Watch Trailer

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම්…

 

The Martian (2015)

උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් ඒ කාලේ කමෙන්ට් 100+ වැටුනා. ඔයාලගේ ඒ අදහස් තමා මට අද මේ වෙනකම් එන්න ඉන්ධන උනේ. දැන් 2018 වසරේ ෆිල්ම් එකක් දුන්නත් ඒ ෆිල්ම් එක ඇක්ෂන් එකක් නෙමේනම් කමෙන්ට් 30+ ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. උපසිරසිකරුවන්ට මේ වැඩෙන් ඈත් වෙලා යන්න හිතෙන දෙයක් ඒක ඇත්තටම. අපේ අයගේ පැත්තෙන් කෙරෙන වැරදි අඩුපාඩු පෙන්වාදෙන ගමන්, අපේ අයට ලැබෙන්න ඕන අගය කිරීමත් ලැබිලා උපසිරසිකරුවන් සහ අපේ රසිකයින් අතර සන්නිවේදනය ආයේ හැදෙනවානම් මං හිතනවා වෙබ් අඩවියේ ඉදිරි ගමනටත් ඒක ලොකු රුකුලක් වෙයි කියල. ඉතිං විශේෂයෙන්ම කියන්න ඕනා කාරනා දෙක තුනක් තියෙනව ඒ ටික අද කියන්නම ඕන කියල හිතනවා මං. මොකද ආයේ කවදහරි කඩයිමක් පහු කරන්න අවස්තාවක් ලැබෙයිද කියල කිසිම විස්වාසයක් නෑ ඇත්තටම ඒ නිසා කියන්න ඕන දේවල් ටික කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.මම මෙතනින් එහාට කතා කරන්නේ සමස්තයක් ගැන හැමෝම ගැන නෙමේ.

1. සමහරු හිතනවා මේ උපසිරසි ලබාදෙන එක උපසිරසි කරන අයගේ ජොබ් එක, එහෙම නැත්නම් උපසිරසි කිරීම තමා ඒ අයගේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ ක්‍රමය කියල. උපසිරසිකරුවන්ගෙන් බහුතරය තවම උසස් අධ්‍යාපනය හදාරන අය. ඉතිං ඒ සහෝදරයින් තමන්ගේ අධ්‍යාපනික වැඩ අස්සේ ලැබෙන විවේකයෙන් තමා ගොඩක් වෙලාවට මේ උපසිරසි අරගෙන එන්නේ. මං පෞද්ගලිකවම දන්න අය ඉන්නවා හවස ලෙක්චර්ස් ගිහින් බෝඩිමට ඇවිල්ලා රෑ එක දෙක වෙනකම් සබ් එක කරලා පහුවදා උදේට ආයේ ලෙක්චර්ස් යන්න තියාගෙනත් නිදිමරාගෙන තමන්ගේ වගකීම ඉටු කරන. සහෝදරවරුනි විනාඩි හතළිහෙන් ටීවී එපිසෝඩ් එකක් බලනවා වගේ නෙමේ සබ් එකක් කරනකොට පැය ගානක් යනවා. සමහරවිට විට දවසකට එහා කාලයක් යනවා අනිත් වැඩ ටිකත් එක්ක මේක කරන්න. ඉතිං එහෙම වෙලවක වෙන පමාවකට ලැබෙන පිළිතුර ” උඹට කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දීපං” කියන එක නම්. ඔයාලම තමන්ගෙන් අහගෙන බලන්න ඒ දේ හරිද කියල. මොකද මේක අපේ විනෝදාංශය මිසක් වෘත්තීය නෙමේ. ඔයාලට සබ් දෙන උදවිය තමන් කරන කතා මාලාව ඇරුනම වෙනත් කතාවක් ෆිල්ම් එකක් බලන්නෙත් කලාතුරකින්. මොකද තමන්ගේ සම්පුර්නම විවේක කාලය කැප කරන්නේ ඔයාලට උපසිරසි ලබාදෙන්න. එහෙව් උදවියට මෙහෙව් අයුරින් ගුණමකු වෙන්න එපා. 

2. සිංහල සබ් එක්ක ෆිල්ම් බලන නිසා අපේ උන්ට ඉංග්‍රීසි බැරිවෙනවා. මෙන්න මේ කාරණේ සෑහෙන තැනක දැකල තියෙනව මං. විශේෂයෙන්ම ෆේස්බුක් එකේ. එක අතකට මේක ඇත්ත හැබැයි හොඳට ඉංග්‍රීසි දන්න මිනිස්සු ඉන්නවා සයිට් එකට ඇවිල්ල උපසිරසි අරගෙන ඒවායේ තියෙන අඩුපාඩු පවා පෙන්නවා දීලා ඒවා නිවැරදි කරවන බොහොම වැදගත් උගත් මිනිස්සු. පෞද්ගලිකව මගේ අත්දැකීම මං කියන්නේ මේ, මගේ ඉංග්‍රීසි බාශාව වැඩියෙන්ම පෝෂණය උනේ සබ් එක්ක ෆිල්ම් බලල. ෆිල්ම් එක බලනකොට හැම වෙලේම සබ් එකම කියවගෙන කියවගෙන යන්නේ නැතුව ෆිල්ම් එක බලන ගමන් හොඳට අවධානයෙන් ඇහුම්කන් දීගෙනම තමයි මං බලන්නේ. එහෙම කරනකොට ටික කාලයක් යද්දී විද්‍යාප්‍රබන්ධ ඇරුනම වෙන ඕනම වර්ගයකට අයිති ෆිල්ම් එකක සබ් එකක් ෆිල්ම් එක පුරාවටම කියවන්න ඕනකමක් වෙන්නේ නෑ.ඒ වගේම ඉංග්‍රීසි බාශාවට අදාළ වොකැබුලරි (vocabulary) එක එහෙම නැත්නම් වචන මාලාව පෝෂණය වෙනව. ඉතිං ඒ නැණවත් මහත්වරුන්ට කියන්න ඕනා සයිට් එකෙන් දෙන සබ් එක ෆිල්ම් එක බලන්න ආධාරකයක් කරගන්නවා මිසක් සබ් එක කරේ තියාගෙන ගිහින් සබ් එක්ක බැලුවම ඉංගිරිසි බැරි වෙනවා, අනිත් කොල්ලොත් ඉංග්‍රීසි බැරි උන් වෙනව කියන්න එපා ඉතිං. අනික මේක කැමති කෙනෙක්ට ගන්න නොමිලේ දෙන දෙයක් මිසක් ඔලුවට පිස්තෝලයක් තියල දෙන දෙයක් නෙමේනෙ. සබ් එක්ක බැලුවම අදාළ බාශාව බැරි වෙනවා කියන උදවියට මං කියනවා ලංකාවේ හින්දි බාෂාව දන්න  අය බහුතරයකින් අහල බලන්න ඉස්සර සබ් එක්ක දවල් 1.30ටද කොහෙද (මතක විදියට) ටීවී එකේ පෙන්නපු හින්දි ෆිල්ම්ස් නිසා නෙමේද කියල ඒ අයට හින්දි පුළුවන් උනේ. අපේ සයිට් එකේ ඉන්න හින්දි කරන හැම කෙනෙක්ම වගේ එහෙමයි හින්දි ඉගෙනගෙන තියෙන්නේ. සබ් එක්ක බැලුවම ඒ බාසාව බැරිවෙනවා කියන එක බොරුවක් කියන්න  ඒ සාධකයම ඇති කියල තේරෙනව මොලේ තියෙන කෙනෙක්ට.

