Watch Trailer

Midsommar (2019) Sinhala Subtitles | මරණයෙන් කෙළවර වූ චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ] 18+

2018 වර්ෂයෙදී Hereditary කියල චිත්‍රපටයක් ආවා මතකද? ඇත්තම කියනවා නම් වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. නොබලපු කෙනෙක් නැතිව ඇති කියල හිතනවා. ඔන්න එහි අධ්‍යක්ෂවරයා විසින් මේ වසරේත් එවැනි අමුතුම චිත්‍රපටයක් රැගෙන ඇවිත් තියෙනවා. මෙවර අධ්‍යක්ෂයවරයා උත්සහ කරන්නෙ කලින් චිත්‍රපටයට වඩා ප්‍රේක්ෂකයාව වෙනස්ම මා…

2018 වර්ෂයෙදී Hereditary කියල චිත්‍රපටයක් ආවා මතකද? ඇත්තම කියනවා නම් වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. නොබලපු කෙනෙක් නැතිව ඇති කියල හිතනවා. ඔන්න එහි අධ්‍යක්ෂවරයා විසින් මේ වසරේත් එවැනි අමුතුම චිත්‍රපටයක් රැගෙන ඇවිත් තියෙනවා. මෙවර අධ්‍යක්ෂයවරයා උත්සහ කරන්නෙ කලින් චිත්‍රපටයට වඩා ප්‍රේක්ෂකයාව වෙනස්ම මාවතකට රැගෙන යන්නයි. මේ වෙනකොටත් IMDb අගය 7.5 ක් සහ කුණු තක්කාලි අගය 83% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා කලින් චිත්‍රපටය වගේම. ටිකක් පරක්කු වෙච්ච නිසා මං වැඩිය විස්තරයක් කියන්න යන්නෙ නැහැ. එහෙනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.

ඩැනී කියන්නෙ තමන්ගෙ අම්මවයි තාත්තවයි වගේම තමන්ගෙ නංගි ඛේදවාචික අනතුරකින් නැති වෙච්ච කෙනෙක්. ඇත්තම කියනවා නම් ඩැනීගෙ නංගිට එක්තරා ලෙඩක් තියෙනවා. ඒක ඔයාලට චිත්‍රපයට බලනකොට වැටහෙයි. කොහොමහරි මේ අනතුරින් පස්සෙ ඩැනී තමන්ගෙ පෙම්වතා වන ක්‍රිස්ටියන් එක්ක චාරිකාවක් යනවා. චාරිකාවක් කිව්වට මෙයාලට ආරාධනාවක් ලැබෙන්නෙ. ඒ ක්‍රිස්ටියන්ගෙ යහළුවෙක් වෙන පෙලේගෙන්. ඉතින් මෙයාලා කට්ටියක් එක්කයි මේ ගමන යන්නෙ. ඒ යන්නෙ ස්වීඩනයට. එක්තරා උත්සවයකට සහභාගී වෙන්න. අමුතුම ආකාරයෙ උත්සවයක්. හැබැයි වෙන්නෙ මොකක්ද කියල කාටවත් කිසිම අදහසක් නැහැ පෙලේ හැර. මොකද ඔහු කුඩා කල පටන්ම හිටියෙ මේ කට්ටියත් එක්කනෙ. ඉතින් මොහු දන්නවා සිද්ධ වෙන්න යන දේ ගැන. ඒවගේම මෙයින් කිහිප දෙනෙක් යන්නෙ එක්තරා නිබන්ධයක් කරන්න බලාගෙන මේ සමාජය ගැන. ඔන්න උත්සවයෙ පළවෙනි දවස පටන්ගන්නවා. හැමෝම වගේ එයට සහභාගී වෙනවා කිසිම දෙයක් නොදැන. ගිය හැමෝටම දකින්න ලැබෙන්නෙ එක්තරා කෙනෙක් කන්දක් උඩ ඉඳල පනින දර්ශනයක්. ඒ පනින එක දිහා මේ ”හර්ගා” මිනිස්සු සතුටින් බලාගෙන ඉන්නවා එය නිකන්ම නිකං දෙයක් වගේ. ඒවගේම මෙයාලට තවත් සහාසික ක්‍රියාවක් දකින්න ලැබෙනවා. ඒ මොකක්ද කියනවා නම් ඒ පැනපු කෙනෙක් එවෙලේම මැරෙන්නෙ නැහැ. ඉතින් මෙයාලගෙ කෙනෙක් පොරවකින් ඔලුවට කොටනවා. හරිම සාහසික ක්‍රියාවක්. ඉතින් එහෙම දෙයක් උනාම මෙයාලා මොකක් කරන්න ගනියිද? පැනල යන්න බලයිද? නැත්තම් මෙයාලවත් මෙවැනි සහාසික මරණයක් උරුම වෙයිද? ඇත්තම කවුද මේ මිනිස්සු? වැනි ප්‍රශ්ණ වලට උත්තර දැනගන්න පුළුවන් අවසානය තෙක් නැරඹුවොත්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝමට ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

15,950 downloadsDownload Midsommar-2019-Blu-Ray.zip86 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

15,950 downloadsDownload Subtitles86 KB

37 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  2. Stranger

    thanks

  3. gihan perera

    අමුතු කතාවක්...ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Isira janith

    Dc Lego batman family matters 2019 film ekata sub dennko please neththam dannakenukata kiyannako anith sub thx

  7. vishwakelum

    බොහොම ස්තූති

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Midsommar.2019.DIRECTORS.CUT.INTERNAL.720p.WEBRip
    update karanna puluwanda...plzzzzzzzz...

  9. Hashan M. Priyadarshana

    thanks

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  11. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති
    Primal fear (1996) sub dennako plz

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය

  13. arawindasunimal

    sub ekata thanks jayawewa

  14. Rumesh dhanushka

    Thanks Ravidu & all friends

  15. dilan9226

    Thank you all of staff of biscope

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Udara Damith Dissanayaka

    buuuuuuuuuuuuuthayoooooooooooo

  18. chinthaka_priyadrshana

    Thank u bro.........

  19. prabth

    ela

  20. Dewadithya

    Thanks for Sub!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. AsithaDilruwan

    ela saho thanks

  23. Pramukmili

    thanxx bro.............

    1. Milinda Silva

      Thanks

  24. Thusitha Sampath

    Thank you very much

  25. ar perera

    ela thanks

  26. sameera

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  27. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  28. Rumesh Asanka

    thank you

  29. Saranga J. Liyanagama

    Thanks

  30. MAALnath

    Thanks ................good luck ......................

  31. Kalanacosta

    thank you very much

  32. Supun Kaushalya

    මේක Director's Cut copyයට update කරහංකො මචං :) ඒක විනාඩි 170ක් තියනවා

    1. Anonymous

      sira

  33. Isuru

    මෙ subtitle එක Download කරගන්න බැහැනේ..

  34. Rishantha

    Thanks Brother

  35. Mevin

    Thanks