ආයුබෝවන් හිතාදර බයිස්කෝප්වාසි සහෘදයිනේ ඔන්න ඔයාලට සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. සැබෑම සැබෑ ආදර කතාවක්. ලෝකෙ කෙනෙක් අවංකවම ආදරේ කළා නම් මෙහෙමයි ඉන්න ඕනෙ. සමහරු නම් මෝඩ කමක් කියයි වර්තමාන සමාජය අනුව. ඒත් හිතට එකඟව ආදරේ නම් මෙයම තමා. අලුත් නළු නිළියෝ, හැංගිලා තිබුණ චිත්‍රපටයක්. මෙලෝ රහක් නැතිවෙයි කියල…

ආයුබෝවන් හිතාදර බයිස්කෝප්වාසි සහෘදයිනේ ඔන්න ඔයාලට සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. සැබෑම සැබෑ ආදර කතාවක්. ලෝකෙ කෙනෙක් අවංකවම ආදරේ කළා නම් මෙහෙමයි ඉන්න ඕනෙ. සමහරු නම් මෝඩ කමක් කියයි වර්තමාන සමාජය අනුව. ඒත් හිතට එකඟව ආදරේ නම් මෙයම තමා. අලුත් නළු නිළියෝ, හැංගිලා තිබුණ චිත්‍රපටයක්. මෙලෝ රහක් නැතිවෙයි කියල හුඟක් අය අතෑරල දැම්මත් බැලුවට පස්සෙ දෙපාරක් බලන්න හිතෙන අපේ වචනයෙන්ම කිව්වොත් පට්ටම ලව් ස්ටෝරියක්. IMDb අගය 7.6 Drama ගණයට අයත් වුණාට Romance වර්ගයට අයිති වුණා නම් තමයි මේක 100%ක්ම වටින්නෙ. විනාඩි 121 පුරා දිවෙන 2019 අප්‍රේල් මස 19 වෙනිදා තිරගතවීම ආරම්භ කරන ලද Madhampatty Rangaraj, Shweta Tripathi, RJ Vigneshkanth, G. Marimuthu, Vela Ramamoorthy, Ankur Vikal රංගන දායකත්වය ලබාදෙනවා.
කතාව කෙටියෙන්ම විස්තර කරන්නම්. ආදරෙන් බූට් කාපු කෙනෙක් නම් හෝ අවංකවම ආදරේ කරන කෙනෙක් නම් මේක අනිවා බලනවාමයි. මේ මෙහෙන්දිට පොඩි කාලේ ආත්තම්මා කියල දෙන කතාවක්.
මොණරියක වැනි කුමාරිකාවක් වරෙක නිවර්තන කලාපයක ජීවත් වුණා
කඳුකර ප්‍රදේශයේ කුමාරයෙක් ඇගේ රූප ශෝබාවට වහ වැටුණා
මංගල රථය බලා…ආදරයෙන් වෙළිලා හිටියා
දණහිසක් තරමට නිල්ල දිගේ නිල් මල් පිපිලා තිබුණා
මොන්ගෝලියන් රජු විත් කඳුකරය ආක්‍රමණය කර පරාජය කර දැමුවා
කුමාරයා වනාන්තරයට පළා ගියා
මොන්ගෝලියන් රජු ගිහිල්ලා…
කඳුකරයම යටත් කර රජු හොයමින් මරල දැම්මා
අල්ලා ගත් කුමරිය ඉදිරිපිටදීම….
ජ්‍යොතිෂයකාරයා මොන්ගෝලියන් රජු හට රහසක් කිව්වා
රයිනෝ අස්ථියක් ගෙන සෑදූ පිහියක් රැගෙන….
දවස් 30කින් කුමාරිකාව වටේට විසිකරන්න
ඒ ලේ ඔබේ පපු ලේ රැගෙන දෙවියන්ට පූජා කරන්න
එය ඉටු කළොත් ඔබට අමරණීයත්වය ලැබෙයි….!
මෙය කන වැකි කුමරා….රාත්‍රිය සමඟ බලකොටුවට ඇතුළුවෙලා…
පිහියත් රැගෙනම කුමරියි අරගෙන සිහින් වාතය තුල අතුරුදහන් වෙලා ගියා….
වනයට ඇතුළු වෙලා…..ආදර විශ්වයේ සතුටින් ජීවත් වුණා…!!
