‍රනීත් ලොක්කා, යශෝධ සහෝ, සමීර කරුණාරත්න සහෝ සහ අඩවියේ එකම බළල් ප්‍රාණියා වන සමන් යන උදවිය මතක් කරන්නම ඕනේ. තව ඇඩ්මින්ලා ඉන්නවනම් සමාවෙන්න ඕනේ මට මතක් වුනේ ඔච්චරයි.
ඒ වගේම උපසිරසිකරුවන් අතින් ගත්තොත්.. චාමර, තිසර, රවිදු, දසන්, කසුන්, නලින් අයියා, ආසිරි ලොක්කා, නිර්මාණි අක්කා, කැළුම් අයියා, කාලිංග සහ ගයාන්, ඒ වගේම මම අමාරුවේ වැටුන වෙලේ කිල්ජෝයි කතාමාලාව බාර අරන් කරපු රසිත ප්‍රදීප් සහෝදරයත් මතක් කරන්න ඕනේ. මේ හැමෝම වගේ බොහොම හිතවත්ව කතාබහ කරලා ඉන්නවා ඉතින් බුකියෙන්.තාම එකෙක්වත් හම්බවෙලානම් නැහැ ඉතින්. නම් නොකී පිරිස් ඉන්නවනම් සමා වෙන්න.මේ කිව්වේ චැට් ඒකෙ කතාබහ කරලා ඉන්න සුළු පිරිසකගේ නම් විතරයි.. හැමෝවම මතක් වෙන්නේ නැහැ මෙයාලා.
ඒවගේම තවත් ඉන්නවා අමතක කරන්න නොහැකි පිරිසක්. ඒ තමා ප්‍රේක්ෂක ඔබ. අපි කොච්චර උපසිරසි කළත් වැඩක් නැහැනේ ඒවා නරඹන්න කවුරුවත් නැත්නම්. ඉතින් ඔබත් හේතුවක් වුනා මම මෙතරම් කාලයක් උපසිරසිකරණයේ යෙදෙන්න. විශේෂයෙන්ම ඊට හේතු වුනේ ප්‍රේක්ෂක ඔබෙන් ඉතාමත් සුළුතරයක් අප දිරිමත් කරමින් පල කර යන අදහස්යැයි කිවොත් නිවැරදියි.ඒ සුළුතරය නොවන්නට මේ සදහා අප තුළ තිබෙන කැමැත්ත නැතිවෙලා යාවි. මොකද ලාබ ප්‍රයෝජන නොබලා කරන මේ වැඩෙන් අපට ඉතුරුවන්නේ ඔබේ අදහස්වලින් ලබන මානසික සතුට පමණයි. ඉතින් ඔබට නොහැකිද විනාඩියක් වැය කොට එය අප වෙත ලබාදෙන්න? ඇතැමුන්ගේ අදහස් පලවන්නේ පමාවක් හෝ යම්කිසි සුළු අත්වැරදීමක් සිදු වුන වෙලාවට විතරයිනේ ඉතින්.නැද්ද මම අහන්නේ?
ඒවගේම මගේ 150වන උපසිරසියට ඉල්ලපු ගමන් බැහැයි නොකියා තමන් බාර අරන් තිබ්බ ෆිලුම දීපු දිනුෂ රුක්ෂාන් සහෝට විශේෂ ස්තුතිය හිමිවෙන්න ඕනේ.

හොදයි එහෙමනම් මගේ බයිලා කියවන්න නෙවේනේ කස්ටිය ආවේ. එහෙමනම් මම දැන් චිත්‍රපටය ගැන කෙටි හැදින්වීමක් කරන්නම්.
