Watch Trailer

Mia and the White Lion (2018) AKA Mia et le lion blanc Sinhala Subtitle | මියා සහ සුදු සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

තවත් ලස්සන චිත්‍රපටයක් තමයි මේ ඔබ හමුවට ගෙන එන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කෙටි විස්තරයක් කියන්නම් කතාවේ දකින්න යන සුදු සිංහයා ගැන. සුදු සිංහයා යනු කවරෙක්ද? සාමාන්‍ය සිංහයෙකුව ඔබ අනිවාරෙන් දැක ඇති. ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යානයට ගියානම් ඔබට සිංහයින් සියැසින් දැක බලාගන්නට අවස්ථාව තියෙනවා. සාමාන්‍ය…

තවත් ලස්සන චිත්‍රපටයක් තමයි මේ ඔබ හමුවට ගෙන එන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කෙටි විස්තරයක් කියන්නම් කතාවේ දකින්න යන සුදු සිංහයා ගැන.

  • සුදු සිංහයා යනු කවරෙක්ද?

සාමාන්‍ය සිංහයෙකුව ඔබ අනිවාරෙන් දැක ඇති. ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යානයට ගියානම් ඔබට සිංහයින් සියැසින් දැක බලාගන්නට අවස්ථාව තියෙනවා. සාමාන්‍ය සිංහයෙක් ලා දුඹුරු පැහැයක් හෝ රන් පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නවා.

සාමාන්‍ය පැහැති සිංහ ජෝඩුවක්

නමුත් සුදු සිංහයාගේ පැහැය මීට බොහෝ සෙයින් වෙනස්. මොවුන් සම්පූර්ණ සුදු පැහැයක් හෝ ඉතාමත් සුදු පැහැයට නැඹුරු ලා දුඹුරු පැහැයක් ගන්නවා. මේ පැහැය සිංහයින්ට ලැබෙන්නේ තම දෙමාපියන්ගෙන් වුවත් දුඹුරු පැහැති සිංහයින්ට දාව ඉපදෙන පැටවුන් ඒ පැහැයම ලබා ගන්නවා. ඉතින් මෙම සුදු සිංහයන්ගේ බිහිවීම කලාතුරකින් සිද්ධ වන දෙයක්. එමෙන්ම සුදු සිංහයන්ට දාව ලැබෙන පැටවුන් හැමවිටම සුදු සිංහ පැටවුන් නොවී දුඹුරු පැටවුන් බිහි වන අවස්ථා තිබෙනවා.

සුදු සිංහ ජෝඩුවක්

  • සුදු සිංහයාගේ සහ ඇලි සිංහයාගේ වෙනස

ඇලි සතුන් ගැන ඔබ අසා ඇති. මේ සතුන්ගේ සම තනි සුදු පැහැයක් ගන්නවා. ඇලි කැස්බෑවන්, ඇලි සිංහයින්, ඇලි කොටින්, ඇලි මිනිසුන් පවා අවට ලෝකය තුළ බොහොම විරල වශයෙන් දකින්න ලැබෙනවා. මේ ඇලි සතුන් බිහි වීමට හේතුව තමයි මෙලනින් ඌනතාවය. මෙලනින් කියන වර්ණකය නිසාවෙන් තමයි සත්වයෙකුට තද පැහැයකින් සමන්විත සමක් ලැබෙන්නේ. සත්වයෙකුට මෙලනින් නැතිනම් තනිකරම සුදු සමක් තමයි හිමි වෙන්නේ.

