Watch Trailer

Hereditary (2018) Sinhala Subtitles | මළගිය ඇත්තෝ නෑගම් ඇවිදින්…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම ය…

සිනමා නිර්මාණයක් රස විදින්න හොඳම තැන මගේ මතය හැටියට නම් සිනමා ශාලාව.. විශේෂයෙන්ම ත්‍රිමාන සජීවීකරණ රූ ඇතුලත් නිර්මාණයක් නම් ඒ තරම් හොඳ තැනක් තවත් කොහෙවත් නැහැ කියන්න පුළුවනි. ඉතින් ඔය වගේ තැනකට නිවාඩු පාඩුවේ තමුන්ගේ ළමයින් එහෙම එක්ක ගිහින් සිනමා නිර්මාණය ආරම්භ වෙනතුරු බලා ඉන්නා මවක් පියෙක් එක්වරම යටිගිරියෙන් කෑමොර දෙන්න, තමුන්ගේ දරුවාගේ මුහුණ ආවරණය කරන්න පටන් ගත්තොත් ඔබට හිනායාවී නේද ? ඔව් වෙන අවස්තාවක නම් එහෙම වෙන්න තිබ්බා, නමුත් මේ අපි කතා කරන සිනමා ශාලාවේ එහෙම දෙයක් නම් වුනේ නැහැ… ඔක්කොම දෙමව්පියන් තුෂ්නිම්භූත වෙලා තමුන්ගේ ළමයින් ආරක්ෂා කරගන්න උත්සහ කළා. තවත් සමහරු උදව් අරගෙන එන්න එලියට දිව්වා… ඉතින් මේ සිද්ධිය සිද්ධ වුනේ ඔස්ට්‍රේලියාව වගේ ටිකක් දුර රටක… මේ පවුල් පිටින් බලන්න ගිහින් හිටිය කතාව තමයි Peter Rabbit (2018) කියන අගේ ඇති ළමා කතාව… වැඩේ කියන්නේ මේක හිතාමතා කල දෙයක් නම් නෙමෙයි, සිනමා ශාලාවේ සේවකයෙකු අතින් වැරදීමකින් වුන දෙයක්… ඒ තරම් බය වෙන්න මොකක් නම් පෙන්වන්න ඇති ද? වැඩි දෙයක් නෙමෙයි මේ අද ඔබ වෙත ගෙන එන සිනමා නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටයක් විතරයි පෙන්වා තියෙන්නේ. ඒකත් ඉවර කරගන්න හැකිවෙලා නැහැ කියල තමයි ආරංචි…

ඔහොම වුන එක පුදුමයක් නැහැ මේ වසරේ Sundance සිනමා උළෙලේ මෑත කාලයේ නිර්මාණය වුන අතිශය භයානකම සිනමා නිර්මාණය හැටියට බොහොම සැපසුම් නිර්මාණයක් වුනේ මේ නිර්මාණය IMDB මීටරය වුනත් 7.6 ක් වගේ අගයක් ලබාගෙන හොල්ලන අතරේ රෝටන් ටෝමාටෝ මිටරයත් 86% වගේ ඉහල අගයක් කරා අරගෙන යන්න සමත් වෙලා තියනවා.

Ari Aster ගේ පිටපතින් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ භීතිකාව තුල Toni Collette තමුන්ගේ හැකියාව විදහාපාන හැටි නම් හරිම අපූරුයි, ඇයට අමතරව Alex Wolff, Milly Shapiro, Ann Dowd, Gabriel Byrne වගේ පිරිසක් තමුන්ගේ උපරිම දායකත්වය මේ නිර්මාණය සාර්ථක කරගන්න සපයපු බව පැය 2 කුත් මිනිත්තු 07 ක් වැය කරන්නට ඔබ සුදානම් ඔබටත් පසක් වේවි… නමුත් මම ඔබට කරුණු කරනා කිහිපයක් කියන්න කැමති, මේක ඔබේ දරුවන් එක්ක නම් බලන්න එපා… ඔවුන් එක්ක හැර බලන්න ක්‍රමයක් නැති නම් මේක නොබලා ඉන්න, දෙවැන්න තමයි හැකි තරම් රාත්‍රී කාලයේ මේ නිර්මාණය නැරඹීමෙන් වලකින්න… කොහොමත් 18+ දර්ශන කිහිපයක් නිසාවෙන් පොඩි උදවියට බලන්න බැරි එකේ දවල් කාලයේ මේක බලන එක තමයි හොඳ…

