Watch Trailer

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | බිඳ වැටුණු රාජධානිය! [සිංහල උපසිරැසි](50*)

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles ඉතිං මට මේක සුවිශේෂී උපසිරැසියක්. මේක මගේ 50 වෙනි උපසිරැසිය. මීට මාස හතරකට කලින් මලයාලම් උපසිරැසියකින් පටන් ගත්ත මේ වැඩේ මෙහෙම නැගල යයි කියල හිතුවෙ නෑ. ඒත් අපේ බයිස්කෝප් කණ්ඩායමේ සහයෝගය. උපදෙස් මග පෙන්වීම නිසා මේ තරම් දුර එන්න ලැබුනා. මලයාලි වලි…

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

ඉතිං මට මේක සුවිශේෂී උපසිරැසියක්. මේක මගේ 50 වෙනි උපසිරැසිය. මීට මාස හතරකට කලින් මලයාලම් උපසිරැසියකින් පටන් ගත්ත මේ වැඩේ මෙහෙම නැගල යයි කියල හිතුවෙ නෑ. ඒත් අපේ බයිස්කෝප් කණ්ඩායමේ සහයෝගය. උපදෙස් මග පෙන්වීම නිසා මේ තරම් දුර එන්න ලැබුනා. මලයාලි වලින් පටන් අරන්, ඉංග්‍රීසි සබක් කරමුද කියල මුලින් ඇහුවෙ විමා සහෝදරයා (Golda). එතනින් පටන් අරන් ඉංග්‍රීසි, හිංදි, ස්පාඥ්ඥ, ඉරාන් චිත්‍රපට වගේම රූපවාහිණී කතා මාලා රැසකටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලබා දුන්නා. Banshees at Inisherin (Irish slangs)ද් The Fablemens , Golda (Judish slangs)ව් Beacon 23 Sci-fi series ටිකක් අභියෝග කාරී ච්ත්‍රපට කිහිපයක්. ඇත්තටම සබ් එකක් කරනවා කියන්නෙ රැගක් උනාට ඒක ඇබ්බැහියක්.ඒක දන්නෙ කරන කෙනා තමයි.ඒත් ලොකුම අභියෝගය තමයි වඩාත්ම නිවැරදි දේ ලබා දීම.ඉතිං මගෙ සබ් වල ගුණාත්මක බව තීරණය කරන්නෙ බලන ඔබ.

මේ ගමනෙදි අඳුන ගත්තු සහයෝගය දුන්න විමා, රවිඳු,හිරාන්, සනුප, කේන් ඇතුළු සීරීස් කරන කල්ලි වල අනිත් මල්ලිල සේරටම ස්තූතියි. මම වැඩිමල් උනාට ඔයාල සේරමගෙන්ම යමක් ඉගෙන ගන්නවා.මේ අවුරුදු 15 ක් සමරණ මොහොතේ බයිස්කෝප් කණ්ඩායමටම ස්තූතියි.ආ මග කෙටියි තව බොහෝ දුර යන්න තියෙනවා. ඉදිරියේදි තව හොඳ නිර්මාණ රැසකින් හමු වෙමු.

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි DCEU එකේ අවසාන සිනමාපටය. මෙතනින් එහාට ආපහු සැක් ස්නයිඩර් විසින් සුපිරියටම ආරම්භ කරපු DCEU එක දිගහැරෙන්නේ නැහැ. ෆිල්ම් එක බලපුවම අයියෝ අපරාදේ කියල හිතුනා මේ කාස්ට් එක 🙁 මොකද ආයේ මේ කාස්ට් එක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. DC කොමික් ඇසුරින් ආපහු එන්නේ ජේම්ස් ගන්ගේ DCU එක. 

