Watch Trailer

Stand by Me Doraemon 2 (2020) Sinhala Subtitles | දුකට සැපට ඩොරයිමොන් [සිංහල උපසිරසි]

එහෙනම් යාළුවනේ මම පොරොන්දු උන විදියටම මේකත් අරගෙන ආවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලා Stand By Me Doraemon පළමු චිත්‍රපටිය බලලා ඇති කියලා. ඉතිං මේක පටන්ගන්නෙ පළමු චිත්‍රපටිය ඉවරවෙලා ටික කාලයක් ගතඋනාට පස්සෙ. ඒක හින්දා මුල් එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මම ඉල්ලනවා ඒක බලලම එන්න කියලා. ඉතිං කලින් එක වගේම ත…

එහෙනම් යාළුවනේ මම පොරොන්දු උන විදියටම මේකත් අරගෙන ආවා. මං හිතනවා මේ වෙනකොට ඔයාලා Stand By Me Doraemon පළමු චිත්‍රපටිය බලලා ඇති කියලා. ඉතිං මේක පටන්ගන්නෙ පළමු චිත්‍රපටිය ඉවරවෙලා ටික කාලයක් ගතඋනාට පස්සෙ. ඒක හින්දා මුල් එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් මම ඉල්ලනවා ඒක බලලම එන්න කියලා. ඉතිං කලින් එක වගේම තමයි. කතාවනම් ඊටත්වඩා ලස්සනයි.

මුල් චිත්‍රපටියෙදි නොබිටා කියන ළමයගෙ අනාගතය යහපත් කරන්න එයාගෙම පරම්පරාවෙන් අනාගතයෙ ඉඳලා එන සෝබි එයාට ඩොරයිමොන් කියන රොබෝව දීල යනවනෙ. ඩොරෙමොන් එයාට පුළුවන් විදියට උදව් කරලා අන්තිමේදි නෝබිගෙ ජීවිතේ සතුට හොයාගන්න අත්වැලක් වෙනවනෙ. අවසානයෙදි එයාට නෝබිව දාලා යන්න උනත් නෝබි කොහොමහරි ඩොරයිමොන්ව ආපහු ගෙන්වගන්නවා. ඔය විදියටනෙ ඒක අවසන් උනේ.

ඉතිං ඔහොම ඉන්න අතරෙ නොබිටාට දවසක් හම්බවෙනවා එයා පොඩිකාලෙ සෙල්ලම් කරපු ටෙඩිබෙයාව. ඒකෙන් එයාට කෙනෙක්ව මතකයට එනවා. ඒ තමයි මේ වෙනකොට ජීවතුන් අතර නැති එයාගෙ අත්තම්මා. ඉතිං මෙයාට උවමනා වෙනවා අතීතයට ගිහින් අත්තම්මව බලලා එන්න. කොහොමහරි ඩොරයිමොන්වත් කැමති කරවගෙන එහෙට ගියාට පස්සෙ අත්තම්මා හරි අපූරු ඉල්ලීම් වගයක් නෝබිගෙන් ඉල්ලනවා. එකක් තමයි නෝබිගෙ මනමාලිව දකින එක. ඉතිං එයා අත්තම්මගෙ සතුට වෙනුවෙන් ඒකට කැමති වෙනවා. ඉතිං මෙයා ආපහු අනාගතයෙ එයාගෙ විවාහ දවසට ගියාම මූණදෙන්න වෙන්නෙ ත්‍රාසජනක අත්දැකීමකට. මොකද වෙලා තියෙන්නෙ? අනාගතේ විවාහ වෙන්න ඉන්න නෝබි කසාද දවසෙ ඇවිත් නෑ. දැන් ඉතිං මොකද කරන්නෙ? ඩොරයිමොන් සහ නොබිටා මෙයාව හොයන්න පටන්ගන්නවා. ඒකත් එක්ක මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ අසීරු අත්දැකීම් ගොඩකට. ඉතිං ඒවා මොනවද? අනාගත නෝබිට මොනවද වෙලා තියෙන්නෙ? අන්තිමේ අත්තම්මගෙ ප්‍රාර්ථනය ඉෂ්ට කරන්න නෝබිට පුළුවන් වෙනවද? උත්තර මේකෙ තියෙනවා. එහෙනම් ආරාධනා කරනවා මේක බලන්න එන්න කියලා.

ඇනිමේෂන් රසිකයෙක් විදියට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක හොඳ නිර්මාණයක් බව. ජපන් ඇනිමේෂන් ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. 2020 නොවැම්බර් 20වෙනිදා ජපානයෙ තිරගතවීම ආරම්භ කලත් මේ වෙනකොටම Awards of the Japanese Academy 2021 සිනමා උළෙලේ Best Animation Film වෙනුවෙන් නාමයෝජනා ලබාගන්න සමත් වෙලා තියෙනවා. පැයකුත් විනාඩි 36ක් කම්මැලිකමක් නැතුව ගෙදර අයත් එක්ක රසවිඳින්න පුළුවන් නිර්මාණයක් මේක. මෙය Animation, Comedy, Drama කියන ඛාණ්ඩ වලට අයත් වෙනවා. මේ වෙනකොට IMDb දර්ශකයෙ 8.1ක ඉහළ අගයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. කලින් වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ryuichi Yagi සහ Takashi Yamazaki විසින්. රචනා කරලා තියෙන්නෙ Fujio F. Fujiko (මන්ගා) සහ Takashi Yamazaki (තිර පිටපත) කියන අය. එතකොට හඬ මුසුකරලා තියෙන්නෙ Wasabi Mizuta, Megumi Ohara, Yumi Kakazu, Satoshi Tsumabuki ඇතුළු කණ්ඩායමක්.

විශේෂයෙන්ම මේ සළරුව ගැන කියන්න තියෙන්නෙ මේ දේවල් තමයි. කියන්නම ඕනෙ ඩොරයිමොන් කියන්නෙ ජපානයෙ අතිශයින්ම ජනප්‍රිය මන්ගා චරිතයක්. එයා වෙනුවෙන් චිත්‍රකතා, ඇඳුම්, ආභරණ, ගෘහභාණ්ඩ, ඇනිමේෂන් ටෙලිනාට්‍ය පවා දිනපතා ජපානය ඇතුලෙ නිර්මාණය වෙනවා. ඉතිං මේ චිත්‍රපටියත් ජපන් ජනතාව අවුරුදු හයක්ම බලාගෙන හිටපු එකක්. සමහරවිට අනාගතේ තවත් චිත්‍රපටි නිර්මාණය වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. එහෙම එකක් ආවොත් අපි ඒකත් බලමුකො.

එහෙනම් හිතවතුනි, තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව පුළුවන් හැමවෙලාවකම ගෙදරටම වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා.

ඔබට ජය…!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,957 downloadsDownload Stand-by-Me-Doraemon-2-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,957 downloadsDownload Subtitles38 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Chanu Mikhail

    බොහොම ස්තූතියි!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් Earwig and the Witch එකටත් සබ් දෙන්න.ජය..!

  4. DILmin

    Thanks SUB එකට..!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.