Watch Trailer

Vaathi (2023) Sinhala Subtitles | ජීවිතය කියා දුන් ගුරුතුමා. [සිංහල උපසිරසි]

90′ දශකයේ ඉන්දීය පෞද්ගලිකකරණ ආර්ථිකයක් පැවතුණා. රටේ ආදායමත්, මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් වීමත් නිසා MBBS, ඉන්ජිනේරින් වගේ පාඨමාලා වලට දැඩි ඉල්ලුමක් ඇති වුණා. මේ ගැන ඉවෙන් දැනගත්ත සමහර පෞද්ගලික පාසල් හිමිකරුවෝ පෞද්ගලික පාසල්, TNPCEE(තමිල්නාඩු වෘත්තීය පාඨමාලා ප්‍රවේශ විභාගය.) සඳහා පුහුණු මධ්‍යස්ථාන…


90′ දශකයේ ඉන්දීය පෞද්ගලිකකරණ ආර්ථිකයක් පැවතුණා. රටේ ආදායමත්, මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් වීමත් නිසා MBBS, ඉන්ජිනේරින් වගේ පාඨමාලා වලට දැඩි ඉල්ලුමක් ඇති වුණා. මේ ගැන ඉවෙන් දැනගත්ත සමහර පෞද්ගලික පාසල් හිමිකරුවෝ පෞද්ගලික පාසල්, TNPCEE(තමිල්නාඩු වෘත්තීය පාඨමාලා ප්‍රවේශ විභාගය.) සඳහා පුහුණු මධ්‍යස්ථාන ව්‍යාප්ත කරා. මේ පෞද්ගලික පාසල් හිමිකරුවෝ රජයේ පාසල්වල ගුරුවරුන්ව වැඩි පඩිවලට බඳවා ගත්තා. අධ්‍යාපන ගාස්තු ආදිය අධිකව අය කරා. මේ නිසා රජයේ පාසල් වැහීගෙන යන තත්වයට පත් වුණා. දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය හීනයක් වුණා. මේ නිසා මධ්‍යම පාන්තික ආදී ජනයා රජයට විරුද්ධව විරෝධතා ආරම්භ කලා. රජය මෙයින් ඇඟ බේරා ගන්න පෞද්ගලික පාසල් සම්මේලනය සමඟ ගිවිසුමකට එළඹුණා. පෞද්ගලික පාසල් විසින් රජයේ පාසල් බාරගෙන කරගෙන යාමට ගිවිසුම් ගත වුණ. ඒ අනුව පෞද්ගලික පාසල්වල ගුරුවරුන් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කල යුතුයි. ඒත් ඔවුන් රජයේ පාසල් වලට යැව්වේ තුන්වැනි පන්තියේ ගුරුවරුන්. බාලමුරුගන් එවැනිම තුන්වැනි පන්තියේ සහයක ගුරුවරයෙක්. බාලා මධ්‍යම පාන්තිකයෙක් නිසාම තරමක් කරදර මැද ජීවත් වුණේ. පෞද්ගලික පාසල් සම්මේලනයේ ගිවිසුම අනුව බාලාව සෝළවරම් රජයේ පාසලට යෑමට සිදුවුණා. සෝළවරම් රජයේ පාසලට ගිය පලමු දවසේ උණුසුම් පිළිගැනීමක් ලැබුණා. පන්ති කාමරවල ළමයින් පිරී තිබුණා. බාලා හරිම උද්යෝගයෙන්දෙවෙනි දවසේ පාසලට ගොස් ළමුන් එනකල් බලාගෙන හිටියත් එදින කිසිම ළමයෙක් පාසලට පැමිණියේ නැහැ. අනෙක් ගුරුවරුන්ගෙන් මේ ගැන අහද්දි ඔවුන් කීවේ ගමේ සභාපති දේශපාලන හේතු නිසාවෙන් ගමේ ළමුන් සියල්ලෝම