 

එහෙනම් සනුප මල්ලි සුපිරිම විස්තරයක් අඩංගු සාරවත් පිළියක් ලියලා දුන්න මට මේකට. ඒකත් කියවගෙනම සබ් එක අරගන්න. ආපහු සබ් එකකින් මුණගැහෙමු.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

සුපිරිවීර මාධ්‍ය, ඉංග්‍රීසියෙන්ම කිව්වොත් “superhero media” ලෝකයේ ටයිටන්ලා ඉන්නේ දෙන්නයි; එකක් Marvel, අනෙක DC. 1930 ගණන්වල ඉඳන් තියෙන මේ කොමික් සමාගම් දෙක විසින් අද pop-culture icons බවට පත්වෙලා තියෙන, කෙනෙකුට සුපිරිවීර රසිකයෙක් වුණත් නැතත් අඳුරගන්න පුළුවන් චරිත බොහොමයක් නිර්මාණය කරල තියෙනවා. Marvel පැත්තෙන් ගත්තොත් ඒ Spider-Man, Iron-Man, Hulk, Captain America ආදී චරිත. DC පැත්තෙන් ගත්තොත් ඒ Superman, Batman, Wonder Woman ආදී චරිත. මේ සමාගම් දෙක අතර තිබුණු තරඟය 1940 ගණන්වලින් පටන් ගත්තාම අද වෙනකනුත් නැවතිලා නෑ. සමාගම් දෙක විතරක් නම් මදෑ. වැඩියෙන්ම “කවුද වඩා හොඳ? DC ද Marvel ද?” ජාතියේ වාදවිවාදවල නියැලෙන්නේ ඒ ඒ සමාගම්වල රසිකයන්.

සුපිරිවීර රසිකයන් අතර කවදාවත් ඉවර නොවෙන මේ වාදය දිහා මධ්‍යස්ථව බැලුවොත් පේන දේ තමයි, දෙපැත්තම කියන දේ හරි. සමහර අතින් Marvel ඉදිරියෙන් ඉන්නවා වගේම සමහර අතින් DC ඉදිරියෙන් ඉන්නවා. තැනෝස්ගේ වචනෙන්ම කිව්වොත්, “Perfectly balanced, as all things should be.” ඒ ඒ fandoms වල මේ වගේ වාද තිබුණට, අපි වගේ සුපිරිවීර උණ නැති, හිට් වෙන සුපිරිවීර ෆිල්ම් එකක් විතරක් බලාගෙන ඉන්න සාමාන්‍ය ෆිල්ම් බලන කෙනෙක්ගෙන් ඇහුවොත් 95%කගෙම උත්තරේ තමයි “Marvel” කියන එක. පෞද්ගලිකව, ඔය ප්‍රශ්නෙට “DC” කියලා උත්තර දෙන (fans ලා නොවන) අය මට හමුවෙලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු ප්‍රමාණයක්. කොමික් රසිකයින්ට මෙච්චර කල් ඉවර කරගන්න බැරි වුණු වාදයක්, සාමාන්‍ය ෆිල්ම් ලෝලීන් බහුතරයක් “Marvel” කියා එකඟ වෙන තැනට පත් වුණේ කොහොමද? ඒක 2008 න් පටන් ගන්න කතාවක්.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

