මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත…

මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත් වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම් දෙකෙන් මේ වෙද්දී මිනිස්සුන්ට, තිරිසන් සතුන්ට වගේම විශේෂයෙන්ම පරිසර පද්ධතියට ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. ආහාර දාමයෙ පුරුක් වෙච්ච සතුන්ට වගේම මිනිසුන්ට මේ හා සමාන ව්‍යසන තත්වයක් 1950 දශකයෙ ජපන් වැසියන්ට අත් විදින්න සිද්දවෙනවා. ඒ ච්සො නම් විෂ රසායනික ද්‍රව්‍ය වල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවක් නිසා. මේ රාසයනික ද්‍රව්‍ය නිර්මාණය කරන පිරියතෙහි විෂ රසායනික ද්‍රව්‍යවල අපද්‍රව්‍ය බැහැර කරන්නෙ මිනමාටා මුහුදු බොක්කට.

මිනමාටා මුහුදු බොක්කට අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත ශාලාව
මේ විදිහට බැහැර කරන අපද්‍රව්‍ය නිසා වතුරේ ඉන්න මාළුන්ට රසදිය විෂවෙලා, මේ මාළුන් ආහාරයට ගත් සෑහෙන පිරිසකගෙ රසදිය ශරීරගත වෙලා මිය යනවා. මීට අමතරව මේක පරම්පරාගතව අන්ධභාවය, දෘශ්‍ය හා ශ්‍රවන ආබාධ, අංශභාගය වගෙ රෝග වලින් පීඩා විදලා තියෙනවා. මෙම රෝගයට පාදක වුන හේතු හොයාගෙන යන අතරේ මෙම රෝගයට ගොදුරු වුන අයගෙන් වැඩි දෙනෙක් මිනමාටා ප්‍රදේශයෙ නිසා මේකට “මිනමාටා රෝගය” කියලා නම් කරනවා.

