Watch Trailer

Dada (2023) Sinhala Subtitles | නුඹට මවක් වෙන්නම්. [සිංහල උපසිරසි]

මනිකන්ඩන් හා සින්ධු දෙන්නා ආදරය කරලා ඉදිරි පියවරට යනවා. සින්ධු ගර්භනී වෙනවා. මනී මේ ගැබ විනාශ කරලා දාන්න කියලා සින්ධුගෙන් ඉල්ලනවා. සින්ධු තරයේම ප්‍රතික්ෂේප කලා වගේම මනී ගැන හිතේ ලොකු තරහක් ඇති වුණා. මනී, සින්ධුව දාලා යයිද කියලා බය හිතුනද දන්නෙ නැහැ, සින්ධු මනී නවාතැන් ගෙන හිටිය ගෙදරට එනවා. ඇවිත් එද…


මනිකන්ඩන් හා සින්ධු දෙන්නා ආදරය කරලා ඉදිරි පියවරට යනවා. සින්ධු ගර්භනී වෙනවා. මනී මේ ගැබ විනාශ කරලා දාන්න කියලා සින්ධුගෙන් ඉල්ලනවා. සින්ධු තරයේම ප්‍රතික්ෂේප කලා වගේම මනී ගැන හිතේ ලොකු තරහක් ඇති වුණා. මනී, සින්ධුව දාලා යයිද කියලා බය හිතුනද දන්නෙ නැහැ, සින්ධු මනී නවාතැන් ගෙන හිටිය ගෙදරට එනවා. ඇවිත් එදා රෑ මනී එක්ක ඉන්නවා. පහුවදා උදේම දෙන්නටම පොලිසියට යන්න වුණා. මොකද, මනී සින්ධුව පැහැරගෙන ගිහින් කියලා සින්ධුගේ තාත්තා මනීට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා. සින්ධුගේ තාත්තා සින්ධු ගැන ලොකු විශ්වාසයක් තියාගෙන හිටියා. බලෙන් පැහැරගෙන ආවා කියලා මනීට විරුද්ධව පැමිණිල්ල තද කරන්න එයාලා උත්සාහ කලා. මෙච්චර වෙලාවක් නිහඬව හිටිය සින්ධු, එයා ගර්භනී බව කියනවා. සින්ධුගේ තාත්තගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. සින්ධු තමන්ගේ දරුකමෙන් අයින් කරලා දානවා. මනීගේ තාත්තටත් පොලිස් ස්ථානය තුලදී සිද්ද වුණ දේ ගැන විශාල අවමානයක් දැනුනා. මනී දැනටමත් තාත්තගේ හිත බිඳලා ඉවරයි. මනීගේ තාත්තත් එයාට ගෙදරට එන්න තහනම් කරනවා. යන්න තැනක් නැති වුණ මනීට එකම සරණ වුණේ එයාගේ යාළුවා අමිත්. අමිත්ගේ ගෙදරක මෙයාලා දෙන්නට නතර වෙන්න දෙනවා. එයාලා දින කිහිපයක්ම අමිත්ගෙ ගෙදර ගත කරනවා. සින්ධුගේ රෝහල් ගාස්තු, විභාග ගාස්තු වෙනුවෙන් මනී සුළු පඩියකට ගබඩාවක රස්සාවකට යනවා. ඔය අතරෙදි අමිත්ගේ යාළුවෝ කීප දෙනෙක් මේ ගෙදරට කඩා වදිනවා. එයාලත් නිතරම මේ ගෙදරට ඇවිත් බීලා විනෝද වෙලා යනවා. මේ නිසා සින්ධුට තවත් අමිත්ගේ ගෙදර ඉන්න බැරි වුණා. දෙන්නා කුලියට ගෙයක් අරගෙන යනවා. අඟහිඟකම් නිසාම දෙන්නා අතරේ රණ්ඩු ඇති වෙනවා. ඒ වගේම මනී සැරින් සැරේ බොන්න ගත්තා. දරුවා ලැබෙනකල් ආයේ බොන්නෙ නැහැ කියලා බඩේ හිටිය දරුවා මත දිවුරලා කිව්වත්, මනී ආයෙත් බිව්වා. සින්ධු කේන්තියෙන් හිටිය නිසාම රුධිර පීඩනය වැඩි වෙලා තිබුනා. ඒක සින්ධුගේ ශරීරයටත්, දරුවාටත් අහිතකරයි. මේ වෙද්දි දෙන්නා අතරේ දරුණු විදියට රණ්ඩු ඇති වෙලා තිබුණා. දවසක් සින්ධුට ප්‍රසූති අමාරුව ඇති වෙලා මනීට කෝල් කලත් එයා කෝල් එක ගත්තෙ නැහැ. සින්ධුගේ තාත්තාට මේ ආරංචිය දැනගන්න ලැබුන වෙලාවෙම ඇවිත් සින්ධුව රෝහලට එක්කගෙන යනවා. කොහොම හරි මනීට මේ ගැන දැනගන්න ලැබිලා දඩිබිඩියේම රෝහලට යනවා. ඒත් රෝහලේ සින්ධු හිටියේ නැහැ. ඒ වුණාට දරුවා රෝහලේ දමා ගිහින් තිබුණා.

