මේකට මං උපසිරැසිය කරන්න ගත්තේ පහුගිය ඔක්තෝම්බරේ. සිංදු ටිකටත් එක්ක සිංහල දීලම උපසිරැසිය යවනවා කියලා ඉඳලා ඔන්න මාස 05ක්ම ගෙවිලා ගිහිල්ලා ආසන්න වශයෙන්. ඉතින් මේ වෙද්දි ගොඩක් දෙනා මේක බලලා ඇති. නොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. බලපු එවුන් ඇවිල්ලා “හැපෝ මේක බැලුවය, දැන්ද දෙන්නේ” කියලා වැලලෙන්න දෙ…

මේකට මං උපසිරැසිය කරන්න ගත්තේ පහුගිය ඔක්තෝම්බරේ. සිංදු ටිකටත් එක්ක සිංහල දීලම උපසිරැසිය යවනවා කියලා ඉඳලා ඔන්න මාස 05ක්ම ගෙවිලා ගිහිල්ලා ආසන්න වශයෙන්. ඉතින් මේ වෙද්දි ගොඩක් දෙනා මේක බලලා ඇති. නොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න. බලපු එවුන් ඇවිල්ලා “හැපෝ මේක බැලුවය, දැන්ද දෙන්නේ” කියලා වැලලෙන්න දෙයක් නෑ. මේ වගේ මං බාර ගත්තු තව පරණ ඒවා පෝලිමක්ම එන්න තියේ. ඉතින් ඒ දවස් වලම ගහපු ලිපිය මං මේකටත් ඔහේ දානවා. ආයේ වෙනස් කර කර ඉන්නේ නෑ. හරිනේ…
අන්තර්ජාලයට අලුතින්ම නිකුත් වුණු මලයාලම් සලරුවක් අරගෙනයි කාලෙකට පස්සේ මම ආවේ. මේක ඇවිල්ලා ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.2ක දැවැන්ත අගයක් වාර්තා කරපු සිනමාපටයක්. හැබැයි මහලොකු මනාප සංඛ්‍යාවකින් නෙමේ නිසා එච්චර උඩ දාන්න දෙයක් නෙමේ. හරි රේටින් අගය අපිට තව කිහිප දවසකින් දැනගත්තහැකි. (දැන් රේටින් ඇවිල්ලා 5.8ක් :P)එච්චර අගයක් ගන්න තරමේ විශිෂ්ට එකක් නොවුණත්, ආවේණික පොඩි පොඩි දුර්වලතා තිබ්බත් මේ Mike සිනමාපටය මං පුද්ගලිකව ගොඩක් ආසාවෙන් රස විඳපු චිත්‍රපටියක් කියලා කියන්නම ඕන. අන්තිමට වැදගත් වෙන්නේ ඔය කොහෙවත් තියෙන රේටින්වත්, උපයපු ආදායමවත් නෙමේ තමන්ගේ හිතට වැදුනද කියන කාරණේ විතරනේ. ඒ අතින් Mike චිත්‍රපටිය මාව නම් හොඳින්ම තෘප්තිමත් කරා. ඉතින් ඒ තෘප්තිය ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසාම සිංහල උපසිරසියත් අරන් එන්න හිතුනා.
බොලිවුඩ් සුපිරි තරුව ජෝන් ඒබ්‍රහම් දන්නවනේ. එයා මේකේ රඟපානවා කියලා නෙමේ කියන්න යන්නේ. එයා තමා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔන්න. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟදක්වන්නේ මලයාලම් ප්‍රේක්ෂක සමහර අයගේ ක්‍රෂ් එකක් වෙන අහිංසක Anaswara Rajan සහ නවක නළු Ranjith Sajeev. අනස්වරාගේ වෙනදා දකින ස්වරූපය නම් මේකෙදි ඔයාට දකින්න බැරි වෙයි. හැබැයි එයාට තියෙන කැමැත්ත නම් තවත් වැඩිවෙයි කියලා සහතික කරන්න පුළුවන්. රංජිත් ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. ඒ වගේමයි, මේකේ කතා තේමාවට තමා වැඩියෙන්ම ලකුණු දෙන්න ඕන. පැය 2කටත් අඩු කාලයක් දුවන මේ චිත්‍රපටිය එක හුස්මටම බලලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ මේ කතා තේමාවේ තියෙන සුවිශේෂී ගතිය නිසා. එන්ගේජින් ගතිය අතින් උපරිමයි.
කතාව ගැනත් යන්තමට කියලා ඉන්නම්. චිත්‍රපටියේ නම Mike කියලා ඔයාලා දන්නවනේ. මයික් කියන්නේ කොල්ලෙක්ගේ නමක් වුණාට මේකේ කෙල්ලගේ නම තමා මයික් කියන්නේ. උපන් නම සාරා වුණාට කෙල්ල කවදාවත් කෙල්ලෙක් විදිහට නෙමේ හිටියේ, කොල්ලෙක් වගේ. ආශ්‍රය කළෙත් කොල්ලොමයි. කොල්ලෝ සෙට් එක රවුම් ගහන තැන, සෙල්ලම් කරන තැන, ඊටත් එහා අඩියක් පුඩියක් ගහන තැන මේ සාරා නොහොත් මයික් අනිවාර්යෙන්ම හිටියා. ගෙදර එන්නෙත් රෑ වෙලා. මෙයාගේ මේ ජීවන චර්යාව මයික්ගේ ගෙදර අයටත් හෙනම හිසරදයක් වෙලයි තිබ්බේ. මෙයාට කසාදයක්වත් කරලා දෙන්නේ කොහොමද කියලා අම්මා දහ අතේ කල්පනා කළා. ඔය අතරේ මයික්ටත් මේ ජීවිතේ එක පැත්තකින් වදයක් වෙලයි තිබුණේ. මොන දේ කළත් කොහොම ජීවත් වුණත් කවුරුත් තමන්ට සලකන්නේ කෙල්ලෙක් විදිහටයි කියන දේ එයා දන්නවා. කොලු බාගයක් වගේ වටේ රවුම් ගහන තමන් දිහා වපර ඇහෙන් බලන බව එයාට තේරෙනවා. එයාට ඕන වුණේ මේ හිසරදය ඉවරයක් කරගෙන තමන්ට ඕන නිදහසේ ජීවත් වෙන්නයි. ඉතින් දවසක් එයා තීරණයක් ගන්නවා…
මෙතනින් එහාට කතාව බලන්න ගන්න කියලා ඉල්ලනවා. මහ ලොකු දේවල් බලාපොරොත්තු නොවී බලන්න ගන්න. රසවත් දෙයක් විඳින්න පුළුවන් වෙයි. ඔබ සැමට ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,438 downloadsDownload Mike-2022.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
15 comments
Naveen Mbr
Peenis
Tanku mallih
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
එළ එළ ෆීනික්ස් කොල්ලෝ...
Naveen
උපසිරසියට තුති
Anonymous
Elaz
H98
Thank you brother for the subtitles. Keep it up....
dylan
Thanks brother
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Hashan Karunarathne
shanushge vage hithata vadina film set ekak one machaaaaaaaaaaaan]
sub ekata thanks !!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..irusha
Fav actress with Fav subtitles
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Itz.irusha
Fav actress with fav movie ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mike (2022) Sinhala Subtitles | කෙල්ලෙක් නොවනා කෙල්ලෙක්.. මාරයාට පෙම් බැඳී කොල්ලෙක්..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Mike-2022-2.jpg)
ජයි ෆීනික්ස්!