පාසලට කැඳවාගෙන ආ බවයි. සාර්ථක වීමේ අදිටනින් මේ පාසලට පය තැබුව බාලාට තමන්ගේ හීන ඉටු නොවෙයිදෝ කියලා හිතට ලොකු දුකක් ඇති වුණා. බාලා ගෙයින් ගෙට ගිහින් ළමුන් ගැන විමසා බැලුවා. බොහෝ ළමුන් රැකියා සඳහා ගොස් තිබුණා. තවත් කිහිප දෙනෙකු සූදූ කෙලිමින් හිටියා. සභාපතිගෙන් ළමුන් සහ දෙමව්පියන් ගම් සභාවට රැස් කරන ලෙසට ඉල්ලනවා. ගම් සභාවෙදි අධ්‍යාපනයේ වටිනාකම, ඉන් ලැබෙන් සමාජයෙන් ලැබෙන ගෞරවය, පිළිගැනීම, තත්වය ගැන දෙමව්පියන්ට පැහැදිලි කරලා දෙනවා. දෙමව්පියන්ගේ හිතේ පෙළඹවීමක් ඇති වීම නිසාවෙන් ඔවුන්ගේ දරුවන්ව පාසල් යැවීමට තීරණය කරනවා. බාලා සහ අනෙත් ගුරුවරුන් මේ ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයෙක් විදියට විඳින අඟහිඟකම් වලින් මිදෙන්න වැඩි ආදායමක් උවමනා වුණා. රැකියාවෙන් උසස් වීමක් ගන්න නම් බාලාට මේ පාසලේ සියලුම සිසුන්ගේ ලකුණු සමත් ලකුණු සීමාව පහු කරන්න වෙනවා. මේ අභියෝගයට මුහුණ දෙමින් යන ගමනෙදී බාලා සමඟ සහයට සිටි ගුරුවරු දෙදෙනෙක් එම පාසලෙන් ඉවත්ව යනවා. ඒ නිසාවෙන් බාලාට එම විෂයන් දෙකද සමඟ විෂයන් තුනක් උගැන්වීමට සිද්ද වෙනවා. මේ නිසා සිසුන් හැමෝම සමත් කරවීමේ අභියෝගය බාලාට තවත් අසීරු වනවා. තුන්වෙනි පන්තියේ ගුරුවරයෙක් නිසා බාලාව අවතක්සේරු කරලා මේ ගමට එව්වා. බාලාගේ අදහස අධ්‍යාපනය හැමෝටම වෙනසක් නැතිව ලැබිය යුතුයි යන්නයි. බාලා මේ පාසලේ සිසුන් හැමෝම සමත් කෙරෙව්වොත් ඒක ‘ගුණාත්මක අධ්‍යාපනය වෙනුවෙන් මිලක් ගෙවිය යුතුයි කියන පෞද්ගලික පාසල්වලට විශාල තර්ජනයක්’. මේ වගේ දුෂ්කර ගමක ළමයින්ගේ මනසට ඉගෙනීම ලබා දෙන්නේ මොන ආකාරයටද? ඔවුන් ඉලක්ක පිහිටුවා ගන්නේ කොහොමද? සරල වුණත් මෙහි බලාපොරොත්තු සුන් නොකරන ආකාරයේ හැඟීම්බරව ගලා යන කතාවක් අන්තර්ගතයි.

ඇතැම් දර්ශන ඇඬෙන තරමට මේ චිත්‍රපටය ගොඩක් අයගේ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයම ගොඩ දැම්ම ගුරුවරයෙක් ඇති. ඔයාලා වෙනුවෙන් මූල්‍යමය හෝ වෙනත් ආකාරයෙන් කැපකිරීම් කරපු ගුරුවරු. විෂය කියාදෙන ගුරුවරුන්ට වඩා මතකෙට එන්නේ ජීවිතය කියා දුන්න ගුරුවරුන්ව. එයාලා ඔයාලට දඬුවම් කරලා ඇති. ඒ වෙලාවේ තරහ ගන්නත් ඇති. හැබැයි පරිණතභාවයට පත් වුණාට පස්සෙ එයාලා කරේ හරි දෙයක් කියලා ඔයාලට වැටහෙනවා.