3. අනිත් කාරණේ තමා එකවුන්ට් එකක් හදලා රෙජිස්ටර් වෙන එක. හැමෝගෙම පහසුවට ඉතාම සරල ආකාරයට හදාගන්න තියෙන එකවුන්ට් එකවත් හදාගන්නේ නැතුව සැහෙන බැනුම් ප්‍රමාණයක් එක්ක ඊ මේල් එනවා දවසකට අපිට. එකවුන්ට් එකක් හදන විදිය සරලව මුල ඉඳලම තියෙන වීඩියෝ එකක් පවා තියෙනකොට මට තේරෙන්නේ නෑ ඒ උදවියට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්නවටත් වඩා පහසුයි බයිස්කෝප් එකවුන්ට් එකක් හදාගන්න එක. ඒ වගේම මේකත් එක්ක කියන්න ඕනා තවමත් සමහරු දෙන සබ් ගැලපෙන කොපිය බලන්නේ නැතුව වෙන වෙන ටොරන්ට් කොපි ඩ්ව්න්ලෝඩ් කරගෙන බැනල මේල් එවනවා. හතිලව්වේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් කියල සයිට් එකක් වෙනම හදල තියෙන්නේ මේකේ ලින්ක් දෙන්න බැරි නිසා තමා. මේකෙන් සබ් එක අරගෙන ඒකෙන් ලින්ක් එක ගනිල්ලා. ටොරන්ට් / ඩිරෙක්ට් දෙකම තියේ ඒකෙ. ආයේ අහුමුලු ගානේ රිංගන්න ඕන නෑ.ඒ වගේම පලවෙනි පාර බයිස්කෝප් එකවුන්ට් එකට ලොග් වෙනකොට රිමෙම්බර්බ්‍ මි ටික් එක දාල ලොග් වෙලා බ්‍රව්සරෙන් ඔටෝ අහනවා පාස්වර්ඩ් මතක තියාගන්න. ඒ විදියට බ්‍රව්සර් එකට ඒවා සේව් කරගන්න දුන්නම ආයේ ආයේ ලොග් වේවි ඉන්න දෙයක් නෑ. ඒ වගේම ෆිල්ම් එකක මොන කොපියක් ආවත් සිංහල සබ් එක්කනම් බලන්න ඉන්නේ. අපි සබ් එක දෙනකම් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගෙන්න නැතුව ඉන්න. අපි සබ් එක දුන්නට පස්සේ ඒ සබ් එකට ගැලපෙන ෆිල්ම් එකේ කොපිය ඩව්න්ලෝඩ් කරගන්න. මං හිතනවා ඒ විදියෙන් සැහෙන දෙනෙක්ට ඔය හරියට සබ් එක ගැලපෙන්නේ නැති ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙයි කියල.

4. සබ් කරන්නේ නිකම් නෙමේ දැන් උන් සල්ලි හොයනවා, සබ් එකක් කරනවට කියක් ලැබෙනවද? ඔන්න ඔය වගේ කතා ටිකකුත් මට අහන්න ලැබුනා මේ අවුරුදු පහ පුරාම. ඉතිං සරලවම කියන්නේ හැමදාම වගේ සබ් එකකට සත පහක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඇඩ් දාලා ඩිවිඩි විකුනලා ලැබෙන සල්ලි කො. ඔව් එහෙම සල්ලි හොයනවා තමා ඒ හැම සතයක්ම සයිට් එකේ වැඩ වලටත් සමාජ සත්කාර වලටත් යොදවනවා ඇරුනම තවම අද වෙනකම් මාසිකව පෙන් දෙකක් ලබාදීම හැරෙන්න වෙනත් කිසිම ආකාරයකට කිසිම කෙනෙකුට ගෙවීමක් වශයෙන් ලබා දීලා නෑ. ඒ බව සබ් කරන කට්ටිය හොඳටම දන්නවා. ඒ නිසා කිසිම වෙලාවක හිතන්න එපා මේ සබ් කරන කට්ටිය සබ් කරන්නේ මුදල් බලාගෙන කියල. ඒ හැමෝටම ලැබෙන්නේ මේ ෆිල්ම් එක ටීවී සිරිස් එක බලන්න කවදාවත් නොදැකපු නොහදුනන කෙනෙක්ට උපකාරයක් උනා කියන ආත්ම තෘප්තිය විතරයි. අමුවටම කියනවනම් මේ සබ් කරන උන් තමන් ආස කරන ෆිල්ම් එකක් ටීවී සිරිස් එකක් බලලා ඒක තව පිරිසකට බලන්න පහසු වෙන්න කියලා පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවනවට කාලේ කාගෙන කරන වැඩක් මේක. 😀

