Saw X (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, ටෙක්සාස් චෙන්සෝ, ස්ක්‍රීම් වගේ ඝා…
Saw X (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Horror/Slasher ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ෆිල්ම් සීරීස් එකක නවතම චිත්‍රපටය Saw X. Saw කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ නේද? මොකද කිව්වොත් හොරර්/ස්ලෑෂර් කිව්වහම කෙනෙකුගේ හිතේ මැවෙන හැලෝවීන්, ටෙක්සාස් චෙන්සෝ, ස්ක්‍රීම් වගේ ඝාතකයෙක් මිනිස්සු මරණ ෆිල්ම් වලට පිටින් ගිහින් මාස්ටර් මයින්ඩ් එකකින් ගේම් ගහලා අන්තිමේදි ප්‍රේක්ෂකයාට හිතාගන්නවත් බැරි අවසානයක් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් තමයි මේක.
Saw ෆිල්ම් සීරිස් එක ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙන්නේ මේකෙ ඉන්න ඝාතකයා වෙන ජිග්සෝ නිසා. ගොඩක් ස්ලෑෂර් ෆිල්ම් වල වගේ හිතුමතේ මිනිස්සු මරණවා වෙනුවට මේකිදි ජිග්සෝ කරන්නේ වැරදි කරන මිනිස්සුන්ව අල්ලලා ඔවුන්ව ගේම් එකකට හිර කරලා එයාලගෙ වැරදි හදාගන්න තමන්ටම අවස්ථාවක් දෙන එකයි. කලින් ෆිල්ම් බලපු අය නම් දන්නවා ඇති ඒ ගේම් මොන තරම් දරුණුද කියලා වගේම ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කිරීමේ අයිතියත් ක්‍රීඩකයාටමයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ ෆිල්ම් වල තිබුනු අවසානයන් ගැනත් මතක් නොකරම බෑ. මොකද කිව්වොත් ප්‍රේක්ෂකයාව ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙන තරමේ සුපිරිම ප්ලොට් ට්විස්ට් දෙන්න සමත් වුණු ෆිල්ම් සීරිස් එකක් බවටත් Saw ප්‍රසිද්දයි.
වැඩිය ඕන්නෑ ඔයාල හොරර්/ස්ලෑෂර් ෆිල්ම් රසිකයෝ නම් අනිවාරෙන් මේකෙ මුල් ෆිල්ම් තුන බලලා ඉන්න, කිසිම පාඩුවක් නෑ වගේම මේකෙ පලවෙනි ෆිල්ම් එක බලපු ගමන් අනිවා අනික් ටිකත් නිකංම බැලෙයි. මොකද මේකෙ මුල් ෆිල්ම් එකකට එකක් කොහොම හරි සම්බන්ද වෙනවා. හැබැයි මේ Saw x අළුත් ෆිල්ම් එක නම් කලින් ෆිල්ම් වලට සම්බන්ද නෑ කියන්නේ නෑ, හැබැයි ඒ වගේ වෙන සිද්ධි අනං මනං මේකෙ මුකුත්ම නෑ අලුතෙන්ම බලන කෙනෙක්ට වුණත් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හැබැයි ඉතිං නියම ගැම්මක් තියෙන්නේ නම් මේකෙ පලවෙනි ෆිල්ම් දෙක තුනවත් බලලා බැලුවොත් තමා. මොකද එතකොට තමා මේකෙ යකා මොන වගේ එකෙක්ද කියලා අපිට දැනගන්න හැකිවෙන්නේ.
එහෙනම් අපි මේ ෆිල්ම් එකේ වටේ තොරතුරු ටිකක් දැනගෙන ඉමු. මේක තමයි මේ Saw ෆිල්ම් සීරිස් එකේ දසවන ෆිල්ම් එක,
1 – Saw(2004)
2 – Saw II(2005)
3 – Saw III(2006)
4 – Saw IV(2007)
5 – Saw V(2008)
6 – Saw VI(2009)
7 – Saw 3D(2010)
8 – Jigsaw(2017)
9 – Spiral(2021)
10 – Saw X(2023)
මේක ෆිල්ම් එක ලංකාවෙ ඇතුලුව සිනමාශාලාවල් වලට නිකුත් වෙන්නේ සැප්තැම්බර් 28 වෙනිදා සහ වෙබ් පිටපත් නිකුත් වුණේ අද(ඔක්තොම්බර් 20 වෙනිදා). මේකෙත් බෙදාහැරීම් කටයුතු කළේ කලින් ෆිල්ම් වල වගේම Lionsgate ආයතනය විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 13 වැය වෙලා තියෙනවා සහ චිත්‍රපටයෙන් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 72.5 උපයාගන්නත් හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ Saw VI, Saw 3D, Spiral, Jessabelle(2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Kevin Greutert මහතා විසිනුයි.
මේකෙ කාස්ට් එක ගැන කතා කලොත්, අපිට මේකෙදි හුරුපුරුදු චරිත තුන්දෙනෙක් බලාගන්න පුළුවන් වෙනවා එනම් කලින් ෆිල්ම් වලට ජිග්සෝ නැතිනම් ජෝන් ක්‍රේමර් චරිතයට පණ දුන් Tobin Bell, වගේම මේකෙ පලවෙනි ෆිල්ම් තුනේදි අපිට බලාගන්න හැකිවුණ ඇමැන්ඩත් මේකෙ ඉන්නවා සහ ඇයගෙ චරිතය නිරූපනය කරන්නෙත් කලින් නිලියම තමයි Shawnee Smith විසින්.”හැබැයි තුන්වෙනි එකා ගැන නම් මං කියන්න යන්නෙ නෑ, ඒක දැනගන්න ඔයාලට මේක බලන්නම වෙයි”
ඊට අමතරම අපිට මේකෙදි Synnøve Macody Lund, Renata Vaca, Michael Beach, Steven Brand වැනි අයත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් සෑහෙන්න ඉහල ප්‍රතිචාර මේකට ලැබිල තියෙනවා සහ IMDb එක විසින් Saw ෆිල්ම් සීරිස් එකේ දෙවෙනියට හොඳම ෆිල්ම් එක විදිහට මේක නම් කරල තියෙනවා. ඊට අමතරව මනාප 20, 700 අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයක් ගන්නත් කුණු තක්කාලි 79% ගන්නත් සමත් වෙලා තියෙනවා. දැං හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එකේ තරම?

