Watch Trailer

Men Behind the Sun (1988) | දෙවන ලෝක යුද්ධයේ බිහිසුණු වෛද්‍ය පරීක්ෂණ. [සිංහල උපසිරසි සමඟ]

මේ පාර මං ඔයාලට අරගෙන ආවෙ ඉතාම දුර්ලභ ගණයේ සිනමා පටයක් , දෙවන ලෝක යුද සමයේදී ” Unit 731″ නමින් හදුන්වන ජපන් හමුදා ඒකකයෙහි වෛද්‍යවරුන් විසින් මිනිසුන් යොදා සිදුකළ පරික්ෂණ හා අත්හදා බැලීම් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි මේ. ජපානය විසින් අල්ලා ගත් චීනයේ ප්‍රදේශයක පිහිටා තිබුණ මෙම 731 ඒකකයෙහි ප්‍රධාන අරමු…

Men Behind the Sun (1988)

මේ පාර මං ඔයාලට අරගෙන ආවෙ ඉතාම දුර්ලභ ගණයේ සිනමා පටයක් , දෙවන ලෝක යුද සමයේදී ” Unit 731″ නමින් හදුන්වන ජපන් හමුදා ඒකකයෙහි වෛද්‍යවරුන් විසින් මිනිසුන් යොදා සිදුකළ පරික්ෂණ හා අත්හදා බැලීම් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි මේ. ජපානය විසින් අල්ලා ගත් චීනයේ ප්‍රදේශයක පිහිටා තිබුණ මෙම 731 ඒකකයෙහි ප්‍රධාන අරමුණ ජීව විද්‍යාත්මක හා රසායනික අවි නිපදවීම. ඒ හරහා දෙවන ලෝක යුද්ධය ජය ගැනීම. හිරබාරයට ගත් චීන හා රුසියානු මිනිසුන් තමයි මෙලෙස පරීක්ෂණ ෂධයා යොදා ගැනෙන්නෙ. 1935 සහ 1945 වසරත් අතර කාලය තුළදී ගොඩනැගිලි ඇතුළත සිදුකළ පරික්ෂණ වලදී 3000 කට අධික පිරිසක්ද එළිමහන් පරීක්ෂණ වලදී 10000 කට අධික පිරිසක්ද මියගිය බව තමයි සදහන් වෙන්නෙ.

මම කලින් දීපු Horses of the god චිත්‍රපටයට යහපත් ප්‍රතිචාර ටිකක් ලැබුණා. ඒ අදහස් දැක්වූ සියලු දෙනාට ස්තුතී කියලා කියන්න කැමතියි. ඒක මග ඇරුණ අය ඉන්නවනම් කැමතිනම් ගිහින් බලන්න.

චිත්‍රපටයේ කතාව ටිකක් කියන්නම්කෝ එහෙනම් :
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1945 පෙබරවාරියේදි දොස්තර ඉසී කියන පුද්ගලයා මෙම ඒකකයේ නායකයා ලෙස පිටත් කර යවන තැන සිට. මොහුගේ චරිතය නම් කොයි පැත්තෙන් බැලුවත් ඉතාම නරක එකක්. මේත් සමගම අඩු වයස් ජපන් සොල්දාදුවන් පිරිසකුත් මේ ඒකකය සදහා පිටත් කර යැවෙනවා. මෙම ළමා සොල්දාදුවන්ගේ ක්‍රියාකාරකම් සහ හිරබාරයට ගත් චීන හා රුසියානුවන් යොදා සිදුකළ වෛද්‍ය හා වෙනත් පරික්ෂණයන් චිත්‍රපටයේ දැක ගන්න පුළුවන්. 1945 අගෝස්තු මාසයේ ඇමරිකානුවන් ජපානයට පරමාණු බෝම්බ දැමිම සමග මෙම ඒකය විසුරුවන්න විධාන ලැබෙනවා. එහිදී රහස් රැක ගැනීම පිණිස, ප්‍රධානියා වන දොස්තර ඉසී මෙම ඒකකයෙහි සියලුම සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුලේ අයට සිය දිවි නසා ගන්න කියලා යෝජනා කරනවා. මිනිසුන් දහස් ගණන් මරපු මේ අය දිවි නසාගන්න කැමති වේවිද?

