“මෝරා” කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. සිනමාව ගත්තොත් මේ “මෝරා” කියන වචනය තරම් පට්ට ගහපු තවත් වචනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. අවුරුද්දකට මෝරු සම්බන්ධ චිත්‍රපටි කීයක් නම් නිකුත් කරනවද… එයින් කීයක් නම් සාර්ථක වෙලා තියෙනවද? මේ වෙද්දී සිනමා ඉතිහාසය තුල මෝරු සම්බන්ධ චිත්‍රපට කොච්චර නම් බිහිවෙලා ති…


“මෝරා” කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. සිනමාව ගත්තොත් මේ “මෝරා” කියන වචනය තරම් පට්ට ගහපු තවත් වචනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. අවුරුද්දකට මෝරු සම්බන්ධ චිත්‍රපටි කීයක් නම් නිකුත් කරනවද… එයින් කීයක් නම් සාර්ථක වෙලා තියෙනවද? මේ වෙද්දී සිනමා ඉතිහාසය තුල මෝරු සම්බන්ධ චිත්‍රපට කොච්චර නම් බිහිවෙලා තියෙනවද කියනවා නම්, මෝරු සම්බන්ධ බහුතරයක් චිත්‍රපටි ඒකාකාර සම්ප්‍රදායික ආකාරයකට බිහිවෙච්ච චිත්‍රපට වෙනවා වගේම, මේ ඒකාකාර සාම්ප්‍රදායික රටාව නිසාම ප්‍රේක්ෂකයාට මේ මෝරු සම්බන්ධ චිත්‍රපට එපා වෙලා තියෙනවට සැකයක් නැහැ. මේ වගේ වාතාවරණයක් පවතිද්දී තමයි The Meg චිත්‍රපටය කරළියට සම්ප්‍රාප්ත වෙන්නෙ.
අපෝ! තවත් මෝරෙක් ඉන්න චිත්‍රපටියක්…
ඕකත් ඉතිං කලින් ආපු චිත්‍රපටි වගේම ඇති…
මොන ජරාවක්ද! මට නම් දැන් මෝර චිත්‍රපටි එපා වෙලා තියෙන්නේ!
ඕවා හොඳයි පොඩි බබාලව බයකරන්න නම්!
තවත් මෝර චිත්‍රපටියක් කිව්වම බහුතරයක් දෙනා මෙහෙම හිතනවට සැකයක් නැහැ. සාධාරණයි! එහෙම කියන කාටවත් කිසිම දොසක් කියන්න බැහැ. මීට කලින් නිකුත්වෙච්ච බහුතරයක් මෝර චිත්‍රපටි තමයි ප්‍රේක්ෂකයාව මේ තත්වයට පත්කරලා තියෙන්නේ. මේ අතුරින් ප්‍රේක්ෂකයාව ඇද බැඳ ගත්ත විශිෂ්ඨ මට්ටමේ මෝර චිත්‍රපටි නැතුවාම නෙමෙයි. නමුත්, බහුතරයක් මෝර චිත්‍රපටි වල තත්වය අතිශය සෝචනීයයි. අඩු පිරිවැයක්… පහළ මට්ටමේ තාක්ෂණික සහය… තරු බලය රහිත නළු නිළියන් යොදාගැනීම. මේ තමයි මේ චිත්‍රපට අසාර්ථක වෙන්න මූලිකම හේතුව.
ඇමරිකානු ඩොලර් මිලියන 150ක දැවැන්ත පිරිවැයක්! අති නවීන තාක්ෂණික ක්‍රමෝපායන් මැනවින් උකහා ගත් සිනමා නිර්මාණයක්! ලොව අංක එකේ ක්‍රියාදාම නළුවෙක්! හිතාගන්නකෝ චිත්‍රපටය මොන විදියට තියේවිද කියලා. පොඩ්ඩක් ඉන්න… හොඳම කාරණාව තවම කිව්වේ නැහැ. වසර මිලියන ගණනක් වයසැති පෘතුවිය මත, එදා මෙදා තුර වාසය කරන ලද දැවැන්තම සහ බිහිසුණුම මෝරා! ඩයිනෝසර් යුගයේ වාසය කරන ලදැයි සැළකෙන, වසර මිලියන ගණනකට පෙර ලොවෙන් වඳවී ගියේ යැයි සැළකෙන අති දැවැන්ත මුහුදු රාක්ෂයෙක්! එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල චිත්‍රපටයක් සඳහා යොදාගන්නා ලද දැවැන්තම සහ බිහිසුණුම ඝාතක යන්ත්‍රය! The Meg!
