Watch Trailer

Mi-sseu-baek (2018) AKA Miss Baek Sinhala Subtitles | මිස් බෙක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි දන්න කාලෙ ඉඳන්ම ළමා අපචාර සහ දූෂණ වගේ දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා. ඒවට නීතියෙන් මොන මොන දඬුවම් දුන්නත් ළමා හිංසනය කියන දේ නිතරම සිද්ද වෙනවා. අපි හුඟක් හිතාගෙන අපි හෙණ අවාසනාවන්තයි.. අපි දුප්පත්.. අපිට අරක නෑ.. අපිට මේක නෑ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ වෙන සමහර දේවල් දිහා බලනකොට තේරෙනව ඇත්තටම අපි මොනත…

අපි දන්න කාලෙ ඉඳන්ම ළමා අපචාර සහ දූෂණ වගේ දේවල් මේ ලෝකෙ සිද්ද වෙනවා. ඒවට නීතියෙන් මොන මොන දඬුවම් දුන්නත් ළමා හිංසනය කියන දේ නිතරම සිද්ද වෙනවා. අපි හුඟක් හිතාගෙන අපි හෙණ අවාසනාවන්තයි.. අපි දුප්පත්.. අපිට අරක නෑ.. අපිට මේක නෑ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ වෙන සමහර දේවල් දිහා බලනකොට තේරෙනව ඇත්තටම අපි මොනතරම් වාසනාවන්තද කියලා. ඉතින් මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ අපි හිතනව වගේ අවාසනාවන්ත ළමයෙක් වටා නෙවෙයි. අපි හිතනවටත් වැඩිය හිංසනයට අඩම්තේට්ටම් වලට මුහුණ දීපු පුංචි ගෑණු ළමයෙක් වටා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

2018 ඔක්තොම්බර් මාසෙ 11 වෙනි දවසෙ තිරගත වුණු මේ චිත්‍රපටියට imdb අගය 6.5 ක අගයක් ලැබිල තියෙනවා. ඒ වගේම තමයි සෑහෙන්න සම්මාන ගණනාවක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මුළු සම්මාන ගණන 17 ක්! ඒ මොනවද කියල මම කියන්න යන්නෙ නම් නැහැ ඉතින්. කලින් කිව්වත් වගේ සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. චිත්‍රපටියට හන් ජිමින්, ලී හි ජුන්.. ඇතුළු තවත් නළු නිලියන් රංගනයෙන් දායකත්වය සපයනවා.

එතකොට මිස් බෙක් කියන්නෙ කවුද? මිස් බෙක් කියන්නෙත් පොඩි කාලෙ තාඩන පීඩන වලට ලක්වුණු ගෑණු කෙනෙක්.. මෙයා ඝාතනයකට තැත් කිරීමක් වෙනුවෙන් අපරාද වාර්තා තියෙන කෙනෙක්. හරිම දුක්ඛිත ජීවිතයක් තමයි මෙයා ගත කරන්නෙ. මෙයාට කිසිම කෙනෙක් නෑ.ඉන්නෙ මෙයා ගැන කැමැත්තෙන් ඉන්න එක පොලිස් නිලදාරියෙක් විතරයි. එතකොට කිම් ජි වුන් කියන්නෙ මිස් බෙක්ගෙ ගෙවල් ළඟ ඉන්න පුංචි ගෑණු ළමයෙක්. එයාට ඉන්නෙ තාත්ත විතරයි. අම්ම නෑ. තාත්තගෙ ගෑණු ළමයත් ඉන්නවා. ළමයගෙ තාත්ත කලින් බේබදු කෙනෙක් නිසා එයාට නිවාස අඩස්සියෙ ඉන්න නියම කරලයි තියෙන්නෙ. ඒ කියන්නෙ රස්සාවක් නෑ. ගේම් ගගහ තමයි ඉන්නෙ. එයාගෙ කෙල්ල තමයි රස්සාවක් කරන්නෙ. අනික ළමා ආරක්ෂණ අංශෙන් ගානකුත් එනව දරුව වෙනුවෙන්. ඉතින් මෙයාලත් කාලකණ්නි ජීවිත තමයි ගත කරන්නෙ. ඔක්කොටම වැඩිය මේ ළමයට මේ දෙන්නම සළකන් නෑ. නිතරම ගහනව.. තරහව පිට කරගන්නෙ ළමයට ගහලා. ඇඳුම් හැන්ගර් වලින් ෂවර් එකෙන්.. මේ වගේ හිරිහැර කරල බාත්රූම් එකට දාල දොර වහල තියෙනවා. සමහර වෙලාවට සල්ලි කීයක් හරි දෙනව කාල එන්නයි කියලා.

තවත් එහාට නම් මං කතාව විස්තර කරන් නෑ.. මිස් බෙක් සහ මේ පුංචි කෙල්ල කොහොමද මුණ ගැහෙන්නෙ.. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල චිත්‍රපටිය බාගෙන බලන්න. ඔයාල බලන්න ඔයාලට මොන තරම් වාසනාවන්ත දෙමව්පියොද ලැබිල තියෙන්නෙ කියලා. අදට එහෙනම් ගිහින් එන්නම්..

ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,947 downloadsDownload Miss.Baek_.2018.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,947 downloadsDownload Subtitles33 KB

22 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. asankabalage

    thanks machan sub ekata.korean film ekak balanne uba nisai machan.hama sathiyeme balanne ube sub ekak awillada kiyala.uba sub dena film ekak nm aye wisthare balanna ona na.pattta supiri.thanks machan.digatama karamu.api balagena innawa..

    1. chamal kalum

      thank you saho!

  4. Rukshan37

    Ela ela

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  6. arawindasunimal

    Thanks sub ekata jayawewa

  7. Kantha_DLA

    Request :
    The Parts You Lose (2019)
    Stuber (2019)
    A Score to Settle (2019)
    Itsy Bitsy (2019)
    In the Shadow of the Moon (2019)

  8. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  9. lydumindasanjeewa

    Thankyou so much

    1. 1234hasitha1234

      mokadda me film ganna beri log wenna behane

  10. indika75

    thanks..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Emi

    Thank you

  13. AsithaDilruwan

    ela saho thanks

  14. Mliyanage

    Download site eka weda nehe bro...

  15. Tsandesh

    Thanks for sinhala sub

    Cold lassi aur chicken masala (alt balaji)

    Plzzz me Hindi web series ekatat sinhala sub Denna

  16. RuwanLakshan93

    සබට ස්තූතියි සහෝ ජය වේවා.....!

  17. chinthaka_priyadrshana

    Thank u......

  18. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  19. Dewadithya

    Thanks for sub!

  20. Krishani

    Thank you ️