1996 කියන්නේ Marvel ආයතනයට බොහොම දුෂ්කර වෙච්ච අවුරුද්දක්. එයාලගේ කොමික්ස් විකිණුනේ නැති නිසා ආයතනය බංකොලොත් වෙමින් තිබුණා. ඒ නිසා එයාලා, එයාලගේ චරිත බොහොමයකම අයිතීන් වෙන සමාගම්වලට විකුණලයි තිබුණේ. කොහොමහරි දන්න දහංගැට ඔක්කොම ගහලා, සෑහෙන මුදල් ප්‍රමාණයක් ණයට අරගෙන, දහසක් කම්කටොලු මැද්දේ Marvel ආයතනය ගොඩගැනීමේ අවසන් බලාපොරොත්තුව විදියට 2008 වසරෙදී නිකුත් කරනවා ෆිල්ම් එකක්: ඒ තමයි Iron Man (2008). Marvel ආයතනය හීනෙන්වත් හිතුවේ නැති තරම් සාර්ථක වුණු මේ චිත්‍රපටිය නිසා තමයි අද MCU එක පොඩි එකා පවා දන්න තැනකට ඇවිත් තියෙන්නේ. (Disney එක විසින් Marvel එක ගත්තට පස්සේ වෙච්ච කතා මෙතනට ගාවගන්නේ නැතුව ඉමු). ඒ දාපු ශක්තිමත් අඩිතාලමේ ගැම්මෙන් සිනමා වාර්තා සෑහෙන්න ප්‍රමාණයක් බිඳ දමා අලුත් කරමින්, අතිශය සාර්ථකත්වය පත්වෙච්ච Avengers චිත්‍රපටි පෙළ නිකුත් වෙනවා. RDJ කිව්ව විදියට, Marvel එකට “ඇවිදින්න පුළුවන් වෙන්න කලින් දුවන්න” සිද්ධ වුණා. ඒත් අන්තිමේදී, සාමාන්‍ය ජනතාව අතර පවා Marvel කියන එක අහල නැති කෙනෙක් හොයාගන්න බැරි වෙන තරමට හාස්කමක් වගේ ඒක සාර්ථකත්වයත් පත් වුණා.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

තමන් සතු චරිත යොදාගෙන සිනමා විශ්වයක් නිර්මාණය කිරීම සෑහෙන්න ආදායමක් උපයන්න පුළුවන් බිස්නස් එකක් බව 2012 වගේ MCU එකේ සාර්ථකත්වයත් එක්ක පැහැදිලි වෙමින් තිබුණා. අවුරුදු 70කට ආසන්න කාලයක් තිබුණ තරඟේ එච්චර ලේසියෙන් දිනන්න දෙන්න බෑනේ. ඉතින් DC ආයතනය Warner Bros. එක්ක එකතුවෙලා අසාර්ථක උත්සහයන් කීපයකින් පසුව, ලෝකේ පළවෙනි සුපිරිවීරයා පාදක කරගෙන එයාලගේ පළවෙනි ෆිල්ම් එක නිකුත් කරනවා: Man of Steel (2013). මේකෙන් establish වුණු අලුත් සිනමා විශ්වයට එයාලා නම තියනවා DCEU හෙවත් DC Extended Universe කියලා. 2013 ඉඳන් අද වෙනකන් DCEU එකට අයිති සිනමාපට 16 කුත්, රූපවාහිනී කතාමාලා 1කුත් නිකුත්වෙලා තියෙනවා.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
  1. Man of Steel (2013)
  2. Batman V. Superman: Dawn of Justice (2016)
  3. Suicide Squad (2016)
  4. Wonder Woman (2017)
  5. Justice League (2017)
  6. Aquaman (2018)
  7. Shazam! (2019)
  8. Birds of Prey (2020)
  9. Wonder Woman 1984 (2020
  10. Zack Snyder’s Justice League (2021)
  11. The Suicide Squad (2021)
  12. Peacemaker (2022) – TV show
  13. Black Adam (2022)
  14. Shazam! Fury of the Gods (2023)
  15. The Flash (2023)
  16. Blue Beetle (2023)
  17. Aquaman and the Lost Kingdom (2023)
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

DC එකත් ඇවිදින්න කලින් දුවන්න ගියා කියල කියන්න පුළුවන්. හොඳට වෙලාව අරන් සැලසුම් කරලා චිත්‍රපටි එකිනෙක හා හොඳින් සම්බන්ධ වෙන සිනමා විශ්වයක් නිර්මාණය කරනවා වෙනුවට, පුළුවන් තරම් ඉක්මනට Marvel එක අත්කරගත්ත සාර්ථකත්වය අල්ලගන්න DCEU එකත් හැකි ඉක්මනින් චරිත ටික හඳුන්වාගෙන ගිහිල්ලා Justice League (2017) චිත්‍රපටිය නිකුත් කරනවා. නමුත් ඒක නම් සෑහෙන්න රසිකයින්ගේ සහ චිත්‍රපට විචාරකයන්ගේ ගැරහුමට ලක් වුණා. DCEU එක කවදාවත් MCU තරම් සාර්ථකත්වයක් අත් කරගත්තේවත්, රසික ආදරයට පත් වුණේවත් නැහැ. ඒක පහළින් තියෙන ලැයිස්තුවෙන් පැහැදිලියිනේ.