The Meg! ඇත්තටම කවුද මේ Meg කියන්නේ? Meg, එහෙමත් නැත්නම් Megalodon කියන්නේ මොන විදියක සතෙක්ද? පහල රූපය පොඩ්ඩක් බලන්නකෝ. ඔය මැද ඉන්නේ හාල්මැස්සෙක් එහෙම නෙමෙයි 😀 Great white shark කෙනෙක්. මෙයින් වැඩුණු සතෙක් සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වෙනවා. දකුණු කෙළවරේ ඉන්නේ මනුෂ්‍යයෙක්. ඔය එතකොට වම් කෙලවරේ රාක්ෂයෙක් වගේ දැවැන්ත සතෙක් ඉන්නවා නේද… අන්න එයාට තමයි Megalodon කියලා කියන්නේ.

- Megalodon කියන්නේ මීට වසර මිලියන 23කට පෙර සිට, වසර මිලියන 2කට පෙර කාලය දක්වා ජීවත්ව සිට, මිහිතලයෙන් වඳවී ගියා යැයි විද්‍යාඥයින් විසින් විශ්වාස කරනු ලබන මෝර විශේෂයක්.
- විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට මේ තමයි පෘෂ්ඨවංශික පෙළපතේ එදා මෙදා තුර බිහිවූ දැවැන්තම විලෝපිකයා වන්නේ.
- මෝර කාණ්ඩයට අයත් දැවන්තම විශේෂය තමයි Megalodon කියන්නේ. ෆොසිල සම්බන්ධ පර්යේෂණයන්හි නියතු විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට, Megalodon කෙනෙක් අඩුම වශයෙන් අඩි 52-59 අතර දිගක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ, දැනට හමුවෙච්ච දැවැන්තම Great white shark වගේ ආසන්න වශයෙන් තුන් ගුණයක් විශාලයි මේ පොඩිම වර්ගයේ Megalodon කෙනෙකුත්.
- සමහරවිට ඔබ විශ්වාස කරන එකකුත් නැහැ. හොඳින් වැඩුණු Megalodon කෙනෙක් සාමාන්‍යයෙන් ටොන් 70කට වඩා බරින් වැඩි වෙනවා. ඒ කියන්නේ, හොඳින් වැඩුණු අලි දහ දෙනෙක්ගේ බරට ආසන්න වශයෙන් සමාන වෙනවා එක Megalodon කෙනෙක්.


- Megalodon කියන්නේ මෙන්න මේ වගේ කියලා හරියටම කියන්න දන්න කෙනෙක් තවම නැහැ. මොකද, වසර මිලියන දෙකකටත් කලින් තමයි මේ සත්වයා මිහිමතින් තුරන් වුනේ. හැබැයි, ලෝකයේ සතර දෙසින්ම Megalodon ෆොසිල හම්බවෙලා තියෙනවා. විශේෂයෙන්ම Megalodon ගේ දත්. මිනිස්සු මුලින්ම හිතුවේ මේ හඳෙන් වැටිච්ච පාෂාණ කොටස් හරි, එහෙමත් නැත්නම් මකරුන්ගේ හරි යෝධ සර්පයින්ගේ හරි පාශාණීභූත වෙච්ච දිවක් කියලා. 1666 දී Nicolaus Steno තමයි මුල් වරට හොයාගත්තේ, මේ ඉහත කියපු කිසිවක් නෙමෙයි, මෝර කුලයේ සත්ව විශේෂයක දතක් කියලා.
- හොඳින් වැඩුණු Megalodon සතෙක්ගේ දතක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 13කට වඩා දිගින් වැඩි වෙනවා. සුදු පැහැයට පසෙකින් තියෙන්නේ Great white shark කෙනෙක්ගේ දත්.

- මිනිස් අතක් සමගින් සංසන්දනය කළාම, Megalodon දතක් කොච්චර විශාලද කියලා මේ පින්තූරයෙන් ඔබට බලාගන්න පුළුවන්.

