Watch Trailer

Mindhorn (2016) with Sinhala Subtitles | මයින්ඩ්හෝන්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා මම. භාර අරගෙන නම් ටික දවසක් වෙනවා. මේ ෆිලුම comedy ගනයට අයත් වෙන ෆිලුමක්. මිනිත්තු 89ක් පුරාවට දිවෙන චිත්‍රපටය imdb දර්ශකයේ 6.3ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කුණු තක්කාලි මීටරයත් 90%ක් ලැබිලා තියනවා. මේකෙ ප්‍රධාන නළුවට රඟපාන්නෙ Julian Barratt විස…

කොහොමද කස්ටියට? ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආවා මම. භාර අරගෙන නම් ටික දවසක් වෙනවා. මේ ෆිලුම comedy ගනයට අයත් වෙන ෆිලුමක්. මිනිත්තු 89ක් පුරාවට දිවෙන චිත්‍රපටය imdb දර්ශකයේ 6.3ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කුණු තක්කාලි මීටරයත් 90%ක් ලැබිලා තියනවා. මේකෙ ප්‍රධාන නළුවට රඟපාන්නෙ Julian Barratt විසින්. කතාව ලියලා තියෙන්නෙත් ඔහුමයි.

කතාව ගෙතිලා තියෙන්නෙ 1980 කාලයේ පුංචි තිරයේ තිරගත වන මයින්ඩ්හෝන් කතා මාලාව රඟපාන රිචර්ඩ් ත්‍රෝන්ක්‍රොෆ්ට් වටායි. ඒ කාලෙ හොඳ නළුවෙක් උන මෙයාට කාලෙ ගත වෙද්දි ගොඩක් නළුවන්ට සිද්ධ වෙන දේ වෙනවා. ඒ කාලෙ කරපු කියපු දේවල් වලට රිටර්න් එකත් හම්බ වෙනවා. ඔය ඉස්කෝලෙ කාලෙ එක පන්තියෙ හිටපු යාලුවොන්ට ලොකුකම් පෙන්නගෙන හිටපු එක්කෙනෙක්ට අන්තිමේදි ඒ කෙනෙක් යටතෙ වැඩ කරන්න උනොත් අනිවා බැට කාපු එකා රිටර්න් එක දෙනවනෙ. අන්න ඒ වගේ සීන් එකක් තමා මේකෙත් තියෙන්නෙ. කොහොම හරි අඩියටම වැටිලා ඉන්න රිචර්ඩ් ජනප්‍රිය වෙන්න දෙන ගේම තමා මේ කතාවෙ තියෙන්නෙ. ඒ උත්සහයකදි තමා පොලිසියට සම්භන්ද වැඩකට උදව් කරන්න හම්බෙන්නෙ. අපරාධකාරයෙක් සම්බන්ධව තමා ඒ උදව්ව කරන්න තියෙන්නෙ. ඒක කරන්න වෙන්නෙ රිචර්ඩ් විදිහට නෙමේ මයින්ඩ්හෝන් විදිහට. මයින්ඩ්හෝන් කියන්නෙ සත්‍ය අදහන රහස් පරීක්ෂකයෙක්. ඉතින් අන්තිමේට ඒකත් ක්‍රියාවෙන් ඔප්පු කරලම සැබෑ වීරයෙක් බවට රිචර්ඩ් පත් වෙනවා. ඉතින් මේවා කොහොමද වෙන්නෙ කියලා බලන්න මේ හාස්‍යය මුසු චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. බලලා කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.!!!

Mindhorn (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Mindhorn.2016.720p.BluRay.X264-AMIABLE

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,062 downloadsDownload Mindhorn-2016.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/rumesh-kahawaththa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-05-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුමේෂ් කහවත්ත

Subtitles

2,062 downloadsDownload Subtitles56 KB

16 comments

  1. අසිත

    elama saho thanks
    aluth ewata sab demu

  2. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට රුමේෂ් සහෝ.
    ජයෙන් ජය සහෝ...

  3. Krishan Madusanka

    ගොඩක් ස්තුතී සහෝ Sniper: Ultimate Kill (2017) ෆිල්ම් එකට ඉක්මනින් බයිස් කෝප් සහෝදරයන් සබ් දෙනකන් බල සිටිමි

  4. Udaya Fernando

    Thanks bro

  5. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Sumal

    Thanks ......

  7. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  8. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Ruwan Kasun Madhuranga

    sub akata thank you....
    best of luck...

  11. dharshana

    Thanks..

  12. sumed

    sub ekata thanks bro

  13. Dulanga

    Thanks

  14. tharuka priyadarshana

    Thanks bro sub ekata.....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Supitha

    thanks bro