2010 මහාරාෂ්ටයේ අම්බලේ ගම්මානයේ වෙච්ච සිදුවීමක්.ජීවා ඒ ගමේ එයාගෙ යාලුවත් එක්ක සංගීත තැටි කඩයක් කරගෙන යන කෙනෙක්, තාත්තා නම් මහ කුල බේද ජාති කාරයා. හරිම සැරයි. ජීවගෙ වැඩේ තමයි ආදරේ කරන අයව එකතු කරන එක. එයා දාල දෙන සින්දු වලට ගොඩක් අය ආදරේ වැටිල තියෙනවා. ටික දවසක් යනකොට ගමට සර්කස් කණ්ඩායමක් එනව. පල්ලියේ ෆාදර් තුමාගෙන් කීප සැරයක්ම ඉල්ලිම් කලාට පස්සෙ ෆාදරුත් කැමතිවෙලා සර්කස් කණ්ඩායමට ඉඩ දෙනව පල්ලියේ පිට්ටනියෙ සර්කස් සංදර්ශන පවත්වන්න. ඒ අවසරය ගන්න ආපු වෙලාවේ ජීවා සර්කස් කණ්ඩායමේ කෙල්ලෙක්ව දැකල හිත යනව. පස්සෙ එදා රෑ සර්කස් එක බලන්න ගියාම පිහි විසි කරන එකේ ඒ ගෑණු ළමයයි හිටගෙන ඉන්නෙ. ජීවට මේක දරාගන්න බැරුව පහුවදා කියනව එයා හම්බවෙලා ඔයා පිහි විසි කරන සෙල්ලමේ ඔයාව එහෙම දකින්න හිතට ගොඩක් අමාරුයි කියල. මෙහෙන්දි දවල් වෙලා කඩ මංඩියට ආවම ජීවගෙ සංගීත කඩේ තියෙන සිංදු අහන්නත් අමතක කරන්නෙ නෑ. කොහොම හරි මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. මේකට සර්කස් කණ්ඩායමේ ජාදව්, ඒ කියන්නෙ මෙහෙන්දිගෙ වටේට පිහි විසිකරන්නත් උදව් කරනවා. මේ ආදර සම්බන්ධය දැනගන්න ජීවගෙ තාත්තා ජීවට අවවාද කරනව ඒක නවත්තන්න කියල. මෙහෙන්දිගෙ සීයට මේක කණ වැටිලා එයා සර්කස් කණ්ඩායමත් අරගෙන වෙන ගමකට යන්න පිටත් වෙනවා. ජීවා මෙහෙන්දිට ඇත්තටම ආදරේ කරපු නිසා මෙහෙන්දිව හොයාගෙන ගිහිල්ලා එයාගෙ සීයගෙන් මෙහෙන්දිව කසාද බදින්න ඉල්ලනවා. එයා මේකට කොන්දේඉයක් දානවා පිහි සෙල්ලමේ පිහි 9ක් විසි කරන්න ඉගෙන ගත්තොත් මෙහෙන්දිව අරගෙන ඕන දිහාවක යන්න දෙනව කියල. ජීවා ගොඩක් උත්සාහ කරල ජාදව්ගේ උදව්වත් ඇතිව පිහි විසි කරන්න පුරුදු වෙනවා. කොහොම හරි ජීවා පිහි විසි කරන්න ඉගෙන ගෙන ආවාම මෙහෙන්දිගෙ සීයා විහිළුවට ලක් කරලා ජීවට යන්න කියද්දි මෙහෙන්දි ඇවිල්ලා බෝඩ් එකේ හිටගන්නවා ඔයාට පුලුවන් පිහි විසිකරන්න කියල. ඒත් මෙහෙන්දි දිහා බලාගෙන ජීවට ඒක කරන්න බැරුව සීයට මෙහෙන්දිව තියාගන්න කියල යන්න යනව. ඒත් පල්ලියේ ෆාදර් කියන දේ අහල ජීවා රෑ ගිහිල්ලා මෙහෙන්දි එක්ක පැනල යනවා. ඒ යනකොට ජාදව් මුණ ගැහුණත් ප්‍රශ්නයක් නොවි දෙන්නම පිටවෙලා යනවා. හැබැයි යන තැන ජාදව්ට ජීවා අතින් කියවෙනවා. ෆාදර් තමයි ජීවාව ෆාදර්ගේ සැබෑ නොවුණ ආදරවන්තිය ළගට යවන්නෙ. ඒ ගිහින් ටික වෙලාවකින් ජීවගෙ තාත්තා කට්ටියක් එක්ක ඇවිත් ජීවටයි මෙහෙන්දිටයි ගහල දෙන්නම එක්කගෙන් යනවා. මේ ගියාට පස්සෙ ජීවා ඉස්පිරිතාලෙට ඇතුලත් කරනව. මෙහෙන්දි එයාගෙ සියා එක්ක එයාලගෙ උපන් ගමට යනවා. ජීවා පහුවදා ඇවිල්ලා සර්කස් කරන තැන බැලුවාම සුන්බුන් ගොඩක් විතරයි… මීට වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ..
මේ කතාවේ නොපෙනෙන දුෂ්ටයෙක් ඉන්නවා. ඒ නිසයි මේ ආදර කතාව අසරණ විදියට ගලාගෙන ගියේ. බලන්න..ලස්සනම කතාවක්.. හැමෝටම තෙරුවන් සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
6,122 downloadsDownload Mehandi-Circus-2019.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
21 comments
Udaya Saman
Ayesh Prashan
Thank You
gihan perera
ස්තුතියි සහෝ...පට්ට ආදර කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.Heshan Dananjaya
ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා.. බයිස්‌කොප් එකටත් ගොඩක් ස්තූතී..දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!arawindasunimal
thanks oshada danajaya sub ekata teruwan saranai
Rukshan37
Ela ela
Gayan Thilina
baiscopedownload site eka weda karanne netthe ai bro
dskumara
Flim eka hoya gnna bene link ekak Dannko plz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
palithadesilva
thank you..
Pereralakshitha
Film eka Download karana link eka dannko yaluvane.plz
Hasthikanuwan
Baiscopedownloads page ekata mokada wela thiyenne?
umeshi
Me tamil film download krgann widiyak kyannako..link eka dannko puluwannam yaluwk..
tmilangarathna
baiscopedownloads.co
Kanchaka
Thanks bro
Anu
Thanks Bro...
L.G.T.Dilshan Liyanage
Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Charith Vishwa
mama meka download karanna awe meke kodi aruvi song eka ahamben mama ada ahuwa super. ithin mama nikamata sub eka thiyeda beluwa deyinee thiyenawa ! den mama meka bagena film eka balala kohomada kiyala kiyannnam. jayawewa!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
උපසිරසියට බොහොම තුති සහෝ.ඒ වගේම ආයෙත් හැටිුක් එකක් දැම්ම එකටත්.ලස්සන එකක් නෙ අනිවා බැලිල්ලක් තමා...ජයෙන් ජයෙනි