- මේ පින්තූරයෙන් බලාගන්න පුළුවන් Megalodon කටේ ආකෘතියක්. හොඳට බලන්න, Megalodon ගේ එක කටකට හොඳින් වැඩුණු මිනිස්සු කී දෙනෙක් නම් ප්‍රමාණවත්ද කියලා.

- විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට Megalodon කියන්නේ, තමන් දකින දකින දෙයට දෙවරක් හිතන්නේ නැතුව පහර දෙන සත්ව කොට්ඨාශයක්. ඒ වගේම, අති බිහිසුණු ඝාතකයෙක්. විශේෂයෙන්ම, Megalodon ගේ හකු වල තිබෙන්නා වූ අසීමාන්තික බලය නිසා ඊට වඩා විශාල සත්වයෙක් වුනත් පහසුවෙන්ම අඩපණ කරන්න මේ සත්වයාට හැකියාව ලැබිලා තියෙනවා. (චිත්‍රපටය තුල දැකගැනීමට හැකියාව ලැබේවි අති දැවැන්ත දැල්ලෙක් එක කටකට අරගන්නා ආකාරය)

- මේ වෙද්දී ලෝකය වටෙන්ම Megalodon ෆොසිල හමුවෙලා තියෙනවා. පහත රූපයෙන් බලාගන්න පුළුවන්, කහ පැහැති තිත් මගින් පිලොසීන යුගයේ සහ, නිල් පැහැති තිත් මගින් මයෝසීන යුගයේ Megalodon ෆොසිල හමුවූ ස්ථාන සලකුණු කර තිබෙනවා.

හරි, එහෙනම් මේ දැවැන්ත රාක්ෂයා ගැන පොඩි හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මං ඉහතින් සඳහන් කරලා ඇති, මේ Megalodon සතෙක් අඩුම වශයෙන් අඩි 52-59 ක් වත් දිගින් වර්ධනය වෙනවා කියලා. ඉතිං, මේ චිත්‍රපටයට පාදක වෙන Megalodon ගැන කියනවා නම්, දිගින් අඩි 75කට වඩා වැඩි අති දැවැන්ත Megalodon සත්වයෙක් තමයි ඔබට දැකබලා ගැනීමට අවස්තාව ලැබෙන්නේ. සරළවම කියනවා නම්, එදා මෙදා තුර මිහිතලය මත බිහිවූ දැවැන්තම සහ බිහිසුණුම මෝරා!
ලෝකේ ගැඹුරුම ස්ථානය මොකක් කියලද හිතන්නේ? මරියානා ආගාධය! ගොඩක් දෙනෙක් මේ විදියට උත්තර දේවි. ඒත්, මං කිව්වොත් ඊටත් වඩා පහලට යන්න පුළුවන් කියලා, ඔබ මගේ වචනය විශ්වාස කරනවද? සමහරු විශ්වාස කරාවි. තවත් සමහරු විශ්වාස නොකරාවි. ඔබ විශ්වාස කළා හෝ නොකලා, ඒ තමයි සත්‍ය.
මරියානා ආගාධය ගැන හොයාගත්තට පස්සේ මුළු ලෝකයම හිතාගෙන හිටියේ ඒ තමයි ලෝකයේ ගැඹුරුම ස්ථානය කියලා. නමුත්, ඒ සිතුවිල්ල පුස්සක් බවට පත්කරමින්, මුහුදු පතුලේ අඩි එකොලොස් දහසක් යටට ගමන් කරන්න ගවේෂක කණ්ඩායමක් සමත් වෙනවා. මෙහි විශේෂත්වය තමයි, සැබවින්ම ලෝකයා මුහුදු පතුල කියලා හිතාගෙන ඉන්න ස්ථරයෙන් තවත් පහලට ගමන් කරන්න මේ ගවේෂක කණ්ඩායමට හැකියාව ලැබුණා. මුහුදු පතුලේ ඝන ස්තරය සිදුරු කරමින්, පහලට ගමන් කරපු මේ කණ්ඩායම ඇතුල් වුනේ මීට පෙර කිසිඳු අයුරකින් මිනිස් පහසකින් කිලිටි නොවූ, ප්‍රාග් ඓතිහාසික ජලජ භූමියකට. මේ සුන්දරත්වය, මේ පුදුමය ඔවුන්ට වැඩි වෙලාවක් රසවිඳින්න නම් වරම් ලැබුනේ නැහැ. මීට පෙර කිසිඳු ආකාරයකින් ලොවට හෙළිදරව් නොවූ භූමි ප්‍රදේශයක, කුමන ආකාරයේ සත්වයින් සිටීවිද? නිකමට හිතලා බලන්න, එක සැරේටම ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කරපු දැවැන්ත මිනීමරු සත්තු ටිකක් පන්නගෙන ආවොත් කොහොම තියේවිද කියලා. ඒ විතරක් නෙමෙයි, මේ දැවැන්ත, මිනීමරු සත්තු ටිකට සාමාන්‍ය ලෝකයට එන්න පුළුවන් වුනොත් කුමන අන්දමේ විනාසයක් සිදුවේවිද? සොබාදහම් මාතාව මේ බිහිසුණු ලෝකය මිනිසාගෙන් සඟවාගෙන සිටියේ යම්කිසි අරමුණක් පෙරදැරිවයි. මොකද, මිනිසා කියන දුර්වල සත්වයාට හැකියාවක් නැහැ මේ තරම් බිහිසුණු, දැවැන්ත ඝාතක යන්ත්‍ර සමගින් හැප්පිලා ජයග්‍රහණය කරන්න!