මේ Dada (2023) චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනය ගනේෂ් කේ බාබු. ඉ.රු. කෝටි 4 වගේ මුදලකින් නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 17ක පමණ ආදායමක් උපයා ගෙන තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක සහ විචාරක හැමෝගෙන්ම ඉහල ධනාත්මක ප්‍රතිචාර හිමි වුණා. මේ වෙද්දි Imdb අගය 8.4/10ක්. TOI අගය කිරීම 3.5/5ක්.

මේ චිත්‍රපටයෙන් අවධානය යොමු කරන්නේ පසුකාලීනව පියාගේ භූමිකාවට ආදරය කරන තරුණයෙක්ගේ කතාවක්. මාපියත්වයේ, ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ බව පෙන්නුම් කරන ප්‍රබල පණිවිඩයක්.

නව පරපුරේ නළුවෙක් වන කවීන්, අධ්‍යක්ෂක නෙල්සන්ගේ සහයකයෙක් ද වනවා. ඔහුව අන්තිමට දකින්න ලැබුණේ Lift (2021) චිත්‍රපටයෙන්.

කවීන්, අපර්ණා දාස්, භාග්‍යරාජ්, ඓශ්වර්යා බාස්කරන්, VTV ගනේෂ්, ළමා නළු ඉලන් අර්ජුනන් යන අය මෙහි චරිත මවනවා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ – HDRIP පිටපත සඳහා අදාළ වේ.

49,759 downloadsDownload Dada-2023.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

49,759 downloadsDownload Subtitles51 KB

34 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Ravindu_Heshan

    බොහොම ස්තූති මල්ලි

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  3. මයුර

    අඩේ තැන්ක්ස් බන්, මේක නම් අදම බලනවා.

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  4. Kushan

    Sub akta thanks

  5. Naveen

    උපසිරසියට තුති

  6. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි රවිඳු මලේ.

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

    2. Anonymous

      Meka balanna kohomada

  7. Kasun Widusha

    ස්තූතියි සබ් එකට.....

  8. Thilina Jayarathna

    Thx naveen

  9. Thilina Jayarathna

    Machn puluvnm supiriyak tynva Elevator 2011 sub plz

    1. Naveen Mbr

      මම ඉංග්‍රීසි වලින් කරන්නෙ නැහැ සහෝ.

  10. Kannada Fan

    කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්ඩෝ

  11. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. dylan

    Thanks brother

  13. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  14. viraj

    me sub 1 wade karanawade mama downloard karapu 1 wade kale na

    1. Naveen Mbr

      ඔර්ජිනල් එක ඩවුන්ලෝඩ් කලා නම් ප්‍රශ්නයක් නැහැ.

  15. ප්‍රදීප්

    meka nam supiriyak.patta lassana kathawak.bohoma sthuthi saho sub ekata.

  16. ishan

    sub ekata thx

  17. Manu

    Godak sthuthi..jaya wewa

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Sanjeewa Malith

    Lassana film akak thank u subtitles akata maruuu

  20. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
    Lassana Movie Ekak <3

  21. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  22. Krishani

    Thank you ️

  23. ASELA

    GOOD JOB

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Good

  25. Anonymous

    me film eke sinhala sub wada karanna mokadda karanna one karunakarala kiyanna puluwanda

    1. විමා

      සබ් එක වැඩ කරනවා සහෝ
      අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකේ තියෙන කොපිය නෙම්ද අරගත්තේ ?

  26. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.