ඉතිං ඒ කාරනා එක්කම මේ වෙනකම් උපසිරසි කරන්න තිරය පිටුපස හයිය වෙච්ච ගෙදර කට්ටියවත්, තවමත් මට ගෙවාගන්න බැරි උනාම ඉන්ටර්නෙට් බිල් එක ගෙවල දෙන අම්ම තාත්තටත් බොහොම ස්තුතියි මේ වැඩේට දෙන සහයට. ඒ වගේම ඇඩ්මින් සෙට් එකටමත්, බයිස්කෝප් අමධ්‍යප සංගමයේ චැට් එකේ සෙට් එකත්, බයිස්කෝප් උපසිරසි කරුවෝ චැට් එකේ සෙට් එකත් එකි-මෙකි-නොකී, වචනෙකින් හරි උදව් වෙච්ච, දිරිමත් කරපු සෙට් එකත් ආදරෙන් මතක් කරන්න කැමතියි මේ ප්‍රීතිමත් අවස්ථාවේ. එහෙමනම් ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි නැවතත්. නම් වශයෙන් මතක් නොකළේ 2013 වසරේ ඉඳලා අද වෙනකම් බයිස්කෝප් එක නිසා අඳුනගත්තු විශාල පිරිසක් ඉන්නවා මං හිතන්නේ වචන විසි දාහක විතර ලිපියක් ලියන්න වෙනවා ඒ හැමෝම ගැන සඳහන් කලොත් ඉතිං කාවවත් මග නොහැරෙන්න හැමෝවම එක එක තැන් වලින් කොටු කරලා සාමුහිකවම ස්තුතිය පල කලේ ඒකයි.. ඒ වගේම කැමති නම් ලයික්එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 මොලේ කුලප්පු උනාම මං සිනමාව පැත්තෙන් ලියන, කියන, කරන හැම ආත බුත වැඩක්ම ඕකෙන් ශෙයා වෙනෝ දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට. 

vima 100

ඩයිනසෝර්ලා කියන්නේ මිට වසර මිලියන 240 කට විතර එහා යුගයක මිහිතලය මත රජ කරපු දැවැන්තම ජීවින් කොටස.. තවමත් හරියටම හොයාගන්න බැරිවෙච්ච යම් හේතුවක් නිසා ඒ උරග දැවන්තයින්ට මිහිමතින් සමුගන්න වුණා. මොවුන් ජිවත් උනේ ට්‍රයෑසික් යුගයේ අග භාගයේ ඉඳලා (වසර මිලියන 230 කට පමණ පෙර) ක්‍රිටේසියස් යුග‍යේ අග භාගය අතර (වසර මිලියන 65 කට ප්‍රථම) කාල පරාසයේ. දැනට වෙසෙන ජීවින්ගෙන් ඩයිනසෝර්ලට ලඟම නෑයෝ වෙන්නේ කිඹුලා සහ පක්ෂීන් කියලයි සත්ව විද්‍යාඥයො කියන්නේ. තේරෝපොඩ් ඩයිනෝසෝරසයන් මගින් පක්ෂීන් ඇතිවුනා කියල ඔවුන් යම් සාධක හොයාගෙන තියෙනව.ඉතිං කතාව ඇරඹුණේ 1912 දී ඊජිප්තුවෙන්, ඒ දැවැන්ත ඩයිනොසෝරයෙකුගේ ශේෂයන් සොයා ගැණුනායින් පසුවයි. පිට මතින් මීටර දෙකක් දික්ව වැඩුණු කොඳු ඇට සහිත විලෝපිකයෙක් 2005 වසරේදී සම්පූර්ණ උඩු ඇන්දක් හමු වූ විට පමණයි අපට හැකි වුණේ මේ විස්මයාකාර ජීවියා නිසි අයුරින් ප්‍රතිනිර්මාණය කරන්නට. මීටර දෙකක් තරම් දිගැති හිස්කබලක් තිබූ මේ ඩයිනොසෝරයා මහා යෝධයෙක්. මීටර 17ක් නාසයේ සිට වලිගයට. ටී-රෙක්ස්’ට වඩා මීටර 4ක් දිගයි. ඉතිං එදා මෙදාතුර  මිහිතලයේ වෙසුන දැවැන්තම ජීවියා වෙන ස්පයිනොසෝරස් මීටර 17ක් පමණ වෙනව. මිහිතලය මතපය එසවූ විශාලතම මාරයා වන මොහු ටොන් 21ක දැවැන්ත යෝධයෙක්. මතකද ජුරාසික් වර්ල්ඩ් 2015 සිනමාපටයේදි ජල තටාකයක හිටිය කිඹුලෙක් වගේ දැවැන්තයා. ඒ තමා  මොසාසෝරස්ලා ඒ යුගයේ හිටිය මීටර් 15 විතර දිග  ජලජ දැවැන්තයෙක්. ටොන් 14ක් විතර බරයි. අපි ජුරාසික් පාක් එකේදී දැක්ක තදයා කෘර T-Rex කෙනෙක් එයා මේකෙත් ඉන්නවා ඒ ඉන්නෙත් තදයා විදියටම තමා. ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් එකේ ඔවන්ගේ හුරතලී “බ්ලු” කියන්නේ රෙප්ටර් කෙනෙක්. ජුරාසික් පාක් එකේදී නියම දුෂ්ටයා උනේ මෙන්න මේ රෙප්ටර්ස්ලා ඒත් ජුරාසික් වර්ල්ඩ් එකේදී චරිතය වෙනස් වුණා. සිනමා නිර්මාණවල අපිට දැකගන්න පුළුවන් උන සෝරස්ලා ටික මං කියන්නම් උනන්දු කට්ටිය ඒ ගැන හොයල බලන්න. 

