Watch Trailer

Mortal Kombat II (2026) Sinhala Subtitles | මේක ආරම්භයක් විතරයි [සිංහල උපසිරසි] [Original WEB Update]

Mortal Kombat II (2026) Sinhala Subtitles

ආයුබෝවන් බයිස්කෝප් වාසී සියලුම දෙනාටම, ඔන්න 2026 වසරේ නිකුත් වුණ Mortal Kombat 2 චිත්‍රපටයටයි මං මේ උපසිරැසි අරගෙන ආවේ. චිත්‍රපටය මැයි 8 වනදා සිනමාශාලා වෙත නිකුත් වුණා. ඉතිං ඔන්න ඒත් එක්කම චිත්‍රපටය බලලා ඉක්මනින් ඒකට උපසිරැසි අරගෙන එන්න හිතුවා. මේ තමයි මෝටල් කොම්බැට් විශ්වයේ චිත්‍රපටයකට කරන දෙවනි උපසිරැසි ගැන්වීම. පලවෙනි එක තමා Mortal Kombat Legends: Cage Match (2023). බලපු නැති කෙනෙක් ඉන්නවා නං අනිවාරෙන් ගිහින් බලන්න. (ආතල් ෆිල්ම් එකක්)

WB ආයතනය විසින් මෝටල් කොම්බැට් සිනාමා විශ්වයක් සහ ඇනිමේෂන් විශ්වයක් වෙනම ගොඩ නැගීටමට ගන්නා උත්සහයේ මීළඟට ආගමනය විදිහට මෙය සලකන්න පුළුවන්. 2021 එකේ ආපු මේ චිත්‍රපටයේ ප්‍රීක්වල් චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවේ අපේ හිත මිත්‍ර විමා සහෝදරයා. Baiscopezone හි වැඩ කටයුතු සමඟ කාර්‍යබහුලව ඉන්න නිසාම වගේම මේක මං එනකල්ම බලන් හිටපු චිත්‍රපටයක් නිසා උපසිරැසි ගැන්වීම වෙන් කරවා ගත්තා. ඒ වගේම ඉතාම ඉක්මනින් උපසිරැසි අරගෙන ආවා. මෝටල් කොම්බැට් විශ්වය සහ ඒ අතීත කතන්දර පිළිබඳව ගැඹුරින් අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙන විදිහට, ඔයාලට ඉදිරියේදී Baiscopezone තුළින් බලාගන්න අවස්ථාවක් ලැබෙයි. 

ඉතිං මේ මෝටල් කොම්බැට් 2 චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ ඇමරිකන් ඩොලර් මිලියන 80 ක වගේ පිරිවැයකින්. ඒ 2021 වසරේ අපිට බලාගන්න ලැබුණු මෙහි ප්‍රීක්වල් චිත්‍රපටයේ බජට් එකට වඩා මිලියන 25 ක් පමණ වැඩියෙන්. ඉතිං මේ වෙනවිට (ලිපිය පළ කරන දින වෙද්දී) චිත්‍රපටය ලෝකය පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 71-75 ත් අතර ප්‍රමාණයක අදායමක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය බලාපොරොත්තු වූවාට වඩා ආදායම අතින් මන්දගාමී මට්ටමක පැවතුණද ආරම්භක සතිය තුළ ඩොමිස්ටික් ආදායම ඩොලර් මිලියන 40 ක් අතර ඉපයීමට සමත් වුණා. ඒවගේම සජීවී ක්‍රියාදාම එහෙමත් නැත්තම් ලයිව්-ඇක්ෂන් මෝටල් කොම්බැට් චිත්‍රපටයක් ලබාගන්නට හැකි වුණ වැඩිම Rotten Tomatoes අගය හිමි වෙන්නෙද මෙ චිත්‍රපටයයි, ඒ 65% ක අගයක් ලබාගනිමින්. IMDb අගය 7/10 කුත් ලබාගෙන තියෙනවා මේ වෙද්දී. ඒ වගේම තව මෙහි විශේෂත්වය වෙන්නෙ දැනට තියෙන දීර්ඝතම ලයිව් ඇක්ෂන් මෝටල් කොම්බැට් චිත්‍රපටය මෙය වීමයි. 

දැන් අපි කතාව පැත්තට හැරුණොත්, දකින්න ලැබෙන්නෙ මෙහි ප්‍රීක්වල් චිත්‍රපටයේ මුල සිටම ඔවුන් විසින් ටීස් කරන චරිතය වන ෂාඕ කාන් වටායි. අර්ත්රෙල්ම් එක නොහොත් පෘථිවි ලෝකය අල්ලාගැනීමට දරණ ෂාඕ කාන්ගෙ උත්සහය අපිට චිත්‍රපටය තුළින් දැකගන්න ලැබෙනවා. ඊට අමතරව මෙහි නවතම චරිත විදිහට, කොයි කවුරුත් අඳුරන ද බෝයිස් හි බිලී බුචර් නොහොත් Karl Urban ජොනී කේජ් චරිතයෙන්ද, Adeline Rudolph කිටානාගෙ චරිතයෙන්ද, Martyn Ford ෂාඕ කාන් චරිතයෙන්ද, Tati Gabrielle ජේඩ් චරිතයෙන්ද සහ CJ Bloomfield ව බරාකා යන චරිතයෙන් ද අපිට බලාගන්න ලැබෙනවා. ට්‍රේලර් එකෙන් අපිට බලාගන්න ලැබුණු විදිහටම කලින් කොටසෙදි ඉවරයක්ම කරලා දාපු කේනෝ සහ කුං ලාඕ චරිතයන්ද නැවත මෙහිදි අපිට බලාගන්න අවස්ථාව හිමිවෙනවා. මං මෙහෙදී කතාව ස්පොයිල් නොවෙන්න වග බලාගෙනයි ලිපිය ලියන්නෙ මොකද ඒක බලන ඔයාලට වෙන බාධාවක් හින්දා.

ඉතිං මීට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද Baiscopezone තුළින් මේ මෝටල් කොම්බැට් විශ්වය පිළිබඳව සවිස්තරාත්මක පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් බලාගන්න ලැබෙයි ඉදිරියේදී. එහෙනම් අදට ගිහින් එන්නම්.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

Mortal Kombat II (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Original WEB/Internal WEB/කැම් පිටපත්  සඳහා ලබා දි ඇත.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mortal Kombat II (2026) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

15,597 downloadsDownload Subtitles231 KB

6 comments

  1. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  2. Buddhika laKMal

    ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට....
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ

  3. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. මේක අනිවා බැලිල්ලක් තමයි ඔරිජිනල් වෙබ් ආවහම. ජයවේවා!

  4. Harshana Atapattu

    Sub එකට ස්තූතියි සහෝ

  5. Buddhika laKMal

    අප්ඩේට්එකට තෑන්ක්ස් මචං

  6. Sahan Gayantha

    Thanks a lot Ruka saho sub ekata