ඇනී, අපේ කතා නායිකාව තමුන්ගේ ජිවිත කතාව කුඩා අනුරූ හැටියට නිර්මාණය කරපු පසුතල වල විදහා දක්වන්නට සුදානම් කළාකාරියක්. තමුන්ගේ සැමියා, වැඩිමහලු පුතා සහ කුඩා දියණිය එක්ක ජිවත් වෙන ඇනී ගැන අපි මුලින්ම දැනගන්නේ ඇයගේ අම්මාගේ මරණයත් එක්ක. නමුත් මේ මරණය ඇයට නම් ලොකුම දෙයක් නෙමෙයි මොකද මව ජීවත්ව හිටිය කාලයේ මොවුන් දෙන්නා අතර ඒ හැටි හොඳ සම්බන්ධයක් තිබිල නැහැ කියල තමයි අපිට දැනගන්න ලැබෙන්නේ… නමුත් හැම ළමයෙක්ම වගේ ඇයත් තමුන්ගේ අම්මට ආදරෙයි… ඔහොම තමයි ඇනී, ජෝන් හඳුනා ගන්නේ පවුලේ පිරිසක් අහිමි වුන දුකෙන් ඉන්න දෙන්නම බොහොම අගේට මිතුරු වෙනවා ඒ නිසාවෙන් තමයි ජෝන් තමුන් සතු මළවුන් ගෙන්වන ක්‍රමයක් ගැන ඇනී දැනුවත් කරන්නේ… ඉතින් ඒ තමයි අපේ කතාවේ ආරම්භය…

නමුත් ඒකම නෙමෙයි ඊට කලින් දෙයක් වෙනවා ඒ ගැන නම් කියන්න හැටියක් නැහැ බලන්නම සිද්ධ වෙනවා… මේ සියල්ලම එක්ක තමුන්ගේ පවුලේ උදවිය විවිධ විවිධ පැතිකඩ වලින් මළවුන්ගේ ලෝකය එක්ක ගැටෙන හැටි වගේම ඒ ලෝකයෙන් තමුන්ගේ පවුල ගලවා ගන්න ඇනී දරනා ප්‍රයත්නයක් එහෙමත් දැකගන්නට හැකි වේවි… නමුත් ඉතින් අර කලින් කිව්වා වගේ හැමෝටම නම් මේක බලන්න වෙන්නේ නැහැ, ඒ කැමරා කෝණ, සංගීතය ආලෝක කරණයම ප්‍රමාණවත් ඔබේ හදගැස්ම වැඩි කරන්න…. පරීක්ෂණයක් මගින් පවා ඔප්පු වෙලා තියනවා මේ නිර්මාණය සමහර අවස්ථාවල හදගැස්ම මිනිත්තුවකර වාර 160 + වගේ අගයක් දක්වා පවා ගෙනියන්න සමත් වෙනවා කියල… මම ඉතින් වෛද්‍ය විද්‍යාත්මකව ඕක ගැන කියන්න නම් දන්නේ නැහැ නමුත් ඉතින් ලොකු අගයක් වගේ නෙව…

කොහොම නමුත් අවසාන වශයෙන් මේ නිර්මාණය අයිති සිසිල සහෝට ස්තුතිවන්ත වෙනවා බලෙන්ම මේක මගේ ඇඟේ ගැහුවා එක ගැන. යන්තන්ම් මේ වසරේ A Quiet Place කරගෙන හිටිය මට අනික් විශිෂ්ඨම භයානක චිත්‍රපටයත් බලෙන් හෝ ඇඟේ ගැහුවාට ආයෙත් ස්තුතියි. එහෙනම් මේ භයානක නිර්මාණය ඔබට භාරයි… ප්‍රවේසමෙන් බලන්න… ආයෙත් එන්නම් තවත් නිර්මාණයක් එක්ක… එන්න වෙනවා තව එකක් ඇඟේ ගහලා තියන නිසා… එහෙනම් ඔබට ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

47,779 downloadsDownload Hereditary-2018.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

47,779 downloadsDownload Subtitles37 KB

104 comments

  1. Aryanbaba

    Tnx bro

  2. SHEHAN350

    thanks machan holman filmnam raaa thama aa baya nathi nisa neve raa balanakota bayavena tharam raa bayavenne nathi nisa

  3. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  4. ZK

    ස්තූතියි

  5. Bandaramudiyansi

    Waw........ oya nm niyamai hodama film waraddan natuwa mahama kohomada ganna kiyala hitaganna ba.mat maka dakka supiri film ekak wage. Godak sthuthi .oya wage kanak baiscopelk eka inna eka satutak. Boruwata kiyanawa nawa bohoma sthuthi

  6. lionkolla990

    thank you

  7. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! අනිවාර්යයෙන් මේ ෆිලුමත් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  8. sandakelum jayalath

    thanks all good jb

  9. Soori

    හොඳ සලරුවකට සමීර දුන් තවත් අනගි උපසිරසක්....
    ජය...!!!