2011 ආව mechanic සිනමාපටය කවුරුත් බලන්න ඇති නෙහ්? ඒකෙ දෙවැන්න විදිහට තමා මේක ආවේ. චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ 2016 අගෝස්තු 26.IMDB දර්ශකයේ 5.9ක අගයක් ලබා ඇති මෙම සිනමාපටය මේ වනවිට උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 36,496,261ක්. රංගනයෙන් දායක වෙන අය ගැනනම් කියන්න ඕනෙත් නැහැ වගේ මොකද මේ කට්ටියව නොදන්නා අය ඉන්න බැහැනේ . jason stetham,jessica alba,tommy lee jones , sam hazeldine යන අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි. මිකැනික් පළමු සිනමාපටය අවසානයේ හැමෝමවම රවටමින් ආතර් බිෂොප් මළවුන් අතරට පිවිසුනා මතකනේ. ඉතින් මෙයා මෙහෙම හැංගිලා උන්න කාලේ අවසන් වෙන්නයි යන්නේ. ක්‍රෙන් කියලා බිෂොප්ගේ පරණ මිතුරෙක් කට්ටියව එවනවා බිෂොප්ට වැඩක් බාරදෙන්න. ඒත් බිෂොප් ඒකට අකමැති නිසා පැනලා යනවා.ඊටපස්සේ බිෂොප්ට ජීනාව හම්බවෙනවා. ජිනාත් එක්ක ටික දවසක් ආශ්‍රය තියෙද්දී ක්‍රෙන්ගේ මිනිස්සු ජිනාව පැහැරගෙන යනවා. ඉතින් මේ නිසා බිෂොප්ට සිද්දවෙනවා ක්‍රෙන් වෙනුවෙන් ආපහු මිනීමැරුම් නැත්නම් හදිසි අනතුරු සිද්ද කරන්න. ක්‍රෙන් බාරදෙන පුද්ගලයන් තිදෙනාව මරණ එක ලේසි වැඩක් නෙවේ. ඒත් පළමු චිත්‍රපටය බැලුව අය දන්නවනේ බිෂොප් ඒ වගේ වැඩවලට සැබෑ දක්ෂයා බව.
එහෙමනම් බිෂොප් ඒ ඝාතනයන් තුනම සාර්ථකව කරලා ජිනාව බෙරගනියිද? ක්‍රේන් එක්ක බිෂොප් මොන විදිහට ගනුදෙනු කරයිද? වගේ දේවල් බලලම දැනගන්න. මම මේ කිව්වේ බොහොම පොඩ්ඩක් විතරයි. අපි බලමු කාර්මිකයාගේ ආගමනය මොනවගේ වෙයිද කියලා.
එසේනම් ක්‍රියාදාමයන්ගේ සපිරුණු සිනමාපටයක් ඔබට තිලින කරමින් මා සමුගන්නවා. එහෙනම් බාගන්න හැමෝම වගේ කොමෙන්ටුවක් දාගෙන යන්න ඕනේ. කොමෙන්ටු දැම්මා කියලා අපි තරහ වෙන්නේ නැහැ හොදේ.
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Mechanic.Resurrection.2016.720p.HC.HDRip.X264.AC3-EVO
Mechanic: Resurrection (2016) 720p WEB-DL – 900MB – ShAaNiG
Mechanic.Resurrection.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
51,540 downloadsDownload Mechanic.Resurrection.2016.BRUpdate.Baiscopelk.com_.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
191 comments
සචිත් ලක්ෂාන්(සචී)
Tharindu_Rukshan_Perera
Congratulationg bro for your 150 subtitle ....!!!
janiya
meka enakam balagena hitye thanks bn jaya wewa!!!!!
samee
supiri machan
lahiru
Link ekak one
සජිත් Sαjιτh
සුපිරි මචෝ . 200ත් ගහමු ලගදිම
Imila Umeshan Amarasinghe
Ela Ela.... Mcn... Best of luck
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Darshana
Sub ekata thanks machan. Good luck
සජීවි
150 වන උපසිරසියට උණුසුම් සුභ පැතුම්.....
Chämàrá Sâmpáth
හම්මා ටියුබ් ලයිට් කාරයා 150 ත් ගහලා. මං බැලුවා මොකද මේ පරක්කු කියලා. :D :)
උබ ඔහොම කිව්වට 150 ගහනකන් නිවිහැනහිල්ලක් තිබුණේ නෑනේ.
"හැමදේටම කාලයක් තියෙනවා බං. ඒකයි මිනිස්සුන්ට කට්ටියව අවලංගු වෙච්චී කාසි ගාණට දාලා තියෙන්නේ. අපිත් ආත්මාර්ථකාමී වුණා නම් හරි" :3
150"වැනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභපැතුම් මධුකයෝ!
මේකේ පළවෙනි එක බැලුවා මේක එනකන් මග බලාන උන්නේ. බ්ලුරේ ආවහම බලන්නම්. අප්ඩේට් ඕනි!