සාමාන්‍ය ජනතාව අතර සුපිරිවීරයින් ගැන තියෙන මතය 100%ක්ම වගේ හැදෙන්නේ චිත්‍රපටි සහ TV shows වලින්. ඒක තමයි තිත්ත ඇත්ත. තමන්ට විවේකයක් තියෙන වෙලාවට ෆිල්ම් එකක් බලන සාමාන්‍ය ෆිල්ම් ලෝලීන්, සුපිරිවීර රසිකයින් වගේ කොමික්ස් කියවලාවත්, ඇනිමේටඩ් මූවීස් බලලාවත් නැහැ. එයාලගෙන් බහුතරයක් බලලා තියෙන්නේ හොඳින් ආදායම් උපයන, හිට් වෙච්ච superhero movies විතරයි. ඉතින් එයාලා DC සහ Marvel මනින්නේ චිත්‍රපටිවල කොලිටිය අනුවයි. චිත්‍රපටිවල කොලිටිය අතින් ගත්තාම Marvel සෑහෙන්න ඉදිරියෙන් ඉන්න බව අවිවාදිතයි. ඉතින්, ඔන්න ඔහොම තමයි Marvel එක, සාමාන්‍ය ජනතාවයේ හිත් දිනාගත්තේ.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

MCU එක එක්ක හැප්පෙන්න තවදුරටත් DCEU එකට පණක් නැහැ. ඒත් ඒ කියන්නේ සටන අතාරින්න ඕන කියන එකද? කොහෙත්ම නෑ. DCEU එක සාර්ථක නොවෙන බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් දැන් වෙලාව හරි අලුතෙන්ම පටන් ගන්න. Justice League Dark: Apokolips War චිත්‍රපටිය අවසානයේ John Constantine කිව්වා වගේ, “Clear the board. Start again.”

Discovery Inc. මඟින් 2022දී Warner Bros. ආයතනය මිලදී ගත්තට පස්සේ, Warner Bros. Discovery ආයතනයේ CEO වන David Zaslav, DC විශ්වය රීබූට් කරන්න තීරණය කරනවා. ඒ සඳහා එයා James Gunn ගේ සහ Peter Safron ගේ ප්‍රධානත්වයෙන් DCU (DC Universe) එක නිර්මාණය කරනවා. James Gunn චිත්‍රපටිවල ස්ටෝරිලයින් ආදී කටයුතු අධ්‍යක්ෂණය කරන අතරේ Peter Safron, DCU එකේ ව්‍යාපාර පැත්ත බලාගන්නයි සැලසුම තියෙන්නේ. ඔයා මේ ලිපිය කියවන අතරේ පවා එයාලා ලහිලහියේ වැඩ කරනවා 2025 දී Superman: Legacy චිත්‍රපටිය හරහා නමෝවිත්තියෙන් නව DCU එක ආරම්භ කරන්න.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

ඉතින් බන්දුල අයියා අද උපසිරසි ගෙනැල්ලා තියෙන Aquaman and the Lost Kingdom චිත්‍රපටිය තමයි 2013 න් පටන් ගත්ත DC Extended Universe එකේ අවසාන චිත්‍රපටය. මේ තමයි 2018 වසරේ නිකුත්වුණු Aquaman චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම. මේ වෙනකොට IMDb දර්ශකයේ ලකුණු 6ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 35%කුත් ලබාගෙන තියෙනවා. ඒත් මේවා තම තමන්ගේ personal taste එක අනුව වෙනස් වෙන්න හැකි බව මතක තියාගන්න ඕනේ.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

DCEU එක ගැන තියෙන අදහස මොකක් වුණත්, “DCEU went out with a bang!” කියන්න පුළුවන් වෙයිද? ඒක හොයාගන්න චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම්, මෙතැනින් DCEU එකට සුබගමන් කියලා 2025 දී අලුත් DCU එකට ආයුබෝවන් කියන්න ලෑස්ති වෙමු. ලිපිය ලියන්න දුන්න අවස්ථාවට බන්දුල අයියට ස්තුති කරනවා. පස්සේ දවසක හමුවෙමු එහෙනම්. පීස් ✌️


ලිපිය:- සනුප රන්මෙත්

ආයුබෝවන්!

