මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑ…
මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් කාලයක් පුරාවට, ලොවට අත්‍යාවශ්‍යව සිටි, මෙම ගරිල්ලා නායකයාව, ස්නයිපර් වෙඩි පහරකින් ඝාතනය කර දැමීම.
නියමිත දිනය එළඹුණා. තෙරක් නොපෙනෙන මහා කාන්තාරයේ, අදාළ ස්ථානයේ අපි ස්ථාන ගතවී සිටියා, ගරිල්ලා නායකයා පැමිණෙන තුරාවට. අපිට ලැබුණු ඔත්තුව නිවැරදි එකක් බව ප්‍රත්‍යක්ෂ කරමින්, සිය සගයින් පිරිවරා ගනිමින්, ගරිල්ලා නායකයා පැමිණියා. නමුත්, අවාසනාවන්ත ලෙස අපේ මෙහෙයුම අසාර්ථක එකක් වුණා.
මෙහෙයුම අසාර්ථක වීමත් සමගින්, අදාළ ස්ථානයෙන් අපි පලාගියා. ගරිල්ලා භටයින් දිගින් දිගටම අපි පසුපස පැමිණියත්, කාන්තාර වැලි කුණාටුවක් හමුවේ ඔවුන් පසුබා ගියා. තෙරක් නොපෙනෙන මහා කාන්තාරයේ, දිගින් දිගටම අපි ඇවිදගෙන ගියා, මුදවාගැනීමේ ස්ථානය ලෙස අපට ලබාදෙන ලද ගම්මානය සොයමින්. නමුත්, නොසිතූ විරූ මොහොතක, යමක් සිදුවුණා. අතිශය භයානක දෙයක්…
එක වරම පිපුරුමක් සිදුවුණා. පිපුරුමෙන් ස්වල්ප වෙලාවක් ගතවන විට, මගේ මිතුරා බිම වැටී සිටියා…දෙපා අහිමිව. ඔහු වේදනාවෙන් කෑගැහුවා. ඒක හරිම හද කම්පා කරවන දර්ශනයක්. මට ඕනේ වුනා, මගේ යාළුවා ලඟට ගිහිල්ලා, එයාට උදව් කරන්න. මං, ඔහු ලඟට දුවගෙන යන්න හැදුවා. නමුත් බැරිවුණා. මට යම් කිසි දෙයක් පෑගුනා. සොල්දාදුවෙක් විදියට, පෑගුනේ මොකක්ද කියලා හිතාගන්න, මට දෙපාරක් හිතන්න ඕනේ වුනේ නැහැ. මට පෑගුනේ,බිම් බෝම්බයක්. දෙවියනේ, මොකක්ද මේ වුනේ? මගේ යාළුවා මං ඉදිරිපිටම පණ අදිනවා. බිම් බෝම්බයක් නිසාවෙන්, හෙලවෙන්නවත් බැරිව, මං අසරණ වෙලා ඉන්නවා.
මේ දර්ශනය පිළිබඳව මොහොතක් ඔබේ සිහියට නගාගන්න. කිසිවෙකුගේ සරණක් ලබාගත නොහැකි, තෙරක් නොපෙනෙන පාළු කාන්තාරයක්… දෙපා අහිමිව, තමන් ඉදිරිපිට සිය අවසන් සුසුම් හෙලන්නාවූ තමන්ගේ ලබැඳි මිතුරා… මරණයේ පණිවිඩය රැගෙන පසුපසින් පැමිණෙන්නාවූ ගරිල්ලා භටයින්…නිරන්තරයෙන් කාන්තාරය හරහා හමන්නාවූ අතිශය දරුණු වැලි කුණාටු…රාත්‍රී කාලයේදී දඩයමේ පැමිණෙන්නාවූ දරුණු වන මෘගයින්…මේ සියල්ල හමුවේ, බිම් බෝම්බයක් මත අසරණව සිටිනා ස්නයිපර් වෙඩික්කරුවෙක්…
Thriller කාණ්ඩය යටතේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 6 වෙනි දින නිකුත්වූ, ඉතාලි භාෂාව සහිත ඇමරිකානු චිත්‍රපටයක්…The Man from U.N.C.L.E.(2015), The Lone Ranger (2013), The Social Network (2010) ආදී ජනප්‍රිය චිත්‍රපට තුලින් ඔබ හමුවට පැමිණි සම්මානනීය නළු, Armie Hammer ගේ අති විශ්ෂ්ඨ රංගනයෙන් ඔපවත්ව,Imdb දර්ශකයේ 6.7 ක අගයකින් සමන්විත වන විශිෂ්ට චිත්‍රපටයක්…ජීවිත කාලය තුලදී, වරක් හෝ නැරඹිය යුතුයැයි නිර්දේශ කල හැකි අතිශය ඉහළ මට්ටමේ මානුෂීය හැඟීම් සපිරි සුවිශේෂී නිර්මාණයක්…සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත, මේ අයුරින් සෙනෙහසින් පුදනු ලබනවා…
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මෙවැනි නිර්මාණයක් නොබලන දෑස් කුමටද…?
අදාල පිටපත්
Mine.2016.720p.BRRip.x264.AAC-ETRG
Mine-2016-1080p-720p-BluRay-DD5.1-x264-CRiME
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
6,331 downloadsDownload Mine-2016-New.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
39 comments
Kantha_DLA
praneeth madu
බොහොම ස්තූතියි
devinda
Ty Mcn.Gdk Pin.....
thariii lacky
Sub ekata thanks Bro.. Jaya.!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Tharindu
බොහොම ස්තූතියි සහෝ
buddi
Thanks Machan...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
meka hoda ekak wage
thanks machanකෞෂාන් පියුමන්ත
පට්ට පිලුමක් වගේ,තැන්ක්ස් මචන්
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
dushan
Thanx mcn sub ekata. Niyama film ekak wage. Tanx
maheshbabu
ela ela bro
lipiya wagema filumath supiriyta athi
BOGAN Movie 1 sub denna brodaminda
enakan hitiye. thanx subata
Indumil
ස්තූතියි සහෝ
janath
32097ec1c22456c9521f90696b2e1dde7541366d
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
M.B.H.M Marasinghe
සබ් එකට ස්තුතියි සහෝ..!!!
Sanath Perera
thanks sho sub ekata....
jayen jaya...sadeu Bandara
සිංහල උපසැරසියට ස්තුති....!
ජයවේවා..!R.S. Samantha
Thank You macho
ela ela
jaya wewa....!!!සචින් කෙවින්
Elzzzzzzzzz
sahan
සිංහල උපසැරසියට ස්තුති….!
roshan
සිංහල උපසැරසියට ස්තුති….!
madda
weel done bro... thanx a lot mcn...
Ravindu Rukshan
thx
Wana Saraa NB
ela .. thanks mcn... keep it up & good luck ...........
Kumara
Thanks Bro !!!
Supitha
thank you saho
Ãshañ Šhäñäkã
subta thanx saho
Surendra Lakpriya Edirisingha
උපසිරැසියට බොහෝම ස්තුතියි.....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Waruna Kamalawansha
නියමයි... බොහොම් ස්තූතියි
මිලින්ද ප්‍රියලාල්
Thanks
Shehan G ගනයා.
නියමයි.ජය වේව ❤️
Anonymous
Jaya wewa!
Chanaka Sangeeth
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----