මේ චිත්‍රපටය රචනා කර, අධ්‍යක්ෂණය කරන්නේ වෙන්කි අට්ලුරි විසින්. ඔහු Tholi Prema (2018), Mr. Majnu (2019) වැනි ආදායම් වශයෙන් සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවා. 2021 වර්ෂයේ පැමිණි Rang De (2021) චිත්‍රපටය නම් අසාර්ථක වුණා.

වාති පසුගිය වසරේ දෙසැම්බර් 2 දා නිකුත් කිරීමට දින යොදාගෙන තිබුණත් පසුව එය මේ වසරේ පෙබරවාරි මස 17 දක්වා කල් දැමුණා. තිරගත වී දින තුනක කෙටි කාලයකින් ඉ. රු. කෝටි 50ක ගෝලීය වශයෙන් ආදායමක් උපයා ගත්තා. ධනුෂ්ගේ වේගවත්ම කෝටි 50 පසු කල චිත්‍රපටය ද වනවා. තිරුචිට්‍රම්බලම් දින 4කින්ස් සහ අසුරන් දින 8ක් එම සීමාව පසු කිරීමට ගත වූවා. දින 15කින් මුළු ආදායම ඉ.රු. කෝටි 100 පසුකලා. Raanjhanaa (2013), Vaathi/ Sir (2023), Thiruchitrambalam (2022) ලෙසින් ධනුෂ් හින්දි, තෙළිඟු, දෙමළ සිනමා කර්මාන්තවලින් රු. කෝටි 100 ඉක්මවූ චිත්‍රපට හිමියි.

මෙම වසර ආරම්භයේම නිකුත් වූ විජයිගේ වාරසුඩු තෙළිඟු නිෂ්පාදන අයතනයකින් නිපදවූවත් තෙළිඟු ප්‍රාන්ත වලින් කෝටි 30ක් ආසන්නව හෝ එකතු කර ගන්න බැරි වුණා.(ඉ.රු. කෝටි 25ක්.) තෙළිඟු ප්‍රාන්තවලින් කෝටි 30ක් එකතු කරගන්න එකත් අසීරු දෙයක්. රජිණි, කමල්, වික්‍රම්, රාඝවා ලෝරන්ස් යන තෙළිඟු ප්‍රාන්ත වලින් ඉ.රු. කෝටි 30 සීමාව පසු කල නළුවන්ගේ ලැයිස්තුවට ධනූෂ් මේ චිත්‍රපටය මඟින් එක් වෙනවා. තෙළිඟු සිනමාවට පිවිසෙන ශිවකාර්තිකෙයන්, විජයි, ධනුෂ් අතරින් සාර්ථක වන්නේද ධනුෂ් පමණයි. විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්ද වාති/ සර් ඉහලින්ම සිටිනවා.

ජී.වී. ප්‍රකාෂ් කුමාර් මේ චිත්‍රපටයට සංගීතය සපයනවා. චිත්‍රපටයේ ගීත සහ BGM සියල්ලක්ම වෙහෙස දරා ඉතාමත් අලංකාරවත්ව නිර්මාණය කර තියෙනවා. Pollandhavan (2007) චිත්‍රපටයෙන් ඇරඹෙන ප්‍රකාෂ් කුමාර් හා ධනුෂ් සංයෝගය Aadukalam (2011), Asuran (2019), Mayakkam Enna (2011), Maaran (2022) චිත්‍රපට වලදීද දැකගත හැකියි. සෙල්වරාඝවන් + ධනුෂ්+ යුවන්‍ රාජා වගේ, ධනුෂ් + වෙට්‍රිමාරන් + ප්‍රකාෂ් කුමාර් තිදෙනාගේ සංයුතියත් කොලිවුඩයේ විශිෂ්ඨ සංයුතියක්.