චිත්‍රපටයකට අදාළව කථාවෙහි සිදුවීම් මනාව ගළපලා තියෙනවා. අධ්‍යාපනික වශයෙනුත් වැදගත් චිත්‍රපටයක් උණත්, එල්ල වන චෝදනා තමයි සමහර දර්ශන ඉතා භයානක ස්වරූපයකින් නිර්මාණය කර ඇති බව. ජපන් ජනතාවගේ හඩ නැගීම් මත මෙහි අධ්‍යක්ෂක වරයාට මරන තර්ජන පවා එල්ල වුණා කියලයි සදහන් වෙන්නෙ. හදිසි කම්පනයන්ට ලක්වෙන අය හා ගොඩක් සන්වේදි අය මෙය නොබැලුවොත් තමයි හොද. අනිත් අයට, චීනයත් හොන්කොන් රටත් එකතුවෙන් කරපු මේ අපූරු සිනමා පටය අමතක නොවන හොද සිනමා අත්දැකීමක් වේවි. IMDB අගය 6.2 / 10 ඉන්ග්‍රීසි හඩකවපු පිටපතේ torrent එකක් තමයි දීල තියෙන්නෙ. මං ගාව තියෙන්නෙත් ඒක. දීල තියෙන torrent එකේ මොනවා හරි අවුලක් නම් මේ torrent එක ගන්න. සබ් එක තිබුණේ මේ නමින් නිසා මෙයටත් උපසිරසිය ගැලපේවි. පුළුවන් කෙනෙක් ඉන්නවනම් චෙක් කරලා comment එකක් දාන්න.

ගොඩක් මහන්සි වෙලා තමයි සබ් එක ඔයාල අතට පත් කරලා තියෙන්නෙ. චිත්‍රපටය බැළුවනම් ආයෙත් ඇවිල්ල චිත්‍රපටය ගැන මොනවහරි comment කරලා යන්න අමතක කරන්න එපා. ඉදිරියේදි උපසිරසි යොදන චිත්‍රපට සදහා ඒව ලොකු උපකාරයක්. අපි ගියා එහෙනම්. ජය වේවා…

Men Behind the Sun (1988) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

f66bfde8d220a500a7beeb36cfe303722f1b8083 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

813 downloadsDownload Men.Behind.The_.Sun_.1988.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

813 downloadsDownload Subtitles28 KB

32 comments

  1. CHAMEE

    thanks sahoo sub walata
    balata honda naraka kiyannamkoo

  2. හර්ෂ ලහිරු

    නියමයි සහො පරණවුනත් සුපිරි භාන්ඩයක් වගේ
    බොහොම ස්තුතියි සහො :P :P ජයවේවා

  3. අසෙල්

    supppa

  4. Kulanjana Maduranga

    parana unata watina movie 1k.subata thanks NIROSHAN saho.Great work jaya wewa....

  5. කේ.යූ.ජී. උදාර

    වෙනස් රහකට හුරු වෙච්ච කොල්ලෙක් වගෙයි............
    මේ වගේ වෙනස් වෙනස් එව්ව තමයි අපිටත් ඕනෙ. ඔන්න ‍ෆිල්ම් එකයි සබයි දෙකම ගත්තා. ලඟදි ම තවත් එකක් අරන් එමු. මේ වැඩේට බොහොම ස්තූතියි නිරෝශන්............

  6. jack

    ස්තුතියි සහෝ.

  7. නලින්

    ස්තුතියි නිරෝෂන් සහෝ

    ජය වේවා!

  8. Amil

    Thanks Macho...

  9. Givantha Arshakularathne

    Superb.Thank you , Well done ,
    See you soon with a norther sub.

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Global

    Amaruwen Hari Godak Mahansi Wela Me Dunna Deta Mulu Ratama Oyawa Agayakarai Saho...Thawa Honda Film Ekakata Sub Denna...

  12. harsha

    ඔන්න මමත් බාගත්තා නමුත් තවම බැලුවේ නම් නෑ. ඔබට ස්තූතියි

  13. Sisira Hegoda

    Hondaaaaii. Niyamai. Thanks.

  14. “චූටී මල්ලි”

    හොදා වගෙ මේක
    සබට තුති
    ඔබට ජය..........

  15. Nandana

    බොහොම ස්තුතියි නිරෝශන්.

  16. Tharindu Perera

    Niyamai machannn....
    fatta vadakkkk..........
    thanks machann sub ekatahh...

  17. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  18. jayanandana

    The horses of god baluwa machan akath patta,, ehenam mekath awage wenas jathiye ekak kiyala onn bawa

  19. thilanka

    thanks bro..........

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පරණ උනත් මේවා සුපිරි ෆිල්ම්, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  21. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝෂන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ප්‍රමෝද්

    ඒළ මචං පටිට

  23. venuka

    niyamai machan film eka

  24. Rider

    Niyami machoooooooooooooooooooooo.......

  25. ඉෂාර වෙත්තසිංහ

    ඇත්තටම ගොඩක් හොඳ ෆිල්ම් එකක්............

  26. chandana

    නියමයි බොහොම ස්තුතියි

  27. Ruwan

    බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

    මේ වගේ ඒවා තවත් දාන්න

    1. ishara

      thanks........niyamay aaaaaaa

  28. hashh

    ela machoo

  29. rasika

    වෙනස් ගතියක් මේකේ තියෙන්නෙ.එල

  30. sisira munasinghe

    ලිපිය කියෙව්වට පසු සෑහෙන කුතුහලයක් ආවා ෆිල්ම් එක බලන්න. හුගක් ස්තුතියි මේ මේ වගේ සිනමා පට නැරඹීමට උප සිරැසි ලබා දෙමින් කරන සේවයට

  31. Anonymous

    thanx brother.....