Apatosaurus, Pachycephalosaurus, Gallimimus, Parasaurolophus, Stegosaurus, Triceratops, Ankylosaurus, Velociraptor, Dimorphodon, Pteranodon, Mosasaurus, Dilophosaurus (හොලෝග්‍රෑම් ආකාරයට) Indominus Rex හෝ Giganotosaurus වර්ගයේ කෙනෙක්, T-Rex, Spinosaurus (ඇට සැකිල්ල), Baryonyx (වෙබ් සයිට් එකේ), Edmontosaurus (වෙබ් සයිට් එකේ), Metriacanthosaurus (වෙබ් සයිට් එකේ), Microceratus (වෙබ් සයිට් එකේ), Suchomimus (වෙබ් සයිට් එකේ), Baryonyx, Edmontosaurus, Metriacanthosaurus, Microceratus, සහ Suchomimus, නමුත් මේ අතරින් Dimorphodon, pteranodon, mosasaurus කට්ටිය ඩයිනසෝර්ලා ඝණයට වැටෙන්නේ නෑ. මේ වචන ගූගල් කලාම ඉතිං ඕන විස්තරයක් හොයාගන්න හැකියි. ඒ වගේම අපේ උදා සහෝ හරි අපුරු කතාමාලාවක් දුන්නා Planet Dinosaur කියලා. උනන්දු ඇත්තෝ එව්වා නරඹත්වා. මං දන්නවා වැඩි දෙනෙක්ට එව්වා ගානක් නෑ කියල. ඒකමයි වැඩි විස්තරයක් නොලියා ඕන අය හොයාගෙන බලන්නෙයි කියන්නෙත්. 😛

ඉතිං මේ පොසිල හමුවුණාට පස්සේ මිනිස්සුන්ට පුදුමාකාර කුතුහලයක් ඇතිවෙනවා මේ දැවැන්ත ජීවින් ගැන. මේ ජිවින්ගේ පොසිල අප්‍රිකාවෙන් යුරෝපයෙන්, ආසියාවෙන් විතරක් නෙමේ ඇන්ටාක්ටිකාවෙන් පවා හොයාගෙන තියෙනව. නිකම් නෙමේ ශාක භාක්ෂකයින්ගේ. ඉතිං හිතාගන්න මේ දැවැන්තයින් වසර මිලියන ගානකට කලින් මුළු ලෝකේ පුරාම විසිරිලා විහිදිලා ඉඳල තියෙන විදිය ගැන. ඒ වගේම සමහරු හිතනවා මේ ඩයිනසෝර්ල තමා පොසිල ඉන්ධන විදියට ලැබෙන්නේ කියලත් නෑ නෑ පොසිල ඉන්ධන කියන්නේ මුලික වශයෙන් මැරිච්ච ගස්, ගල් අඟුරු කියන්නෙත් ගස් ස්භාවික ගෑස්වල ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ ජලජ ඇල්ගී වලින්. ඒවා දැවන්තයින්ටත් පෙර කාලයකදී පොලවට යටවුණ එව්වා. නිකමට ඒ ටික කිව්වේ ඉතිං. 😛

ඉතිං කලින් කිව්වා වගේ 19 වැනි ශත වර්ෂයේ අවසානය වෙනකොට මිනිස්සු මාර උනන්දුයි මේ දැවැන්ත ජීවින් ගැන. ඉතිං ඒ දේවල් උනේ මේ දැවැන්තයින් ගැන සත්‍ය විස්තර අඩංගු කතා ජනතාව අතරට පත්වීමත් එක්ක. ඒ දේට මුලික උනේ  Michael Crichton කියන ලේඛකයා. අපි කවුරුත් දන්න ජුරාසික් පාක් එක මෙන්න මෙයාගේ හිතේ මැවුන සංකල්පයක්. ඉතිං මෙයා 1990 දි ලියනවා Jurassic Park කියල පොතක්. ඉතිං ස්පිල්බර්ග් 1993 දි ඒ කෘතිය ඇසුරින් මිහිමතින් වඳවෙලා ගිය දැවන්තයින්ව පුළුල් තිරයට අරගෙන එනවා ජුරාසික් පාක් නමින්ම. ඒ ආගමනය ලෝකයක් මුසපත් කරනවා. ඊට පස්සේ   The Lost World: Jurassic Park (1997) සහ  Jurassic Park III (2001) නමින් දැවැන්ත සිනමා නිර්මාණ තුනක් අපිට අරගෙන එනවා. ඒ ආගමනය එතනින් නවතින්නේ  නෑ. 2015 දි නැවතත් ජුරාසික් උද්‍යානය එලි දකිනවා ඒ  අති සාර්ථක Jurassic World (2015)නමින්. එහි දෙවැන්න මේ අවසරේදී එලි දකිනවා. ඒ Jurassic World: Fallen Kingdom (2018) නමින්. බලන්න මුල් ෆිල්ම් තුනේ නම් තුනෙයි අලුත් ෆිල්ම් තුනේ නම් දෙකයි සමානකම. (Jurassic Park 1993 සහ Jurassic World 2015 / The Lost World: Jurassic Park 1997 සහ Jurassic World: Fallen Kingdom 2018 ) ඔව් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ පිළිවෙල අනුව Jurassic World III කියල එකක් එන්න ඕනා. ඔව් එනවා 2021 දි ජුරාසික් පාක්හි දිගුව ජුරාසික් වර්ල්ඩ් III නිකුත් වෙනවා. පළමු සිනමා නිර්මාණයේ නිමැවුම්කරුවා, ස්ටීවන් ස්පිල්බර්ග් මෙහි විධායක නිෂ්පාදනයෙන් දායක වෙනව. ඉතිං මේක රි-මේක් එකක් නෙමේ, මුල් කතාවේම දිගුවක්. ජුරාසික් පාක් එක විනාශ උනාට පස්සේ තමා ආරක්ෂිතව ජුරාසික් වර්ල්ඩ් එක පටන් ගන්නේ. ඒ අවුරුදු 20කට පස්සේ. ගිය සැරේ දකින්න ඇතිනේ ආරක්ෂාවට මොකෝ උනේ කියල. ඉතිං මෙදා සැරේ කතාව වෙන්නේ  ඒ දේ වෙලා අවුරුදු හතරකට පස්සේ ජුරාසික් ලෝකයෙ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික ආරක්ෂිතව බේරගන්න එක. ජුරාසික් පාක් එකේ හිටිය විද්‍යාඥයෙකුත් මේකේ නැවත කල එලි බහිනව  දැකගන්න ලැබෙයි. [ඩොක්ටර් හෙන්රි වූ]. හරියටම කිව්වොත් ජුරාසික් පාක් 1993 ෆිල්ම් එකේ මුල් පැය බාගය ඇතුලේ අනාගතේදී වෙයි කියල කතාවෙන දේ තමයි මේ වෙන්නේ 😀