ධනුෂ් 3 (2012) චිත්‍රපටයෙන් අනිරුද්ව හඳුන්වා දීමෙන් අනතුරුව ධනුෂ්ගේ චිත්‍රපට කිහිපයකම සංගීතය සැපයීම අනිරුද් විසින්ම සිදු කෙරුණා. පසුගිය කාලයේ නම් ධනුෂ් හා ප්‍රකාෂ් කුමාර් දෙදෙනා තරමක් හිත් අමනාපයකින් වගේ පෙනෙන්නට තිබුණා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ මුල්ම ගීතය විදියට “වා වාති” ගීතය යූටියුබ් එකට මුදා හැරුණා. ඊට පෙර වා වාති ගීතය ධනුෂ් විසින් ගායනා කරන ප්‍රචාරණ වීඩියෝවක් ප්‍රකාෂ් කුමාර් සමාජ මාධ්‍යයට එක් කලා. චිත්‍රපටයේ ඇතුලත් ගීතයේ ගායිකාවට වඩා ලස්සනට ධනුෂ් ගායනා කරා කියන එකයි මගේ අදහස. කොහොම වුණත් පස්සෙදි ධනුෂ්ගේ වර්ෂන් එකත් යූටියුබ් එකට මුදා හැරියා.

චරිත ගැන කිව්වොත් ධනුෂ්ගේ රඟපෑම ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඉතාමත් පහසු චරිතයක් වගේම චරිතයේ ජීවත් වුණා. අනෙත් නළු නිළියන් හැමෝමත් තමන්ගේ උපරිමය දුන්නා. සමයුක්තා පෙනී සිටින දර්ශන සියල්ලක්ම වාගේ ඉතාමත් අලංකාරයි වගේම ආකර්ෂණීයයි. ඇත්තටම සමයුක්තාව සිත වසඟ කරන ආකාරයෙන්, ගොඩක් ලස්සන විදියට පෙන්වලා තියෙනවා. ධනුෂ් හා සමයුක්තා අතර වඩාත් ආදරණීය සංයුතියක් දකින්න පුළුවන්. කොටින්ම කිව්වොත් වෙනම රොමෑන්ස් චිත්‍රපටයක් හදන්න පුළුවන් තරමටම.

තනිකෙල්ලා බරණි, සයි කුමාර්, සමුත්‍රකනී, හයිපර් ආදි, ෂා රා, නරේන්, ඉලවරසු, රාජේන්ද්‍රන්, හරීෂ් පේරාඩි යන අයත් අධ්‍යක්ෂක බාරදිරාජා හා නළු සුමන්ත් Cameo එකකින් සම්බන්ධ වෙනවා. තෙළිඟු කර්මාන්තයේ නිෂ්පාදනය කලා වුවත් ධනුෂ් දෙමළ කර්මාන්තයේ නිසාවෙන් ප්‍රමුඛත්වය දෙමළ භාෂාවට හිමි වුණා. මොකද රසික පිරිසගේ බලපෑම ගැන සැලකිය යුතුයි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණය කරලා තියෙන්නෙත් දෙමළ භාෂා පිටපතට. කටවල් සෙලවීමේ විදියටත්(Lip Sync) දෙමළ චිත්‍රපටියේ වෙනසක් දකින්න පුළුවන්.

මීලඟට පැමිණීමට නියමිත චිත්‍රපට අතරින් මුලින්ම Captain Miller චිත්‍රපටිය නරඹන්න පුළුවන්. ඒ වගේම ශේකර් කම්මුලා සමඟින් චිත්‍රපටයක්, සන් පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන D50(ව්‍යාපෘති නාමය) චිත්‍රපටය, ආයිරර්තිල් ඔරුවන් 2 චිත්‍රපටයද ලැයිස්තුවේ තියෙනවා.

