Watch Trailer

Mercenary for Justice (2006) with Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන්. [සිංහල උපසිරසි සමඟ]

හැමදෙනාටම තෙරුවන් සරණයි! මං හිතනවා ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල, හැමෝම හොඳින් ඇති කියල හිතන්නත් අමාරුයි, මොකද අපි මේ ජීවත් වෙන ලස්සන ලංකාව විනාශ වෙලාදෝ කියලත් මේ දවස් වල හිතෙනව, එච්චරටම ලංකාවෙ සවුත්තු චරිත වැඩි වෙලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෙ කියන සිතුවිල්ල තාමත් ටික දෙනෙකුට දැනිල නෑ…

Mercenary for Justice (2006)

හැමදෙනාටම තෙරුවන් සරණයි! මං හිතනවා ඔයාල හැමෝම හොඳින් ඉන්නව ඇති කියල, හැමෝම හොඳින් ඇති කියල හිතන්නත් අමාරුයි, මොකද අපි මේ ජීවත් වෙන ලස්සන ලංකාව විනාශ වෙලාදෝ කියලත් මේ දවස් වල හිතෙනව, එච්චරටම ලංකාවෙ සවුත්තු චරිත වැඩි වෙලා, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනෙ කියන සිතුවිල්ල තාමත් ටික දෙනෙකුට දැනිල නෑ, එහෙම වුණේ ඇයි කියලත් වෙලාවකට හිතෙනව, කොහොම හරි කමක් නෑ හිතේ තියෙන දුක් කරදර අමතක වෙලා යන්න අපි ලස්සන ෆිල්ම් එකක් බලමු, මේ ෆිල්ම් එකත් Steven seagal ගෙ ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක ඔයාල හැමෝම බලන්න ඇති, මේ ෆිල්ම් එක අවුලක් නෑ බලන්න පුළුවන් ෆිල්ම් එකක්. සබ් එකේ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලමි.

ෆිල්ම් එක ගැන විස්තරයක් කිව්වොත්, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2006 අවුරුද්දෙ, ෆිල්ම් එකනම් විස්තර කරන්න ටිකක් අමාරුයි, කෙටියෙන් විස්තර කරන්නම් මෙහෙම, Steven seagal, මේ ෆිල්ම් එකේ හැටියට විශේෂ බලකායෙ ඉන්න සොල්දාදුවෙක්, එයාට දකුණු අප්‍රිකාවෙ මෙහෙයුමක් බාර දෙනවා උසස් නිලධාරීන් දෙන්නෙක් විසින්, ඒ මෙහෙයුමට සම්බන්ධ වෙනවා Steven seagal ගෙ හොඳ යාළුවෙක්, ඉතින් මේ මෙහෙයුම කරගෙන යන අතරතුරේ ගොඩක් රටවල් වලින් බලපෑම් එනවා මේ මෙහෙයුම නතර කරන්න කියල, ඒක නිසා මේ මෙහෙයුම බාරව ඉන්න ඉහළ නිලධාරීන් මේක අතර මග නතර කරල දානවා, එහෙම කරන්නෙ එයාලගෙ පෞද්ගලික හේතු මත, මෙහෙයුම අතර මග නතර කරපු නිසා Steven seagal ගෙ හොඳම යාළුවා නැති වෙනව, මේ සිද්ධිය නිසා Steven seagal ගොඩාක් අවුල් වෙනව, මෙයාට තරහ යනව මේ නිලධාරීන් කරපු සවුත්තු සිද්ධියට, ඒ වගේම මෙයාට ගොඩාක් අය විරුද්ධ වෙනව, Steven seagal තනියම අර නිලධාරීන්ට විරුද්ධව දාන දිග විස්තරයක් මේ ෆිල්ම් එකේ තියෙනව, මීට වඩා විස්තර කෙරුවොත් ඔයාලගේ සතුට නැති වෙයිදෝ කියල හිතෙන නිසා අපි දැන් ෆිල්ම් එක බලමු, යන්න කලින් අපි දෙයක් මතක් කරමු මේ ලෝකෙ ඉන්න හැම ජීවියෙක්ම, ලෙඩක් දුකක් හිංසාවක් ගින්නක් නැතුව ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු !

“හේතු අත්ථි පච්චයෝ සත්තානං සංකිලේසාය,
සහේතු සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති.”

“සත්වයන් හේතු ප්‍රත්‍ය සහිතවමයි කිලුටු වෙන්නෙ,
සත්වයන් හේතු ප්‍රත්‍ය සහිතවමයි පිරිසිදු වෙන්නෙ.”

Mercenary for Justice (2006) on IMDb

 

 

1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න

E3F0BC96C9760D977ABE63B0C38D3BBCE37C487F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,160 downloadsDownload Mercenary-for-Justice-2006.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,160 downloadsDownload Subtitles42 KB

11 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  4. kik

    pissuda ban bana kiyawanne?

  5. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ashen

    ela kollek uba

  7. Bobby

    බොහොම ස්තතියි ඔබට

  8. A Mune Munasinghe

    ''බුතම '' කියවන එකේ බන පොඩ්ඩක් නිකම් හරි අහන් යමන් කික්.. ෆිලුම හොදයි වගේ දිනුෂ සහෝ..''ඔයාට ගොඩක් ස්තුත්යි..

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.
    ආයු -බෝ -වේවා !!!

  11. Chamindalakruwan

    Tnz bro sub ekata