කොහොමත් ඉස්සරහට බොට වැඩ තියේවි. මොකද හොදම එව්වා ඉස්සරහට නොවැ පටන් ගන්නේ.
එහෙනම් මෙතැනින් නොනැවතී 200, 250, 300, 400 ... ඔහොම දිගටම යන්න ශක්තිය ධෛර්ය ලැබී මතු අනාගතයේ උබේ ඔය "ටියුබ් ලයිට්" ස්වභාවය දුරු නොවී අපි අතරේම සමච්චලයට ලක්වේවා යයි ප්‍රර්ථනා කරනවා. :v :p :3
ජය.!මධුකප්‍රිය පෙරේරා
මේක විශ් කිරිල්ලක්ද නැත්නම් චරිතය ඝාතනයක්ද
Prakash Rangana
150 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්. හැමවෙලේම කමෙන්ට් කරන්න බැරිඋනාට උබල හැමෝම කරන සේවයට හැමදාමත් පිං දෙනවා. කිසිම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී කරන මේ සේවය හුගක් වටිනවා. එහෙනම් ඉක්මනටම 200 කඩඉමට ලගාවෙන්න පුලුවන් වේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ජයවේවා............
බුදුසරණයි.........!sam
niyamai
Kalum Gunasekara
150 උණුසුම් සුබපැතුම් සහෝ. ස්තුතියි මාවත් මතක් කරාට. මේක නම් බ්ලූරේ බලන්න ම ඕන එකක්.
Seo spider
Super superb
සමන් ප්‍රසාද්
එහෙනම් උඹ 150 ගැහුවා නෙහ්?
හෙ හේ... හදවතින්ම සුභ පතනවා.
බයිස්කෝප් කණ්ඩායමේ ඉන්න නියම ටියුබ් ලයිට් එක තමා. ("අපි නැති අතරෙ මොකද වුණේ" :v :v )
ඒ වගේම හොඳ උපසිරසි නිර්මාණකරුවෙක්.
මාව මතක් කොලාටත් ස්තූතියි එහෙනම්.
ආසිරි කොලුවත් ඇඩ්ඩින් කෙනෙක් තමා. ඔන්න මතක තියාගනින්.
එහෙනම් 200 න් හම්බෙමු.
ඉස්සරහට උඹට වැඩ තියෙයි තව සීරියස් එන්න ගන්න නිසා.
ජය වේවා!!!
සෙනසුරාදට සෙට් වෙමු. :DRasitha Pradeep Somasiri
ලින්ම 150 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව නිලුපුල් සහෝ....
හි හි මම ගැනත් මතක් කරල....
ඒ වගේම උපසිරැසියටත් ස්තූතියි...
200 වෙනි කඩයිම, 300, 400, 500 කඩයිම් ද ඉක්මණින්ම පසුකරන්න
ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව සහෝ......Tharaka
150 වැනි උපසිරැසි ගැන්වීමට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.Ishan Madusha
150 වන උපසිරසියට මාගේ සුබ පැතුම්.
එල්.සී. දමැල්
150ට සුභ පතනව... 200නුත් ඉක්මනට හමුවෙමු! :)
Ajith Priyantha
datah mada gana hitya anakam jaya wawa oyata
Hope
Thank you machan..... Ube sub 150 atharemama godak asa karana films/tv series thibuna.
Thanks a okkomata. Ubata jaya."The 100" eken 200 iwara karamu.
Dinesh Sapumal Bandara
150ට සුබ පැතුම් සහෝ...
Amalka Himeshan
150 වෙනි උපසිරැසියට සුබපැතුම්
BR ආවම බාගන්නම්sammika
best of luck. waiting for blu-ray update. thanks. blu-ray update ekath awama denndooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo. thanks................
Kasun Widusha
Ela bro 200 ikmanatama oone
Ravindu Rukshan
සුභ පැතුම් 150වැනි උපසිරැයට නිලුපුල් මධුකප්‍රිය පෙරේරා සහෝ!!!
ඒවගේම තුති සබ් එකටත්....අසංක ප්‍රදීප් රණතුංග
ඔන්න සහෝ මගෙනුත් උණුසුම් සුබ පැතුම්. 150 කියන්නේ පොඩි කෙලියක් යෑ. ඉතින් ඔතනින් නවතින්න බැ ඔන්න.
