Watch Trailer

Midnight FM (2010) AKA Simya-ui FM Sinhala Subtitles | මැදියම් රැයේ ත්‍රාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න කියලා.මමත් ආසාවෙන් බලන වර…

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න කියලා.මමත් ආසාවෙන් බලන වර්ගයක් තමයි ත්‍රිලර් චිත්‍රපටි.ඉතින් මේ චිත්‍රපටියත් ත්‍රිලර් නිසා, කුතුහලෙන් බලාගෙන ඉන්න පුළුවන් නිසාත් ඔන්න අද සබ් එක කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා.ඉතින් කතාවෙ නමින්ම තේරෙනව වගේ මේක රේඩියෝ එකක DJ කෙනෙක්ගෙ එහෙමත් නැතිනම් නිවේදිකාවක් වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටියට පාදක වෙන්නෙ.මේ චිත්‍රපටියට Imdb 6.6 ක අගයක් ලැබිල තියෙනව වගේම හොඳම නිළිය ඇතුළු තවත් සම්මාන ගණනක් ලැබිලත් තියෙනවා.ඉතින් මේකෙ සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි..

කො සුන් යොන්ග් කියන්නෙ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම රේඩියෝ එකේ වැඩසටහනක් කරන නිවේදිකාවක්.මෙයාගෙ වැඩසටහනෙන් කරන්නෙ තෝරගත්තු චිත්‍රපටි වල සිංදු ප්ලේ කරන එක. ඒත් මෙයාගෙ දුවට කතා කරන්න බෑ ගොළුයි වගේම හදවතේ සැත්කමක් කරන්න තියෙනවා.ඒක කරන්න නම් ඇමරිකාවෙ යන්නම වෙනවා.ඒ නිසා මෙයා රස්සාවෙන් අස් වෙන්න තමයි ලෑස්තිය. ඉතින් මෙයාගෙ අන්තිම වැඩසටහන දවසෙ රෑ මෙයාගෙ දුවව බලාගන්නෙ එයාගෙ නංගි වෙන ආ-යොන්ග්.ඉතින් කො සුන් යොන්ග් වැඩසටහන කරන අතර තුරදි එයාට ඇමතුමක් එනවා හන් දොන්ග් සූ කියන කෙනාගෙන්.මෙයා අර චිත්‍රපටියක චරිතෙකට වහ වැටිල ඒ චරිතෙ වගේ වැඩ කරන කෙනෙක්.ඒ තමයි ගණිකා තැරව්කාරයින්ව සහ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මරණ එක.මේ හන් දොන්ග් සූ ඒක කරන්න පෙලබිලා තියෙන්නෙ කො සුන් යොන්ග්ගෙ වැඩසටහන නිසා.ඉතින් මෙයා අස් වෙන්න යනවයි කියන එක දැනගත්තම මෙයාට තරහ ගිහින් එයාගෙ දුවවයි නංගිවයි ප්‍රාණ ඇපේට තියාගන්නවා.ඒ තියාගෙන එයා කියන විදියට ඒ වැඩසටහන කරන්න කියනවා.එයා එවපු සිංදු ලැයිස්තුවක් ඒ විදියටම ප්ලේ කරන්න කියල කො සුන් යොන්ග්ට කිව්වත් එයාගෙ ළඟ ඒ ලැයිස්තුව නෑ.අනික මෙයා පොලීසියට කියනවා එයාගෙ ගෙදරට ගිහින් බලන්න කියලා.ඉතින් පොලිසියෙ අයවත් මරල දාන මේ හන් දොන්ග් සූ, කියන ඇහුවෙ නැති නිසා කො සුන් යොන්ගෙ නංගිගෙ ඇඟිල්ලක් කපල පෙන්නනවා.