මෙලනින් ඌනතාවය ඇති ගැහැණු දරුවෙක්

නමුත් අපි මේ කතා කරන්න යන සුදු සිංහයින්ව බොහෝ දෙනෙක් ඇලි සිංහයින් විදිහට හැඳින්වුවත්, ඔවුන්ව එලෙසින් හඳුන්වන්න බැහැ. මොකද ඇලි සතෙකුගේ ඇස් පවා සුදුයි, වර්ණ රහිතයි. නමුත් මේ සුදු සිංහයින්ගේ ඇස්වලින් සමාන්‍ය ලෙස වර්ණක දැකගන්න පුලුවන්. මෙම සුදු සිංහයන්ගේ ඇස් නිල්-අළු, ලා දුඹුරු, කොළ-අළු හෝ රන් පැහැයෙන් යුක්තයි. කෙසේවෙතත් සුදු සිංහයින් ලුසිස්ටික් (Leucistic) කාණ්ඩයට අයත් සත්ව කොට්ඨාශයක් බව කිව හැකියි. ලුසිස්ටික් යන්නෙහි තේරුම තමයි, බහුවිධ වර්ණක ඌනතාව. මේ ඌනතාව සමගින් බිහි වන්නාවූ සත්වයින් සුදු පැහැති සමකින් හෝ ලෝමවලින් යුක්ත වනවා. එම නිසා මෙය මෙලනින් මදිකම නිසාම පමණක් සිදු වෙන දෙයක් නෙමෙයි. මෙම ලක්ෂණය ඇති වෙන්නේ සමෙහි වර්ණක නිපදවීමේ කාර්ය සිදු කරන එන්සයිමවලට සිදු වන සුළු විකෘතියක් නිසයි. නමුත් මේ විකෘතිය දැඩි දෙස බලපෑම, ඇලි සතෙකු බිහිවීමට හේතුකාරකයක් විය හැකියි. ඉතින්, මෙම දැඩි විකෘතියට බඳුන් වූ ඇලි සිංහයින්ද අප අවට ලෝකයේ ඉන්නවා එනමුත් මොවුන් සුදු සිංහයින් මෙන් නොවෙයි.

ඇලි සිංහයෙක්

  • ස්වභාවික නිජබිම

සුදු සිංහයින්ව සිය ගණනින් ලොව පුරාම ඇති කරනු ලබනවා, බොහෝවිට ඒ කූඩු කරලා. සුදු සිංහයන්ගේ නිජ භූමිය ලෙස බොහෝ විට දකුණු අප්‍රිකාවේ, ටිම්බවාටි ප්‍රදේශය හඳුන්වා ඇත.‍

ඵලක දඩයම ගැන ඔයාලා අහලා ඇති. ඔබ දැක ඇති දඩයක්කරුවන් විසින් තම නිවෙස්වල බිත්තිවල සත්ව ඔලු එල්ලලා තියෙනවා. සතෙකු දඩයම් කර ඒ සත්වයාගේ ඔලුව බිත්තියේ එල්ලීම, විවිධ මතක සටහන් ලෙස තබාගැනීම වගේ දේවල් තමයි ඵලක දඩයම විදිහට හඳුන්වන්නේ. ඉතින් සුදු සිංහයාට මේක දරුණු ලෙස බලපාන දෙයක් වුණා. සුදු සිංහ ඵලක දඩයම නිසාවෙන් සුදු සිංහ ගහනය සම්පූර්ණයෙන්ම වාගේ විනාශයට පත් වුණා.

ඵලක දඩයම

ගෝනෙක්ගේ අං දෙකක් නිවසක ඵලකයක් ලෙස එල්ලා ඇති අයුරු

නමුත් 2006 වසරේ සිට සුදු සිංහයින්ගේ ඉපදීමේ වැඩි වීමත් සමග නැවත සුදු සිංහ ගහනයේ වර්ධනයක් ඇති වුණා. මෙම සිදුවීමෙන් පැහැදිලි වුණේ ප්‍රායෝගිකව සුදු සිංහ ගහනය විනාශ වී ගොස් දශකයකට පමණ පසුවත් සුදු සිංහයන් බිහි වීමට හේතුවන නිලීන ලක්ෂණය ඒ වනතුරුත් ටිම්බවාටි ප්‍රදේශයේ තිබුණු බවයි. වෙනත් සිංහයින්ව මෙන්ම සුදු සිංහයින්වද තැනිතලා තෘණ බිම් වල සොයාගන්නට පුලුවන් වගේම අනිත් සිංහයින්ව මෙන්ම මෙම සිංහයින්වද දඩයමට බඳුන් වනවා.