ධනුෂ්ක සම්පත්
එල එල මචෝ ඔහොම යමූ
හොද කොපියක් එනකම් ඉන්නවා ඒත් සද්ද වහල යන්න බැහැනේ
නෙත්සර
Sub akata bohooma sthutiy...ankan balan hitapu film akak.hoda copyak awama balamu...
Amila Mudalige
සුපිරී සහෝ. 150ට සුභ පැතුම්!! තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. සබ් එකට තුති!
Hasitha Jayamal
My congrats & thanks for subtitle
rakitha ranathunga
තවත් කඩයිමක්....
බොහොම ස්තූතියි සහෝ මේ කරන කැපවීමට...
සබ් 200ත් ඉක්මනටම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කාරනවා...
බලන් හිටපු ෆිලුමක්...සබට තෑන්ක්ස්...Gihan
Ela bro....
charith
ela bro thanx
Purni
මහ ගොබිලෙක් උඹ නම්. නිකමට මාව මතක් කරලා නෑ. නිර්මාණිව නම් ඔය අගේට මතක් වෙලා තියෙන්නේ
මධුකප්‍රිය පෙරේරා
කවුද ඔයා ? මම ඔයාව දන්නේ නැහැනේ
Nishantha
Machoo hash tag ekak denna puluwanda..
Sajith Anthony
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්...!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවාroshan
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
නිෂූ
එළකිරි ! ජය වේවා !
Kulanjana Maduranga
really appreciate your works..thanks MADUKAPRIYA for giving us all of this…wish u'r great future.....
Gathsara Umesh Kumara
ටික්ක පරක්කු උණා..සහෝ මම ඉතින් ඔයාගෙ හොද රසිකයෙක් නේ..අමුතුවෙන් සුබ පතන්න දෙයක් නෑ අපේ මදුක sසහෝ.මම හැම වෙලාවෙම පුලුව විදිහට වචනයෙන් හරි අපේ මඪ්හුක සහෝට අප් ක්ක දෙනවා..මට හොදටම ශුවර් අනිවා අපේ මධුක සහෝ 500 ගහනවා කියිලා..කොහොමහරි 150වන උපසිරැසියට හදවතින්ම සුබපතවා.....
යශෝධ
පහු කරපු මේ කඩඉමට මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝ.. දිගින් දිගටම සයිට් එකත් එක්ක රැඳිලා ඉන්න කාලය ලැබෙන්න කියලා තමයි මුළු හිතින්ම ප්‍රාර්ථනා කරන්නේ.. ජයෙන් ජයම වේවා..! බොහොම ස්තූතියි උපසිරැසියට. BR හෝ WEBR ආපු ගමන් අනිවා බලනවා..
දිනේෂ් අකලංක
ඔයාගෙ සබ් දාපු චිත්‍රපට මම බලල තියෙනව සහෝ ඒව ඇත්තටම සුපිරි... 150 සබ් එකට සුබ පතන ගමන් ඉදිරියටත් තව සබ් බලාපොරොත්තු වෙනව... ජයවේවා !!!
geeth
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්
eagle
Nice work madu Aiya digatama site eake inna labeva keya partana koranava hode
Lushan Kuruppu
එළකිරි...!!! 150ට මගෙන් සුබ පැතුම් සහෝ!
Ayesh
Jaya Wewa!!!!!
thank You..........Rasitha
150 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!!!!!!!!
ජයෙන් ජයම වේවා...............ලහිරු චානක
150 සුබ පැතුම්. තවත් උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ජය වේවා..!!!
shalana vindana
Jaya wewa saho.....
thisal
150 වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම්
amila
BRO meka down load karaganna link ekak ewanna
pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හෆ්ෆා.....ඒත් මට නිකමට හිතුණ මේකෙන්ම 150 ගහයි කියල
මුලින්ම 150ට සුභ පැතුම්
ඔයා සබ් දීපු ගොඩක් ටීවි සීරියස් බලල තියන නිසා කියන්නෙ
සබ් එක නම් සුපිරියටම තියනව
එහෙනම් ඉතින් 200 , 250 , 300 සහ ඊටත් එහාට සබ් කරන්න ලැබේව
ජය වේවා එහෙනම් මධුක අයියා