Watch Trailer

Akira (1988) Sinhala Subtitles | යහළුවන් දෙදෙනෙක්, ඉරණම් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවෙ IMDb හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ තියෙන විශිෂ්ඨ ඝණයෙ චිත්‍රපටියක්. ඒ වගේම එදා මෙදා තුර බිහිවුන අග්‍රගන්‍ය ඇනිමෙ එකක්. මේ ගැන දැනටමත් අහලා තියෙන අයත් ඇති. මේ වෙනකොට Akira IMDb දර්ශකයෙ අරන් තියෙන්නෙ 242 වෙනි තැන. 8.1/10 ක් අරන් හොඳම 250 අතර තියෙන එකේ කථාවෙ විටනාකම තේරුම් ගන්න පුළුවන්නෙ! මේක කරම…

අද ගෙනාවෙ IMDb හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ තියෙන විශිෂ්ඨ ඝණයෙ චිත්‍රපටියක්. ඒ වගේම එදා මෙදා තුර බිහිවුන අග්‍රගන්‍ය ඇනිමෙ එකක්. මේ ගැන දැනටමත් අහලා තියෙන අයත් ඇති. මේ වෙනකොට Akira IMDb දර්ශකයෙ අරන් තියෙන්නෙ 242 වෙනි තැන. 8.1/10 ක් අරන් හොඳම 250 අතර තියෙන එකේ කථාවෙ විටනාකම තේරුම් ගන්න පුළුවන්නෙ!

මේක කරමු කියලා අදහස දුන්නෙ හසන්ත අයියා. හැබැයි දැන් අවුරුද්දකට වැඩියි. වැඩ වැඩ කියලා පස්සට දදා හිටියෙ. ඒත් මේ පාර නිවාඩුවට හිතාගෙනමයි ගෙදර ආවෙ මේක දෙනවා කියලා. සමහරවිට මේක නිකුත් වෙච්ච අවුරුද්ද බලලා හද්ද පරණයි කියලා ගොඩක් අය අතාරියි. ඇනිමෙ බලන ටික දෙනාගෙනුත් ඕනෙනම් පොඩ්ඩ දෙනෙක් ඇහැ ඇරලා බලයි. ඒත් කමක් නෑ. ඒ බලන ටික දෙනාට තමයි මේක අරන් ආවෙ. මේ ගැන කියන්න නම් කතා ගොඩක් තියෙනවා. ඒත් මුලින් චිත්‍රපටිය නරඹලා ඉන්න ඕනෙ කියලා හිතෙන අය බලලා ඉන්න. මං පහළින් මේ ගැන ඇතිවුන ප්‍රධාන ප්‍රශ්නයි ඒවට උත්තරයි දාලා තියෙනවා. චිත්‍රපටිය බලලා මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් ආයෙත් ඇවිත් උත්තර හොයාගෙනම යන්න. මොකද එකපාරක් බැලුවට තේරෙන එකක් නැති වෙයි කියලා පොඩි එකකුත් තියෙනවා. මොකද මට තේරුනෙත් නෑ 😉. ඒ හේතුව නිසාම වෙන්න ඇති මේ චිතප්‍රටිය ක්ලැසික් චිත්‍රපටි අතර ලොකු තැනක් අරන් තියෙන්නෙ. මුලින් චිත්‍රපටියෙ පිටුපස විස්තර දැනගමු.

නිර්මාණකරුවන් සහා පසුබිම :

මුලින්ම කියන්න ඕනෙ අකිරා චිත්‍රපටිය චිත්‍රපටියක් විදියට එළිදක්වන්න පාදක වෙන්නෙ ලොකු ප්‍රසිද්ධියක් ලබපු මේකෙ චිත්‍ර කථාව. (මන්ගා එක) 1982 ඉඳන් 1990 වෙනකන් නිකුත් වුන මේ චිත්‍ර කථාව පිටු 2000කින් සමන්විතයි. ඔතොමෝ සහා හිසෝ මෂිමොතෝ තමයි චිත්‍ර කථාවෙ අයිතිකාරයො. එයාලගෙ සහයත් ඇතිව කත්සුහිරෝ ඔතෝමෝ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා 1988 දි එළිදක්වනවා. ඩොලර් මිලියන 9ක් වියදම් කරලා හදපු අකිරා ඒ කාලෙ වැඩිම වියදමක් දරලා හදපු චිත්‍රපටිය බවට පත්වුනා. ආදායම් අතින් ඉතින් ඉදිරියෙන්ම ඉන්නවා කොහොමත්.