Jason Statham කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න නම් බැහැ. සිනමා ලෝකයේ විශිෂ්ටතම ක්‍රියාදාම රංගන ශිල්පීන් අතරින් ඉදිරියෙන්ම සිටින නාමයක් තමයි Jason Statham කියන්නේ. පසුගිය අගෝස්තු 10 වෙනිදා මෙම රංගන ශිල්පියාගේ නවතම සිනමා නිර්මාණය එලි දැක්වුණා. Action, Adventure, Sci-Fi, Fantasy කාණ්ඩ නියෝජනය කරමින් නිෂ්පාදනය වූ මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් ඩොලර් මිලියන 150 කට අධික දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරනවා. ඒ වගේම, තවත් ඩොලර් මිලියන 140 ක මුදලක් වියපැහැදම් වෙනවා ප්‍රචාරක කටයුතු වෙනුවෙන්. නළු නිළියන්ගේ ගෙවීම් හැර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක පිරිවැයක්! හිතාගන්න පුළුවන් ඇතිනේ මොන තරම් දැවැන්ත නිර්මාණයක්ද කියලා. යොදාගෙන තියෙන තාක්ෂනය ගැන කියනවා නම්, සාගරය ඇතුලත දර්ශණ ඉතාමත්ම මනරම් ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා සැබවින්ම ඔබ පුදුමයට පත්වෙන ආකාරයට. ඒ වගේම, දැවැන්ත විලෝපිකයන්ව නිර්මාණය කරලා තියෙනවා ඇඟ සීතල වෙලා යන විදියට. ඉතිං මෙච්චර වියදම් කරපු නිර්මාණයක් කොහොම අසාර්ථක වෙන්නද!
මේ සටහන ලියවෙන මොහොත වනවිට, චිත්‍රපටය මහජනතාව වෙත නිකුත් වී මාස එක හමාරක් ගතවෙන්නට පෙරාතුව, Imdb දර්ශකයේ 6.1 කින් වගේම, ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවා යමින්, තවමත් අති සාර්ථකව තිරගත වෙනු ලබනවා. ඒ වගේම, සමාජ ජාලා වෙබ් අඩවි තුල මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් බොහොම ඉහල මට්ටමේ ඇගයීම් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම, ඇඟ කිලිපොලා යන අන්දමේ භයානක දර්ශණ නිසාවෙන් මහජනතාවගේ නොමද ප්‍රශංසාව දිනාගන්න මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබුණා.
කියන්න තියෙන්නේ මෙච්චරයි, කිසිම විදියකින් මේ සිනමා නිර්මාණය මගහැර ගන්න නම් එපා. සමහරවිට ඔබට හිතේවි, ජුරාසික් වල්ඩ් වගේ දැවැන්ත නිර්මාණ පවා අභිබවා යන තරම් මේ සිනමා නිර්මාණය විශිෂ්ඨයි නේද කියලා. එහෙනම් හැමෝටම අවසරයි, වසර මිලියන ගණනකට පෙර මිහිතලයෙන් වඳ වී ගියා යැයි සැලකෙන්නා වූ අති දැවැන්ත, බිහිසුණු, ප්‍රාග් ඓතිහාසික ජලජ ඝාතක යන්ත්‍ර සමගින් මිනිසා ඝට්ටනය වන අයුරු සියැසින්ම දැක බලාගැනීමට.