ඇයි ඩයිනෝලව බේරගන්න වෙන්නේ ? මේ දුපතේ තියෙනව ගිනි කන්දක්, දැන් ඒක සක්‍රිය වෙන්න අරගෙන තියෙන්නේ. ඉතිං ඒ යමහල විදාරණය උනොත් දැනට මේ ලෝකේ ඉතුරු වෙලා ඉන්න හැම ඩයිනසෝරයෙක්ම විනාශ වෙලා යනවා ආයේ.මෙදා සැරේ ක්ලෙයාර් සමග ඔවන් ග්‍රේඩි දෙන්න ඉදිරිපත් වෙනවා මේ දැවැන්තයින් වෙනුවෙන්. හැබැයි මෙදා සැරේ ඔබ මේ දැවැන්තයින්ගේ සිනමා නිර්මාණය බලන්න හරිබරි ගැහිලා වාඩි වෙන්නේ සාම්ප්‍රධායිකව මිනිහෙක් පස්සේ ඩයිනසෝර්ලා එලවනවා බලන්න නම්, නොසෑහෙන්න කලකිරේවි. මෙදා සැරේ සංවේදී බවකින් මේක බලන්න හරිබරි ගැහෙන්න. මිනිසා වෙනුවෙන් ඩයිනෝසරයින්ට එරෙහිව ඩයිනොසරයින් ඒ වගේම ඩයිනෝසරයින් වෙනුවෙන් මිනිසාට එරෙහිව මිනිසා සටන් වදිනවා දැකගන්න ලැබේවි ඔයාලට. කතාව පුරාවටම එක් ශක්තිමත් කාරනාවක් කියනවා. ඒ කාරනාව පෘථිවිය ඇරඹි දවසෙ ඉඳලා මේ වෙනකම් ඉතිහාසය පුරාවටම සත්‍යයක් බව ඔප්පු උන දෙයක්. එක යුගයක මිහිමත රජකරපු මේ දැවැන්තයින් මිනිසාගේ ආගමනයට ඉඩ දීලා තුරන්වෙලා යනවා. ඊට පස්සේ මනුසතා තමන්ගේ සුපිරිතම ආයුධය වෙන පරිනාමයෙන් ලැබුන දියුණු මොලය භාවිතා කරලා මිහිමත වෙසෙන ප්‍රබලයා බවට පත්වෙනවා. ඒත් ඊට පස්සේ මිනිසා සොබාදහම ඉක්මවා යනවා. ඉතිං ඔබට අන්තිමේදී දකින්න ලැබේවි අප්‍රිකානු සිංහයෙකුට අභියෝග කරන ටි-රෙක්ස් කෙනෙක්.. ඒ තමා යුග දෙකක ප්‍රබලන්ගේ මුහුව සමග මතුවන ගැටුමක ඇරඹුම. ඊළඟට සමීරගේ වචන වලින් ඔන්න මේකේ ආදායම ගැන කියන්නම්.