සාමාන්‍යයෙන් ඇනිමෙ එකකදි වෙන්නෙ මුලින් ඇනිමේෂන් නිර්මාණය කරලා හඬනළුවන් ඒ සඳහා හඬගන්වන එක. ඒත් අකිරා සම්පූර්ණයෙන් වෙනස්. හඬ නළුවන් විශාල පුහුණුවක් සිදු කරලා තියෙනවා වගේම ඇනිමේෂන් නිර්මාණයට කලින්මයි චිත්‍රපටියෙ හඬපටි රෙකෝඩ් කරලා තියෙන්නෙ. අකිරා හදන්න චිත්‍ර 120 000ක් යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය මේ ධාවන කාලය තියෙන ඇනිමෙ එකකට යොදාගන්න රූපරාමු වගේ දෙගුණයක්.

ඒ වගේම චිත්‍රපටිය බැලුවට පස්සෙ ඔයාලා දකියි මේකෙ තියෙනවා ඔලිම්පික් ක්‍රීඩාංගනයක්. සිද්ධිය පදනම් වෙන්නෙ 2019 අවුරුද්දෙ වුනත් චිත්‍රපටිය හදන්නෙ 1988. 2020 ඔලිම්පික් ජපානයෙ පැවැත්වෙන්න යන වෙලාවක එයාලා ගොඩක් සාර්ථක විදියට අනාගත ඔලිම්පික් ක්‍රීඩාංගනයේ අනුරුවක් සහා වර්ෂය ගණනය කරලා තියෙනවා. හරියට කිව්වොත් නිවැරදි අනාවැකි කීමක්.

කථා වස්තුව :

කථාවෙ කථා නායකයා වෙන්නෙ කනේදා. කනේදා කියන්නෙ වෘත්තීය පුහුණු පාසලක ඉගෙන ගන්න බයික් ගැන්සියක් පවත්වන් යන තරුණ හාදයෙක්. කනේදාගෙ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා තමයි තෙත්සුවෝ. මේ තෙත්සුවෝට වෙන අනතුරකින්, යම්කිසි සිද්ධි දාමයක් නිසා, පාලනය කළ නොහැකි බලයක් ලැබෙනවා. තෙත්සුවෝ මේ බලය සමග හාද වෙන ගමන් කනේදා තමන්ගෙ යාළුවව පාලනයෙන් තොර වෙන එක නතර කරන්න දරණ උත්සහයක් ප්‍රධාන කථාව විදියට ගන්න පුළුවන්. ඒත් අවසාන නිගමනය ඔයාලට භාර කරලා තියෙනවා. තව කියන්න ඕනෙ ඒකෙන් චිත්‍රපටිය නරඹන කෙනෙක්ට හානියක් වෙන්නෙ නෑ.

සජීවි චිත්‍රපටියක් ගැන තොරතුරු :

2002 ඉඳන් තමයි Warner Bros ලා අකිරා චිත්‍රපටියෙ ලයිව් ඇක්ෂන් චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහා අයිතිය ලබාගෙන තියෙන්නෙ.  ඒ වුනත් ලයිව් ඇක්ෂන් චිත්‍රපටිය නිෂ්පාදන සිදුකරන්න ගත්ත හැම උත්සහයක්ම සාර්ථක වුනේ නෑ. ලයිව් ඇක්ෂන් එකක් ගැන කථා වෙන්නෙ 2002 ඉඳලා වගේම මේ වෙනකන් අධ්‍යක්ෂකවරු 5කුත්, රචකයන් 10 දෙනෙකුත් විටින් විට පත් කරලා තියෙනවා. 2017 වෙනකොට ලයිව් ඇක්ෂන් එක අධ්‍යක්ෂණය කරන්න නම් කරලා තියෙන්නෙ Taika Waititi අධ්‍යක්ෂකවරයව වගේම 2021 මැයි වෙනකොට නිශ්පාදන කටයුතු ඉවර කරන කතාබහකුත් කියනවා. Thor: Ragnarok කියන්නෙ එතුමගෙ ප්‍රසිද්ධ අධ්‍යක්ෂණයක්. හැබැයි ළඟදි Thor 4 වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරපු නිසා අකිරා තවත් කල් යන පාටක් තමයි පේන්න තියෙන්නෙ. Taika අධ්‍යක්ෂකවරයා කියන විදියට ආසියානු නළු නිලියන් යොදාගන්න ඔහු බලාපොරොත්තු වෙනවලු. ඒ වගේම මේ වෙනකොට ඔයාලා හැමෝම දන්න Leonardo DiCaprio Warner Bros එක්ක එකතු වෙලා Akira ලයිව් ඇක්ෂන් නිමවුමට අතගහලා තියෙනවා. ඒත් වෙන්න පුළුවන් විවේචන ගැන හිතාගන්න පුළුවන් නිසා එයා තාම චිත්‍රපටියෙ රඟපෑමට දායක වෙනවද කියලා ප්‍රකාශ කරලා නෑ. මොකද ඕනම ලයිව් ඇක්ෂන් එකකදි එන ප්‍රධාන විවේචනයක් තමයි මුල් නිර්මාණයට අගෞරවයක් වුනා කියන එක. අකිරා අරන් තියෙන ගෞරවය ගැන බලද්දි ඒක ලොකු අවදානමක්. ඒත් අකිරා ලයිව් ඇක්ෂන් එකක් බලාගන්න අවුරුදු 30ක් තිස්සෙ බලන් ඉන්න අයත් ඉන්නවා. අනික් පැත්තෙන් අකිරට ඉන්න විදියටම ඉන්න දෙන්න කියන පිරිසෙත් අඩුවක් නෑ. මොනා කොහොම වෙයිද කියලා අපි දන්නෙ නෑ. කව්ද දන්නෙ තව අවුරුදු ගානකට ලයිව් ඇක්ෂන් එකක් හැදෙයිමද කියලා. තව කියන්න ඕනෙ සම්පූර්ණම කතාව ඇතුළත් TV Anime එකක් එන්න නියමිතයි කියලා දැනටමත් තහවුරු වෙලා තියෙනවා.

