Watch Trailer

Migration (2023) Sinhala Subtitles | එකම තැනක නොයිඳ ලෝකය දකින්න! [සිංහල උපසිරැසි]

Migration (2023) Sinhala Subtitles සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න එහෙනම් 2024 වසරෙදි මම ඔබට ලබාදෙන මුල්ම සිනමාපටයේ උපසිරැසිය අරගෙනයි මේ ආවේ. මේ මම කවදත් ප්‍රිය කරන හරිම අපුරු 3D ඇනිමේෂන් සිනමාපටයක්. කොච්චර ලොකු වුනත් මේ ඇනිමේෂන් සිනමාපට වෙතින් ලබන වින්දනය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ නැහැ. 😀 Migrati…

Migration (2023) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න එහෙනම් 2024 වසරෙදි මම ඔබට ලබාදෙන මුල්ම සිනමාපටයේ උපසිරැසිය අරගෙනයි මේ ආවේ. මේ මම කවදත් ප්‍රිය කරන හරිම අපුරු 3D ඇනිමේෂන් සිනමාපටයක්. කොච්චර ලොකු වුනත් මේ ඇනිමේෂන් සිනමාපට වෙතින් ලබන වින්දනය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ නැහැ. 😀

Migration (2023) Sinhala Subtitles

ඉතිං මේ සිනමාපටය සඳහා imdb වෙබ් අඩවියේ 6.8ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 73%ක් වැනි ඉහළතම විචාරක අගයකුත් 87%ක් වැනි ඉහළතම ඕඩියන්ස් ස්කෝර් එකකුත් මේ සිනමාපටය ලබාගෙන තියෙනවා. ඔන්න ඒ තමයි මේ සිනමාපටය රේටින් වලින් මනින කෙනෙක්ට හොඳම මිනුම් දඬු තුන.

Migration (2023) Sinhala Subtitles

ඊළඟට මේ සිනමාපටය නිර්මාණය සහ ප්‍රචාරණය සඳහා ඩොලර් මිලියන 75ක් ගිහින් තියෙනවා. මේ වෙනකොට සිනමාපටයේ නිල බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 150+ වෙනවා. ඒ සඳහා ශ්‍රී ලාංකික සිනමා රසිකයින් විසින් මෙහි මුල්ම දින ආදායම විදියට ඩොලර් 9,253ක් සහ මේ ලිපිය ලියන 2024.01.13වැනි දින වනවිට සමස්ථ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් 9,253කට දායක වෙලා තියෙනවා. ඉතිං ඔයාට ෆිල්ම් එක ගැන වැටහීමක් ලබාගන්න මේ විස්තර ටික ප්‍රමාණවත් නේද?

Migration (2023) Sinhala Subtitles

මේ සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ පර්යටනය කිරීමට බියෙන් පසුවෙන තාරා පියෙක් සහ ඔහුගේ පවුල වටා. මේ තාරා පියාගේ නම තමයි මැක්. එයා හිතන විධියට ආරක්ෂිතම විධිය තමයි කොහෙවත් නොයා එකම තැනකට වෙලා ඉන්න එක. එයා සීත කාලේ ගත කරන්න තෝරාගන්නේ එයා ජිවත් වෙන විල අසලම තියෙන ගස් බෙනෙයක්. එයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට මේ වැඩේ එපා වේගෙනයි යන්නේ. ඉතිං එහෙම පර්යටනය වෙන කාලෙක පර්යටනය වෙමින් සිටින කුරුල්ලෝ වගයක් විඩාව නිවාගන්න මැක් ඉන්න විලට එනවා.

Migration (2023) Sinhala Subtitles

ඒ ආව වෙලාවේ එයාල ජැමෙයිකාවට පර්යටනය වන බවත් ඔවුන් එහෙ යන කාලය වෙනකොට ජැමෙයිකාවේ සුන්දරත්වය ගැනත් මැක්ගේ බිරිඳ වෙන ග්වෙන් සහ දරු දෙදෙනාට පවසනවා. එතැන් පටන් ඔවුන් තිදෙනා පර්යටනය වීමේ අරගලයක් පටන් ගන්නවා. දැඩි පෙරැත්තය නිසාවෙන් අන්තිමේදී මැක්, පර්යටනය වෙන්න කැමති වෙනවා. කවදාවත් පර්යටනය නොවුණු කුරුළු පවුලක් ජිවිතේ මුල්ම වතාවට පර්යටනය වෙනකොට කොහොමද කියල ඔයාලට බලාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Migration (2023) Sinhala Subtitles

මේක හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් බලන්න පුළුවන් හොඳ සිනමාපටයක්. එහෙනම් සබ් එක අරගෙන යනකොට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් තමයි ඔයාලට වැඩි වැඩියෙන් සබ් ලැබෙන ඉන්ධනය වෙන්නෙ. එහෙනම් යලිත් දවසක හමුවෙමු, ජය! 🙂

Director: Benjamin Renner, Guylo Homsy

Writers: Mike White, Benjamin Renner

IMDB Ratings : 6.8

Release Date: October 19, 2023 (Italy)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

14,910 downloadsDownload Migration.2023.zip42 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Migration (2023) Sinhala Subtitles

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

14,910 downloadsDownload Subtitles42 KB

26 comments

  1. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූති ❤

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  3. Anonymous

    Thank you

  4. Udaya Fdo

    Thank you

  5. Nuwam

    Niyami thank bro....

  6. Buddhika Lakmal

    නියමයි මචෝ...
    මේ වගේ ඇනිමේෂන් ෆිල්ම්නං පට්ට....
    බොහෝම ස්තූතියි මචෝ සබට

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. janith

    Ela brother

  9. indika

    thanks

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. PdLD madusankha

    Thanks bro

  12. Kavindu Nethmina

    Sub ekata Thanks Bro..

  13. Anonymous

    Thaks for the sub bro

  14. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  15. Sithum Lakpriya

    ගොඩක් ස්තුතියි movie එකක් ආපු ගමන්ම subtitle එකත් දෙනවට. Good luck.

  16. Sahan Gayantha

    thanks a lot Vimukthi saho sub ekata

  17. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. මේක නම් අනිවා බැලිල්ලක් තමා. ජයවේවා!

  18. Gayan

    thanks bro sun ekata

  19. Supun

    Thanks.under the boarwalk 2023 film eke sub eka dennako

  20. Supun

    Thanks sub ekata.under the board walk film eke sub ekat dennako

  21. Dill

    Great work thanks....!

  22. Amal

    Thank you

  23. Uchitha

    Good work !...Thank you for subtitle...!

  24. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Dimuthu

    Supiriyak. Thank you Vima Aiye,