– පරම්පරාගතව බලපෑ මෙම රෝගයෙ ප්‍රතිඵල –
මේ රෝගය ගැන සොයා බලන්න පත් කරපු කමිටුව කරුණු කාරනා හොයාගෙන යද්දී මේ අයට මිනමාටා ප්‍රදේශ වාසින්ගෙන් දැනගන්න ලැබෙනවා මිනමාටාහි මුහුදු වෙරළට මියගිය මත්සයින් ගොඩගැසීම, කපුටන් වැනි පක්ෂීන් මැරී ඇද වැටීම වගේම මෙම ප්‍රදේශයෙ ඉන්න පූසන්ගෙ හැසිරීම ක්‍රමයෙන් වෙනස් වෙලා තියෙනවා. ඇවිදිද්දී අපහසුතා වලින් පෙලිලා තියෙනවා. මේ හින්දම “The Disease of the Dancing Cats” කියලත් මේ රෝගය හදුන්වන්න පෙලබිලා තියෙනවා.
මේ සිදුවීම් පෙල අලලා තමයි අද අරගෙන එන ‘Minamata’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. කාලයක් පුරාවට ලයිෆ් නම් සගරාවක ජායාරූප ශිල්පියෙකු විදිහට කටයුතු කරන ඉයුජින් ස්මිත්ට අවස්ථාව ලැබෙනවා ජපානයට ගිහිල්ලා ඒ වෙද්දී ඔවුන්ට අඩුවක් විදිහට තිබුණු අවධානය මුළු ලෝකෙටම අරගෙන දෙන්න. ආරම්භයෙ ඉදලම අවසානය දක්වාම ඉයුජින්ට (ජීන්ට) මේ ගමන දුෂ්කර වෙනවා මිසක් ලේසි එකක් වෙන්නෙ නැහැ. චිත්‍රපටය නරඹන අයට මේ චරිතයෙ කතාව හොදම විදිහට දැනෙන්න ඉඩහරින්න මේ චිත්‍රපටය ගොඩනැගිලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රවිණ රංගන ශිල්පී ජොනී ඩෙප්ගෙ සුවිශේෂී රංගනය නිසා.
මේ චිත්‍රපටය 2020 විදිහට සටහන් වුනත් පසුගිය වසර වෙද්දී චිත්‍රපට උළෙලවල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමක් හැරුනම මිනමාටා චිත්‍රපටය නිකුත් වෙන්නෙ මේ වසර තුලයි. මේ විදිහට නිකුත් වුන චිත්‍රපටය තවමත් මේ වසර මුළුල්ලේ රටවල් තුනක තිරගත කිරීමටද දින නියම කරගෙන තියෙනවා. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය ‘Andrew Levitas’ යටතේ සිදුවෙද්දී රංගන ශිල්පී ‘Johnny Depp’ විසින් මෙහි ප්‍රධාන රංගනය, නිෂ්පාදකවරයෙකු ලෙස වගේම ඔහුගෙ නිෂ්පාදක සමාගමද එකතු වී චිත්‍රපටයෙ නිෂ්පාදන කටයුතු සිදු කිරීම වැනි කාර්යයන් රැසක්ම ඔහු සිදු කරලා තියෙනවා. ඉංග්‍රීසි හා ජපන් භාෂා දෙකෙන්ම චිත්‍රපටයෙ භාෂා මුසු කරලා තියෙනවා වගේම මේ වෙද්දී IMDb දර්ශකය තුල 8.1/10ක අගයක් වගේම Rotten Tomatoes දර්ශනය තුල 69%ක වැනි ඉහල අගයන් මේ වෙද්දී ලබාගෙන කරගෙන තියෙනවා.
ඕනෙම කෙනෙක් ජොනී ඩෙප්ගෙ ෆැන්ටසි පැත්තට වැඩි ඉඩක් දීපු රංගනයක් මීට කලින් දැකලා ඇති. හැබැයි මේ චිත්‍රපටයෙ ඉයුජින්ගෙ චරිතෙට පණ පොවපු තරම් අසමසම, සංවේදී රංගනයක් දැකලා නැතුව ඇති. එහෙමනම් ඉතිං බලලම තීරණය කරන්නකො.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,672 downloadsDownload Minamata-2020.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
Supun Kaushalya
Rash
Friends Reunion eke sinhala sub eka denna puluwan dha.welawak thiyenawa nam eka denna..... please
අචින්ත
බලන්න හිතුවා විතරයි
ස්තූති වේවා බන්.Sohan Jayasooriya
සුපිරියක් වගේ මේක නම්.. මේ වගේ සීන් හොය හොය බලන්නේ.. ස්තූතියි අයියේ සබ් එකට
Sandeep tharaka
Sub aka danakama balagana hityee.Supiri wage mekath Deep nisa.Sub akata Thanks ..jayawewa .!
කවිඳු ජයවර්ධන
ජොනී ඩෙප්ගෙනං නොබල කොහොමද.කතාවත් හොඳයි වගේ.රේටින්ග්ස් උනත් උපරිමයි.තවත් මොනාද ඉතින්..අනිවා බැලිල්ලක් තමයි.සබට බොහොම තුති සහෝ..ජය.!!!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සියන්ත
සුපිරිම ලිපිය..... මරු. Thank brother
chanujaya
supiri
Pramukmili
Thanx bro.........
Anonymous
Wow. Jony is my favourite. Thnk a lot.
Chandima Prasad
කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක්...ඒකට විශේෂම හේතුව ජොනී ඩෙප් ගේ අති සුපිරි රඟපෑම කියන එකට තර්කයක් නෑ...දහස් වාරයක් ස්තූතියි චාමර සම්පත් මේ සබ් එක ගෙනාවට......
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Mcn donnie brasco 1997 movie.. Johnny Depp, Al pacino cast ek
Mekt subtitles krl denna plzහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rishantha
Thanx Brother
නිමල් දිසානායක
ගොඩක් ස්තුතියි චාමර!
සුපිරි ෆිලුමක්- සුපිරි subs... තරහ වෙන්න එපා. පොඩිම අඩුවක් දැක්කා. film එකේ අන්තිමට 1978 දී ඉයුජ්න් මියගියා කියලා ට්ඨිබෙන්න ඕනි තැන තිබෙන්නේ 1971 කියලා.... ඒක නිවැරදී කරන්න පුළුවනි නං හරි වටිනවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සහෝ