පිටපත ගැන : 

මේ දීලා තියෙන්නෙ BR කොපියට. බොහෝ දුරට ඔයාලා බාගන්න එක Dual Audio වෙන්න පුළුවන්. මමනම් නිර්දේශ කරන්නෙ ජපන් හඬින් බලන්න කියලා. අපහසුමනම් විතරක් ඉංග්‍රීසියෙන් බලන්න. ඒත් චිත්‍රපටිය මුල් හඬින් බලනවනම් තමයි හොඳ. Audio ට්‍රැක් අතර මාරු කරන්න අපහසුවක් තියෙනවනම් කෙලින්ම ජපන් වර්ෂන් එකම භාගන්න. (පුළුවන්නම් විතරක්).

එහෙනම් මේක බලන නොබලන එක, විවේචනය කරන එක නොකරන එක, ඔළුව අවුල් කරගන්න එක නැති එක බලන අයට භාරයි. සීරීස් වලට අදාල නැති හොඳ බලන්න කැමති ඇනිමෙ චිත්‍රපටි මොනාහරි තියෙනවනම් කියන්න. නිවාඩුවෙ දීලා දාන්න පුළුවන්. චිත්‍රපටිය නරඹලම පහළ ප්‍රශ්නයි උත්තරයි කියවන්න. වෙනදා වගේම මේ නිර්මාණයත් බලන්න ආරාධනා කරනවා. 

නිතරම නැගුනු ප්‍රශ්න සහා ඒ සඳහා පිළිතුරු :

1. ඇත්තටම මේ “අකිරා” කියන්නෙ කව්ද? අකිරා කියන්නෙ 1988 වසරෙදි හමුදාව විසින් පවත්වන ලද, “අද්භූත මිනිස් හැකියාවන්” පිළිබඳ සෙවීමට, සිදු කරන ලද විද්‍යාගාර පරීක්ෂන වලට, භාජනය කරගත්ත දරුවෙක්. ඒ පරික්ෂණ වලින් ජීවිතය ගලවගත්ත කිහිප දෙනාගෙනුත් හොඳම නිදර්ශකය ලෙස තමයි අකිරාව හඳුන්වන්නෙ. එයාගෙ මේ බලය දැනගන්න කරපු පරික්ෂණ එයාට ඔරොත්තු නොදුන්න හේතුව නිසා විශාල න්‍යෂ්ඨික පිපිරීමක් සිදු වෙලා ටෝකියෝ නගරය විනාශ වෙනවා. ඊට පසුව තමයි නියෝ ටෝකියෝව බිහිවෙන්නෙ. නමුත් 2019 කාලවකවානුව වෙනකොට මිනිස්සු අතර කථාබහක් ඇතිවෙන්නෙ මේ අකිරා කියන්නෙ මිනිසුන්ගෙ ගැලවුම්කාරයෙක් කියලා. ඒක ආගමක් බවට හැරෙනකන් දුරදිග යනවා. (නියම කාලෙ තෝරගත්තෙ සිංහල දෙන්න).

2. අවසානෙදි නියෝ ටෝකියෝවට මොකද වුනේ? අකිරාගෙ බලයෙන් නියෝ ටෝකියෝව වෙනත් මානයකට ඇදිලා යනවා. මේක තමයි අකිරාගෙ නිවැරදි බලය. 1988 දි පැරණි ටෝකියෝ නගරයට සිද්ධ වෙන්නෙත් ඒකම තමයි.

