සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුර…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ සිනමා පටය සඳහා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් නිර්මාණය කරන්නට අවකාශය සලසා දුන් අශාන් විමුක්ති සොයුරාවත් ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.

Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැටම කඳසුරිඳු පිහිටයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

17,338 downloadsDownload Minnal-Murali-2021-UPDATE.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “රේණුකා සුභාෂිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,338 downloadsDownload Subtitles53 KB

50 comments

  1. Bimsara

    Thanks bro......

  2. Sithum

    Encanto dennako

  3. Anonymous

    Patta

  4. dulan

    ස්තුතියි !

  5. Prabodha20

    Godak sthuthi ❤️❤️

  6. Kushan

    Sub akta thanks

  7. Anonymous

    සුපිරියි ඇහ්හ්හ්

  8. රංගික සිනෙත් කාරියවසම්

    බෝම ස්තුතියිිි දෙන්නටම. සුපිරියක් ලෙසටම දුන්නට

    1. Daham Chinthaka

      Bhajarangi 2,madhagaja film 2ke sub dennako

  9. oshanda

    නියමයි.... අන්න එහෙම දෙමුකෝ

  10. Anonymous

    Tovino innawanam aniwa baamak tamai

  11. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති.
    The Matrix Resurrections (2021) සබ් ද‌ෙන්නැද්ද

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Udara Damith

    elaaaa

  14. Gayashan

    Thank you for the sub

  15. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම ..!!

  16. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං

  17. Naveen

    උපසිරසියට තුති

  18. හේමන්ත

    ස්තුතියි තරිඳු... බලා හිටපු ඒකක් නොහිතපු විදියට ඇස් ඉස්සරහ.

  19. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතිය

  20. Supun Kaushalya

    තෑන්ක්ස් හැමෝටම

  21. Arawinda

    thanks sub ekata

  22. Bhanuka

    උපසිරසියට ස්තුතියි

  23. Samith

    Thanks both

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  25. Deshan

    සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
    ජය වේවා!!!

  26. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  27. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  28. sasanka sathyajith

    Thanks for the sub

  29. Anonymous

    එලකිරි සුපිරිකිරි

  30. Yash

    උපසිරසියට ස්තුතියි

  31. Jaddu

    දෙපලටම ස්තුතියි
    ඉදිරියටත් මලයාලම් දෙමු

  32. Hasantha

    Thank you all

  33. Anonymous

    Kaaval-2021
    Madhuram-2021 malayalam film 2th sub denna

  34. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  35. Ruwee

    Thanks sub ekata.......❤️❤️

  36. J.d

    උපසිරසියට ස්තුතියි

  37. Nethini123

    ගොඩක් ස්තූතියි දෙන්නටම.....

  38. Eranda

    Thanks both

  39. Anoopa

    ගැම්මක් බන් සබ් එක අවුලක් නෑ සුපිරියට තියනවා
    champion 2019 fim එක අප්ලොඩ් කරන්නකෝ baiscopedowoads එකට

  40. kavinu

    Bohoma sthuthi dennatama
    Jaya wewa!
    Digtama malayalam gemu

  41. Jeewatha Idunil

    Hodai

  42. Nilush Angana

    Sub ekata thnx

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  45. Aravinda Fernando

    Thanks

  46. Anonymous

    Tnkzs

  47. Sanjaya Abeysundara

    Thnkz saho..!

  48. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ආසම නළුවෙක්

  49. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!