ඊට පස්සෙ මේක විහිළුවක් නෙවෙයි කියන එක තේරුම් ගන්න කො සුන් යොන්ග් එයාගෙ සගයොත් එක්ක මේ මනුස්සය කියන විදියට වැඩ කරන්න පටන් ගන්නව වගේම.. තමන්ගෙ දුවව බේරගන්නත් සැලසුම් කරනවා.ඉතින් මෙයාගෙ වැඩසටහන තියෙන්නෙ පැය දෙකක් විතරයි.ඉතින් මේ කාලෙ ඇතුලත කොහොමද සජීවී වැඩසටහනක් කරන ගමන් දුව ලඟට යන්නෙ?ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.අනික ඇයි මේ හන් දොන්ග් සූ මේ වගේ දේවල් කරන්නෙ කියන එකත් චිත්‍රපටිය බලද්දී තේරෙයි.එහෙනම් අදට ගිහින් එන්නම්.

තව දෙයක් කියන්න ඕනෙ.. මං දෙන උපසිරැසි වලට කැමති අයට වගේම ඒවාට ප්‍රතිචාර දෙන කමෙන්ට් කරන අයටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ ප්‍රතිචාර නිසා තමයි මම තව තවත් උපසිරැසි කරන්න පෙලබෙන්නෙ. බුදුසරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

5,350 downloadsDownload Midnight-FM-2010.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

5,350 downloadsDownload Subtitles42 KB

47 comments

  1. sujith87

    Ela jayawewa bri

  2. Hashan M. Priyadarshana

    Thank you bro..
    Jaya wewa!

  3. Ranidu

    Thank's for sub bro
    Mewani Parana korean triller film walata sub denna
    jaya wewa!!!

  4. Krishan NiShalya

    බොහොම ස්තූති

    දිගටම කරගෙන යන්න

    Good Luck bro

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. ruwan prasantha

    බොහොම ස්තුති මචෝ සබ් එකට..... ජයවේවා

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
    ජය

  8. jstar

    super brother thanks a lot more brilliant

  9. Prabodha Madhusankha Hettiarachchi

    Thank u sub ekata broo...

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Nuwan_Hero

    thanks bn Gnome Alone 2017 cartoon eke sub demuko

  12. sarangaw

    ස්තුතියි , ඔබ ස්වේච්ඡාවෙන් සිදු කරන මේ මෙහෙයට !

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. Sajiya99

    Ela ela kolla thawath kiriyan ekakta subak demu
    Thanks sub ekta

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. ranga11112

    thank you saho....
    patta wage film aka.....

  17. kusal lakindu

    ස්තූතියි.

  18. Anuradha Sampath

    Thank u very much !!

  19. Dewadithya

    Thanks!

  20. malith

    Ela ela

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Nimach273

    Thanks sub akata ...... jaya wawa.....

  23. akilabandara

    tnx bro

  24. AsithaDilruwan

    Ela saho thanks

  25. Saranga J. Liyanagama

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    ෴ජය වේවා෴

  26. Thusith

    Thx sub ekata

  27. hiruni

    Thankzzzz bro

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. kodagoda

    tnx sahoo

  30. Chulender kasun

    Thanks bro.......

  31. tutooo

    RACE 3 2018 hindi movie ekata sab denna eka fatta film eka

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  33. Thumulay

    #Thanxx bro

  34. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

  35. Sachindu thakshila

    Thada

  36. sameera.chanu

    tanks bro

  37. wcr

    thank you..

  38. Rashmika dumidu

    Thanks bro

  39. Sanju_kelum

    thanx bro..

  40. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා..
    තෙරුවන් සරණයි..!

  41. Rumesh Asanka

    thank you

  42. Rukshan37

    Ela ela

  43. NethuNethu

    ane mata meke torrent eka hoya ganna ba ne!

  44. ku

    video eka na ne ganne kohomada... thank u sinhala sub walata

  45. nilanka

    thanks

  46. Yash

    Thanks brother for the subtitle.keep it up.

  47. Krishani

    Thank you