3. තෙත්සුවෝට අන්තිමට මොකක්ද වුනේ? න්‍යායාත්මක විදියට අකිරා සමග ගැටීමෙන් බිග් බැන්ග් අවස්ථාවක් නිර්මාණය වෙනවා. බිග් බැන්ග් කියන්නෙ අපේ ලෝකය බිහිවීම ගැන හඳුන්වන න්‍යායට. ඒකට අනිත් ළමයි තුන් දෙනත් දායක වෙනවා. ඒත් ළමයි කියන විදියට එයාලා වෙනත් පැවැත්මක් ආකාරයට හැරිලා ඔවුන්ගෙම නව විශ්වයක් හැදුවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. එයාලා කනේදට කියනවා කවදහරි දවසක අකිරවයි තෙත්සුවෝවයි ආපහු අරන් එන්න පුළුවන් කියලා.. ඒත් දැනට එයාලා අත්‍යන්ත ශක්තියක් (Ultimate Energy) බවට හැරිලයි තියෙන්නෙ.

4. ඇයි අනිත් ළමයි තුන් දෙනාට අළු පාට-වයසක පෙනුමක් තියෙන්නෙ? 1988දි අකිරා ඇතුළුව ඒ ළමයි විද්‍යාගාර නිදර්ශක වෙලයි හිටියෙ. ඒ පරික්ෂණ වල අතුරු භෞතික ප්‍රථිඵලය විදියට ළමයින්ගෙ භාහිර පෙනුම මෝරා යාමක් වෙනවා. ඒත් එයාලගෙ මොළයෙ වර්ධනයයි කටහඬවලුයි ළමයි විදියටම තියෙනවා. මසාරුගෙ සහා කියෝකොගෙ වයසට යාම නිසා භාහිර ආධාරක නොමැතිව එයාලට ඇවිදිමේ හැකියාව නැති වෙනවා.

එහෙනම් තව ඇනිමෙ එකකින් මුණ ගැහෙමු.!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.

3,499 downloadsDownload Akira-1988-Baiscopelk.com_.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,499 downloadsDownload Subtitles46 KB

28 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට...
    ජය වේවා.!! :)

  2. Damru Ravihara

    Thanks For subs

  3. Virajcom

    Sub ekata thanxx.. puluwannam godzilla 3 anime ekata sub dennoo..

  4. Ishan Madusha

    සබ් දෙනකම් බලන් හිටිය ඇනිමේ එකක්.බොහොම ස්තූතියි
    පුළුවන්නම් Ninja Scroll (1993),Metropolis (2001) ඇනිමේ වලටත් සබ් දෙන්න
    ජය වේවා..!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. ranga11112

    thanks nanga

  7. Amalka Himeshan

    තැන්ක්ස් නවෝ සබ් එකට ඕක ඩව්න්ලෝඩ් කරල දැන් සෑහෙන කල් අදවත් බලන්න ඕන

  8. Krishan NiShalya

    sub දෙනකම් බලන් හිටපු එකක්
    බොහොම ස්තුති ♥

    Good Luck !

    අයේ Anime series එකකට සබ කරන් නැතිද ?

  9. Udara Damith Dissanayaka

    sthuthiyi
    niyamayi

  10. indika75

    thanks..

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    තවමත් මේවා බලන මිනිස්සු අපි අතරේ ඉන්නවා...

  12. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  13. Tharaka

    thanks..............

  14. indika

    පුලුවන්නම් The Ottoman Lieutenant 2017 මේකට සබ් දෙන්නකෝ. සෑහෙන කාලයක් බලන් ඉන්නේ තාම සබ් ආවේ නැහැ. (The Ottoman Lieutenant 2017 1080p BluRay x264 DTS 5.1 - Hon3y)

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Stranger

    thanks for sub

  17. Dewadithya

    Thanks for Sub!

  18. Chanu mikhail

    බොහොම ස්තූතියි sub එකට ,
    සබ් නිසා කලිනුත් මිස් වෙච්ච පොයින්ට් දෙක තුනක් ම අල්ල ගත්තා,

  19. Sanath Perera

    thanks for sub sis...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. knight1500

    Sub එකට thanx
    Tamako love story (2014)
    Summer wars (2009)
    Fire works(2017)
    Maquia: When the Promised Flower Blooms (2018)
    මේ anime set එකටත් පුළුවන් නම් sub දෙන්න

  22. thathsaragayan

    Thank sister ...******* සුපිරියක්

  23. IreshSampath

    thanks

  24. Priyantha Dayakeerthi

    IMDb 250 තුළ ඇති තවත් වටිනා සිනමාපටයකට උපසිරසි ලබාදෙන්න. ස්තුතියි ඔබේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියට!

  25. kites

    Thank you!

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  27. Sasanka

    Thanks for the sub

  28. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අක්කේ මේ සුපිරි ඇනිමේ එකට සබ් එක දුන්නට.ඒ වගේම ලිපියටත්, පැහැදිලි කිරීම් වලටත් ගොඩාක් ස්තූතියි...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.