  10. gihan123

    Pattama thankz mcn sabata....kalekin apu supiri horror film akak....

  11. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sameera brother.... Jaya wewa...!

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  14. Nimesh sasanka

    THANX SAHO SUB EKA DUNNATA

  15. sanath.keerthi

    TNX

  16. Milind@

    Thanks saho

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ...
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය...

    Luke cage season 2 සබ් කරන්න පුලුවන්ද?

  18. Kavishal Rasintha

    බොහොම ස්තූතියි සමීර අයියේ..
    බැලිල්ලක් තමා බය වෙයිද දන්නේ නෑ...
    Any way Gd luck.

  19. Sam Yashan

    දැනුයි බාන්න යන්නේ.... අද රෑම බලන්නයි යන්නේ (1.16am).. බය වෙලා කෙලවෙයිද දන්නේ නෑ... :P

    ස්තූතියි සහෝ...

    1. Charaka Milan

      Kelawei kiyalath bayai ne lol

  20. Kushan Charuka

    thanks Bro sub ekta.. film ek balannma hithenawa.. jaya wewa...

  21. chamallakshan

    සබ් එකට බොහොම ස්තූතියි

  22. Suranjan

    Thanks bro.....jayawewa......!

  23. senehas nimna

    භයානකයි කියන නිසාම අද රෑටම බලන්නං. මචං.. සුපිරි වැඩක්.. ඔය හොල්මන් කියන ඒවට බයවෙලා බලන්න ජීවිතයේ එක පාරක් හරි මාත් ආසයි.. ස්තුතියි මචං

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    කදිම විස්තරයක්.
    ජයෙන් ජය.

  25. Piumi ann

    මේකනම් මරු වෙයි වගේ.... ගෝඩාක් තංකූ .... බලලම ඉන්නම්කෝ වැඩි කතා නැතුව...

  26. Hemantha De Silva

    ස්තුතියි සමීර... නියමයි.

  27. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  28. dil_shan

    tnz sub ekata. jaya

  29. uvinduharshana

    Ela aiye..thankx

  30. Ishan007

    Thanx for your sub Sameera

  31. Hasitha Madush

    සමීර සහෝ කලොත් ඉතිං සුපිරි සබක් තමයි..!!! Thank u සහෝ...!!!

  32. Nandana_kumara

    Tu dear

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. pradeep darshana

    thanks

  35. Guyzon

    මේක එච්චර බය නෑනේ නිකන් ගොන් ආතල් නොදී හිටපන් ගොන් කතා නොකියා
    දෙමව්පියෝ ළමයින්ගේ ඇස් වහගෙන කෑගැහුවලු හික්ස් රෑට බලන්න එපාලු උබ වගේ ළාමක නංගි මල්ලිලට නම් බය ඇති මේක බලලා ලොල්

    1. tv malli

      ubata me film eka lassana natthan nobala idapan bn..nikan dena sub eka hadapu manussayata bainne nathuwa.ubala wage un nisa thamai giya para arrow ekata sub dena ekath nawatthala damme...

    2. Cj

      Film eka wadak nathnum katai pukai wahan paduwe idahan. Subtitles deepu eka film 1ke waradi walata pali nane.

  36. Dias

    මං බැලුව මෙලෝ රහක් නැති හොල්මන් එක..ඊයා..තේරුමක් නෑ..බොරු බයිලා ගහලා ෆිල්ම් දාන්න එපා බං..

  37. ranga11112

    ස්තුතියි සමීර සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  38. Hinniyaka

    thanx bro,,,,,,,,,,,,,,,,,

  39. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  40. tv malli

    tnx bn

  41. SanjulaJeter

    thanks

  42. wathilak

    ගොඩ කාලෙකකින් බයවුනේ නෑ...එහෙනම් බයවෙමු.ස්තුතියි උප සිරරසියට

  43. MAALnath

    Thanks .........................good luck .............................

  44. LimeGreenSoda

    thanksbro

  45. NuwanK

    Thank u Bro...

  46. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Dewadithya

    Thanks for Sub!

  49. Kanishka_Dilhan

    Me katawa nm melo rahak na....
    Sub ekata thanks

  50. Dulanjana yahasen

    Mala jarawak

Load more comments