  • සංස්කෘතිය සහ සංරක්ෂණය

ටිම්බවාටි ප්‍රදේශයේ සිටින ප්‍රාදේශීය ගෝත්‍රිකයන් විසින් සුදු සිංහයන්ව ඉතා වැදගත්කොට සලකනවා. මෙම සත්වයා ලෝකය පුරාම සත්ව උද්‍යානවල මෙන්ම සර්කස්වල සුලභව දැකගත හැකියි. 1994 වසර සිට වැඩිහිටි සුදු සිංහයින් ඔවුන්ගේ නිජ භූමියේ දක්නට නොලැබුණු නිසාවෙන් සුදු සිංහයින්ව නිජ භූමිගත කිරීම සඳහා ලෝක සුදු සිංහයන් රැකගැනීමේ අරමුදලක් පිහිටවනවා. 2004 වසරේ සිට මෙම අරමුදල තුළින් සුදු සිංහයන්ව ආරක්ෂා කිරීම සඳහා සාර්ථකව විශාල කාර්යභාරයක් කර තිබෙනවා. මේ සඳහා w h i t e l i o n s . o r g ලෙස වෙබ් අඩවියක් පවා නිර්මාණය කර ඇති අතර ඕණෑම කෙනෙක්ට එම අරමුදල සඳහා දායක වීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම අනතුරට භාජනය විය හැකි සත්ව කොටසක් විදිහට අන්තර්ජාතික ස්වභාධර්මය සංරක්ෂණය කිරීමේ වෘත්තීය සංගමය (IUCN) විසින් සුදු සිංහයින්ව නම් කරනවා.

අද මේ ගෙනාපු චිත්‍රපටය සම්බන්ධ වෙනවා සුදු සිංහයෙකුට. මියා කියන්නේ ටිකක් තද, මුරණ්ඩු පහේ දැරිවියක්. ඔවුන්ගේ පවුල මීට ටික කලකට කලින් තමයි ලන්ඩන් නුවර සිට දකුණු අප්‍රිකාවට ඇවිත් තියෙන්නේ. මියාගේ පියාට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගේ සිංහයන්ව බෝ කිරීමේ ගොවිපළ තව දියුණු කරගෙන සංචාරක ආකර්ශණය වැඩි කරගන්න. නමුත් මියා අප්‍රිකාවෙ ඉන්න අකමැත්ත දිගින් දිගටම පල කරනවා. මියාගේ හිත තවමත් ලන්ඩන්වලට. “මගේ යාළුවො ඉන්නෙත් ලන්ඩන්වල, ලන්ඩන් තමයි මගේ ඇත්තම ගෙදර” මියා කිව්වේ එහෙමයි.

මේ හැම සිදු වීමක්ම කන පිට හැරෙන්නේ දෙසැම්බර් මාසයේ මෙලොව එළිය දකින චාලි නම් සුදු සිංහ පැටවා නිසයි. මියා අප්‍රිකාවට තියෙන අකමැත්ත නිසා සිංහ පැටියටත් අකමැති බව පෙන්නනවා. ඒත් මියාටත් නොදැනීම මියාගේ හිත වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්න. මම ඵලක දඩයම ගැන ලිපියේ සඳහන් කළානේ. ඉතින් ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙන යන මහා අනතුරකුත් මියා හොයාගන්නවා. IMDb දර්ශකයේ 6.5ක ලකුණු ප්‍රමාණයක් හිමි කරගන්නත්, 95%ක Google user මනාප ගන්නත් සමත් වුණු මේ චිත්‍රපටය මොන විදිහට සිද්ධ වෙයිද කියලා දැනගන්න එක ඔයාලටම බලන්න කියලා ආරධනා කරනවා!

අදට සමුගන්නවා…

ජය…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,853 downloadsDownload Mia.And_.The_.White_.Lion_.2018.zip102 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,853 downloadsDownload Subtitles102 KB

25 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Udara Damith Dissanayaka

    lipiya nama mal hathayi hode

  3. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  4. indika75

    thanks..

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  6. Tharaka

    thanks....................

  7. Buddi

    Thanks.........

  8. wajira

    Thanks for sub

  9. Sandeepmadushan

    Wenas film ekak.. thanx sub ekata saho

  10. mindika

    Thanks!!!!!!!!!!!!!!!

  11. lasantha gomes

    thanx for the sub

  12. darshana100

    dirga vistaryata godak thanks awagema sub akatat

  13. wnrodrigo

    Good work friend, Thanks!

  14. Kantha_DLA

    Request :
    Ma (2019)
    Parasite (2019)
    mkvcage

  15. Ishara_sw

    බොහොම ස්තූතියි ...සබ් එකට..❤️✋

  16. chathuranga441

    Asawen balanna පුළුවන් obata ජය

  17. sampath n perera

    thanks

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. rockz2020

    බොහොම ස්තූතියි සහෝ! ❤
    ජය වේවා! ❤

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  23. ricadodamien

    Thank U De Mel Brother & Baiscope Team for the Sub. It was Beautiful

  24. AsithaDilruwan

    ela saho thanks

  25. MAALnath

    Thanks .............good luck .................