Meg 2: The Trench (2023) Sinhala Subtitles UPDATE->BluRay සුබ දවසක් හැමෝටම… ඔන්න එහෙනම් මේ වසරේ හැමෝම බලාගෙන හිටපු ෆිලුමක් පුළුවන් ඉක්මනටම ඔයාලට අරන් ආවා. ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් උනේ ඊයේ උනත් ඔයාලට බලන්න පුළුවන් විදියේ ගුණාත්මක උපසිරසියක් නිර්මාණය කරන්න කාලය ටිකක් වැය වෙනවා. මොකද 1500කට අධික…

Meg 2: The Trench (2023) Sinhala Subtitles

UPDATE->BluRay

සුබ දවසක් හැමෝටම… ඔන්න එහෙනම් මේ වසරේ හැමෝම බලාගෙන හිටපු ෆිලුමක් පුළුවන් ඉක්මනටම ඔයාලට අරන් ආවා. ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් උනේ ඊයේ උනත් ඔයාලට බලන්න පුළුවන් විදියේ ගුණාත්මක උපසිරසියක් නිර්මාණය කරන්න කාලය ටිකක් වැය වෙනවා. මොකද 1500කට අධික ලයින් ප්‍රමාණයක් එක දවසින් දෙන්න අමාරු නිසා. ඇත්තටම මේ වැඩේ මුල් අයිතිකාරයා වෙන්නේ අපේ චාමිකර විදානගේ අයියා. එයත් එක්ක හවුලේ තමයි මේ ෆිල්ම් එක ඔයාලට ගේන්න හිටියේ. ඒත් අවාසනාවට චාමි අයියා ගොඩක්ම කාර්යබහුල උන නිසා මේක මටම තනියම කරන්න උනා. මට මේක කරන්න දුන්න එක චාමිකර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.

හරි ෆිල්ම් එක පැත්තට ගියොත් ඔයාලා හැමෝම දන්නවනේ The Meg (2018) චිත්‍රපටය. ඒකේ සීක්වල් එකක් විදියට තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නේ. ආසන්න වශයෙන් මිලියන 150ක පිරිවැයකින් නිර්මාණය උන මේ චිත්‍රපටය මේ වෙද්දි ඩොලර් මිලියන 321ක ආදායමක් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දිත් චීනයේ අති සාර්ථක අන්දමින් MEG 2: The Trench තිරගත වෙන බවත් කියන්න ඕන.

Action / Adventure යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන MEG 2: The Trench චිත්‍රපටය මේ වෙද්දි IMDb අගය 5.4කුත්, 87%ක ගූගල් පරිශීලක මනාපත් හිමිවෙලා තියෙනවා. කුණු තක්කාලි වලින්නම් මේකට හොඳ ප්‍රතිචාර ලැබුනේ නෑ. මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ben Wheatley විසින්. සුපුරුදු විදියටම ප්‍රධාන චරිතය ලෙස සුපිරි නළු Jason Statham එක්වෙනවා. ඊට අමතරව Wu Jing, Page Kennedy, Skyler Samuels, Cliff Curtis, Sienna Guillory සහ Melissanthi Mahut යන රංගන ශිල්පීන් එක් වෙනවා. ඒ වගේම පලවෙනි ෆිල්ම් එකේ හිටපු Li Bingbing නම් මේ ෆිල්ම් එකේ දකින්න ලැබෙන්නේ නෑ.

ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. පලවෙනි චිත්‍රපටයේ දකින්න ලැබුනු තර්මොක්ලයින් ස්ථරයකින් වැසුනු ප්‍රාග් ඓතිහාසික ජලජ භූමීයත්, ඒ වගේම ඒ භූමිය ගවේෂණය කරන්න නිර්මාණය කල මැනා වන් සමුද්‍ර පර්යේෂණව මධ්‍යස්ථානයත් ඔබට මතක ඇති. මේ ස්ථරයෙන් යට භූමීය ට්‍රෙන්ච් (Trench) එහෙමත් නැත්තම් අගල කියලා තමයි හඳුන්වන්නේ. අවුරුදු කීපයක් ගත වෙද්දි මැනා වන්හි ගවේෂණ කණ්ඩායම් මේ ස්ථරයෙන් යට භූමීයේ බොහෝ ස්ථාන පිරික්සලා හඳුනාගත් නව ජිවීන් වර්ගීකරණය කරලා තියෙනවා.

