ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය…

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ඇනිමේ චිත්‍රපටයක්. හැබැයි ඇවිත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. කවුරුත් උපසිරැස ලබාදීලා තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත් ලස්සනම කතාවක්. මේකට IMDb අගය මේ වෙනකොට 7.0 ක් සහ කුණු තක්කාලි අගය 91% අරගනිමට සමත් වෙලා තියෙනවා. Animation l Adventure l Drama යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 38 ක් පුරාවට දාවන කාලයක් පවතිනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Mamoru Hosoda විසින්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කුන් කියන්නෙ පෙර පාසල් යන පොඩි ළමයෙක්. මෙයාලගෙ පවුලට අලුතින් කෙනෙක් දැන් එකතු වෙනවා. කුන් ඉන්නෙ ලොකු ආසාවකින්.ඉස්පිරිතාලෙ ඉඳල ගේනකම් මෙයා ඇඟිලි ගැන ගැන ඉන්නෙ. හැබැයි මුලදී තිබුණු ඒ සතුට ටික ටික නැතිවෙලා යන්න අරගන්නවා. ඒ මොකද කිව්වොත් මෙයා හිතාගෙන ඉන්නෙ අම්මයි තාත්තයි මීරායිට එහෙම නැත්තම් මෙයගෙ නංගිට විතරක් ආදරෙයි කියලා. එයාට තිබුණු ආදරේ දැන් නැහැ කියලා. එයා ගැන බලන්නෙවත් නැහැ කියලා. ඉතිං මෙයා ලොකු තරහකින් ඉන්නෙ මිරායි එක්ක. දවසක් මෙයා බැරිම තැන නංගිට ගහනවා. දැන් අම්මට මේ වැඩේ හින්දා තවත් තරහ යනවා. ඔන්න පස්සෙ මෙයා ගෙවත්තට යනකොට අමුතුම දෙයක් සිද්ධ වෙනවා. මායාමය දෙයක්. ඒ මොකක්ද කියලා මෙයාවත් දන්නෙ නැහැ. හැබැයි එහෙ ඉන්න කෙනා කියන්නෙ ඔහු කුමාරයෙක් කියලා. එයාටත් ඉස්සර අම්මයි තාත්තයි මෙහෙම සැලකුවා කියලා කතා කියනවා. ඔන්න එකපාරටම තව කෙනෙක් එනවා. මෙයා ගැහැණු කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙමේ එයාගෙ නංගි මිරායි. ලොකු වෙලා. හරියට අනාගතයෙන් ඇවිත් ඉන්නවා වගේ. හැබැයි මේක කොහොමද වෙන්නෙ? එහෙම වෙන්න පුළුවන්ද? නැත්තම් මෙයාට මැවිලා පේන දෙයක්ද? එහෙම නැත්තම් මේක ඇත්තක් නම් මෙයා මොකටද එන්නෙ? ඒ හැමදෙයටම උත්තර ලැබෙයි අවසානය වෙනකම් නැරඹුවොත්. ඇත්තම කිව්වොත් ලස්සනම ඇනිමේ එකක්. මං මේ ලිපියේ නොකිව්වට ගැඹුරු තේරුමක් තියෙන චිත්‍රපටයක්. එහෙනම් බලන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,162 downloadsDownload Mirai-2018-BluRay-720p-x264-850MB-XpoZ.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
tharindujp
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි මල්ලි, මේ දැන් බලන ගමන් ❤️ ❤️
Jayasanka
ගොඩක් ස්තුතියි මචන්.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chanu Mikhail
Thanks
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
අවස්ථාවක් ලැබුනොත් මේ Japan Anime වලටත් Sub දෙන්න....
1.Weathering with You (2019)
Your name (2016) movie ekath ekka connected movie eka.
2. Ocean waves (1993)
3. Only yesterday (1991)
4. The red Turtle (2016)
මේ ටික නම් "GHILBI STUDIO" ලගෙ වැඩක්. ඇනිමේ බලන අය නම් දන්නවා.
ජයවේවා !.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sam fisherr
anime balana appita pata harena thapalen weathering with you ewanna
Udara Damith Dissanayaka
එළ
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
Sangeeth3
Weathering with You one :,-)
Dewadithya
Thanks for sub!
Anonymous
thank u....
බුද්ධි
ලස්සන ඇනිම් එකක්.English ඇනිම් කැළේ මේවා බැලූවා නම්
Pavith Wijesooriya
ඇත්තටම ගොඩක් ලස්සන ඇනිමේ එකක්.ගොඩක් ස්තූතියි අයියේ සිංහල උපසිරසියට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mirai (2018) Sinhala Subtitle | හැමදේම වෙන්නෙ හොඳටයි…[සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Mirai-2018.jpg)
නියමයි සහෝ මන් මේක ඊයේ බැලුවා ජපන් හොදටම බැරි නිසා අයෙත් බලනවා සබ් එක අරන්
පොඩි ඉල්ලීමක් තියෙනවා මේකටටත් හැකිනම් සබ් කරලා දෙන්න
この世界の片隅に.IN THIS CORNER OF THE WORLD 2016