ප. ලි. – මේ උපසිරසි ලබාදීලා තියෙන්නේ HD පිටපතක් සඳහා. විශේෂයෙන්ම කියන්න ඕනේ, HD පිටපතක් විදියට ගත්තාම මං දැකපු අනර්ඝම HD පිටපතක් කියලා බය නැතුවම කියන්න පුළුවන්. වීඩියෝ සහ ඕඩියෝ ගුණාත්මකභාවය ඉතාමත්ම ඉහලින් තියෙනවා. ඒ නිසා, බලන අයට ඉහලින්ම නිර්දේශ කරනවා, කිසිම සැකයක් නැතුව අරගෙන බලන්න. ගුණාත්මක භාවය ගැන මෙතනින් බලාගන්න පුළුවන්. කොහොමත්, BR පිටපතක් ආවට පස්සේ ආපහු වතාවක් බැලුවා කියලා පාඩුවක් වෙන චිත්‍රපටයක් නෙමෙයි මේක.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR / WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
78,439 downloadsDownload The-Meg-2018-BR-1.zip202 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
239 comments
Dushan Tharuka
dedunu
thank s bro...
losaka
හොද ලිපියක් සහෝ චිත‍්‍රපටය නමි ටිකක් පරක්කු දෙන්න නමි ටිකක් පරක්කු වුනා වගේ සහෝගේ කැපවිමට ස්තුතියි ජය වෙිවා
Upul Sampath
Thanks sub ekata e wagema The.First.Purge.2018. movie ekatath ikmanata sub denna
හසන්ත වික්‍රමරත්ත
චිත්‍රපටය කෙසේ වෙතත් නියම ලිපියක් සිසිල හැමදාම වගේම. නොදන්න දෙයක් ඉගෙන ගත්තා මමත්. නිකම්ම සබ් එකක් දෙනවට වඩා ඊට අමතර කරුණු මහන්සි වෙලා හොයලා මේ වගේ දේවල් කියල දැනුවත් කරන එක නම් සෑහෙන්න වටිනවා. ජය!
Jana
Thanks
Sherlock holmes
තෑන්ක්ස් බ්‍රෝ..
පට්ට ලිපිය හොඳේ ✌️Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Chamika Prabath
පිස්සු හැදෙන ලිපියක් ලියල තියෙන්නෙ සිසිල..ඔයාගෙ ලිපි නම් කවදත් මරු...නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අද ලිපියෙන්...ඇත්තටම අපි හැමොම ඔයාට ස්තුති වන්තවෙන්න ඕන..
ජය වේවා සහෝ........geeganagamage
සුපිරි විස්තරයක්නේ කරලා තියෙන්නේ නියමයි බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
jayadari
thank you
Ayesh Prashan
vistharaya nam supiri.aniwa balano.habai b/r ekak.thank you
දමිත් රත්නායක
වෙනදා වගේම ගවේෂණාත්මක ලිපියක් ගෙනල්ලා.
මේ වගේ ලිපියක් කියවගෙන පහලට එද්දිම අපි දන්නවා කාගෙද සබ් එක කියලා.
ස්තුතියි සිංහල උපසිරැසියට.
ජයෙන් ජය සිසිල සහෝ.GayaJ
සම්පූර්ණ ඉතිහාස පාඩමක්...උපසිරසි ගන්වන්න ගතවන කාලය අපි හැමෝම අහල තියෙනවනේ..එක සත පහක් නොගෙන වැය වෙහෙස නොතකා මේ කරනේ කොයි තරම් නම් සේවයක්ද,උපසිරසි ටික දාලා බලනවනම් බලපල්ලා කියල නිකන් ඉනේ නැතුව මේ මෝරාගේ විකාශනයත් පිටුවක් පුරා ලියල බලනකොට ලිපියෙ තියෙන මෝරාගේ විස්තරෙත් මතකෙට එනකොට මොනතරම් පට්ට ගතියක් එයිද,සිසිල ප්‍රසාද් ඔබට බෙහෙවින්ම ඉස්තුතියි...ඔබ ඇතුලු බයිස්කෝප් උපසිරසි කරුවන්ගේ සියලු වැඩකටයුතු සිතන අයුරින්ම ඉටු වේවා....සාර්ථක වේවා....සියලු දෙනාටම ජය....