වාති මාර්තු 17 වන දින නෙට්ලිෆ්ලික්ස් හරහා ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කෙරුණා. මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර හිමිවුණා. Imdb අගය 7.9/10ක් ලබාගෙන තියෙනවා. TOI වෙතින් 3/5ක්, Koimoi වෙතින් 3.5/5ක්, India Today වෙතින් 2.5/5 ආකාරයට අගය කිරීම් ලබාගත්තා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

ඵලය වෙනුවෙන් දරණ වෙහෙසට වැටෙන්නෑ ගස දළු දමයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HDRIP/ HQ-HDRIP/WEB-DL පිටපත සඳහා අදාළ වේ.

62,459 downloadsDownload Vaathi-2023-1.zip125 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

62,459 downloadsDownload Subtitles125 KB

55 comments

  1. Ravindu_Heshan

    ගොඩාක් ස්තූති මල්ලි

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ.

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  3. මයුර

    සබට තුති මචන්

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Anonymous

    #vaathi coming

  6. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  7. Kushan

    Sub akta thanks

  8. PCVENOM

    thanks for the sub bro all the best

  9. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  10. Anonymous

    දනූෂ්ගේ ෆිල්ම් නම් සුපිරි
    හැබැයි මූ අමු කොටියා

  11. විමා

    උපසිරසට බොහොම ස්තුතියි මලේ.
    බයිස්කෝප් එකේ කවදාවත් ධනුෂ්ගේ සබ් අඩුවක් වෙන්නේ නැහැ :)

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  12. Samith

    Thanks brother

  13. Anonymous

    super

  14. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  15. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං

  16. kavindu santhusa

    thanks sago

  17. Buddhika Lakmal (laKMal)

    හැමදාමත් වගේ මේ වගේ පට්ට ලිපියක් දෙන්නේ බයිස්කෝප් විතරයි....
    පට්ට මචං..
    බොහෝම ස්තූතියි උපසිරැසියට....
    Happy Birth Day බයිස්කෝප්...

  18. Anonymous

    thams

  19. Anonymous

    Hc sub nathuwa original awma update ekak denna bro
    Subata thanks

  20. හීන්නූලා

    ජය වේවා කොම්ලෝ

  21. Das

    ෆිල්ම් එක නොබලන කෙනෙක්ට උනත් මේ ලිපිය බලද්දි බලන්න හිතෙනවා ෆිල්ම් එක..සුපිරි මේ ලිපියටත්

  22. Anonymous

    සබට වගේම ලිපියටත් වෙච්ච මහන්සියට රෙස්පෙක්ට් එකෙන්ම

  23. Idunil Weerasinghe

    Thanks brother

  24. Anonymous

    තැන්කු තැන්කු

  25. Naveen

    උපසිරසියට තුති

  26. Kannada Fan

    කන්නඩ ෆිල්ම්වලටත් සබ් දෙන්ඩෝ

  27. Anonymous

    thanks

  28. Rumesh

    තැන්ක්ස් සහෝ

  29. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  30. Anonymous

    Elaz

  31. Jevan

    රොම්බ නන්‍රි නන්බා

  32. dylan

    Thanks brother

  33. Anonymous

    එලකිරි සුපිරිකිරි

  34. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  35. රුවන්

    කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි වැඩක්
    ස්තුතියි

  36. Anonymous

    ඔරිජිනල් අප්ඩේට් කරාට තැන්ක්ස්

  37. ishan

    Thanx sub ekata

  38. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  39. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Sampath

      Thank You So Much Brother ✌️

  40. Anonymous

    Sub ekata thank you. Captain Miller ekata sub denna epa dunnath balanne na mama nam. Mokada eka LTTE gana kiyawena film ekak.

  41. Anurada

    Sub එක පෙන්නේ නැහැනේ e mail එක ට file එක එවන්න පුලුවන්ද ?

  42. Anonymous

    thank you

  43. Chamidu Buddhika

    Damn.... always want to synchronize

    1. Ravindu Viduranga

      Download කරපු zip file එක Emty එකක්

  44. Malisha gimhan

    Thanks

  45. Malisha gimhan

    Thank

  46. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Gihan

    Thanks For The Subtitles........Good Luck