Director: James Wan

Writers: David Leslie, Johnson-McGoldrick, James Wan

IMDB Ratings :6.0

Release Date: 23 Dec 2023

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

54,829 downloadsDownload Aquaman-and-the-Lost-Kingdom-2023-Sinhala-Subtitles.zip45 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles

 

Subtitles by

BANDULA K

Subtitles

54,829 downloadsDownload Subtitles45 KB

46 comments

  1. Anonymous

    Thanks bro

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  3. Anonymous

    First

  4. ishan

    Thanks for sub

  5. Tarusha

    Thanks for subtitle
    Wonka movie eke subtitle denna puluwanda?

  6. brock lesner

    sub ekata thanks!!!!

    lift 2024
    napoleon 2023
    wish 2024
    night swim 2024
    wonka 2023

    mee tikatath sub dennakoo puluwan nam........

  7. anushka

    Thank you For your Subtitle

  8. sachin

    balan hitiye meka enakam bohoma isthuthi...

  9. Sanupa Ranmeth

    50 වෙනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම් බන්දුල අයියේ! සබ් එකක් භාර දුන්නාම, නියම ස්පීඩ් එකකින් ගුණාත්මක සබ් එකක් බය නැතුව බලාපොරොත්තු වෙන්න පුළුවන් වැඩ්ඩෙක් තමයි මේ. මට බයිස්කෝප් ගමනේ ළඟදී හම්බවුණු ළයාංගම සහෝදරයෙක් කීවොත් වැරදි නෑ. මාස 4ක් ඇතුළත උපසිරසි 50 ක් ගහනවා කියන්නේ මාර feat එකක්. ඒවගේම එක භාෂාවකට විතරක් සීමා නොවී මලයාලම් ඇතුළු තවත් භාෂා ගොඩකට උපසිරසි කරපු එක හුඟක් වටිනවා. ඉතින් ඉංග්‍රීසි සයිඩ් එකට වගේම ඉන්දියන් සයිඩ් එකටත් ඒ දෙන සහයෝගයට බොහොම ස්තුතියි. දෙවෙනි කඩයිම හෙවත් උපසිරසි 100ටත් මේ ගැම්මෙන්ම යන්න ලැබේවා සහ පෞද්ගලික ජීවිතයේ කටයුතුත් සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් තුති වේවා! ජය! ✌️

  10. Guna

    Thank you

  11. lakshan

    thanks ..............

  12. Kosala

    Congrats sgo

  13. මයුර

    වේගවත් පලවෙනි කඩ ඉමට උණුසුම් සුබපැතුම් අයියේ. මලයාලම් සෙක්ෂන් එක කරට අරගෙන ගහන ගේමට තුති. තවත් කඩ ඉම් ගණනාවකට වග කියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලික ජීවිතේ යහපත් වැඩ කටයුතුත් සාර්ථක වේවා.

  14. Anonymous

    Thank you

  15. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Uba nam niyama wedakarayek kollo ....
    thanks sanupa malli.......

    (Download කරන සෑම වරකදීම "ස්තූතියි" කියා හෝ 
    සඳහන් කිරීමට කාරුණික  වන්න.)

