Watch Trailer

Meester Kikker (2016) Sinhala Subtitles | ගෙඹි මහත්මයා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. යම් දේකට ආසාවක් ආවොත් ඒකෙ කොහොමහරි කරනවා 😂. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි මේ උපසිරැසිය මගේ අතින් නිර්මාණය වෙන්නේ. ගොඩක් සතුටුයි. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. ඒත් පොඩි පොඩි වැරදි එහෙමත් එහ…

ඉතින් කොහොමද ඔයාලට? මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. යම් දේකට ආසාවක් ආවොත් ඒකෙ කොහොමහරි කරනවා 😂. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි මේ උපසිරැසිය මගේ අතින් නිර්මාණය වෙන්නේ. ගොඩක් සතුටුයි. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. ඒත් පොඩි පොඩි වැරදි එහෙමත් එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ ඇති. පලවෙනි එකනේ. ඒවාට මම ඉස්සෙල්ලම සමාව ඉල්ලලා ඉන්නම්කෝ. සබ් එක හරි නැතුව ඇති කියලා නොබලා ඉන්නනම් එපා ඉතින්. ගොඩක් මහන්සිවෙලයි සබ් එක හැදුවෙ.

ඉතින් මුලින්ම ෆිල්ම් එක ගැන කියනවනම් මේ ෆිල්ම් එක ඉංග්‍රීසි එකක් නෙවෙයි. නමින්ම ඔයාලට ඒක තේරෙනවනේ. ‘Meester Kikker’. මේ නෙදර්ලන්ත වචනයක්. ඉංග්‍රීසියෙන් කියනවනම් තේරුම ‘Mr.Frog’ කියන එක. ඒ කියන්නේ සිංහලෙන් ‘ගෙඹි මහත්තයා’ කියන තේරුම. ඔයාලා බලනවා ඇති මු මෙතනට ඇවිත් පාඩම් කියල දෙනව ෆිල්ම් එක ගැන කියන්නේ නෑනේ කියලා. හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමුකෝ.

මේක ඇවිල්ලා නෙදර්ලන්ත ෆිල්ම් එකක්. 2016 ජූලි 28 තමයි මේක නිළ වශයෙන් Release කරලා තියෙන්නේ. භාෂාව Dutch භාෂාවෙන් තමයි තියෙන්නේ. ලස්සනට ගලාගෙන යන ෆිල්ම්  එකක් කිව්වොත් මං නිවැරදියි. ලස්සන පරිසරයක, ලස්සන නළු නිලි කැලක් සමග කරපු ලස්සන චිත්‍රපටයක්. නෙදර්ලන්තය කියන්නේ කොහොමත් ලස්සන රටක්නේ. ඉතින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Anna van der Heide විසින්. Paul van Loon විසින් රචිත Meester Kikker නම් කතා පොත ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ. IMDb අගය 6.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ.

ෆිල්ම් එක ගත්තම ෆිල්ම් එකේ Sita කියන ගැහැණු ළමයා වටා තමා එතෙන්නේ. එයාගේ ගුරුතුමාගේ අරුම පුදුම රහසක් ගුරුතුමා Sitaට කියනවා. එක රැකගන්න Sita කරන උත්සාහය  සහ තව රසවත් සිදුවීම් අඩංගු චිත්‍රපටයක්. හැම චිත්‍රපටයකම වගේ මේකෙත් දුෂ්ටයෙක් ඉන්නවා. ඒ තමයි පාසලට ආපු අළුත් විදුහල්පතිතුමා Mr. Strok. මේ අභියෝග හමුවේ Sitaට ගුරුතුමාගේ අරුම පුදුම රහස රැකගන්න හැකි වෙයිද? ඒක දැනගන්න ඉතින් ඔයාලා චිත්‍රපටය බලලම ඉන්නකෝ .

චිත්‍රපටයේ Sitaගේ චරිතයට Yenthe Bos පණ පොවන අතර, Jeroen Spitzenberger ගුරුතුමාගේ චරිතය රග දක්වනවා. ඉතින් දැනට එච්චරයි. හැමෝටම චිත්‍රපටය බලා රසවිදින්න කියලා මං ආරාධනා කරනවා. මේ අවස්ථාව දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියේ සියලුම දෙනාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී තවත් උපසිරැසි නිර්මාණ සමග හමුවෙමුකො. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චවින්ද්‍ය හසාංජන ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චවින්ද්‍ය හසාංජන ද සිල්වා

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

34 comments

  1. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභපැතුම්... ඉදිරියට තව තව උපසිරස නිරමාණ තුළින් හමු ‌‌‌වෙමු

    1. Chavindya

      ස්තුතියි සහෝ

  2. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Chavindya

      ස්තුතියි සහෝ

  3. Kavishna

    පළමු උපරැසියට සුභ පැතුම් සහෝ දිගටම කරගෙන යමු

    1. Chavindya

      ස්තුතියි සහෝ

  4. malith

    Ela ela

    1. Chavindya

      ස්තූතියි සහෝ.

  5. Suu

    යේ.....යේ..... පලවෙනි සබ් එකට අපේ උනුසුම් සුබ පැතුම් සහෝ..........දිගටම යමු ආ........දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..............
    ජයෙන් ජය........

    1. Chavindya

      ස්තූතියි සහෝ

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    1. Chavindya

      ස්තූතියි සහෝ

  7. Chalithamanaram

    Gathi niymai thnks bro

    1. Chavindya

      Tnx bro

  8. විදුෂාන් සජිත්

    :-) පළමුවන උපසිරැසියට හදවතින්ම සුභපතනවා සහෝ..! ඒ වගේම ඉදිරියටත් මේ වගේ කරගෙන යන්න කියලා ආරාධනා කරනවා.. :-)
    ලස්සන ෆිලුමක් වගේ.., ඔන්න එහෙනම් සබ් එක ගත්තා..
    ජය වේවා...!!

    1. Chavindya

      ස්තූතියි සහෝ

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Chavindya

      ස්තූතියි සහෝ

  10. Thurumpu Hera

    Download karanna bane bn.. page not founded kiyala watenawa

    1. Chavindya

      Download wenawa saho.

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Chavindya

      ස්තූතියි සහෝ

  12. Udara Damith Dissanayaka

    උ...........පසිරැසියට ගොඩක් ස්තුතියි....................

    1. Chavindya

      ස්තූතියි සහෝ

  13. D.Chamara

    subapathum sahooo degatama karagena yamuo jaya

    1. Chavindya

      ස්තූතියි සහෝ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
    දිගටම සබ් කරමු......

    1. Chavindya

      ස්තූතියි සහෝ

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chavindya

      ස්තුතියි සහෝ

  16. AsithaDilruwan

    ela ela thanks saho

    1. Chavindya

      ස්තූතියි සහෝ

  17. SP

    Thanx for the sub

  18. Nivom

    සබ් එකට බොහොම ස්තූතියි