හොඳයි එහෙනම් මෙහෙම ලොකු සත්තු තිරයෙන් එලියට එනකොට ඒ එක්කම ගලාගෙන එන තවත් එක දෙයක් තියනවා ඒ තමයි ආදායම, මෙහෙම සත්තු නිර්මාණය වෙන්න නම් එහෙම ආදායමකුත් තියෙන්න ඕන… අපි කලින් ලොකු හප්පෝ එක්ක එහෙම අදායමක් දැක්ක එකේ පොඩ්ඩක් මේ වතාවේ ලොකු හප්පෝ කඩාගෙන ගිය වාර්තා බලමු… ඇමරිකා එක්සත් ජනපදය තුල මේ සතියේ නිකුත් වුන චිත්‍රපට අතරින් වැඩිම අදායමක් ආරම්භක සතියේ උපයා ගන්න මේ සලරුව සමත් වුනා ඒ ඩොලර් මිලියන 145 හැටියට, මේ මිලියන 145 ඇතුලේ තියන විශේෂත්වය වෙන්නේ මින් 56% අදායම ගලා ඇවිත් තියෙන්නේ වයස අවුරුදු 25 අඩු ප්‍රේක්ෂක ජනතාවගෙන්… මේ තමයි යුනිවර්සල් ස්ටුඩියෝ ඉතිහාසයේ හොඳම ආරම්භක සතියක් හිමි සිනමා නිර්මාණ අතර දෙවැන්න මෙය දෙවැනි වන්නේ 2015 පැමිණි මුල් චිත්‍රපටයට පමණයි, ඉතින් කාවද මේ වතාවේ පහුකර ගියේ වැඩිය හිතන්න එපා බොහොම වේගයෙන් යන කාර් ටිකක් තමයි තලාගෙන පහුකරගෙන ගියේ ඒ තමයි F 7.. තවත් ටිකක් අභ්‍යන්තර වාර්තා එහෙම බලනවා නම් ඇමරිකාව තුල විකාශය ආරම්භ වෙලා දවස් 3 ක් ඇතුලත මේ නිර්මාණය “ඩයිනෝසෝරයින්” පිලිබඳ නිර්මාණය වුන සිනමා නිර්මාණ අදායම් ලේඛනයේ 6 වැනි ස්ථානයට ඇවිත් තියනවා… එතනින් ගියාම ඇමරිකාව තුල පහුගිය දවස් 365 ඇතුලත නිකුත් වුන නිර්මාණ අතර ආදායම් ලේඛනයේ 17 වැනි ස්ථානයත්… ලොව පුරා තිරගත කිරීම් වල 26 වැනි ස්ථානයත් (ඒ මිලියන 298 + හැටියට) හිමිකරගෙන තියනවා… මුදල් පැත්ත එහෙම වෙනකොට මේ නිර්මාණය තවත් අපූරු වාර්තාවකට හිමිකම් කියන්නත් සමත් වෙනවා ඒ එදා මෙදා තුල PG 13 සහතිකය ලබාගත් නිර්මාණයක් තිරගත වුන වැඩිම සිනමා ශාලා ගන්නේ වාර්තාව… මේ වෙනුවෙන් සිනමා ශාලා 4475 ක ලොව පුරා මේ නිර්මාණය තිරගත වීම ආරම්භ වෙලා තියනවා… කොටින්ම මේ ලගදි ආව වැඩිය ප්‍රසිද්ධ නොවුන Avengers Infinity War නිර්මාණය පවා නිකුත් වුනේ සිනමා ශාලා 4474 වෙනුවෙන් පමණයි…ඉතින් මොකද මේ තවමත් ඩොලර් බිලියනයක් පසුකර යන්නට බැරි වුනේ ? මොකක් හරි කතාවේ වරදක් ද? මේකට උත්තර නම් ටිකක් සංකිර්ණයි… දන්නවද දන්නේ නැහැ මේ වෙනකොට ලෝක ජනගහනයෙන් සෑහෙන පිරිසක් නරඹන කුසලානයක් පැවැත්වෙන බව, ඔන්න ඔය කරණය නිසා හොලිවුඩය මේ ටිකේ බොහොම අමුතු හැටියට තමයි වැඩ කරන්නේ… ඉතින් මේ අමුත්තා වෙනුවෙන් අපි මේ කතා කරන සලරුව සමාදම් වුනේ ඇමරිකාව තුල තිරගත වීම ආරම්භ කිරීමට මත්තෙන් ලොව පුරා තිරගත කිරීම සිද්ධ කරලා, නරකම නැහැ ඉතින් එතනින් දැනට මිලියන 560 + වගේ මුදලක් උපාය ගන්නත් සමත් වෙලා තියනවා… විශේෂයෙන්ම චීනයෙන් ලැබුන මිලියන 200 ත් මේ මොහොතේ අමතක කරන්නම බැහැ…. ඒ දේවල් එක්ක මේ අවුරුද්දේ ආව ෆිල්ම් වලින් ලොව පුරා වැඩිම අදායම් අතර 3 ස්ථානය දිනාගන්නවා මේ වෙනකොට. හොඳ කොපියක් එන කාලෙකදී බිලියනය පන්නාවි. 😀

ඒ වගේම මේ කතාවේ නිල හිමිකරුවා හසන්ත අයියා, ඒත් ඉතිං මේක 2015දි මුලින්ම බාරගෙන තිබ්බේ මං ඒ කාලේ යෙදුන වැඩක් නිසා මට සබ් එක කරන්න බැරිවුනා ඉතිං ඒ විදියට මගෙන් ගිලිහුන කතාව අන්තිමේදි ඉතිං උරුමක්කාරයටම ලැබුනා, ( දුන්න කිව්වට සැහෙන්න අමාරු උනා ගන්න 😛 ඒ වගේම එකට වෙච්ච හානියත් සුළුපටු නෑ 🙁 ) කොහොම නමුත් කඩයිම වෙනුවෙන් මේක ලබාදීම වෙනුවෙන් බොහොම ස්තුතියි හසෝ. ඒ වගේම නලින් අයියා සුපුරුදු පරිදි ගිනි ගින්දර වගේ පික් එකක් හදල දුන්නා ඒකටත් බොහොම ස්තුතියි. මෙවර කතාව ජුරාසික් වර්ල්ඩ්හි අධ්‍යක්ෂකවරය Colin Trevorrow සහ Derek Connolly විසින්.. ඉතිං පළමු නිර්මාණයේ සිංහල උපසිරසි කරුවා වගේම අධ්‍යක්ෂකවරයාත් මෙවර මාරු වෙනවා. මෙවර අධ්‍යක්ෂණයෙන් J.A. Bayona එකතු වෙනවා. ඒ විතරක් නෙමේ මං  දකින ආකාරයට උඩහ කීව කරුණු අනුව මේ පිරිස සමත් වෙනවා සාර්ථකව මෙහි තෙවැන්නට පාර කපන්නත්. ඉතිං එහෙමනම් මෙවරත් imdb 6.7 ක අගයක් ලබාගෙන ආදායම් අතින් සාර්ථකව ලොව පුරා තවමත් තිරගතවන මේ ලොකු හප්පන්ගේ වික්‍රමය ඔබට බාරයි.