මේකෙ කාල රාමුව දිවයන්නේ Saw(2004) පලවෙනි ෆිල්ම් එකත් Saw(2005) දෙවෙනි ෆිල්ම් එකත් අතර මැදි කාලයටයි. හැබැයි මේකෙ කතාව යන්නේ මෙක්සිකෝවෙ, කලින් ෆිල්ම් වල දැක ගන්න බැරිවුණ වෙනස්ම වටපිටාවක. අන්න ඒකයි මං කලින් කිව්වේ මේකෙ චරිත කලින් ෆිල්ම් වල අය වුණාට කතාව වෙනස්ම එකක් කියලා. අපිට මේකෙ මුල් ෆිල්ම් වලදි බලාගන්න පුළුවන් වුණේ මිනිස්සුන්ව අල්ලන් ඇවිත් කෙලින්ම ඔවුන්ගෙන් තරඟ කරන හැටිනෙ, ඔවුන් කරපු වැරදි මොනවද එයාල කොච්චර දුරට වැරදීද කියලා ඉතිහාස කතාවක් අපිට ඒවගෙන් බලාගන්න පුළුවන් වුණේ නෑ වැඩිය.
ඒ නිසා අවසානය වෙනකොට ඔවුන් එච්චර ගේමක් දීල තරඟ කරපු එකේ බේරුණා නම් හොඳයි කියලා කොයි කාටත් හිතෙන්න ඇති. හැබැයි මේ ෆිල්ම් එකේදි නම් ඒකෙ පොඩි වෙනසක් කරල තියෙනවා. මොකද මේකෙ හොඳ පැහැදිලි කතා තේමාවක් එක්ක තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා කැමති අය ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ අනික් ඒවා නොබලා, මොකද මේකෙ මං කලින් කිව්වත් වගේ ජිග්සොගෙ අළුත්ම ගේම් එකක් තියෙන්නෙ වගේම කතාවේ චරිත ගැනත් හොඳටම පැහැදිලි කිරීමක් අපිට පෙන්නනවා. හැබැයි මං මේකෙ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නෙ නෑ, මොකද මුල ඉදන්ම මේකෙ කුතුහලය ත්‍රාසය මං පොඩ්ඩක්වත් කියනවට වඩා බලලම විඳින එකයි වඩාත් හොඳ.
ඒ වගේම විශේශයෙන්ම මතක් කරන්න ඕනෙ මට නම් මේක ගොඩ කාලෙකට පස්සෙ බලපු ඇගට දැනුනු සුපිරිම හොරර්/ස්ලෑෂර් ෆිල්ම් එකක්, මොකද මේකෙ අවසානය ඇගත් එක්ක හිරි වැටිල යන සුපිරිම එන්ඩ් එකක් තමා තියෙන්නේ. සමහරවිට අනිවාරෙන් ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි මේක තමයි අන්තිමට වෙන්නෙ කියලා ඒත් ඔයාල ඒ අවසානය වෙනකල් ඇගිලි ගැන ගැන බලන් ඉදීවි කියලා සැක නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතිං කියන්න තියෙන්නේ එච්චරයි මේ Saw X ෆිල්ම් එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක් ඉන්නවා නම් මං මේ කියපු ටිකයි මේකෙ රේටින් සහ රිවීව්ස් බැලුවහම අනිවාරෙන් බලන්න හිතෙයි නැති නම් ඉතිං අපිට නෙවෙයි පාඩු. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
18,566 downloadsDownload Saw-X-2023-Baiscopelk.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Saw X, Saw X (2023) Sinhala Subtitles, Saw X Sinhala Subtitles, Saw
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2023
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Saw
- #Saw X
- #Saw X (2023) Sinhala Subtitles
- #Saw X Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
28 comments
Dasun
රුවන්
දැන් ගන්නවා,,,තව හොද ටිකක් දෙන්න බ්‍රෝ.ජය වේවා.
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Faaaaassssssstttttttt.......!!
Kaveen
tq
Anonymous
thanks bro
Tharusha Rawimal
Thanks Bro Sub ekt
Thenuka Dinindu
Thanks
baiscopelk ishu
sub ekta thx saho
Anonymous
Thanks jayawewa.....!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.
ආපු ගමන් ඉක්මනට දීලා.lakshan
thanks ....................
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Ruchira
Thanks for the sub!!!
Saman
Kalin ewata wada kathawa wenasma widihakata galagena yanne.. supiri man balapu saw films tiken meka thama supirima eka. Thanx sub ekata.. jaya wewa.!!!
Bhashitha
Saw 1 film eke sub eka bluray update krnn bada sago
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Sahan Gayantha
thanks a lot brother sub ekata
විමා
උපසිරසියට බොහොම ස්තුතියි මචෝ !
oshanda
thanx sub ekata. jaya wewa !
Malith samarawickrama
thanks saho sub ekata
Sahan Gayantha
thanks a lot bimsara saho..
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Akila Dilhara
Thanks Brother...
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Saw X (2023) Sinhala Subtitles | මාරයා එක්ක සෙල්ලමක්! [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Saw-X-Poster-1.jpg)

Thanks For Sub