නමුත් තවමත් ඔවුන් ගවේෂණය නොකරපු ප්‍රදේශ තියෙනවා වගේම එතන තියෙන බිහිසුණු බවත් අඩු වෙලා නෑ. ඉතිං මේ කණ්ඩායමට මේ පාර මොන වගේ අභියෝග ලැබෙයිද. ගියා පාර දැවැන්ත මෙගලඩොන්ලා දෙන්නෙක්ට එරෙහිව සටන් කරපු ජෝනස් ටේලර්ට මේ පාර ඊටත් වඩා භයානක ජිවීන් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙන අයුරු ඔයාලට බලාගන්න පුළුවන්.

ඒ වගේම ෆිල්ම් එකේ ආරම්භක දර්ශනයනම් කවදාවත් අමතක නොවෙන ආකර්ශනීය එකක් බවත් මතක් කරන්න ඕන. එහෙනම් ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ටුවක් දාගෙන යන්න. නැවත වතාවක් චාමි අයියට ස්තූතිවෙන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා !

 

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB / BluRay පිටපත් සඳහා පමණක් වලංගු වේ.

40,086 downloadsDownload Meg.2.The_.Trench.2023-Bluray-Update.zip90 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

40,086 downloadsDownload Subtitles90 KB

37 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!

  2. Chamikara Vidanage

    බොහොම ස්තුතියි මම වෙනුවෙන් මේ වැඩේ ඉක්මනට කරල දුන්නට

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Anonymous

    thank you bro

  5. Nuwan

    Sub ekata thanks the dive ekata sub dennko

  6. දහරා මුතු අමා

    කොයි වෙලේද සබ් දෙන්නේ කියල බලන් හිටිය පිලුමක්.
    සබට තුති මල්ලි.

  7. Hashan

    Thanx for the Sub Bro.......!!!!!!!!!

  8. Mohammed Amreey

    Ado Thank bn.. Man meka me hoya hoyaa htye.. Great work brother, keep it up! Good luck!
    Highly appreciate mchan!

  9. Pavith Wijesooriya

    සබට ගොඩක් ස්තූතියි අයියේ...

  10. Dill

    thankx for hard work....!

  11. Anton Fernando

    thank you!

  12. Anton Fernando

    Thanks for good work

  13. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සහෝ. සබ් එක බාගත්තා දැං ෆිල්ම් එක බලන්න තමා තියෙන්නෙ. ජයවේවා!

  14. Ravindra

    Thanks

    1. Roshan

      Thnx bro...great job...good luck...

  15. Dasun

    Thanks bro

  16. viraj

    thanks..........

  17. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනු ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Nishi Madu

      Thank you for sub

  18. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  20. Sameera Chandrasekara

    ගොඩක් ස්තූතියි. අනේ tom clancy's jack ryan season 4 sub දෙන්නකො ඉක්මනින්ම. Download කරලා සබ් දෙනකන් බලන් ඉන්නෙ දැන් ගොඩක් කල් ඉදන්

    1. යුරාන් ධනුක (දනුවා)

      ඉක්මනට දෙන්නම් බ්‍රෝ. වැඩේ කරගෙන යන ගමන්.

  21. Anonymous

    Thank you so much bro ❤️

  22. Anonymous

    Thanks bro...

  23. Ravindu Maduwantha

    Thanks for sub

  24. keshan

    patta mcho adrey

  25. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Malith samarawickrama

    Thanks so much Buddy Sub ekata

  28. Dewadithya

    Thanks for Sub!

  29. Buddhika Lakmal

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං...

  30. Udara Damith

    අඩොන් එල කිරො

  31. Maleesha Mandumal

    School friends 2023 tv series එකේ sub එක දෙන්නකෝ

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  33. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  34. Anonymous

    thnx very much bro also baiscope