 

“ The planet has survived everything
in its time
It will certainly survive us ”

~ Michael Crichton – Jurassic Park ~ 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

HDTS / HC-HD  / WEB / HD / BluRay

මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා පමණක් ලබා දි ඇත

70,915 downloadsDownload Jurassic.World_.Fallen.Kingdom.2018.BR_.zip237 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

<< Jurassic World (2015)

Jurassic World III (2021) >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

70,915 downloadsDownload Subtitles237 KB

603 comments

  1. සමීර කරුණාරත්න

    200 ට සුභ පැතුම් බන් එහෙනම් 250 ගහමු හොඳේ ඉක්මනින්... නතර වෙන්න නම් එපා හැම තැනම කියනවා වගේ, 200 කොරලා දැන් ෆෝම් එකේ ඉන්න වෙලේ ඔහොමම අදිමු බන් නතර වෙන්න ආසිරි ඉන්න එකේ උඹත් ඒ මග යන්න ඕන නැහැ... කොහොම නමුත් මෙතෙක් කලක් හොඳ, වෙනත් නිර්මාණ අපි වෙත ගෙන එන්න කාලය කැප කලාට, වෙහෙස මහන්සි වුනාට බොහොම ස්තුතියි... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්නත් එක හිතින්ම සුභ පතනවා...

    1. Mayura

      මොන මගුලක්ද මගෙ ඇස් දෙක හොඳ කරල දීපිය

  2. Samadi

    thnkz bro....

  3. Radeon

    200 ta subapathum ohoma karagena yamu good luck

  4. sumed

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  5. kik_punch

    yaa... yts copy aka anakam iwasanawa.
    aniwa update karanna ayye.

  6. kik_punch

    200 subtitle akata suba pathum....!

  7. amil077

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුබ පතනවා. තවත් මෙවැනි නිර්මාණ කිරිමට ශක්තිය ලැබෙවා !

  8. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  9. dsdkavishka

    Thenks bro, suba pethum

  10. SanjulaJeter

    200 ට සුභ පැතුම් බන්

  11. darshana100

    200 weni upasirasyata unusum suba patum saho tawa tawat shaktiya labewa kiyala patanawa
    oyatat biscop siyalu denatat budusaranai jaya wewa

  12. darshana100

    200 weni upasirasyata unusum suba patum saho tawa tawat shaktiya labewa kiyala patanawa
    oyatat biscop siyalu denatat budusaranai jaya wewa budusaranai

  13. ගයාන් ගමගේ

    හදවතින්ම සුභ පතනවා විමෝ 200 කඩඉමට!
    උපසිරැසිකරුවන් හැමෝම නියෝජනය වෙන පරිදි
    උඹ කියන්න ඕන ටික පැහැදිලිවම කියලා තියෙනවා.
    ඒකට වෙනම ස්තූති කරනවා.
    200 ඉක්මනින්න 300ට පරිවර්තනය වේවා!
    ජය වේවා!

  14. podda

    thanks bro sub ekata. 200 kada imata suba pathanwa mulu hadawathinma ah e wagema lipiyath dila thiyenawa adennama. sinhala sub ekka film baluwama english beriwenawa kiyanenam boru kathawak niwaridi sinhala sub ekaka ekka film eka beluwoth nodanna wachana godak igena ganna puluwan

  15. Sandeepmadushan

    හදවතින්ම සුබපැතුම්

  16. Ayesh Prashan

    200 ta jaya wewa..sthuthie

  17. Hiran Eranda

    කොහොමහරි 200 ටත් ආව නේද අයියේ..වැඩේ නවත්තන්න නම් එපා. 200 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම්.
    ඉදිරි වැඩවලට සුබ පතනවා අයියේ...ජය වේවා.

  18. Asitha.pramoth

    Sub ekata thhanx bro

  19. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. Helili Hemamali

    ලොකු හප්පෝ ඉන්න චිත්‍රපටයක් ගේනවා කියන්නෙ මං වගේ අයට ඉතින් නොබලා බැරි වෙනවා කියනෙක. සැකයක් නෑ සිංහල උපසිරැසියත් තිතට ඇති කියනෙක ගැන. ඒ වගේම විමා ලිපියේ කියලා තියන දේවල් ගැනත් දෙයක් කියන්නම ඕන. ඒ සේරම හරියටම හරි. කිව යුත්ත, කිව යුතු ආකාරෙන්ම ලියවිලා තියනවා.
    ඉතින් බොහොම ස්තූතියි මේ කැපකිරීම් මැදින් 200 වෙනි නිර්මාණයත් අපට ගෙනාවට. අදත්, හෙටත්, හැමදාටම ඔබට ආසිරි වේවා!

  21. Soori

    මාගේ හද පිරි මෙව්වා එක විමෝ....
    බීආර් ආවම ගන්නම්...
    ජය වේවා...!!!

  22. YasasPerera

    mchn oyalage me lipiyen man nodanna dewal godak igena gaththa. thanq very very much...!!! sub ekatath thanx

  23. Nadeera_Mystry_Frodo

    Congrats mchn

  24. Mayura

    පලමු උපසිරසියට සුබ පැතුම්.
    දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා

    1. කෞශල්‍ය දුෂ්‍යාන්

      මේවගේ හාහා රිඅැක්ට් නෑනේ අෆ්ෆා.

    2. Mayura

      අකුරෙන් කොටහන්

    3. ශසිත් සඳරුවන්

      :P :P

  25. Thilina prabhath

    congrats bro. Thanks foe Sub....

  26. kavishal 02

    බොහොම ස්තුතියි උපසිරසියට...
    200 කඩඉමටත් සුභ පැතුම්...
    උපසිරසි කරන එක නවත්තන්න නම් එපා...
    ඉස්සරහටත් උපසිරසි කරන්න ශක්තිය දෛරයය ලැබේවා

  27. Priyath

    the death of superman 2018 eke sub eka dannakooo.plzzzz

  28. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය....
    උපසිරැසි ලබා දෙන එක නවත්තන්න එපා...
    වෙලාවක් තියන විදියට උපසිරැසියක් අරන් අඩවිය පැත්තේ එමු ඉතින්...

  29. Damith Sameera

    2012 world end ekta bluray sub denna puluwnda?