  16. සියන්ත

    වව් ලිපිය මුල ටික කියවනකොය අපිටත් අසයි...තවත් වැඩකරුවෙක් ....
    දිගටම හොද නිර්මාණ ඔන...
    ඔබ අපිවත් සතුටු කරනව වගේම
    ඔබගෙත් සියලු දෙවල් සාර්ථක වෙවා...
    මෙව සල්ලි දිල ගන්න බැහැ... එක දන්නෙ බලන අපි සහ ඔබ.... තැන්ක්ස් මිත්‍රයා ...good days ...god bls you.... ❤️‍

  17. sachintha

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
    ඒ වගේම 50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා

    හැකිනම් Wonka 2023 හා The Hunger Games: The Ballad of Songbirds & Snakes එකටත් උපසිරැසි ලබා දෙන්න

  18. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. jeewan

    yes

  20. indika

    thanks

  21. kalana

    Thank you very much saho

  22. saman kumara

    thank you. appreciate your time and effort

  23. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  24. baiscopelk ishu

    ෂාහ්. 50 කඩයිමට සුභ පතනවා.. තව තවත් සබ් දෙන්න හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  25. Asanga kb

    Thank you so much...

  26. Roshan de Silva

    පනස් වෙනි උපසිරැසියට සුබ පැතුම්. ඔබට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි

  27. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  28. Roshan

    Thnx bro.Great job.Good luck.

  29. Buddhika Lakmal

    50වෙනි උපසිරැසියට සුබ පැතුම් බන්දුල සහෝ.....
    පෞද්ගලික වැඩකටයුතු සාර්තක වේවා...
    ඉස්සරහටත් මේ වගේ උපසිරැසි කරන්න කාලය ලැබෙන්න ඕන....
    මේ සබටත් බොහේම ස්තූතියි මචෝ.....

    ලිපියත් පට්ට සනූප මල්ලී. ඒකටත් තෑන්ක්ස් හොදේ.....

  30. Bimsara Yashan(ඔලිව)

    50 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් බන්දුල අයියේ. ඉදිරියටත් මේ වගේම කාර්යක්ෂමව විවිධ භාශා වල ෆිල්ම් වල උපසිරැසි ගේන්න කාලය හැකියාව ලැබෙන්න කියලා වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩ කටයුතු ඉහලින්ම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා. ජයවේවා!

  31. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුබපැතුම් සහෝ....
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න ගමන් තව තව සබ් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    පුලුවන් නම් මලයාලම්, තෙලුගු පැත්ත ගැන වැඩිපුර බලමු.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  32. Thilinda Randeera

    ස්තුතිය සහෝදරයා දිගටම දෙන්න

  33. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් බන්දුල අයියේ! :)
    මේ ටික කාලෙට විවිධ භාෂාවල විවිධාකාර නිර්මාණ ගොඩක් ඔයා ගෙනැල්ලා තියෙනව අප වෙනුවෙන්. ඉතින් ඒකෙන් කියවෙන දේ තමා ඔයාගෙ රසවින්දනය කොටු නොවුණු ලොකු පරාසායක විහිදිල තියෙන එකක් වග. ඉතින් තව තවත් මෙවැනි විවිධාකාර නිර්මාණ ගොඩක් ඉදිරියට ලැබේවි කියලා දන්නව. ස්තුතියි මෙතෙක් ගෙනාපු හැම නිර්මාණයක‍ටම.
    100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  34. BANDULA K

    මගේ 50 වෙනි උප සිරැසියට සුබ පැතුම් ගෙන ආ සියළු දෙනාටත්...
    අනෙකුත් කොමෙන්ට් ලබාදී මා දිරිමත් කළ සියළු දෙනාටත්...
    බයිස්කෝප් පවුලටත්...
    ස්තූතිය!

  35. Dill

    Great work....!

    1. Shehan Rasaliptha

      Good Job... Bluray Ekata Hariyana Sub ekath One....

  36. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  37. Dewadithya

    Thanks for Sub!

  38. Chad v

    Bluray Update ekath One Saho

  39. Bhathiya

    Bluray up karannako...

    1. Hasintha

      Bluray eka tama nadda

  40. Anonymous

    Congrats Bandula Ayye... ❤️❤️

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Anonymous

    Thanks Brother, Congradulations

  44. Thisara Prabhath Senarathne

    Thanks sub ekata & lipiyata dekatama..❤️