Sanjeewa2010
Thnxxxxxxxxxxx Pattaaaaaaaaaaaaaa
Milinda Rukshan
supiri wedak film ekata wada patta ithihasa kathawak dala thiyanawa eka nam patta hode jayen jayama wewa
gihan perera
Wow සිසිල සහෝ පට්ට හැඳින්වීමක්....නියමයි...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ස්තුති කරලා මදි...ඒත් ඒක විතරයි කරන්න පුළුවන්...මේක දානකන් හිටියේ මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Cj
හපුයි පුතී සබ් ඒක හදන්න ගියාට වඩා වැඩි වෙලාවක් යන්න අැති මේකේ විස්තරේ දාන්න.සිරාවටම තැන්කුයි වේවා මෙහෙම ලාභ බලාපොරොත්තුවක් නැතුව කරන උදව්වට.අාදරෙයිලු ගොඩක්.
()Prasanna123
බලලා කියන්නේ... පට්ටම ෆිලුමක් බ්‍රෝ... මෙච්චර දැවැන්ත නිර්මාණයක් අනිත් අය මග හැර ගන්න එපා...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..පොඩි දෙයක්නම් නෙමේ..ඉතිහාසය පාඩමක්ම ඉගෙන ගත්තා ලිපිය කියවලා..හැම උපසිරසටම වගේ මේ උපසිරසටත් සුපිරි ලිපියක් දුන්නට ආයෙත් වතාවක් ස්තූති අයියේ..සිනමාවට ආදරේ කරන රසිකයෝ විදියට උපසිරස වගේම මේ ලිපියත් අපිට පට්ට වටිනවා..BR එනකම් ඉවසන් ඉන්න හිටියත් ලිපිය කියෙව්වට පස්සේ ඉවසීම නැතිම උනා..අර කිව්වත් වගේ BR ආවාම ආයෙ බලමු. බුදුසරණයි..ජය වේවා!
Toma
Thanks for the sub....... :)
Hinniyaka
thanx bro
Dilshan Sanka
THanks saho!!!!
dsdkavishka
Thenks aiya, niyamai
OshankaNW
වෙනදා වගේම සුපිරි ලිපියක් . Sub එකට වගේම ලිපියටත් බොහෝම ස්තුතියි .......
ජයවේවා ......sampath n perera
thank you very much
Thilankadissanayake
සුපිරිම film එකකට සුපිරිම ලිපියක්.තෑන්ක්ස් සහෝ.ෆිලුම බලන්ඩ තියෙන ආසාව වැඩිවෙනව ලිපිය කියෙවුවට පස්සෙ.good luck.
Umayanga_perera
Thanks bro!
TP
tnx bro godak dewl dna gtta
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!කෞශල්‍ය දුෂ්‍යාන්
අම්මේ සිසිල ලොක්කා එ් ලිපිය.දැංනං බලන්නම වෙනවා.සබට තුති සිසිල අයියේ.සදා ජය. :-P :-P
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි අයියෙ!!
Anjananavod
Thankz
H_anuru
Thank you bro
IshRazor
දීලා තියෙන විස්තරය නම් පට්ට..ඒ වගේ සතෙක් ඇත්තට හිටියා කියලා දැනගත්තෙත් අදයි .....
podibanda
Supiri wadak broo.elm.gl
Tnx saho sub ekata .
sanjayamanodara
Thanks..
Tharaka
THANKS........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nivom
mekanam aniwa baanawa,
Shenin007
Thankyou
aks
thanks...
lahiru sadaruvan
thank you so much brother
vertex89
patta movie ekak wagema sub ekata thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
ලිපියනම් නියමයි
thumi
supiri malli thanks sub ekata
Kovidu
බොහොමත්ම ස්තූතියි සිසිල සහෝ ............ ජය!!!!!!
Nuwan Manage
Sub 1t thanks machan.Lipiya kiyawnna gttu gman denagtta sub 1 dila tyn uba kyl.Ela ela
bimbi
මගෙ ආසම නලුවා ඉතින් නොබලා කොහොමද
විස්තරේට නම් ස්තූති නොකරම බෑ ඒක පට්ට ඔක්කොම කියෙව්වා ගොඩක් විස්තර දැන ගත්තා
එනකල් බලා ගෙන හිටිය පිල්මක්
ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Thanks Bro....Jaya wewa !!!