  30. අසංක ප්‍රදීප් රණතුංග

    සුබ පැතුම් අසාන් ඔයාගේ 200 වන උපසිරසියට. ඒවගේම මේක නාකියා පරදවා හැන්ඩියා ලද ජයග්‍රහණයක් විදියටත් සලකන්න පුළුවන් ඉතිහාස කතාව මතක තියෙන කෙනෙක් විදියට. අර නැති උනා කියපුදේ ගැනත් හිතන්න එපා. කොහොම හරි මේ විදියටම එකත් ගමු. ඉතින් 250 ට ඇක්වා මෑන් දක්වා ගමන මෙතනින් පටන් ගන්න කියල කියනවා.

  31. උදයංග සම්පත් හතරසිංහ

    Congratulations විමා.. සබ් 200ක් කියන්නෙ මට නං හිතා ගන්නවත් බැරි ලොකු ගාණක්.. එක සබ් එකක් ලියන්න ගතවෙන කාලෙත් එක්ක ගත්තම, ඒක 200 ගුණ වෙලා එන කාලය ගැන නම් හිතා ගන්නවත් බෑ.. මාරම කැප කිරීමක් ඒක.. සිරාවටම උඹලට සුභ පතන්න වචන ගලපන්න බෑ.. ස්තූතියි මචං මේ කරපු කැපකිරීමට.. ජය වේවා..!

  32. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..200 වගේම තව තවත් ඉදිරියට සබ් කරන්න ශක්තිය දහිර්‍ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

  33. සනිඳු ලක්ඛිත

    මුලින්ම හදවතින්ම සුභ පැතුම් සහෝ 200 වෙනි කඩඉමට. බයිස්කෝප් අඩවියේ ප්‍රභලම සාමාජිකයෙක් තමා ඉතිං එකෙන්ම. ලිපියේ කියලා තියෙන ටිකටනම් සම්මානයක් දෙන්න ඕනි. විශේෂයෙන් අර සිංහල උපසිරස එක්ක් බැලුවාම ඉංග්‍රීසි බැරි වෙනවා කියලා හිතන් ඉන්න එවුන්ට කියලා තියෙන ටිකට. මට සෑහෙනන් ඉංග්‍රීසි පුලුවන් උනේ බයිස්කෝප් සබ් එක්ක බලලා. ඒකට පොඩි උදාහරණයක් කිව්වොත් ලාස්ට් ශිප් බලපු සෙට් එක දන්නවා ප්‍රණීත් අයියා අලුත් වචනයක් වචනයක් ගානේ ලස්සනට තේරුම් එකක් සබ් දීලා තිබ්බ එක.ඒ වගේම ස්කෝපියන් සබ් කරපු හැමෝම. විද්‍යාත්මක වචන හැම එකටම තේරුම් සබ් එකත් එක්කම දාලා තිබ්බා. ඉතිං ඔය මතකෙ තිබ්බ ටික විතරයි. කොච්චර පැහැදිලි කලත් තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා. උන්ට කිසිම අගයක් නෑ මේ දේවල් වල. ඒක නිසා කියලා වැඩකුත් නෑ සහෝ. උන් අදාලා නෑ. ඔයාල මේ කරන සේවය අපි හදවතින්ම අගය කරනවා. ගරු කරනවා..තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හොද කොපියක් ආව ගමන් ෆිලුම බලමු.. ජය වේවා.. බුදුසරණයි..!

  34. Dilshanhewa

    අඩෝ ටෑන්ක්ස් එනකන් බලන් ඉදියේ.ඉක්මනට ඩෙත් පූල් 2 එකෙත් සබ් එක දෙන්න

  35. Ashen7

    bohoma sthuthi sahoodaraya.

  36. ශෙහාන් අවිශ්ක

    thn vima dhenuwt kalata. br enkn innawa balanna 200 sub ekata subapatum

  37. dskdilshan

    සුභ පැතුම් සහෝ හොද කොපියක් එනකම් ඉන්නවා

  38. Dharshana Kasun

    Thanks bro...

  39. ප්‍රභාෂ් නදීශාන්

    Congratulations bro!

  40. Manaram

    thank you

  41. gihan perera

    කවුරු මොනවා කිව්වත් ගනන් ගන්න එපා මචෝ.....ගොඩක් ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  42. Subhash13

    ජය වේවා.. විමා දිගටම වැඩේ කරහු ලෙසටම

  43. Wayantha Sandaruwan

    කියන්ඩ තියන ටික කෙලින්ම කියල තියනවා අයියෙ. සුභ පැතුම් කඩඉමට.

  44. nisalt

    Congratulations and Good Luck bro....
    Waiting for the Blu Ray Rip

  45. කෞශල්‍ය දුෂ්‍යාන්

    අර වැඩිය ප්‍රසිද්ධ නොවුනු Avengers Infinity war... මූ යකෝ. එහෙනං විමා අයියා් බෑවෙ නෑ.br එනකං ඉන්නවා.අා විගස අප්ඩේට් පාර දෙන්න අෑ.200ට උණුසුම් සුභ පැතුම්.මේ කරන සේවය පට්ටම අගයකරනවා ඔයාලා හැමෝම.සබට තුති.සදා ජය.

  46. හසන්ත වික්‍රමරත්ත

    200 වෙනුවෙන් සුබපැතුම් විමෝ!

    අර එක අංකල් කෙනෙක් පහල කියල තිබ්බට 250 කරන්න තව අවුරුදු දෙක තුනක් ගත්තට කමක් නැහැ.

    අනිත් කාරණේ තමයි 2013 පෙබරවාරි 27 උදා නොවුනා නම් අද කී දෙනෙක් ඉංග්‍රීසි කතා කරනවාද? කී දෙනෙක්ගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබ්බ අවස්ථාවද අසාන් ඔයා මේ නැති කරලා තියෙන්නේ? මේවා දෙයියොම බලාගන්න ඕන හිටං.

  47. Sasitha Asaranga

    congratulations. and keep it up bro!!! waiting for br :)

  48. H_anuru

    ගොඩක් ස්තූතියි bro

  49. Dayalrw

    Congratulations &amp; Thanks you.

  50. SanjulaJeter

    Deep web 2015 film Akata. Sub Denna puluwanda?

Load more comments